මුල් පිටුව 401 සිට 450 දක්වා 415 තෘතිය ගිජ්ඣ ජාතකය

415 තෘතිය ගිජ්ඣ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් කලක සකල ගුණ නිධාන වූ විසුද්ධ චිත්තසන්තාන ඇති අප තිලෝගුරු බුදු රජානන් වහන්සේ දෙව්රම් වෙහෙරේ සිව්බඹ විහරණයෙන් යුක්තව වාසය කරණ සේක් නොකීකරුවූ භික්‍ෂුවක් අරභයා මේ ජාතකය දක්වා වදාළ සේක. එක් කුළ පුත්‍රයෙක් නෛර්යානික බුදුසස්නෙහි මහණව ආචාර්ය උපාධ්‍යයෙන් විසින් හා සබ්‍රහ්මවරුන් විසින් මෙපරිද්දෙන් හිඳූව මෙපරිද්දෙන් හැසිරෙව් මෙසේ පාසිවුරුධරව මෙසේ පිඬුසිඟව මෙසේ පස් එකාවලඳව පසිඳූ රන්වසඟ නොකරව රැ දෙවේලෙහි නිදිවර්ජිතකොට ග්‍රන්ථධූර විද්ර්ශිනාධුර පූර්ව මේ ආගන්තුක වත මේ ගම්කවත මේ තුදුස් කඳූවත අසූවක් මහාවත එහි තොප විසින් මනාව පැවත යුත්තේය. තෙලස්ධූතාංග ගුණයෝ දරක්‍ෂා කටයුත්තාහයි අවවාද කරණු ලබන්නේ කීකරු නුවයේය ඔවුන් කී අවවාද ආදරයෙන් නොපිළිගන්නේය තොපි මට අවවාද කරණුවාද මම මට වැඩ අවැඩම මම දනිමි කීයේය. භික්ෂූන් වහන්සේ ඔහු නොකීකරුබව දම්සභා මණ්ඩපයෙහි කිය කියා වැඩ උන්සේක. එබස් සර්වඥයන් වහන්සේ දිවකනින් අසා දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තවුවැදිය විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි යනු අසා ඔහු කැඳවා සැබැද මහණතෝ නොකිකරුයෙහිදැයි විචාරා එසේය ස්වාමිනි දැන්වූ කල්හි කවර හෙයකින් මහණ තෝ මේ බුදුසස්නෙහි මහණව තමාට වැඩි කැමැත්තවුන්ගේ බස් නොකරන්නෙහිද පෙරත් තෝ නුවනැත්තවුන්ට නොකීකරුව වෙරඹ වාතයට පැමිණ සුනුවිසුනුවූයෙහිදැයි වදරා ඉකුත්වත් දක්වා වදාළ සේකී.

ඒ කෙසේද යත්

පෙරගිඣ නම් පර්වතයෙක මහාබෝසතානන් වහන්සේ ගිජුලිහිණිව උපන්සේක. උන් වහන්සේගේ පුත්‍රවූ සුපත්‍ර නම් භිජු රජෙක් නොයක් දහස් ගණන් ගිජුලිහිනියන් පිරිවැරූයේ ශක්ති සම්පන්න වූයේ වයෝවෘද්ධවූ මව් පියන් පිඹුරුමස් ආදී ගොදුරු ගෙණවුත් දී රක්ෂා කරන්නේය. එසේ රක්ෂා කරන්නාවූ අහස ඉතා දුරතැන් නැගී යාමට සමර්ථවූ තමන් වහන්සේගේ පුත්‍රවූ සුපත්‍රනම් පක්ෂිරාජයාට අවවාද කරණ මහාබෝසතානන් වහන්සේ එම්බා පක්ෂිරාජය, තොප අහස්කුසට නැගී කල්හි මේ දඹදිව මුළු පොළොව දියපිට ඉළුපුලක් මෙන් පෙණේද නැවත යම් තැනකට පැමිණියාවූ තොපට සාගරජලයෙන් පරිචඡින්නවූ මෙමජම්බු විපසරථසකත් මෙන් වටව පෙණෙන්නේය. එතැනින් නැවත ඈත නොයවයි වදාළසේක. ඒ පක්‍ෂිතෙම ඒ අවවාදය යහපතැයි පිළිගත්තේය. එක් දවසක් අළුත වට වැස්සෙහි ගිජුලිහිණියන් හා සමඟ අහසට පැනනැගී ඔවුන් පසුකොට අහසට ඉතා දුර තැනට ගියේය. ඕ හට බෝසතානෝ වදාළ පරිද්දෙන් දඹදිව රථයකක්මෙන් වටව පෙණුනේය. එ සේත් නොනැවත නොකීකරුව පක්ෂිරාජ තෙමේ ගොස් වෙරඹ වාතයට පැමිණ සුනු විසිනුවුයේය. ඒ නොකීකරුවූ පක්ෂි රාජයා නිසා පීවත් වන්නාවූ පක්ෂිහුද ඔහුගේ මව්පියෝද අඹදරුවෝද යන සියල්ලම විනාශයට පැමිණියෝය. එමෙන් මේ ශාසනයෙහි යමෙක් වැඩිමහල්ලන්ගේ අවවාද වචනය පිළිගෙණ එපරිද්දෙන් නොපවත්නේ වීනම් ඒ ගිජුලිහිනියාගේ අවවාදගෙණ එසේ නොපැවත විනාශයට පැමිණියාවූ ලිහිණි රජුමෙන් මහත්වූ ව්‍යසනයට පැමිණෙන්නේය. එසේ හෙයින් මහණ තෝ ද ඒ නොකීකරු ගිජු ලිහිණියාමෙන් නොවි වැඩ කැමැත්තාවූ මහතුන්ගේ අවවාද වචනය කරවයි වදාළ සේක. මෙසේ බුදුන් විසින් අවවාද කරණ ලද ඒ මහණ තෙම එතැන් පටන් කීකරුවුයේය. සර්වඥයන් වහන්සේ මහණෙනි එකල්හි නොකීකරු ගිජුලිහිණියා නම් දැන් මේ නොකීකරු මහණවන්නේය. එකල්හි අවවාද දුන් ගිජුලිහිණියා නම් දැන් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි මේ ජාතකය පූර්වාපර සන්ධි ගළපා නිමවා වදාළ සේක.