මුල් පිටුව 401 සිට 450 දක්වා 410 ගඞගාමාල ජාතකය

410 ගඞගාමාල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද අප්‍රතිවාදීවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරමයෙහි වැඩ වසන සමයෙහි පෙහෙවස් රැකී උපාසකයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්

එක් උපාසකයෙක් පෙහෙවස් රැක සර්වඥයන් වහන්සේලඟ බණ අස අසා උන්නාහ, සර්වඥයන් වහන්සේ පෙර උත්තමයෝ යන්තම් වේලෙකත් පෙහෙවස් රැක්කෝ වේදැයි වදාරා ආරාධිත සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජ්‍ය පාලනය කරණ සමයෙහි ඒ නුවර සුචිපරිවාර නම් සිටාන කෙණෙක් ඇත්තාහ. උන්ගේ පරිවාරත් තමනුත් නිරන්තරයෙන් පන්සිල් රකිණාහ. පෝය. අටසිල් රැක යටත් පිරිසෙයින් බැල මෙහෙකරන්නන් දව්වාත් පන්සිල් රකුවයි පන්සිල් රක්වන්නාහ. එසමයේදී බෝධිසත්වයෝ එක්තරා දුක්පත් කුලයක ඉපද ඉන බඩ පැදගන්නා විවරකුත් නැතිව දවසරින්නාහු සුවිපරිවාර සිටානන්ගේ ගෙයි බැලමෙහෙ කරන්නාටයයි කීයා ආවාහ. සිටානෝත් බෝධිසත්වයන් දැක කුමට අවුදැයි විචාරා බැලමෙහෙකරන්නට ආමි කී කල්හි සිටානෝ බෝධිසත්වයන් දැක උවමනා කෙනෙකැයි පන්සිල් රකුවයි නොකියාම මේ බැලමෙහෙ දෙවයි විධාන කළාහ.බෝධිසත්වයෝ එතැන් පටන් බැලත් ඇරගෙන මෙවර කරන්නාහ. එක් දවසක් සිටානෝ තමන්ගේ ගෙට විධාන කරන්නාහූ ස්වාමිනි හෙට අටවක පෝයය. වේලාපසම බත් පිස කා අවසර ඇමදෙනම පෙහෙවස් රකුවයි කියා විධාන කළාහ, බෝධි සත්වයෝ එබස් නොඇසූහ. උදෑසනක් සේම තමන් කර්මාන්ත කරන මේබිමට ගොස් කර්මාන්ත කරන්නාහ, සිටානෝත් බෝධිසත්වයන් නොදැක එම්බල බැල මෙහෙකරන තැනැත්තන් දුටුයේ නැතැයි කියා උන්ට බත් තබවයි කීයා බත්තුබූහ. බෝධිසත්වයෝ මෙතෙක් දවස් මේ වෙලාවට මේ ගෙයි කන බොන අරගල බොහෝව තිබෙයි අද අරගලයකුත් නැතිව කන බොන කෙනෙකුන් නැතිව ඉන්ටකාරනා කිම්දැයි විචාළාහ. බත්ලන කෙලී කියන්නී අද අටවක පෝය හෙයින් ඇමදෙනාම පේවුය. එසේ හෙයින් වේලපසම කා බී පෙහෙවස් රකිනාහයි කිව, බෝධිසත්වයෝ එපවත් අසා මේ වේලාවට පෝය ඇද්දැයි විචාරා රෑ තිස්පැය පෝය ඇතැයි යනු අසා සුවිමහපරිවාර සිටානන් කරා ගොසින් මම පෙහෙවස් රැකිමියි මා පෙහෙකරවා එව මැනවයි සිටානන් අතින් අටසිල් ඇරගෙන පේවස් ඉටාගෙන වැදඹත්නාහ, දාවළුත් බත් නොකන හෙයිනුත් රෑ මධ්‍යම රාත්‍රි වෙලාවට හසිලාකනම් රූජාවෙක් පහරින්ටවන, සිටානෝ එපවත් අසා මා හා විලඳ හා සකිරා ඵල ගිතෙල් අනුභව කරවයි ගෙණගියාහ. බෝධිසත්වයෝ මා දුකසේ රකිනා ශිලය අර්ධ දවසක මා සමාදන්වූයේය. මම මේ ඇම අනුභව නොකරමි නොකළාහ. රූජාවත් තරකොට