මුල් පිටුව 451 සිට 500 දක්වා 451 සුප්පාර ජාතකය

451 සුප්පාර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මේ ජාතකය ස්වධර්මයෙන් සර්වකාරයෙන් පරෝපදේශ රහිතව ස්වයම්භූඥානයෙන් දත්තාවු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් ප්‍රඥා පාරමිතාව අරභයා වදාළසේක.

ඒ කෙසේද යත්

එක් දවසක් සවස්වේලෙහි සර්වඥයන් වහන්සේ ධර්මශාලාවට වැඩිම පෙර මග බල බලා උන් භික්ෂූන් වහන්සේ ඇවැත්නි අනේ බුදුන්ගේ ඥාණයෙක් යහපත් නියාව මහත්වු ප්‍රඥා ඇතිසේක. තීක්‍ෂණ ප්‍රඥා ඇතිසේක් නිව්‍යාජවු ප්‍රඥා ඇතිසේක. ඒ ඒ උපායෙහියෙදෙන්ට නිසි ස්ථානොවිතප්‍රඥා ඇතිසේක. පොළොවසේ පතලවූ ප්‍රඥා ඇතිසේක. සියළු දඹදිව උපන්නාවු ප්‍රශ්නයන් බුදුන් ඉක්මයන්ට සමර්ථයෙක් නැත. යම්සේ සමුද්‍රයෙහි නැංගාවු තරඟ ඉක්ම නොගොස් වෙරලාන්තයෙහිම භග්නවේද එපරිද්දෙන්ම කිසිවෙක් බුදුන් ඉක්ම යන්නෙක් නම් නැත පාදමුලයට පැමිණිම භග්නවන්නේ යයි බුදුන්ගේ මහත්වු ප්‍රඥා පාරමිතාවන් වර්ණනා කොට කොට උන්සේක. බුදුහු එකල තුන්තරා ගමනින් එක්තරා ගමනකින් දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකක් කොට උනුදැයි විචාරා වදාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි එඹ ෙමහණෙනි බුදුහු දැන්මතු නුවනැත්තෝ නොවෙයි පෙරත් නුමුහුකුරුනාවු නුවනැති කලක් අන්ධව මහාසමුද්‍රයෙහි ජන සභිඥාවෙන් මෙනම් සමුද්‍රයෙහි මෙනම් රුවක් ඇත්තේයයි දත්තෝවේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

එක් දවසක් සවස්වේලෙහි සර්වඥයන් වහන්සේ ධර්මශාලාවට වැඩිම පෙර මග බල බලා උන් භික්ෂූන් වහන්සේ ඇවැත්නි අනේ බුදුන්ගේ ඥාණයෙක් යහපත් නියාව මහත්වු ප්‍රඥා ඇතිසේක. තීක්‍ෂණ ප්‍රඥා ඇතිසේක් නිව්‍යාජවු ප්‍රඥා ඇතිසේක. ඒ ඒ උපායෙහියෙදෙන්ට නිසි ස්ථානොවිතප්‍රඥා ඇතිසේක. පොළොවසේ පතලවූ ප්‍රඥා ඇතිසේක. සියළු දඹදිව උපන්නාවු ප්‍රශ්නයන් බුදුන් ඉක්මයන්ට සමර්ථයෙක් නැත. යම්සේ සමුද්‍රයෙහි නැංගාවු තරඟ ඉක්ම නොගොස් වෙරලාන්තයෙහිම භග්නවේද එපරිද්දෙන්ම කිසිවෙක් බුදුන් ඉක්ම යන්නෙක් නම් නැත පාදමුලයට පැමිණිම භග්නවන්නේ යයි බුදුන්ගේ මහත්වු ප්‍රඥා පාරමිතාවන් වර්ණනා කොට කොට උන්සේක. බුදුහු එකල තුන්තරා ගමනින් එක්තරා ගමනකින් දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකක් කොට උනුදැයි විචාරා වදාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි එඹ ෙමහණෙනි බුදුහු දැන්මතු නුවනැත්තෝ නොවෙයි පෙරත් නුමුහුකුරුනාවු නුවනැති කලක් අන්ධව මහාසමුද්‍රයෙහි ජන