450 සංවර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද පිරිසිදු ගුණ ඇති බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පසුබට විර්ය ඇති භික්ෂුකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යත්.

සැවැත්නුවර කුලපුත්‍රතයෙක් බුදුන්ගේ බණ අසා මහණව ආචාරීවත් උපාධ්‍යායවත් පුරන්නේ උභයමාතෘකා වනපොත්කොට පීරුණාවු පශ්චස් ඇතිව කර්මස්ථාන ඉගෙණ වල්හි වාසය කෙරෙමින් ආචාර්ය උපාධ්‍යයන් ගෙන් අවසරගෙණ කොසොල්රට එක් පසල් ගමකට ගොස් තමන්ගේ සාන්ත දාන්ත ගුණයෙහි පැහැද ඒ ගම උපාසකවරුන් විසින් කොටාදෙන ලද පන්සල්හි වාසය කෙරෙමින් උපස්ථාන කෙරෙමින් උපස්ථාන විඳ වස්වැස විදර්ශනා වඩා ඉතා ආයාසකොට වඩනා ලද විර්යයෙන් තුන් කර්මස්ථාන භාවනා කොට අපහාස මාත්‍රයකුත් උපදවාගත නොහි සිතන්නාහු ඒ කාන්තයෙන් සර්වඥයන් වහන්සේ දෙසු පුද්ගලයන් සතරදෙනා අතුරෙන් මම පාළිඉගැන්වීමෙන් මෙහි දක්‍ෂවෙමි එසේ හෙයින් මව වල්හි වාසය කිරීමෙන් කම්කිම්ද බුදුන්ගේ රූපශ්‍රී බල බලා මිහිරිවු පණ අස අසා දවස් යවමි සිතා විර්ය හැර එතනින් නික්ම අනුක්‍රමයෙන් ජේතවනාරාමයට ගොස් අචාරී උපාධ්‍යයන් සන්දිෂ්ට සම්භක්තයන් විසින්ද, ආකාරණය විචාරණලදුව තමන් කර්මස්ථාන ඇර ආ නියාව කියා ඔවුන් ඇම විසින් මහණ තෝ කුමක් පිණිස කර්මස්ථාන යෙදීමෙන් පසුබටදැයි නින්දාකොට බුදුන් සමීපයට ගෙණගොස් බුදුන් විසින් මහණෙනි මේ භික්ෂූහු කුමක් පිණිස නොකමැතිකරවා ගෙණාහුදැයි කී කල්හි එපවත් අසා මහණ තෝ කුමක් පිණිස පසුබටවුවාවු විර්ය ඇත්තෙහිවීදැයි මේ ශාසනයෙහි වීර්ය නැත්තාවු කුසිත පුද්ගලයන්ට අග්‍රඵල අරහත්වයෙක් නම් නැත පටන්ගන්නාලද විර්ය ඇති මහණතෙම ධර්ම ක්‍ෂාත් ක්‍ෂාත් කරන්නේය. තෝ වනාහි පෙර වීර්ය ඇත්තෙහිය. අවවාද ක්‍ෂමායෙහි එම කාරණයෙන් බරණැස් රජ්ජුරුවන්ගේ පුතුන් සියයකට බාලමල්වන් නුව නැත්තන්ගේ අවවාදයෙහි සිට රාජ්ජයට පැමිණියෝ වේදැයි වදාරා ඒ භික්ෂූන් විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් වහන්සේ රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ පුතුන් සියයකට බාලා සංවර කුමාරයෝයයි යන පුතනුකෙණෙකුන් වන්නාහුය. එකල රජ්ජුරුවෝ එකී එකී අමාත්‍යයෙකුට පාවාදී ශීිල්ප උගන්වයි සම්මත කළහ. එසේ පාවාදෙන සංවර කුමාරයන්ට ආචාරීකමට