444 ජුන්හ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වසන්නාවූ බුදුරජානන් වහන්සේ විසින් ආනන්ද සාමින් විසින් ලබන ලද වර අටක් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

සර්වඥයන් වහන්සේට බුදුවූ විසි අවුරුදු වනතුරු නිරන්තරයෙන් නියම උපස්ථාන කරන්නාවු එකද භික්ෂූකෙණෙකුන් වහන්සේයයි නැත සමහර දවසක් නාගමාල නම් තෙරුන් වහන්සේ නියමයක් නැතිව උපස්ථාන කරණ සේක. එක් දවසක් සර්වඥයන් වහන්සේ භික්ෂූන් වහන්සේ සමිපයට කැඳවා වදාරණ සේක් එඹාමහණෙනි මම දැන් වයෝවෘද්ධයෙමි සමහර භික්ෂූකෙණෙකුන් මා හා සමඟ යමින් සිට මේ මගින් යම්හයි කිවෝත් ඔහු අන්ගමකින් යන්නාහ. සමහර කෙණෙක් මාගේ පා සිවුරු බිමට දමාපියා යන්නායහ. එසේ හෙයින් මට නිරන්තරයෙන් උපස්ථාන කරන්නාවූ එක් භික්ෂූකෙණකුන් නියම දනුවයි වදාළසේක. එසේකල මම උපස්ථාන කෙරෙමි දොහොත් මුදුනේ බැඳ සිටියාවූ සැරියුත්සාමි ආදිකොට ඇති භික්ෂූන් වහන්සේලාට වදාරණ සේක් එඹා තොප තොපගේ ප්‍රාර්ථනා මුදුන් පැමිණියේයයි වළකා වදාළසේක. නැවත භික්ෂූන් වහන්සේ එක්ව අනදසාමින්ට ඇවැත්නි තොපි උපස්ථාන කරන්නාවු ඨානාන්තරයට යාඥා කරවයි කීසේක. එකල අනද සාමි වදාරණ සේක් ස්වාමිනි බුදුහු ඉදින් තමන් ලත් සිවුරු මට නොදෙන සේක් වි නම් තමන් ලත් ආහාරයක් මට නොදෙන සේක්විනම් එකඟද කිළියේ වාසය කළ නොදෙනසේක්වීනම් මා කැඳවාගෙණ තමන් වහන්සේට ආරාධනාවට වඩනාසේක් විනම් ඉදින් දුරුරටවලින් බුදුන් දකින්ට අවුත් පැමිණි සත්වයන් ඒ වෙලෙහි කැඳවා ගෙණගොස් දකින්ට ලැබේ නම් යම් කලෙක්හි මට සැකයෙක් උපනී නම් ඒ වෙලෙහි මම බුදුන් කරායන්ට අවසර ලැබේ නම් බුදුහු ඉඳින් මානෝ මැදයේ බණවදළසේක් වි නම් ඒ බණ අවුදින් මට වදාරණ සේක් විනම් එවිට මම ද බුදුන්ට උපස්ථාන කෙරෙමි. මේ ප්‍රතික්‍ෂප වරසතරක්ද යාඥා වරසත රක්දැයි වර අටක් ඉල්වූසේක. බුදුහු වර අට දෙවා වදාළසේක. ඒ දවස් පටන් අනදසාමි පස්විසි අවුරුද්දක් බුදුන්ට නිරන්තරයෙන් උපස්ථාන කළ සේක. මේ ආනන්ද සාමි පංචස්ථානයකින් ඒ තද අග්‍රපාලියෙහි තිබිය යුත- ඨානාන්තරයට පැමිණිසේක. අංගසම්පදාය, අධිගමසම්පදාය, අර්ථපරිපුච්ඡා සම්පදාය, යොනිසෝමනස්ස සම්පදාය, බුද්ධිපණිශ්‍රය සම්පදායයි, මේ සප්තවිධ සම්පදාවෙනුත් යුක්ත සේක. සර්වඥයන් වහන්සේගෙන් වරඅටක් ලැබ ශාසන නැමති ආකාශයෙහි පැනනැංගාවු පුන්සඳ මඬලක් මෙන් ප්‍රසිද්ධව වසන සේක්. එකල්හි එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව වැඩ හුන් භික්ෂුන් වහන්සේ ඔවුන් වහන්සේට ආමන්ත්‍රණය කොට වදාරණසේක් එම්බා ඇවැත්නි බුදුහු ආනන්ද ස්ථවිරයන්ට වරදිමෙන් සන්තර්පණය කළසේකැයි කියමින් උන්සේක.