මුල් පිටුව 401 සිට 450 දක්වා 412 ඉන්ද්‍රිය ජාතකය

412 ඉන්ද්‍රිය ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද විතදෝෂවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ස්ත්‍රියක් කෙරේ පිළිබඳසිත් ඇති කෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙස්ද යත්

ක් කෙළෙඹි පුත්‍රයෙක් ඉතා වෘද්ධ අවස්ථාවෙහි මහණ වෙමියි සර්වඥයන් වහන්සේ කරා ගොස් මහණවන අභිප්‍රා ඇත්තෙමියි කියා, සර්වඥයන් වහන්සේත් තුළූ මහණකරවයි එක්කෙණකුන් වහන්සේට භාරකළසේක. උන් වහන්සේත් ඒ කෙළඹි පුත්‍රයා මහණකළසේක. ඒ මහණ භික්ෂූන් වහන්සේ හා සමඟ දන් වලඳන්ට ගියකල සෙසු භික්ෂූන් වහන්සේට යහපත් අසුන් පණවන්නාහ. මේ භික්ෂූන් වහන්සේට එකචිවර කොළොඹුවක් හා පුටුවක් ලන්නාහ. කැඳ පිළිගන්වනකළ සැන්දෙන් උළුගැටිගිය සැලිපත්ලේ තිබූ කැඳ වත් කරන්නාහ. අවුළුපත් පිළිගන්වන කලත් කැඩිකැඩිගිය පොඩි පිළිගන්වන්නාහ. බත් පිළිගන්වන කළ දඹකඩ මඩුබත් දෙන්නාහ, එයින් යපෙන විවරට නොලබන්නාහ, මෙසේ විඳ තමන්ගේ පුරාණ දුතිකාව වසන්නාවූ ගෙට යන්නාහ. ඒ දුතිකාවන් පාත්‍රය බලා යහපත් බත් මාළු පිස වලඳවන්නිය. ඒ මහණත් දවස් පතා ආසාව පිස වලඳවන බතෙහි ආසාත්‍රිෂ්ණවෙන් නිරන්තරම ඒ ගෙට සිඟා එන සේක. ඒ ස්ත්‍රී මුන්වහන්සේ මා කෙරේ ඉතකම් ඇතිසේක්දෝහොයි පරීක්ෂා කරන්නට උවමැනවයි පුරුෂයන් සතරදෙනෙකුට අමුබතක් දෙමි උන් ඇමත් ගෙයි රඳවා තොමෝ පිසනගෙයි වට තිරයක් බඳවා කැවුම් පිසින්නීය. ඒ වෙලාවට ඒ භික්ෂූන්වහන්සේ සිඟාවැඩිසේක. උන් වහන්සේට ආරුණු කීහ. උන් අරුණු කීවත් නොයනසේකැයි කීහ. දෙවෙනිවත් තුන්වෙනිවත් අරුණු කිවත් නොයනහෙයින් නොදන්නා කෙනෙක් මෙන් තිරය ඉවත් කොට එලියට අවුත් අපගේ දරුවන්ගේ පියානන් වහන්සෙැයයි කියා ගෙට වඩාගෙණවුත් උන් වහන්සේ වඩා ඉඳූවා දන්වළදවා කියන්නාහූ නුඹ වහන්සේ මහණව ගිය සේක. ස්ත්‍රී නම් කණවැන්දඹූව ඉඳිනා කල ඉතා ආඵාසුව මා කැඳවා පිටිසරින් ආවාවූ පුරුෂයෝ මූ ඇම සිටිනෝය. නුඹ වහන්සේ දහවිටක් මාගේ ගෙට වඩිනාසේක. ඒසේ හෙයින් අන්පුරුෂයෙක් මෙතනට එන්ට නොසිතන්නාහ. මේ පුරුෂයන් හා සමගවම පිටිසරයෙමි නුඹ වහන්සේ ගිහිකල මා කී කළදෙයක් ඇත්නම් ක්‍ෂමා කළ මැනැවැයි නුඹ වහන්සේ රකිණා ශිලය යහපත් කොට රැක්ක මැනව. මම පිටිසර යෙමි . එවිට භික්සූන් වහන්සේ එබස් අසා ලෙන් ඇනිගිය හීයක් මෙන් මහත්වූ ශෝකයට පැමිණ මම තොප ඇර වාසය කළනොහෙමි මේ මාගේ තුන්සිවුරු පාත්‍රා ගුරුන් වහන්සේට දෙන්ට යෙමි මම අසවල් තෙනදී සිවුරු අරිමි. එතනට පිළිසඟලක් එවයි කියා ගුරුන් වහන්සේට පාත්‍රා සිවුරු අරක්ගන්නට කීසේක. ගුරුන්වහන්සේ ඇයි කුමක්නිසාදැයි විචාළ සේක. ඒ භික්ූෂන් වහන්සේ කියන සේක් මම මාගේ පුරාණ දුතිකාව ඇර වාසය කළ නොහෙමි. මට ශාසනයෙන් ප්‍රයෝජන නැත. සිවුරු අරමි කීහ. එවිට උන් වහන්සේටත් ගුරුන් වහන්සේ උන් වහන්සේ නොකැමැති කරවාම සර්වඥයන්වහන්සේට දැක්වූ සේක. සර්වඥයන් වහන්සේ ඇයි මේ මහණුහූ නොකැමැති කරවා අපට පෑයේ ඇයිදැයි විචාළ කල්හි ස්වාමිනි මේ මහණ තමාගේ පූරාණ දුතිකා කෙරේ අභිලාෂයෙන් සිවුරු අරිමියි කීහයි වදාළසේක. සර්වඥයන් වහන්සේ දැන්මතු නොවෙයි පෙරත් මේ මහණ මේ ස්ත්‍රිය නිසා ධ්‍යානයෙන් පිරිහී ප්‍රාණ විනාශ ට පැමිණ තෙනැත්තවුන්ට ප්‍රාණ රැකදුනුමෝ වේදැයි වදරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන් වහන්සේ ගේ පුරෝහිත බ්‍රාහ්මණයාට පුත්ව උපන්නාහ. උන් උපන් දවස් රාත්‍රියෙහි නුවර මුළුල්ලෙහි ආයුධ දිලිහී ගියේය. එසේ හෙයින් උන්ට නම් තබන්නාහූ ජෝතිපාල කුමාරයෝයයි නම් තුබූහ. ඒ කුමාරයන් වැඩිවිය පැමිණ තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙණ රජ්ජුරුවන්ට ශිල්ප දක්වා පුරෝහිත ධුරයට පැමිණ මට ගිහිගෙයින් කාරිය නැත තපසට යෙමි උතුරුවාසල් දොරකඩට නික්ම ගිවුළුවනයට ගොස් ඍෂිප්‍රවජ්‍යාවෙන් පැවිදිව ජෝතිපාල තාපසෝ යයි මේ නමින් ප්‍රසිද්ධ පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා වාසය කරන්නාහූ බොහෝ දහස් ගණන් තාපස වරුන් පිරිවරා ඉන්නාහ. උන්ගේ අතවැසි ශ්‍රේෂ්ඨවූ තාපසවරුන් සදෙනෙක් ඇත්තාහ. ඉන් සාලිස්සර නම් තාපසයෝ තමන් වසන්නාවූ ගිවුළුවනයෙන් නික්ම සුරංධතිය නම් ජනපදයෙහි සාදෝ දිකා නම් ගංගාව සමීපයෙහි සිය දහස් ගණන් තාපසයන් පිරිවරා වාසය කරන්නාහ. දෙවැනි මෙණ්ඩිස්සර නම් තාපසොය් පජ්රඤ්ඤ රජ්ජුරුවන්ගේ විජිතයෙහි ලා මුඛචුල්කනම් නියම්ගම නිසා සියදහස් ගණන් තාපසවරුන් පිරිවරා වාසය කරන්නාහ. ඉන් පර්වත නම් තාපසොය් වනාන්තරයක ජනපදයක් නිසා සියදහස් ගණනි තාපසවරුන් පිරිවරා වසන්නාහ. කාලදේවල තපස්වීන් වහන්සේ අවන්ති නම් රට දක්ෂිණාපථයෙහි සියදහස් ගණන් තාපසවරුන් පිරිවරා වාසය කරන්නාහ. කිස වච්ඡ නම් තාපසොය් දණ්ඩකිනම් රජ්ජුරුවන්ගේ කුම්භවතී නම් නුවර නිසා උයනෙහි එකාලව වාසය කරන්නාහ. අනුශිෂ්‍යනම් තාසයෝ බෝධිසත්වයන්ට උපස්ථායකට සමීපයෙහි වාසය කරන්නාහ. කාලදේවල තාපසයන්ගේ ලේවූ නාරදනම් තපස්වී මධ්‍යදේශයෙහි ආරඤ්ඤගිරි නම් පර්වතවනාන්තරයකි. එක් ගල්ගුහාවෙක උදාකළව්වාසය කරන්නාහ. ආරජගිරි නම් පර්වත සමීපයෙහි බොහෝ මනුෂ්‍යයෙන් ගැවසී ගත්තාවූ එක් නිය ගමෙක් ඇත. ඒ පර්වතයටත් ගමටත් අත.ුරෙහි එක් ගංඟාවක් ඇත.ඒ ඟංගාවට ජලස්නානය පිණිස බොහෝ මනුෂ්‍යයෝ බස්නාහ, උතුම් රූ ඇති ඝටවෙටිකාවොත් පුරුෂයන් පොළොඹවමින් ඒ ගංතෙර ඉඳිනාහ. එකල නාරද නම් තාපසයෝ ඉන් එක් කුම්භදාසියක් දැක ඈ කෙරේ පිළිබඳ වූ සිත් ඇතිව ධ්‍යානයෙන් පිරීහි නිරාහාරව වීරිය කෙරෙමින් ක්ලේශ වසඟයට පැමිණ සතියක් වැදහොත්තාහ. එකල ඒ තාපසයන්ගේ කාලදේවල නම් තාපසයෝ දිවසින් පරීක්ෂා කොට ඒ ඒකාරණය දැන ආකාශයෙන් අවුත් නාරද නම් තාපසයන් උන් ගල්ලෙනට වන්නාහ. නාරද නම් තාපසොය් බෑනන් දැක පින්වාතානන් වහන්ස කුමක් පිණිස ආසේක්දැයි කීහ. එබසට කාලදේවල තාපසයෝ කියන්නාහූ පින්වත්වූ තොප අනාථනියාව දැක තොප රක්නා පිණිස ආමි කීහ. එබසට නාරද තාපස තෙම පින්වත් තෙම සිස්වූ අවස්තුකවූ බොරුව කියන්නේය. තුමූ බොරු වෙන් තාපසයන් තැතිගැන්හූහ. එසේ ද වූවත් කාලදේවල තාපසයෝ මොහු ඇරපීම නොවටනේයයි සාලිස්සරනම් තාපසයන්ද මෙණ්ඩිස්සර නම් තාපසයන්ද පර්වතතිස්ස නම් තාපසයන්ද යන තාපසවරුන් ද මෙණ්ඩිස්සර නම් තාපස යන්ද පර්වත තිස්ස නම් තාපසයන් ද යන තාපසවරුන් තුන්දෙනා ගෙන්වූහ. නාරද තාපස තෙම ඔවුන් තුන්දෙනා දැකත් මුසාවාදයෙන් තැතිගැන්වූයේය. තවද කාලදේවල තාපසයෝ ආකාශයෙන් ගොස් සරභංගසතාන්න් වහන්සේ කැඳවාගෙණ ආහ. උන් වහන්සේ නාරද නම් තාපසයන් දැක උන් ඉන්ද්‍රිය වසඟයට පැමිණියා දැන ඉන්ද්‍රිය වසඟයට පැමිණියෙහිදැයි විචාරා ඔහු විසින් එබස් අසමින් හුනස්නෙන් නැගී වැඳ ස්වාමිනිදැන්වු කල්හි එම්බල නාරදය ඉන්ද්‍රිය වසඟයට ගියාවූ සත්වයෝ ඒ ආත්ම භාවයෙහිම වියලෙමින් මතුමත්තෙහි මහත්වූ දුක් අනුභව කොට දෙවැනි ආත්මභාවයෙහි ම වියලෙමින් මතු මත්තෙහි මහත්වූ දුක් අනුභව කොට දෙවැනි ආත්මභාවයෙහි නරකයෙහි උපදනේ වේදැයි වදාරා ධර්මදේශනා කරන්නාහූ එම්බල නාරදය මේ ලෝකයෙහි යම් පුරුෂයෙක් තෙම රූපාදියෙහි සුභවූ සෝකයෙන් දුකට පැමිණෙන්නාහයි ධර්මදේශනා කළ සේක.

එබස් අසා නාරදතාපසයෝ ආචාරීන් වහන්ස කාමයෙහි යෙදීම නස් සැපවන්නේය. එබඳූවූ සැපයක් කුමක් පිණිස දුකැයි කියනසේක්දැයි විචාළාහ. සාරංගශාස්තෘන් වහන්සේ එසේ වීනම් නරදයෙනි අසවයි කියන්නාහූ එම්බා නාරදයෙනි මේ ලෝකයෙහි සැපයට අනතුරුවූ දුකකුත් ඇත. දුකට අනතුරු වූ සැපයකුත් ඇත. ඒ කවරේදැයි යතහොත් යම් සත්වයයෙක් ස්වල්පවූ කාම සැපය පිණිස නරකයෙහි උපදනේය. සමහර සත්වයෙක් ශිල්රක්ෂාකරණ අවස්ථාවෙහි විදර්ශනා කර්මස්ථාන වැඩීමෙන් මිරීකී දුක්විඳ සිල් රක්ෂාකොට ඒ ශිල බලයෙන් යට කියන ලද බොහෝ දිව්‍ය මනුෂ්‍ය සම්පත් හා නිර්වාන සැපයට පැමිණෙන්නාහ. එසේ හෙයින් තොපි දුක්ඛමූලික වූ කාමසැපය හැර දිව්‍යලෝක සම්පත් හා නිර්වාණ සැපයට පැමිණෙන්නට නිසිවූ සිල් රක්ෂාකොට ධ්‍යාන සැප ප්‍රාර්ථනා කරවයි කීහ. එවිට නාරද තාපසෝ කියන්නාහූ ආචාරීන් වහන්ස මේ දුක්ඛය ඉතා සහනයකොටගත නොහැක්කේය. එසේ හෙයින් මම සහනයකලනොහෙමි කීහ. ඉක්බිති බෝධිසත්වයෝ කියන්නාහූ නාරදෙයෙනි දුකක් නම් උපන් කල ඉවසිය යුතුයයි ධර්මදේශනා කරන්නාහූ මෙසේ කියත්, එඹා නාරදයෙනි යම් සත්වයෙක් තෙම කායිකවූද චෛතිසික වූධ දුකැයි කියන ලද කටයුත්තක් උපන් කල්හි අප්‍රමාදවම ඒ කටයුත්ත හරණ වූ උපායකන්නේය. සහානසීලීවූ ඒ කටයුත්තට අනුව නොපැවත ඒ ඒ උපායෙන් ඒ කටයුත්ත මැඩ විනාශයට පමුණුවා නුවණැත්තාවූ පුරුෂයා ආකෘත්‍යයාගේ අන්තිමයයි කියන ලද ධ්‍යාන සැපයට පැමිණෙන්නේය. එසේ පැමිණෙතත් නොමිරිකී පැමිණෙන්නේයයි කීහ. නැවත නාරදතපසයෝ ආචාරීන් වහන්ස කාමසැපය නම් උතුම් වූ සැපයෙක එසේ වූ සැපය මම අල නොහෙමි කීහ. නැවත බෝධිසත්වයෝ කියන්නාහූ එම්බා නාරද තාපසයෙනි වස්තුකාමයෙහි ප්‍රාර්ථනා පිණිස ධර්ම හැරපීම සුදුසු නොවන්නේය. යම් අනර්ථයෙක් උපන් කල්හි ඒ අනර්ථය වලකනු කැමැත්තේ අවැඩට සිටියාවූ ධර්ම ඇරපීම සුදුසු වන්නේය. තවද අසවල් අනර්ථයෙක් මට උපනේයයි මෙසේ අනර්ථය පිණිසත් සුදුසු නොවන්නේයයි ව්‍යායාම කිරීමෙන් මුදුන් පැමිණෙන ලද ධ්‍යාන සැපය ඇරපීම නසාපීම සුදුසු නොවන්නේය. යනාදීන් මෙසේ සරභංග ශාස්තෘන් විසින් ගාථා සතරකින් ධර්මදේශනා කල කල්හි කාලදේවල තාපසයෝත් තමන්ගේ මලනුවන්ට අවවාද කරන්නාහු එම්බා නාරදයෙනි, යම් ගෘහපතියෙක් කෘෂිවනික් ආදීවූ වස්තු උපදවන පිණිස යම් දුකක් ගන්නේ වීනම් ඔහු විසින් ගන්නාවූ දුක දුකෙක් නොවන්නේය.යහපත්ම වන්නේය. එසේම උපයාගත්තාවූ වස්තුව ශ්‍රමණ බ්‍රාහ්මණපුත්‍රකලත්‍ර මිත්‍රාදීන්ට සංවිභාගකොට පරිත්‍යාග කිරීම දුක් නොවන්නේය. යහපතක්ම වන්නේය. එසේවූ වස්තු ලැබීමෙහි උඩගු නොවීමත් යහපත් වන්නේය. ඒසේවූ අර්ථයාගේ විපත්තියෙහි සෝක නොකිරීමටත් යහපත් වන්නේය.