ගන්ටවන, සිටානෝත් චුතවන අවස්ථා හෙයින් විථියෙහි සිලය වාපුහාව බරණැස් රජ්ජුරුවෝ පසුව දවස් මහත්වූ සේනාවාහනයෙන් හා මහත්වූ එශ්චර්යෙන් නුවරට පිටත්වූවාහ. බෝධිසත්වයෝ රජ්ජුරුවන්ගේ ඓශ්චර්යව දැක එහි ලොභ ඉපදවූහ. එක්‍ෂණයෙහි ප්‍රාණය නිරුද්ධ විය. චුති සුද්ධව ප්‍රාණය නිරුද්ධ වූවා සමග අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ ගත්තාහූ දස එකඩමසකින් වැලුවාහ. ඒ කුමාරයන්ට නම් තබන්නාහූ උදය කුමාරයෝයයි නම් තුබූහ. ඒ රජකුමාරයෙත් වැඩිවිය පැමිණ පියානන්ගේ ඇවෑමෙන් රාජ්‍යයට පැමිණියාහ, එක් දවසක් මතුමාල්තෙලෙහි හිඳ තමන්වහන්සේ් කළාවූ පින් දැක මෙසේවූකුශලයක් කොට මෙසේවූ ඓශ්චර්යයක් ලදිමි උදන් අනා ඉන්නාසේක. ඒ නුවර උතුරුදිග දොරටුපාලයා රත්‍රන් සතරවියටත් උපායගත දකුණුදිග දොරටුපාලයාගේ අඹුත් එසේම රත්‍රන් සතරවියටත් සොයාගෙණ උතුරු දිග වාසල පව්රේ වලත් කැණ නිධාන කළාහ. එක් දවසක් නුවර උත්සව කෙළියෙක් ඇතිවිය. එවිට අඹුකියන්නී නුඹ වහන්සේ අත යම් වස්තුයෙක් ඇත්නම් ඇරගෙණ විකොට උත්සව කෙළි කෙළුම්හයි කිහ. එවිට දොරටුපාලයා උතුරුදිග දොරටුවේ රත්‍රන් සතර විය. වෙක් නිධාන කෙළමි ඒ ගෙණෙන්ටයෙමියි කණ මල්ගන්වාගෙණ දොළොස් ගව්වක් දිග පලල ඇති නුවර හෙයින් වහ වහා යන්නේය.

රජ්ජුරුවෝ මතු මාල්තෙලෙහි උන්නාහුය. දොරටුපාලයා කන මල්ගන්වාගෙණ යන්නාහු දැක රජ්ජුරුවෝ සිතන්නාහූ මෙසේවූ තද අව්වේ කකියාගිය වැල්ලේ දොළොස් ගව්වක් සමාධිව කිසි ආයසයක් නැති කෙණෙකුන් මෙන් යන්නේය. මා මූ අතින් විචාරන්ට උවමැනවැයි ලඟ සිටි පුරුෂයෙකු කැඳවාගෙණ මල් ගෙන්වා ගෙණ සමාධි සමාධිව යන්නේය. ඒ පුරුෂයා කැඳවාගෙණ එවයි කියා යැවුහ. ඒ පුරුෂයාත් ගොසින් දොරටුපාලයාට කියන්නේ ස්වාමි තොප කැන්දුසේකැයි කිය. එවිට දොරටුපාලයා කියන්නේ ස්වාමි කුමට කැන්දුසේක්දැයි කියා එසේදවුවත් ඒ ගිය පුරුෂයා කැඳවාගෙණ අවුත් රජ්ජුරුවන්ට පෑය. රජ්ජුරුවෝත් දොරටුපාලයා දැක එම්බල දොරටුපාලය තෝ ඉතා රත්ව ගියාවූ භූමියෙහි කකියන වැල්ලේ පය බිම ඔබාගත් නොහැකි මගයන්නාවූ තෝ හී කිය කියා සමාධි සමාධිව කණ මල් එල්වාගෙණ යන්නේය, තට කවර සමාධියකින් පිණ පිණා යන්නෙහිදැයි විචාළාහ. එවිට දොරටුපාලයා කියන්නේ ස්වාමිනි භාර්යාව උත්සව කෙළියක් කෙළුම්හයි කිව, එසේ හෙයින් මාගේ නිධානයෙක් දකුණු දිග දොරටුව කෙරේය. ඒ ඇරගෙණ එන නිසායෙමි කීහ. පණස් දහසකට අද්දැයි විචාළාහ, එහෙත් නැතැයි කිහ. එසේ කල සතළිස් දහසකට ඇද්දැයි කිහ. එසේත් නැතැයි කීය. තිස් දහසකට විසි දහසකට ඇද්ද දස දහසකට ඇද්ද පන්දහසකට ඇද්දැයි