එකල සර්වඥයන්වහන්සේ ගඳකිළියෙහිවැඩහිඳහ ඒ බව දිවකණින් අසා තුන්තරාගමණින් දම්සබාමණ්ඩපයට වැඩ බුද්සන මස්තකයෙහි වැඩහිඳ වදාරන සේක් එම්බා මහණනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි කිනම් කථාවෙක් තොපට අඩාලවීදැයි විචාරා වදාරා ඒ භික්ෂූන්වහන්සේ විසින් ස්වාමීනි නුඹවහන්සේ විසින් නොකියන්නට වදාළ දෙතිස් කථාවෙන් එක්තරා කථාවකින් යුක්තව උනුමෝනොවම්හ.දැන් මේ ආනන්දස්ථීවරයන් වරලත් නියාව කිය කියා උනුම්හයි කීකල්හි හම්බා මහණෙනි ආනන්දස්ථීවරයන් වරලද්දේ දැන්මතු නොවෙයි පෙරත් වරලද්දේවේදැයි වදාරා භික්ෂූන්වහන්සේ අතුරෙන් එක්තරා භික්ෂූකෙණෙකුන්වහන්සේ විසින් ආරාධිත වූ සර්වඥයන්වහන්සේ විසින් ඉකුත්වත් දක්වා වදළසේක

එම්බා මහණෙනි.

යටගියදවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරණ සමයෙහි පුරණ ලද බෝධි සම්බාර ඇති අප මහ බෝසතානෝ බරනැස් රජ්ජුරුවන්ට පුත්ට ඉපිද ජුන්හ කුමිරයයි මේ නමින් ප්‍රසිද්ධ තක්සලා නුවරට ගොස් ශිල්ප උගන්නාහු එක්දවසක් රාත්‍රිභාගයෙහි ආචාරීට වනපොත් දී තමන්වසන්නාවූ ගෙට වහ වහා යන්නාහු එක්තරා බමුණකු බත් සිඟාගෙන තමා වසනතෙනට යන්නාහු අන්‍ධකාරයේ උරයෙන් පැහැර බමුණා හා සමඟ බත් ලබ්බත් බිඳපූහ බමුණුද වැටී හුණුයේය බැගෑපත් හැඬින් ඇඬුාය්ය ජුන්හ කුමාරයෝත් ඔහු දැක ඌ කෙරේ කරුණාවෙකන් ආපස්සේ අවූදින් බමුණා අත අල්වා නගාසිටුවා බමුණුද කුමාරයන් එකරුත්ත අල්වාගෙන එම්බා දරුව තොප විසින් මාගේ භික්ෂාභාජනය බිඳපියන ලද එසේහෙයින් මාගේ බත් මිළ දෙවයි කීහ එබසට ජුන්හ කුමාරායෝ කියන්නාහු එම්බා මහණෙනි දැන් තොපගේ බත් දියනොහෙමි මම වනාහී කසී රජ්ජුරුවන්ගේ පුත්වූ ජුන්හ කුමාරයෝය, රාජ්‍යයෙහි පිහිටිකල මා සමීපයට අවුදින් වස්තු ඉල්වා ගණුවයි කීහ. එතනින් පහව ශිල්ප ඉගෙණ නිමවා ආචාරීන් වැඳ සමුගෙණ බරණැස් නුවරට ගොස් පියරජ්ජුරුවන්ට ශිල්ප දැක්වූහ. රජ්ජුරුවෝද ජිවත්ව උන්නාවු මා විසින් මාගේ දරුවෝ දක්නාලද රාජ්‍යශ්‍රීයට පැමිණි යාහුන් දැකිම් සිතා