එසේ හෙයින් නාරදතාපසයෙනි තොපි මාගේ ධ්‍යාන පිරිහුනේයයි සෝක නොකරවය, ඉඳින් තොප ඉන්ද්‍රිය වසඟයට නොගියා නම් නටුවාවූ තොපගේ ධ්‍යානය නැවතත් පෘකෘතිවන්නේයයි කීහ. මෙසේ කාලදේවල තාපසයෝ නාරද තාපසයන්ට අවවාද කී නියාව තථාගතවූ සර්වඥයන් වහන්සේ බුදුව වැඩ ඉඳ වදාරණසේක් එම්බා මහණෙනි ඒ කාලදේවල තාපසතෙම මෙසේ මේ මහණ අවවාදයක් කිද යම් සත්වයෙක් තෙමේ ඒ අවවාදය පිළිනොගෙණ ඉන්ද්‍රියන්ගේ වසඟයට පැමිණියේ වීනම් ඒ සත්වයාට වඩනාවූ ලාමක සත්වයෙක් නැත්තේ වේදැයි වදාළසේක. ඉක්බිති සරහන ශාස්තෘන් වහන්සේ වදාරණ සේක් මෙසේ එව නාරද තාපසයෙනි මා කියන්නක් අසව යම් සත්වයෙක් තෙමේ පළමුව කළමනා කටයුත්තක් නොකෙරේද එසේවූ සත්වතෙම වල්වන්නාවූ මානවක යක්හූ මෙන් ශෝක ගන්නේය. අඬන්නේය. විලපින්නේය යයි කියා, මින් තවද පෙරවුවක් කියන්නාහූ එම්බා යටගිය දවස කසීනම් නියම් ගමෙක තරුණ වූ එක් බ්‍රාහ්මණ කුමාරයෙක් විශිෂ්ටවූ රූ ඇත්තේය. ඇත්බල ඇත්තෝය. එක් දවසක් ඒ පුරුෂතෙම සිතන්නේ කිමෙක්ද මා විසින් සී සෑම ආදී කොට දෙමව් පියන් විසින් පෙළෙන ලද්දෙමි, එසේ හෙයින් මට දෙමව්පියන්ගෙනුත් ප්‍රයෝජන කිම්ද පුත්‍රදාරාවන් ගෙනුත් මට ප්‍රයෝජන කිම්ද, දන් පින් කිරීමෙනුත් මට ප්‍රයෝජන කිම්ද, එසේ හෙයින් කිසිකෙණෙකුන් පොෂ්‍යයක් නොකොට පිණකුත් නොකොට වලට වැද මුවන් මරා කාගෙණ හිමාලය මධ්‍යයෙහි වැන්දඹු නම් ගංතෙර ගලින් වටකරන ලද පර්වත ජාලාවකට පැමිණ මුවන් මරා අගුරෙහි පැළුවූ මස් කමින් වාසය කරමින් එක් දවසක් සිතන්නේ ඇමදා ශක්තිසම්පන්නයෙමි නොවෙමි. දුර්වල කාලයෙහි ඇවිදගත නොහෙමි, එසේ හෙයින් දැන්ම නොයෙක් මෘගජාතින් මරා ඇරගෙණ පර්වත ජාගයෙහි ඇතුළෙහිලා දොරක් ඉදිකොට අගුළු ලා මුවන් මරවාගෙණ වනයෙහි නොඇවිදම අභිප්‍රාය වූ පරිද්දෙන් මෘග ජාතින් මරාකමි සිතා එපරිද්දෙන්ම වාසය කරමින් කල්යාමකින් ඔහු විසින් කරන ලද අකුශල කර්මය මුදුන් පැමිණෙන්නේය. ඉහජාතියෙහිම දෘෂ්ටධර්ම වේiයෙහි පැමිණියේය.