සභිඥාවෙන් මෙනම් සමුද්‍රයෙහි මෙනම් රුවක් ඇත්තේයයි දත්තෝවේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නවුර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරන්නාහුය. එනුවර භරුකච්ඡ නම් පටුනුගමකුත් ඇත්තේය. එකල අප මහබෝසතානෝ භරුකච්ඡ නම් පටුන්ගම නියමුන්ට නායකවූ නියමුවාට පුත්‍රව උපන්නාහු දුටුවන්ට ප්‍රසාද ඵලවන්නාවු රන්වන් ශරීර ඇත්තාවු කුමාරයන්ට නම් තබන්නාවු සුප්පාර කුමාරයෝයයි නම් තුබුහ. මෙසේ ඒ සුප්පාර කුමාරයෝ මහපෙරහරින් වැඩෙන්නාහු සොළොස් ඇවිරිදි වයසම ශිල්පයෙහි පරතෙරට පැමිණ කල්යාමකින් පියානන්ගේ ඇවෑමෙන් නියමුවන්ට නායක කම් පැමිණ නියමු නායකම් කරන්නාහු ප්‍රාඥයෝය. නුවනැත්තාහුය. උන් විසින් නැගී නැවක් නොනස්නේය. මෙසේ කල්යාමකින් ළුනුදිය ගැසීමෙන් මහබෝසතානන්ගේ ඇස්දෙකම නටුයේය. එතැන් පටන් නියමු දෙටුවෝ නියමුකම් නොකොට රජ්ජුරුවන් නිසා ජිවත්වෙමි සිතා රජ්ජුරුවන් සමීපයට ගොස් වන්නාහ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන් වස්තු අගය කරන්නාවු තනතුරෙහි පිහිටුවුහ. එතනැ පටන් බෝධිසත්වයෝත් රජ්ජුරුවන්ගේ හස්ති රත්නය අශ්ව රත්නය මුකාතාමාණික්‍ය රත්නය ලක්ෂණ බලා අගය කරන්නාහු එකල එක්දවසක් රජ්ජුරුවන්ට මගුලැත් තනතුරෙහි අඤජන කුටයේ කඳුළු ඇතකු ගෙණාහ. රජ්ජුරුවෝද ඒ ඇතු දැක සුප්පාර පණ්ඩිතයන්ට පාවයි කීහ. යහපතැයි ගෙණගොස් බෝධිසත්වයන්ට පෑහ. බෝධිසත්වයෝ ඇතුගේ ශරීරය අතින් පිරිමැද බලා කියන්නාහු මේ තෙම මගුලැත් කමට නොනිසිය පසකුඹින් සිටිනේය. මේ ඇතුගේ මව වදන ගමනේ ඇකයෙන් රඳවාගත නුහුනුවන. එසේහෙයින් මෙතම බිම වැටි පස්කඩින් මිටිව ගියේයයි කීහ. ඒ බව ඇතුගෙණා පුරුෂයන් අතින් විචාළාහු ඔහු ඇමත් පණ්ඩිතයන් කියේ සැබැවයි කීහ. රජ්ජුරුවෝ එපවත් අසා සතුටුව පණ්ඩිතයන්ට කහවනු අටක් දුන්හ. තවද එක් දවසක් රජ්ජුරුවන්ට මගුල් අස් තන තුරටයයි අසකු ගෙණාහ. ඔහුත් රජ්ජුරුවෝ බෝධිසත්වයන්ට යවුහ. බෝධිසත්වයෝ අශ්වයාත් අතින් පිරිමැද මගුලස් වන්ට සුදුසුනොවෙයි මොහු උපන් දවස් මව් මැලිවන, එසේ හෙයින් මවගේ කිරී නොලදින් ඉඳූරා වැඩුනේ නොවෙයි කීහ. ඒ බව ගෙණා පුරුෂයන් අතින් විචාරා සැබැවයි කීහ. ඒ බව අසාත් රජ්ජුරුවෝ කවහනු අටක් දුන්හ. තවද එක් දවසක් රජ්ජුරුවන්ට මගුල් රථයයි රථයක් ගෙණාහ. රජ්ජුරුවෝ දැක පණ්ඩිතයන් සමීපයට යවුහ. පණ්ඩිතයෝ රථයද අතින් පිරිමැද කියන්නාහු මේ රථය සිදුරු ඇති ගසකින් කරණලද්දේය. එසේ හෙයින් මේ රථය මගුල් රථයට සුදුසු නොවෙයි කීහ. ඒ බව විචාරා සැබෑම වුයේය. රජ්ජුරුවෝ ඒ අසාත් කහවනු අටක් දුන්හ.

තවද එක්දවසක් මාහැඟි පලසක් ගෙණාහ. ඒ ද පණ්ඩිතයන්ට පෑහ. අතින් පිරිමැද බලා මේ පලස මියන්ගෙන් දෂ්ටයෙක් ඇතැයි කීහ. ඒ පරීක්ෂා කොට බලා දැක රජ්ජුරුවන්ට දැක්වුහ. රජ්ජුරුවෝ සතුටුව කහවනු අටක් දුන්හ. එකල පණ්ඩිතයෝ මොහුගේ තැගී කරණවෑමියෙකුගේ දීමක් මෙන, එසේ හෙයින් මේ කරණවෑමියෙකුට දෑ එකකු වනැයි සිතා මෝහට උපස්ථාන කොට ප්‍රයෝජන කිම්දැයි මා වසන්නාවු ගමට යෙමියි භරුකච්ඡ නම් පටුනුගමට ගියාහ. මෙසේ ඒ බෝධිසත්වයන් වාසය කරණකල වෙළෙන්දු නැවක් සරහා කවරක්හු නියමු කරමෝදැයි කථාකරන්නාහු සුප්පාර පණ්ඩිතයන් නැගී නැවක් නොනස්නේය. ඌ තුමූත් නුවණැත්තෝය. උපායෙහි දක්‍ෂයෝය. ඇස් අන්ධවිනමුත් සුප්පාර පණ්ඩිතයෝ අපට උත්තමයෝයයි බෝධිසත්වයන් සමීපයට ගොස් අපට නියමුකම් කළමැනවැයි කියා බෝධිසත්වයන් විසින් මම අන්ධයෙමි කෙසේ නියමුකම් කෙරේම්දැයි කී කල්හි ස්වාමිනි අන්ධවුවත් නුඹ වහන්සේම අපට උත්මසේකැයි නැවත නැවත යච්ඥාකළ කල්හි යහපත දරුවෙනි තොප ඇම කී සලකුණෙන් නියමුකම් කෙරෙමියි ගිවිස නැවට නැගී නික්මුන කල්හි නැව් මහාසමුද්‍රයෙහි සත්දවසක් උපද්‍රව නැතිව ගොස් සත්වෙනි දවස් අකාල වාතයක් නගා නැව් සාරමසක් මුළුල්ලෙහි පිවවී සමුද්‍රයෙහිම ඇවිදුවා බුරමාලි නම් සමුද්‍රයට පැමිණවුයේය. ඒ සමුද්‍රයෙහි මත්ස්‍යයෝ මනුෂ්‍ය ශරීර ඇත්තාහුය. දියෙහි හැලෙමින් ඉලිප්පෙමින් ඇවිදිනාහ. එකල වෙළදුන් එම සත්වයන් දැක බෝධිසත්වයන් අතින් සමුද්‍රයෙහි නම් විචාරන්නාහු මෙසේ කියත්. කරමුවාතට බඳූවු නාසා ඇති මනුෂ්‍යයෝ යටවත් කුමුදුනාග උඩවත් කුමුදුනාග සුප්පාර පණ්ඩිතයන් වහන්සේ නුඹ වහන්සේ අතින් විචාරම්හ. මේ සමුද්‍රය කවර සමුද්‍රයක්දැයි කීහ. මේ එසේ ඒ වෙළදුන් විචාළකල්හි බෝධිසත්වයෝ තමන්ගේ නියමු ශාස්ත්‍රයෙන් බලා දැක කියන්නාහු වස්තු වෙළඳාම් පිණිස භරුකච්ඡ නම් පටුන්ගමින් ආවාවු තොපි ඇම නැව්නැගී පැමිණ මේ සමුද්‍රය බුරාමාල් යයි කියති කීහ. ඒ සමුද්‍රයෙහි විදුරු උත්සන්න වන්නේය. බෝධිසත්වයෝ සිතන්නාහු ඉදින් මම මුන්ට විදුරු සමුද්‍රයයි කිම නම් මු හැම වස්තු ලෝභයෙන් බොහෝ විදුරු උකා නැව නසා ගන්නාහයි උන්හැමට නොකියාම නැව රඳවා උපායෙන් එක් යොතක් ඵලා මසුන් අල්ලන්නාසේ දැන් දම්මා විදුරු ගොඩනාංවා නැවෙයි බහා නැව තුබුවායෙන් ස්වල්පවු බඩුවක් දම්මවා නික්මුනුකල්හි ඒ සමුද්‍රය ඉක්මගොස් මත්තෙහි අග්නිමාලී නම් සමුද්‍රයට ගියාහ. ඒ සමුද්‍රයට ගියාහ. ඒ සමුද්‍රයතෙම දිලියෙන්නාවු ගිණිකඳූමෙන්ද මුදුන් පැමිණි ඉරුමඬලක් මෙන්ද රැස්මි පවතිමින් සිටියේය. ඒ සමුද්‍රය දැක වෙළඳහු විචාරන්නාහු යම්සේ ගිණිදැල් පෙණේද යම්සේ සුර්යමණ්ඩලය පෙණේද එපරිද්දෙන් මේ සමුද්‍රය පෙණෙන්නේය. සුප්පාර පණ්ඩිතයන් වහන්සේ නුඹ වහන්සේ අතින් විචාරම්හ මේ සමුද්‍රය කවර සමුද්‍රයෙක්ද අපට කිවමැනවැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු විදේසීව ආවාවූ තොප ඇම පැමිණි මේ සමුද්‍රය අග්නිමාලයයි කියති කීහ. ඒ සමුද්‍රයෙහි රත්රන් බොහෝකොට ඇත්තේයයි බෝධිසත්වයෝ එතනින් රත්ත්‍රනුත් පෙර පරිද්දෙන් උපායෙන් නැවට නංවාගත්හ. නැවත ඒ සමුද්‍රයත් ඉක්ම දධිමාලි නම් සමුද්‍රයට පැමිණියේය. ඒ සමුද්‍රය දුටු වෙළඳහු විචාරන්නාහු කිරෙහි පැහැයක් යම්සේද දියෙහි පැහැයද එපරිද්දෙන්ම වන්නේය. සුප්පාර පණ්ඩිතයන් වහන්සේ නුඹ වහන්සේ අතින් විචාරම්හ මේ සමුද්‍රය කිනම්දැයි විචාළාහ.