කුමාරයන් රාජභිෂේක කළාහ. එකල ජුන්හරජ්ජුරුවෝයයි මේ නමින් ප්‍රසිද්ධව දසරාජ ධර්මයෙන් රාජ්ජය කරන්නාහ බමුණු එපවත් අසා දැන් වනාහි මාගේ බත්මිල ගෙණෙම් කියා බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන් සර්වාභරණයෙන් සැරහී නුවර පැදකුණු කොට යන කල්හි දැක එක් උපසකට පැනනැගී අත්නගා ජයතුභවංමහරාජ යනාදීන් ආශිවර්ණයකොට සිටියේයි රජ්ජුරුවෝ ඔහු නොදැකම නික්මුණාහ. රජ්ජුරුවන් නොබලා නික්මුණු නියාව දුටු බමුණු රජ්ජුරුවන් හා සමග කථා කරන්නට පටන්ගත්තේය. මෙසේ කියා ජනප්‍රධානවූ රාජෝත්තමයානන් මා කියන්නාවු බස් ඇසුව මැනව එක් කටයුත්තක් පිණිස මම මෙතනට පැමිණියෙමි එසේහෙයින් කතරගෙවා ආවාූ අප වැනි බමුණන් සිටියදී පිටිපාලා යාම සුදුසු නොවෙයි කීව. රජ්ජුරුවෝ ඔහු කීබස් අසා වීදුරු අකුස්සගෙණ ඇති කොට රඳවා බමුණා හා සමඟ කථාකරන්නාහු මෙසේ කියත් . එම්බල බමුණු සමකටයුත්තක් පිණිස තෝ මා සමිපයට පැමිණියේ වීනම් ඒ මට කියවයි මම සිට අසමි. තෝ මා කවර ප්‍රයෝජනයක් පිණිස ප්‍රාර්ථනා කොට සමීපයට ඇයිද. ඒ බැවින් විචාළ මට නොවලහා කියවයි කීහ. එබසට බමුණු කියන්නේ රජ්ජුරුවන් වහන්ස මට ගංවතුර පසක්ත දුනමැනව කෙල්ලන්සියයක් දුන මැනව කිරිදෙනුන් පන්සියයක් දුන මැනව ගොන් සත් සියයක් දුන මැනව රත්‍රන් සත් විසිදාසක්ද, තවද කුලයෙන් මා හා සාදිස්‍යවූ බිරින්ද කෙණෙකුන් දුන මැනවයි කීහ. එබසට රජ්ජුරුවෝ කියන්නාහු බමුණ තාගේ භයානකවූ ස්වරූප ඇති තපසෙක ඇද්ද නොහොත් විසිතුරු ස්වභාව ඇති සිතුදෙය සිද්ධකොට දෙන යක්‍ෂයෙක් ඇද්ද, නොහොත් තොප විසින් මට කරණ ලද උපකාරයක් සිහිකරවුදැයි විචාළාහ. එකල බමුණු කියන්නේ භයානක ස්වරුප ඇති තපසකුත් මාකෙරෙහි නැත, සිතු සිතුවා සිද්ධකරදෙන මන්ත්‍රයකුත් නැත, මා කිවා සිද්ධකොට දෙන කෙනෙක් නැත. නුඹ වහන්සේට මා විසින් පෙර කරණ ලද උපකාරයකුත් නොදනිමි. බලඑකෙක් ඇත්නම් නුඹ වහන්සේ හා මා හා පෙර ඔවුනොවුන් හා කරණ ලද කථා ස්වරූප මාත්‍රයෙක් ඇතැයි කීහ.නැවත රජ්ජුරුවෝ කියන්නාහු එඹල බමුණ තාගේ හා මාගේ පළමුවන දැකුමවන්නේය මට පළමු තා දන්නේ නැත. එසේහෙයින් කවරකලෙක තා හා මා හා සංගමයෙක් ඇද්දැයි ඒ කාරණා විචාළවු මට කියවයි කීහ. නැවත බමුණු කියන්නේ ගන්ධාර රාජ්‍යයෙහි සිත්කළුවූ තක්සලා නුවරදී රාත්‍රියෙහි ගණවූ අන්ධකාරයෙහි අපි දෙන්න උරය ගැටී ගියම්හ.