තමාගේ අතපයත් නොලද්දේය. ඈතින් මෑත පෙරලී ගතත් නොහෙන්නේය. කිසි කෑමක් පීමක් වේවායි නොදන්නේය. ශරීරය ඉතා මළානික වූ දුර්වල වූයේය. නොමියම් මනුධ්‍ය ප්‍රේතවූයේය. නියගෙහි පොළොව පැළෙන්නාක් මෙන් ඔහුගේ ශරීරය ඒ ඒ තැනින් පැලී ඉරා වැටුනේය. මෙසේ කල්යාමකින් සිවිනම් රට සිවිනම් රජ්ජුරු කෙණෙකුන් වලට වැද අඟුරු පැලහූ මිස්කම් කියා අමාත්‍යයන්ට රාජ්‍යය පාවාදී පංචායුධ සන්නද්ධ වලට වැද මුවන් මරා මස්පහා කමින් පර්වත ජාලන්තරයට පැමිණ ඒ පුරුෂයා දැක භයින් ත්‍රස්තව ධෛර්ය උපදවාගෙන එම්බල පුරුෂය තෝ කවරෙක්දැයි විචාළාහ. ඒ කියන්නේ ස්වාමිනි මම මනුෂ්‍යප්‍රෙතයෙකිම. මා විසින් කරණ ලද අකුශල කර්මයාගේ විපාකය ඉහාත්මභාවයෙහිම අනුභව කෙරෙමි. තොපි වනාහී කවුරුන්දැයි විචාළේය. රජ්ජුරුවෝ මම සිවිනම් රජ්ජුරුවෝයයි කීහ. නැවත ඒ පුරුෂයා එසේකල කුමක් පිණිස මේ ස්ථානයට අව්දැයි විචාළෝය. මුවන් මස් කණ පිණිස ආම්හයි කීහ. නැවත ඒ පුරුෂ තෙම කියන්නේ රජ්ජුරුවෙනි මමත් ඒ කරණ කොටගෙණ මේ ස්ථානයට අවුත් මනුෂ්‍ය ප්‍රේත වීම් යනාදීන් තමාගේ අiාන්ත රජ්ජුරුවන්ට විස්තර වශයෙන් කියන්නේ රජ්ජුරුවන් වහන්ස. මම මේ ලොකයෙහි ඓශ්චර්ය දෙන්නාවූ කටයුතු කොට ශිල්ප ශාස්ත්‍ර නොයිගෙණ උපායෙන් වස්තු නුපදවා ආවාහ විහාහ කොට ශිල්රක්ෂා නොකොට මාගේ ක්‍රියා වලක්වන්ට සුදුසු වූ කල්‍යාණ මිත්‍රයන් භජනය නොකොට මෙසේ යස දායකවූ ලෝකධර්මයට නින්දාකොට හැර මේ වනයට වැඳ මට සැප කැමතිව අනුන්ට දුක්දීමෙන් ඉහාත්මභාවයෙහිම මනුෂ්‍ය ප්‍රේත වීම්, තොපි වනාහී අකුසල්නොකොට තොපගේ සියනුවරට ගොස් දානාදී කුසල් කරවයි කීයේය. රජ්ජුරුවෝ ඔහු කී බස් යහපතැයි ගිවිස සිය නුවරට ගොස් දානාදී ව කුසල් කොට සවර්ගයොත්පත්තියට ගියහයි යනාදීන් මේ කාරණය ගෙණ හැර දක්වා තාපසයන් සන්හිඳූවූහ. තාපසයෝ සැරංගශාස්තෘන් වහන්සේ කථාවෙන් සංවේගයට පැමිණ වැද ක්‍ෂමා කරවාගෙණ කිසිනුපිරියම් කොට නටුවාවූ ධ්‍යානය උපදවාගත්හ. සරංඟ ශාස්තෘන් වහන්සේ ඒ තාපයන් එතන රැදීය නොදී කැඳවාගෙණ තමන් වහන්සේගේ ආශ්‍රමයට වැඩිසේක. මෙසේ බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා මේ ඉන්ද්‍රිය ජාතකය පූර්වාපර සන්ධි ගලපා නිමවා වදාළසේක. චතුස්සත්‍යයාගේ කෙළවර ශාසනයෙහි උකටලී වූ භික්ෂූන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටිසේක. එසමයෙහි නාරද තාපසයෝ නම් දැන් ම් ශාසනයෙහි උකටලී මහණය. එසමයෙහි කාලිස්සර තාපසයෝ නම් දැන් මේ ශාරීපුත්ත ස්ථවිරයෝය. එසමයෙහි පර්වත තාපසයෝ නම් දැන් මේ අනුරුද්ධ ස්ථවිරයෝය. එසමයෙහි කාලදේවල තාපසයෝ නම් දැන් මේ කත්‍යායන ස්ථවිරයෝය. එසමයෙහි අනුශිෂ්‍ය තාපසෝ නම් දැන් මේ ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි කිසවච්ඡ තාපසයෝ නම් දැන් මේ මෞද්ගල්‍යයාන ස්ථවිරයෝය. එසමයෙහි සරංග තාපසයෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි වදාළසේකී.