බෝධිසත්වයෝ කියන්නාහු භරුකච්ඡ නම් පටුන්ගමින් නික්මධන සොයා ඇවිදිනාවු තොප ඇම වෙළදුන් විදේශිව ආවාවු මේ නැව පැමිණ සමුද්‍රය දධිමාලීයයි කියති කීහ. ඒ සමුද්‍රයෙහි රිදි බොහෝ වන්නේය, එයින් බබලන්නේය. එයින් උපායෙන්ම ගොඩනංවා නැවට නංවා ගත්හ. නැව සමුද්‍රය ඉක්ම කුසමාලි නම් සමුද්‍රයට පැමිණියේය. වෙළඳහු ඒ සමුද්‍රය දැක විචාරන්නාහු භිතණ වනයක්ද නිල්ගත් හෝමයන්සේද මේ සමුද්‍රයත් ඉන්ද්‍රනිල මැණික් පරිද්දෙන්ම බබලන්නේය. සුප්පාර පණ්ඩිතයන් වහන්ස නුඹ වහන්සේ අතින් විචාරම්හ මේ සමුද්‍රය කිනම්දැයි විචාළාහ. බෝධිසත්වයෝ කියන්නාහු භරුකච්ඡ නම් පටුන්ගමින් නික්ම වස්තු සොයා යන්නාහු තොප ඇම වෙළදුන් විදේශිව ආවාවූ අය මෙතනට පැමිණ මේ සමුද්‍රය කුසි මාලී නමැයි කීහ. ඒ සමුද්‍රයෙහි ඉන්ද්‍රනීල මාණික්‍ය බොහෝ වන්නේය. ඒද උපායෙන් නැවට නංවාගත්හ. නැවත ඒ සමුද්‍රයෙන් ඉක්මගෙණ නලමාලී නම් සමුද්‍රයට පැමිණියේය. ඒ සමුද්‍රය වෙළඳහු දැක විචාරන්නාහු යම්සේ උන වනයෙක් බව වනයෙක් පෙනේද එපරිද්දෙන්ම ඒ සමුද්‍රයත් පෙණෙන්නේය. සුප්පාර පණ්ඩිතයන් වහන්ස නුඹ වහන්සේ අතින් විචාරම්හ මේ සමුද්‍රය කිනම් දැයි විචාලාහ. බෝධිසත්වයෝ කියන්නාහු භරුකච්ඡ නම් පටුන්ගමින් නික්ම වස්තු සොයා විදේශිව නැව් නැගී තොප ඇම පැමිණ මේ සමුද්‍රය නලමාලී නමැයි කිහ. ඒ සමුද්‍රයෙහි චෛුඩ්‍ය මාණික්‍ය බොහෝ වන්නේය. බෝධිසත්වයෝ එද උපායෙන් නැවට නංවා ගත්හ. වෙළඳහු නලමාලී සමුද්‍රය ඉක්ම ඔබට ගියකල වළබාමුඛ නම් සමුද්‍රය දුටහ.ඒ සමුද්‍රයෙහි ජලය ඒ ඒ ස්ථානයෙහි හාත්පසින් කඩාගෙණ යනකලක් පරිද්දෙන් යන්නේය. වියලි ගිය හෙබසේ පෙණෙන්නේය. රැල නැගූ කල්හි එක් පාර්ශවයකින් ප්‍රතාපවත් වන්නේය. භයජනක ශබ්ද උපදනේය. කන්සිලි වන කලක් මෙන් ලය පැලි යන කලක් මෙන් සමුද්‍රය දැක වෙළෙඳහු භයින් ත්‍රස්තව බෝධිසත්වයන් විචාරන්නාහු මහත්වු භය උපදවන්නාවු අමානුසිකවූ ඝෝරවූ මහත් ශබ්ද ඇසෙන්නේය. යම්සේ ගැඹුරුවූ හෙප් පෙනෙද එපරිද්දෙන් භයජනක ප්‍රපාත ඇති සමුද්‍රයෙක් පෙණෙන්නේය. සුප්පාර පණ්ඩිතයන් වහන්ස නුඹ වහන්සේගෙන් විචාරම්හ මේ සමුද්‍රය කිනම් සමුද්‍රයෙක්දැයි විචාළාහ. බෝධිසත්වයෝ කියන්නාහු එම්බා දරුවෙනි තොප මේ පැමිණි සමුද්‍රය වළබාමුඛනම් මේ සමුද්‍රයට පැමිණ කෙණෙකුන්නේ ආපසුයාමෙක් නම් නැත මේ සම්පත හා නැව ගලා විනාශයට පමුණුවන්නේයයි කීහ. ඒ නැවෙහි සත්සියයක් පමණ නැංගාවූ මනුෂ්‍යයෝ ඇමදෙනම මරණභයින් තැතිගෙණ අවිචිමහනරකයෙහි සත්වයන් මෙන් එපරිද්දෙන් ඉතා බැගෑපත්ව එකපැහැර භයින්ම හඬන්ට පටන්ගත්හ,

එකල මහබෝසතානෝ මා ඇර අනික් මුන් ඇමටම සැපතක් කරන්නට සමර්ථකෙණෙක් නැත සත්‍යක්‍රියායෙන් මුන් ඇමට සැපයක් කරන්ට සිතා වෙළඳූන් තමන් සමීපයට කැඳවා එම්බා දරුවෙනි මා වහා සුවඳපැනින් සිතා වෙළඳුන් තමන් සමීපයට කැඳවා එම්බා දරුවෙනි මා වහා සුවඳපැනින් නාවා අළුත් වස්ත්‍රයක් හඳවා තලියක් පැනින් සම්පුර්ණකොට සරහා නැව්ගිය තබවයි කීහ. වෙළඳහුත් වහ වහා එපරිද්දෙන්ම කළහ. බෝධිසත්වයෝෙත් දෙඅතින් පිරුණු තලියගෙණ නැව්හිස සිට සත්‍යක්‍රියා කරන්නාහු යම් තෙනෙක්හි පටන් මම නවාමිනාව දනිම්ද එතැන්පටන් මම සිහිකෙරෙම්ද දැන දැන එකමද ප්‍රාණියකු නැසුනියාවත් නොදනිමි පස්පවීන් එකක්කළ නියාවත් නොදනිමි ඒ සත්‍යක්‍රියාව හේතු කොටගෙණ මේ නැව සැපසේම සියනුවරට යෙවයි කියා තලියෙහි පැන් නැව්ගිස වත්කළාහ. එක්‍ෂණයෙහි සාරමසක් මුළුල්ලෙහි සමුද්‍රයෙහි ඇවිදි නැව ආපස්සේ නික්ම ඉර්දිමත් කෙණෙකුන්ගේ ඉද්ධි්‍යානුභාවයක්සේ එක දවසකින්ම භරුකච්ඡනම් පටුනුගමට ගියේය. ගොසිනුත් අට ඉස්බක් පමණ තැන්ගොස් නැව ඇති තැනැත්තවුගේ ගේදොර සිටියේය. එකල බෝධිසත්වයෝ වෙළඳුන්ට ඒ සම්පත් බෙදාදී තොපහැමට මෙතෙක් සම්ත් සෑහෙයි මින්මතු යාත්‍රාවක් නොකරවයි අවවාද කොට දිවිපමණින් කුසල් කොට කා බුන් මරණින් මත්තෙහි දෙව්ලොව උපන්හ. සර්වඥයන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මහණෙනි බුදුහු පෙරත් නුවණැත්තෝම වේදැයි වදාරා මේ සුප්පාර ජාතකය නිමවා වදාළසේක. එකල නැව් නැගී පිරිස්නම් දැන් බුදුපිරිස් වන්නාහ. එසමයෙහි සුප්පාර පණ්ඩිතයෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සුප්පාර ජාතකය නිමි.