විචාළාහ. එසේත් නැතැයි කිය, ක්‍රමයෙන් විචාරා දහසකට ඇද්දැයි විචාළාහ. එසේත් නැතැයි කිය එසේ කල නවසියයෙක්ද අටසියයෙක්ද සසියයෙක්ද තුන්සියයෙක්ද දෙසියයෙක්දැයි විචාළාහ. එසේත් නැතැයි කිහ. එසේ කල සිය යක්ද අනුයෙක්ද අසුයෙක්ද සැත්තෑවෙක්ද සැටෙක්ද පණසෙක්දැයි විචාරා දසකලදෙක්දැයි කීහ. එසේත් නැත ස්වාමිනි කිය. එසේ කල පස්කලඳෙක්ද සතරකලඳෙක්ද තුන්කලඳෙක්ද දෙකලදෙක්ද කලදක්ද දසකෙක්ද පසකෙක්ද තුන්කෙක්ද අකෙක්දැයි විචාළාහ. එසේ නැත ස්වාමි නිතිය එසේ කල විසිවියටෙක්දැයි කිය, එසේත් නැත ස්වාමිනි කිය දසවියටෙක්දැයි කීහ. එසේත් නැත ස්වාමිනි කීහ. එසේ කල මදවෙක්දැයි කීහ. එසේත් නැත. ස්වාමිනි කිය එසේ කල සතරවියටෙක්දැයි කීහ. එසේය ස්වාමිනි කියා, එවිට රජ්ජුරුවෝ කියන්නාහූ රත්‍රන් සතරවියටක් නිසා දැන් සඟව්වක් ආයේ වේද ඉදිරියෙත් සඟව්වක් ආයේ වේද ඉදිරියෙත් සඟව්වක් ගියමනාවේද මම තට රත්‍රන් සතරවියටත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිම කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ මම රත්‍රන් අටවියටත් දෙමි ඇරගෙණ පළායවයි කීහ. එවිට කියන්නේ මේ රත්‍රන් අටවියටත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කිය එවිට රජ්ජුරුවෝ කියන්නාහූ මම රත්‍රන් සොළොස්වියටත් දෙමි කිහ. මම සොළොස්වියටත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීහ. එසේ කළ රත්‍රන් අකක්දෙමි කීහ. මේ රත්‍රන් අකත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය. එසේ වීනම් රත්‍රන් කලඳක් දෙමි කීහ. මේ කලඳත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය. එසේ කල දෙකලඳක් දෙමි කීය, මේ දෙකලඳත් ගණිමි මාගේ රත්‍රන් සතර වියටත් ගණිමි කීහ. එසේ කල අටකලඳක් දෙමි කීහ. මේ අටකලඳක් ගණිමි මාගේ රත්‍රන් සතර වියටත් ගණිමි කීය. එසේ විනම් සොළොස් කලඳක් දෙමි කීහ. මේ සොළොස් කලඳක් ගණිමි මාගේ රත්‍රන් සතර වියටත් ගණිමි කීය. එසේ කල දෙතිස් කලඳක් දෙමි කීහ. මේ දෙතිස් කලඳත් ගණිමි මාගේ රත්‍රන් සතර වියටත් ගණිමි කීය, එසේවිනම් සැටසතර කලඳක් දෙමි කීහ. ඒ සැටි සතර කලඳක් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය. එසේ කල රත්‍රන් සියයක් දෙමි කීහ. ඒ රත්‍රන් සියයක් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය. එසේකල රත්‍රන් දෙසියයක් දෙමි කිහ. මේ රත්‍රන් දෙසියත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කිය එසේකල රත්‍රන් සාරසියයක් දෙමි කීහ. මේ සාරසියයක් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය. එසේ කළ රත්‍රන් අටසියයක් දෙමි කීහ. මේ රත්‍රන් සරවියටත් ගණිමි කීය. එසේ කල රත්‍රන් අටසියයක් දෙමිකීහ. මේ රත්‍රන් අටසියයක් ගණිමි මාගේ රත්‍රන් සතර වියටත් ගණිමි කීහ. එසේ කල රත්‍රන් දාසක් දෙමි කීහ. මේ රත්‍රන් දාසත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය, එසේ කල රත්‍රන් දෙදාසක් දෙමි කීහ. මේ රත්‍රන් දෙදාසත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය. එසේ කල රත්‍රන් දෙදාසත් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමිකීය. එසේ කල රත්‍රන් සාරදහසක් දෙමි කීය. මේ රත්‍රන් සාරදහසක් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කීය. එසේකල රත්‍රන් අටදහසක් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගණිමි කිය. එසේ කල රත්‍රන් සොළොස් දහසක් දෙමි කිය, මේ රත්‍රන් සොළොස්දාහක් ගණිමි මාගේ රත්‍රන් දෙතිස්දසක් ගණිමි මාගේ රත්‍රන් සතරවියටත් ගනිමි කීය. එසේකල රත්‍රන් සුසැටදහසක් දෙමි කිහ, මේ රත්‍රන් සූසැටදහසක් ගනිමි මාගේ රත්‍රන් සතරවියටත් ගනිමි කීය. එසේකල රත්‍රන් එකසිය විසිඅටදාසක් දෙමි කීහ. මේ රත්‍රන් එකසිය විසිඅටදාසත් ගනිමි මාගේ රත්‍රන් සතරවියටත් ගනිමි කීහ. එසේ කල රත්‍රන් පන්ලක්‍ෂයක් දෙමි කීහ. මේ රත්‍රන් පන්ලක්‍ෂයත් ගනිමි මාගේ රත්‍රන් සතරවියටත් ගනිමි කිය එසේ කල රත්‍රන් දසලක්ෂයක් දෙමි කීහ. ඒ රත්‍රන් දසලක්ෂයත් ගනිමි මාගේ රත්‍රන් සතර වියටත් ගනිමි කීය. එසේ කල රත්‍රන් විසිලක්‍ෂයක් දෙමි කීහ. ඒ රත්‍රන් විසිලකෂයත් ගනිමි මාගේ රත්‍රන් සතර වියටත් ගනිමි. කිය එසේ විනම් රත්‍රන් සතලිස් ලක්ෂයක් දෙමි කීහ. මේ රත්‍රන් සතළිස් ලක්ෂයත් ගනිම් මාගේ රත්‍රන් සතර වියටත් ගණිමි කීය. එසේ වී නම් රත්‍රන් අනූලක්ෂයක් දෙමි කීහ. මේ රත්‍රන් අනුලක්ෂයක් ගනිමි මාගේ රත්‍රන් කෙල ගනිමි මාගේ රත්‍රන් සතරවියටත් ගනිමි එසේ වීනම් රාජ්‍යයෙන් කැබැල්ලක් දෙමි කීය. එවිට දොරටුපාලයාත් යහපතැයි ගිවිස්සේය. රජ්ජුරුවෝ ඔහු දැලිඅන්දම් තබ්බවා ඔහු ඉස් සෝධා නහවා සළු අඳවා රාජ්‍යය කණුගස්වා දුන්හ. ඒ රාජ්‍යයත් තමාගේ රත්‍රන් සතරවියටත් තුබූ භාගය නොහැර ගත. එසේ හෙයින් අර්ධ මාස රජ්ජුරුවෝ යයි නම් තුබූහ. ඒතැන් පටන් උදය රජ්ජුරුවෝත් අධර්මාස රජ්ජුරුවෝ යයි නම් තුබූහ. එතැන් පටන් උදය රජ්ජුරුවෝත් අර්ධ මාස රජ්ජුරුවෝත් නොවෙනස්ව රාජ්‍යය කරන්නාහ. එක් දවසක් උයනට ගියාහ. උදය රජ්ජුරුවෝ අධර්මාස රජ්ජුරුවන්ගේ කලවයෙහි ඉස තබා වැදහෙව නිදාපුවාහ.