එකළ අපි දෙන්නාම එතනසිට මතු කල්පනා කටයුත්තක් සිහිකළම්හ අපදෙන්නාගේ මිත්‍රසථවයෙක් නම් එපමණෙක්මය ඊට පසුව පළමු මා දන්නා සත්වයෙක් නැතැයි කීය එකළ ඒ රජ්ජුරුවෝ කියන්නාහු එම්ඹල බමුණ යම්කළෙක්හි සත්පුරුෂ සත්‍වයන් හා සමග සංග්‍රහයෙක් වීනම් නුවනැත්තෝ ඒ නොනසන්නාහුය අඥානයන් හා සමග මිත්‍රසන්‍ථවයෙක් ඇත්නම් වේවයි පළමු කරනලද කෘතෝපකාරයෙක් වේවයි අඥාණයන් විෂයෙහි බොහෝකොට කරණලද්දාවූ උපකාරයෙක් ඇත්නමුත් නස්නේය ඒ එසේමය අඥාණයෝ කෙලෙහිගුණ නොදන්නාවූ ස්වභාව ඇත්තාහුය නුවණැත්තාවුන්ගේ වනාහි මිත්‍රසන්‍ථවයෙක් ඇත්නම් වේවයි පළමු කරණලද උපකාරයෙන් ඇත්තේවීනම් නොනස්නේය එසේහෙයින් නුවණැත්තෝ ස්වල්ප මාත්‍රවූ කෘතෝපකාරය නොනස්නායුය ස්වභාව ඇත්තාහයි කියා ඔවුන් විසින් ඉල්වනලද වර දාන දෙන්නාහු මෙසේ කියත් එම්ඹල බමුණ තට ලක්‍ෂයක් ලක්‍ෂයක් නිමන්නා වූ ගම්වර පසක්ද කෙල්ලන් සියයක් දෙමි දෙනුන් පන්සීයක් දෙමි ගොන් සත්සීයක් දෙමි මැණික් දහසක් දෙම් කුලයෙන් තොප හා සාද්‍රීශ්‍යවූ භාර්යාවෝ දෙන්නෙකු දෙමි කියා ඒ සියල්ලම අනූනව දුන්හ එසේ සම්පත් ලද්දාවූ බමුණු රජ්ජුරුවන්ට ස්තුති කරන්නේ කසී රට අධිපතිවූ රජ්ජුරුවන්වහන්ස පෑලවිය පටන් පසළොස්වක දකිණාතෙක් තාරකාවන් මධ්‍යයෙහි පිහිටියාවු පුන්සඳ මණ්ඩල යම්සේද සම්පූර්ණවේද රසේම නුඹවහන්සේ විසින් දෙනලද ගම්වරලත් මමද එපරිද්දෙන් මාගේ මනෝරථය අදමුදුන් පැමි්ණි යෙමි එහෙයින් තොප හා මා හා අදවූ සංග්‍රහයක් මෙන් මහත් වූ සන්තෝෂයට පැමිණියෙමි කියා රජ්ජුරුවන්ට ස්තුති කළේය මහබෝසතාණෝද බමුණාට මහත් වූ යසශ්‍රි දී කම්වූ පරිද්දෙන් මිය පරළොවගියහයි වදාරා පූර්වාපර සන්‍ධිගලපාමේ ජුන්හ ජාතකය නිමවා වදාලසේක

එකල්හිගම්ර ලද්දාවු බමුණානෝ නම් දැන් ආනන්ද ස්ථවීරයෝය එකල්හා ඒවා දුන් රජ්ජුරුවෝ නම් ලොව්තුරා බුදුවු මම්ම වේදැයා තමන්වහන්සේ දක්වා වදාළ සේක