බෝධිසත්වයෝ සැලැස්වාහුය. ප්‍රාඥවූ ව්‍යක්තවූ ඒ බෝධිසත්‍වයෝ ඒ රාජකුමාරයන්ට පිත්‍රුස්ථානයෙහි සිට හින්මවන්නාවූ අවශේෂ අමාත්‍යයෝ රාජකුමාරවරුන් ූගන්වා රජ්ජුරුවන් දක්නාහුය රජ්ජුරුවන් කුමාරවරුන්ට දනව් දී යවන්නාහුය එකළ සංවර කුමාරයෝත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙණ නිමවා බෝධිසත්වයන් අතින් විචාරන්නාහු ආචාරීන් වහන්ස ඉදින් මාගේ පියානන් වහන්සේ මට ජන පදයක්දී යවනසේක් වී නම් නළමනා කිම්දැයි කීහ. මහබෝසතානෝ කියන්නාහු දරුව තොපි දනවගම්දෙන්ට වත්කල ඒ නොගෙණ දේවයන් වහන්ස මම ඇමටම බාලයෙමි මාත් ගියකල නුඹ වහන්සේගේ ශ්‍රී පාද සෙවන සිස් වන්නේය එසේ හෙයින් මම සමීපයෙහි වෙසෙමි කියවයි කීහ. ඉක්බිති එක්දවසක් සංවරකුමාරයන් වැඳ එකත්පස්ව සිටිකල්හි රජ්ජුරුවෝ කියන්නාහු පුත තොප ශිල්ප ඉගෙණ නිමියේදැයි කීහ. කුමාරයෝත් එසේය දේවයන් වහන්සැයි කීහ. එසේ වී නම් පුත තොපට ජනපදයක් ඇරගණුවයි කීහ. කුමාරයෝ කීයන්නාහු දේවයන් වහන්ස ඒසේ කල්හි නුඹ වහන්සේගේ සමීපය සිස්වන්නේය. මම සමීපයෙහි වෙසෙමි කීහ. එබසට රජ්ජුරුවෝ සතුටුව යහපතැයි පිළිගත්හ.

එදවස් පටන් රජ්ජුරුවන් සමීපයෙහි වාසය කෙරෙමින් බෝධිසත්වයන් වහන්සේ අතින් ආචාරීන් වහන්ස තවත් මා කල මනා කිම්දැයි විචාළාහ. බෝධිසත්වයෝ කියන්නාහු රජ්ජුරුවන් අතින් පරණ උයනක් ඉල්වාගෙණ එහි අටගත් මල් හා පලාඵලයෙන් නුවර වැස්සන් ඉසුරුමතුන් සිත්ගනිමින් නැවත කළමනා කිම්දැයි ගුරුන් අතින් විචාළාහ.දරුව රජ්ජුරුවන්ගේ අන්තඃපුරයට ත් වැටුප් පසිඳූවයි කීහ. කුමාරයෝත් එපරිද්දෙන්ම කළාහ. නැවතත් බෝධිසත්වයන් විචාරා රජ්ජුරුවන්ගෙන් අවසරගෙණ අන්තඃපුරයෙහි ඇතුන්ටද දැසි දසුන්ටද සියළු පාබල සෙනගටද නිරන්තරයෙන් ව්‍රර්ති නොවරදවා නොපිරිහෙලා පසිඳිනාහ නොයෙක් රටවල් ආවාවු දුතයන් ආදීන්ට නවාතැන් ආදියද වෙළදූන් ආදීන්ගෙන් ගතමනා සුන්වත් ආදිය යන මේ සියල්ලම තමන්ගේ විධානයෙහිම තිබුහ. මෙසේ සංවර කුමාරයෝ බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා සියළු අන්තඃපුර ජනයාද පිටිසර වැස්සන්ද ගන්වර වැස්සන්ද ජනපද වාසීන්ද නොයෙක් තැනින් ආ ආගන්තුක ජනයාද උපස්ථාන කිරීමෙන්ද සංග්‍රහ වස්තුයෙන්ද සිත්ගෙණ සියල්ලවුන්ට මනාව වැඩව හැසිරෙන්නාහ. මෙසේ කල්යාමකින් මරණ මඤචකයෙහි සිටිකල අමාත්‍යයෝ දේවයන් වහන්ස නුඹ වහන්සේගේ ඇවෑමෙන් රාජ්ජය කොට පමුණුවමෝදැයි විචාරා රජ්ජුරුවෝ කියන්නාහු එඹා දරුවෙනි මාගේ දරුවෝ ඇමෝම අභිෂේකයට නිස්සාහ එසේ හෙයින් යම් කෙණෙක් තොපගේ සිතට ප්‍රියයෝ වී නම් තොප ඇමසිත් ගෙණ වෙසෙත්නම් උන්ට රාජ්ජය පමුණුවයි කියා කාලක්‍රියා කළාහ. උන් කළුරිය කල කල්හි ආදාහන කෘත්‍යායකොට සත්වෙනිදවස් අමාත්‍යයෝ ඇම එක්ම යම්කෙණෙක් තොපගේ සිතට ප්‍රියයෝ වී නම් තොප ඇම සිත් ගෙණ වෙසෙත්නම් රාජ්ජය උන්ට දෙවයි කීහ. එසේ හෙයින් දැන් සංවරකුමාරයන් කචන මාලාවෙන් හෙබියාවු සේසත් නන්වා අභිෂේක කළාහ. සංවර රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ අවවාදයෙහි සිට දැහැමෙන් රාජ්ජය කළාහ. අවශේෂ කුමාරවරු තමන්ගේ පියානන් මළ බවත් සංවර කුමාරයන් අභිෂේක කළ බවත් අසා ඌ ඇමට බාලයෝය එසේහෙයින් උන්ට රාජ්ජය නොපැමිණෙයි ඇමට වැඩිමාළු තැනැත්තන්ට රාජ්ය පමුණුවම්හහි ඇවිත් පිටිනුවර රාජ්‍යය හෝ දෙව යුද්ධ හෝ කරවයි කියා සිංහ රජ්ජුරුවන්ට අසුන් යවා නුවර වටළුැහ. එකල සංවර රජ්ජුරුවෝ බෝධිසත්වයන්ට එපවත් කියා කළමනා කිම්දැයි කීහ. බෝධිසත්වයෝ කියන්නාහු මහරජ තොපට බෑයන් හා යුද්ධයෙන් කම්නැත පියානන් සන්තක වස්තුව සියක් කොටස බෙදා එකුන්සියයක් පමණ මේ කුමාරවරුන්ට තොපගේ පියානන් සන්තක සම්මත කළාහ. සංවර රජ්ජුරුවෝ එපරිද්දෙන්ම කළහ.

එකල ඇමට වැඩිමාළු බැනෝ උපොසථ නම් කුමාරයෝ අවශේෂ කුමාරවරුන් තමන් සමීපයට කැඳවා එඹා මල්නි රජදරුවන් ඉක්ම පවතින්ට සමර්ථ කෙණෙක්හිම නැත මුයිත් අපට බාල සිට මලනුවෝය. අපට සතුරුත්නොවි පියානන් සන්තක වස්තුවක් එවා සටන් නොකෙරෙති කියා එවන්නාහ. අපි ඇමත් එකවිටම අභිෂේක කරන්නෝමෝ නොවම්හ. එකක් හට ඒ අභිෂේක කරම්හ. එසේ හෙයින් මුන්ටම රාජ්‍යය වන්නේය. යම්හ උන්සමීපයට ගොස් දැක රජ්ජුරුවන්ගේ අන්තඃපුරය උන්ට පාවාදී අපි අපගේ ජනපදවලට යම්හයි කීහ. එකල ඒ කුමාරවරු ඇමදෙනම යහපතැයි නුවර දොර අරවා යතුරු නොව නුවරට වන්න. සංවර රජ්ජුරුවෝද උන් ඇමට සත්කාර සම්මාන අමාත්‍යයන් ලවා ගෙණ පෙරමගට යවුහ. කුමාරවරුද මහපෙරහරින් පයින්ම රජගෙට ගොස් වැඳ සංවර රජ්ජුරුවන්ට ආදර දක්වා මටිවු අසුන්වල උන්හු සංවර රජ්ජුරුවෝ නගනලද දලපුඩු සේසත් ඇති සිංහාසනමස්තකයෙහි උන්හ. උන්නාවු ඒ රජ්ජුරුවන්ගේ මහත්වූ යසස්ද ශ්‍රිසොභාද විය. බැළූ බැළුැ දිසාව කම්පාවනනේය. එකල උපෝසථ කුමාරයෝ සංවර රජජුරුවන්ගේ ශ්‍රී සමුර්ධිය දැක අපගේ පියානන් වහන්සේ තමන් වහන්සේගේ ඇවෑමෙන් සංවර කුමාරයන්ට රාජ්‍යය සිතාවන අප ඇමට ජනපදදී යවා මුන්ට නුදුන්නාහු නුවනැයි සිතා සංවර රජ්ජුරුවන් හා සමග කථාකරන්නාහු. මහරජ්ජුරුවෙනි අපගේ පිය රජ්ජුරුවෝ එකුන් සියයක් පමණ කුමාරවරුන්ට ජනපදවලින් පුජාකොට යවන්නාහු තමන්ගේ ඇවැමෙන් තෙමේ රාජ්‍යයට පැමිණෙන්නේයයි දැනම තොපට කුඩා වු ජනපදයක් නුදුන්නේවන. තවද මහ රජ්ජුරුවෙනි තොපි රාජ්ජය පතන්නාහු අපගේ පිය රජ්ජුරුවෝ තමන් ජිවමානව ඉන්නා කලම තැකූහ. නොහොත් උන් ඇවෑමෙන් අමාත්‍යයන් හා ජනපද වාසීන් හා තොපගේ නෑයෝ තමන්ට වැඩ සඳහා රාජ්‍යයට පැමිණිවුහ.
තවද සංවර රජ්ජුරුවෙනි තොපගේ කවර ශිලවුත සමාදානයකින් තොප කෙරෙහි හටගත් කවර ගුණයකින් මෙතනට රැස්වූ එකුන් සියයක් කුමාරවරුන් ආදි කොට ඇති සියළුනැයෝ තොප හික්මයෙද්ද, තොප උන්ට පැවැත්තෝද, ඒ මට කියවයි කීහ. එබස් අසා සංවර රජ්ජුරුවෝ තමන් ගුණ ඇති කියන්නාහු එඹා රාජකුමාරයෙනි මම කිසි සත්වයක්හට ඔහුගේ යසස් දැක මේ සම්පත් මෝහට නොවෙවයි මා සොම්නම් උනේ නැත, තවද සමීත පාපි හෙයින් ශ්‍රමණනම්වුද මහත්වු ශිලස්කන්ධයන් එෂ්ණ ගවේෂණ කරණ හෙයින් මහණ නම්වු ශ්‍රමණ බ්‍රාහ්මණයන් දුටුකල පසඟ පිහිටුවා උන්ගේ පාදයන් වැඳ දන්නමුත් උන් ඇමට ධාර්මිකවූ රක්‍ෂාවරණ ගුප්තිය එලවමින් පුජා කරන්නාවු මම්ම ඇමට සකස්කොට පුජා කෙරෙමින් තවද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබදූ ගුණ ඇති මා මෙසේවු ගුණයක් ඇතැයි දැන මෙබන්දක් කරවයි මෙබන්දක් නොකරවයි අනුශාසනා කරන්නාහ මමද මහා සෘෂිවු ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බස් අසා කිසිවක්ම නොකරමි මාගේ චිත්තය කුසලයෙහිම නිරතකෙරෙමි, තවද ඇත්රුවන් අසරුවන් හැනිනායක වැන් රථාචාරීවරුන් පාබලසෙනඟද යන මේ සියල්ලවුන්ට නිරන්තරයෙන් දියයුතු යම්වස්තුවෙක් ඇත්නම් නොපිරිහෙලා දෙමි, තවද බෑනන් වහන්සේ මාගේ නුවණැති මන්ත්‍රණයෙහි දක්ෂ අමාත්‍යයෝද අවශේෂ පිරිවර ජනයෝද ඇත. නුඹ වහන්සේලා ඇම ප්‍රඥාසම්පන්න පණ්ඩිතවරුන් නොලත් හෙයින් සේක. අපගේ ආචාරී නුවනැත්තෝය. උපායෙහි දක්ෂයෝය. ඌ රාජ්‍යයෙහි පිහිටුවුහ. තවද බෑනන් වහන්ස මා අභිසේක කළතැන් පටන් අපගේ රජ්ජුරුවෝ ධාර්මිකයෝය. උන්ගේ රට සාරපෝයෙහි වැසිවස්නේය උන්රට සමුර්ධිබල ඇත්තේය. බරණැස් නුවර ආදීවු බොහෝ රටවලින් ආඪ්‍යවු වෙළෙඳවරුන් ඇවිත් මෙහි වසන්නාහ, එසේහෙයින් උන්ගෙන් මට ආරක්ෂා ඇත. තවද හස්තිරත්නය අශ්වරත්නය මුතු මැණික් ආදිය හැර ගෙණ ඇවිත් නිරුපද්‍රිතව වෙළඳමුත් කරන්නාවු වෙළඳනුන් බොහෝව බෑනන් වහන්ස මම මෙතෙක් කාරණයෙන් ඇමට බාලවත් මාගේ බෑනන් හැමට මැඩගෙණ රාජ්ජයට පැමිණියෙමි ඒ බව දැනුවයි කීහ. ඉක්බිති සංවර රජ්ජුරුවන්ගේ ගුණ අසා උපෝසථකුමාරයෝ කියන්නාහු මල සංවර රජ්ජුරුවෙනි තොපි වනාහි එකුන්සියයක් පමණ වැඩිමාළු බෑයන් ආනුභාව මැඩ ධර්මබලයෙන්ම පවතුව තෙැන්පටන් තොපිම රාජ්‍යය කරව නුවනින්යෙදී වසව බන්ධුන්ටත් හිතව වසව. තවද ඒ ගුණයෙන් සමුර්ධව තෙපි අප එකුන් සියයක් ඇති ඤාති සමුහයා පිරිවරා සප්තවිධරත්නයෙන් සමන්විතවූ තව්තිසා වැසි දෙවියන් පිරිවරකොට ඇති ශක්‍රදේවේන්ද්‍රයන් අසුරයෝ ජයගත නොහෙන්නාසේ තොපත් එපරිද්දෙන්ම පරසතුරෝ ජයගත නොහෙන්නාහ, එසේහෙයින් තුන්සියයක් පමණ යොදුන් කසී රට දොළොස් යොදුන් බරණැස් නුවර සැපසේ රාජ්ජය කරවයි කීහ. ඉක්බිති සංවර රජ්ජුරුවෝ එකුන් සියයක් පමණ තමන්ට වැඩිමාළු රජකුමරුන්ට මහත් සම්පත් දුන්හ. ඔහු ඇමදෙනත් මසක් පෝයක් රජ්ජුරුවන් කෙරේ වාසය කොට මහරජ ජනපදවලින් සතුරෝ ඇත්නම් ඊට නිහඬ අප දනුම්හ නුඹ වහන්සේ රාජ්‍යයකළ මැනවැයි කියා තමන්ගේ ජනපදවලටම ගියාහ. සංවර රජ්ජුරුවෝද බෝධිසත්වයන්ගේ අවවාදයෙහි සිට රාජ්‍යය පරිපාලනයට ආයුෂයාගේ කෙළවර දෙව්ලොව පුරමින් ගියාහ. සර්වඥයන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා මහණ තෝ මෙසේ අවවාදක්‍ෂමායෙහි දැන් කුමක් පිණිස වීර්ය නොකරන්නෙහිදැයි වදාරා චතුස්සත්‍ය ප්‍රකාශකොට මේ සංවර ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යයාගේ කෙලවර ඒ භික්ෂුතෙම සෝවාන් ඵලයෙහි පිහිටියේ. එදවස් සංවර රජ්ජුරුවෝ නම් දැන් මේ මහණ වන්නේ. එසමයෙහි උපෝසථ කුමාරයෝ නම් සාරිපුත්ත ස්ථවිරයෝය. අවශේෂ අටුනුවක් කුමාරවරු නම් අසුමහා සව්වන් හා අනුරුද්ධ ස්ථවිරයෝය. එසමයෙහි රජ පිරිස නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ.

එසමයෙහි සංවර කුමාරයන්ට අවවාද දුන් අමාත්‍යයෝ නම් ලොවුතුරා බුදුවු මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.