අධර්මාස රජතෙම මොහු මරාපියා රාජ්‍යය මම ඇරගණිමි . රජ්ජුරුවන්ගේ ඉස කපාපියමි කඩුව අතට ගෙණ සිතන්නාහූ මා රත්‍රන් සතරවියටත් පමණ වස්තු ඇති තැනැත්තහූ මේසා මහත් රාජ්‍ය ශ්‍රීයක පිහිටවූ තැනැත්තෝයයි කඩුව බිම තබා දෙවැනිවත් තුන්වෙනිවත් ක්‍ෂමා කළ මැනවයි කීහ. එවිට උදය රජ්ජුරුවෝ කියන්නාහූ යාළුමට කළ වැරැද්දක් නැත. ක්‍ෂමා කරන්නේ කිම්දැයි කීහ. එවිට අර්ධමාස රජ්ජුරුවෝ තමන් කළ සැටිය කියා උදය රජ්ජුරුවන් ක්‍ෂමා කරවූහ. උදය රජ්ජුරුවෝත් එසේ කළ රාජ්‍යය තොපම හැරගනුවයි කිය. අර්ධමාස රජ්ජුරුවෝත් තොපගේ රාජ්‍යයෙන් මට ප්‍රයෝජන නැතැයි රජ්ජුරුවන්ට රාජ්‍යය පාවාදී වනයට ගොස් ඍෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිවූහ. උදය රජ්ජුරුවෝත් අර්ධ රාත්‍රියෙහි පේවස් රැක පමණකින් මේසා මහත් රාජ්‍ය ශ්‍රියක් ලදිමයි මාගේ යහළුවූ අර්ධමාස රජ්ජුරුවෝත් තපසට පලාගියාහ. මම ගිහිගෙයි සිටියෙම් ඇමවෙලේම ගාථා වක් කිය කියා ඉඳිනාහ. බිසව් ගාථාවෙහි අභිප්‍රාය අහන්නා කැමැත්තාහ. ඒ රජ්ජුරුවන්ගේ හංගමාල නම් නාවිසයෙක් ඇත්තේය. රජ්ජුරුවෝ එක් දවසක් බිසවුන්ට කියන්නාහූ ගගාමාලයා මාගේ ඇඟ ලොව්ලා දැළිකපන වේලෙහි ඌ ඉල්වූ යම් වරයක් දෙන්ට අභිප්‍රාය නාසයේ ලොම් උදුරණ වෙලෙහි ඉසකපන අභ්‍රිපායයි කීහ. බිසව් නාවිසයා කැඳවා කියන්නාහූ ගංඟා මාලය අද පටන් රජ්ජුරුවන් වහන්සේගේ දැළි කපන කල පළමු කොට නාසයේ ලොම් උදුරා පසුව දැළි කපා ඇඟලොස් බාවාළූ විට රජ්ජුරුවෝ තොපට කොල තා කැමති වරයක් ගනැයි කියති. එවෙලෙහි ස්වාමිනි මට අනික්වරයකින් ප්‍රයෝජන නැත. නුඹ වහන්සේ කියන්නාවූ ගාථාවේ අර්ථ කිවමැනවැයි කියා කියවයි බිසව් උගන්වා ඇරිකල්හි නාවිසාත් එක් දවසක් රජ්ජුරුවන්ගේ දැළි බාන්ට ගොසින් ආදි කොට නාසයේ ලොම් උදුරන්ට වන. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ මේ කිමෙක්දැයි ආදිකොට නාසයේ ලොම් උදුරන්නේයයි කීහ. නාවිසයාත් කියන්නේ නාසා කර්මාන්ත නම් අපූර්ව දත් දෙයක් කරන්නාහයි කියා ආදී කොටනාසයේ ලොම් හා පසුව දැලිය කපා ඇඟ ලොම්බැය, රජ්ජුරුවෝ සමාධිව තා කැමති වරයක් ගණැයි කීහ. ඟඟා මාලයා ස්වාමිනි මට සෙසු වරයකින් කම්නැත. නුඹ වහන්සේ ඇමවිට කිය කියා ඉඳිනාවූ ගාථාවෙහි අර්ථ කිවමැන වැයි කීය.

රජ්ජුරුවෝත් කුම්මාසපිණ්ඩ ජාතකයහෙි අර්ථ කිවාක්මෙන් ගාථා වෙහි අර්ථ කියන්නාහූ අධිරාත්‍රියෙහි රැකි පෙහෙවස් ආනුභාවයෙන් මේ සා මහත් සම්පතක් ලදිමි මාගේ යාලුවූ අර්ධමාස රජ්ජුරුවෝත් තපසට ගියාහුය. මා ගිහිගෙයි සිටියෙමියි මේ ගාථාවෙහි අර්ථයයි කීහ. ඒ ගංගාමාල නාවිසයා එපවත් අසා හිමාල වනයට ගොස් ඍෂි ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව විදර්ශනා වඩා සකලක්ලේශයන් නසා පසේ බුදුවූ සේක. පසේ බුදුව බරණැස් නුවර උයනට ආවාහ. රජ්ජුරුවෝත් ගගාමාලනම් පසේ බුදුන් වහන්සේ උයනට වැඩිසේකැයි අසා මහා සේනාව හා සමග උයනට ගියාහ. රජ්ජුරුවන්ගේ මෑනියෝත් උයනට ගියාහ. ගංගාමාල නම් පසේ බුදුන් වහන්සේ බ්‍රහ්මදත්තයෙනි සැපසේ උනුදැයි විචාරා වදාළ සේක. රජ්ජුරුවන්ගේ මෑනියෝ ඇයි ගගාමාලය තොපි පසේ බුදුව ගියයි ජාතිය පලාගියේදැ මාගේ දරුවන්ට බ්‍රහ්මදත්තයයි කියන්නේ තෝ තාගේ විචර නොදනිදැයි බිසව් කියාකීහ. රජ්ජුරුවෝ එලෙස නොකිව මැනව මෑනියන් වහන්ස උන් වහන්සේ සියලු කෙලෙසුන් නසා පසේ බුදුවගිය සේක. උන්වහන්සේට ජාතියෙන් කම්කිම්දැයි මෑනියන් අස්වැසූහ. සේනාවත් එලෙස දොඩන්ට වන්හ. රජ්ජුරුවෝ සේනාවත් අස්වසා තුමූ පසේ බුදුන් වහන්සේට වැඳ වැතිරගියාහ. රජ්ජුරුවන් ඇතුලුවූ සියල්ලවුන්ම පසේ බුදුන් වැඳ එකත්පස්ව සිටියාහ. එවිට රජ්ජුරුවෝත් ස්වාමීනි මාගේ මෑනියන් වහන්සේත් නුවර වාසීනුත් නොදැන කී දෝෂයට ක්‍ෂමා කළ මැනවැයි ක්‍ෂමා කරවාගත්හ. රජ්ජුරුවෝත් පසේ බුදුන් වහන්සේත් රජ්ජුරුවන්ට අවවාද කියා නන්දමූලක පබ්භාරයට වැඩිසේකැයි වදාරා මේ ගංඟා මාල ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි උදය රජ්ජුරුවෝ නම් බුදුවූ මම්මයයි වදාළ සේක.