408 සුලසා ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද දිගුපුළුල්වූ නුවන් ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අනේපිඬු මහා සිටානන් වහන්සේගේ දාසියක අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

අනේපිඬු මහා සිටානන්ගේ පුණ්‍යලක්‍ෂණයෙන් දියනිකෙනෙක් ඇත. උන්ගේ දාසියක් උයන් කෙළියට යෙමි. තමාගේ ස්වාමි දුව අතින් ලක්‍ෂයක් වටනා පළඳනාව ඉල්වා අත කරලාගෙණ උයන් කෙළියට යන්නිය දැක එක් සොරෙක් ඈ අත කර තිබූ ආභරණ දැක ඒ ආභරණයෙහි ලොභකොට මෑ මරා පියා ආභරණ ඇරගතිමි. ඈ හා කැටිව ක්ලේශ වසඟයෙන් කථාකොට ඈට රා මස් ආදිවූ දෙයදෙන්නේය. ඔයිත් ක්ලේශ වසඟයෙන් දෙතියි ඇරගන්නීය. ඒ සොරාත් ඈ උයන් කෙළිකෙළ ඉක්බිතිව ඈ හාලොකස්වාදරතියෙහි යෙදෙනා ලෙස එක් තෙනකට ගෙණගොස් කියන්නේ මෙතන නපුර ඔබ්බට යම්හයි කියා එවිටත් සිතන්නී රහසිගතව කරණ දෙයකට මෙතනට වඩා නිසි තැනක් නැත, මෙතනින් මා ඔබ්බට ගෙණයන්නේ මරන්ට වනැයි සිතා තීක්‍ෂණ උපායක් සිතා කියන්නී රා මස් කා මාගේ සර්වාංගය වියලිගියේය මට පැන් උකාදීලා මට පැන් පොවා ලවයි ලිඳක් කරාගෙණගොස් කලය හා ලනුව සොරා අතට දින. සොරාත් සැබැවින්ම කියන දෙයක්වනැයි සිතා ලනුවෙන් කලය කට බැද කලය ලිදටලාලීය. එවිට පිටිපස්සේ සිටි ස්ත්‍රිය දෑතින් තරයේ ඇන ලිඳය තා එලා ඉසට උළුකැටකින් ගසා මරා ගෙට ගොස් තමාගේ ස්වාමි දුවට මෙපවත් කියා ආභරණ පාවා දුන්නාය. ඒ ඇසූ සැටිය පුණ්‍යලක්‍ෂණ දේවී පියාණන්ට කීය. අනේපිඬුමහා සිටානෝ ජේතවනාරාමයට ගොස් සර්වඥයන් වහන්සේට එපවත් කීහ. සර්වඥයන් වහන්සේ දැන්මතු නොවෙයි සිටානෙනි පෙරත් ඒ ස්ත්‍රිය පුරුෂයා මැරූවිරූයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි ඒ නුවර සුලසා නම් වෛශ්‍යා ස්ත්‍රියක් ඈත ඒ නුවර සඬුකා නම් සොරෙක් නිරන්තරයෙන් ගෙවල් සොරකම් කොට ඇවිදිනේය. රජ්ජුරුවෝ එපවත් අසා ගම් රැකවලුන් විධාන කරවා ඒ සොර අල්වාගෙණ උල අන්ට විධාන කළහ. ගම් රැකවලුන් විසින් ඌ ඇරගෙණ උල අන්ට ගෙණයන කල්හි සුලසා නම් වෛශ්‍යාව තමාගේ ගෙයි උඩුමාලේ සිටින තැනැත්තිය ඒ සොරු දැක කනේරුජාතකයෙහි කී පරිද්දෙන් ඔහු කෙරෙහි අභිලාෂා ඇතිව සිතන්නී මෙසේවූ විරපුරුෂයෙකු ගලවා ගතිමි නම් සැපසේ ඇතිතෙක් දවසට ඉච්ඡාපරයෙන් වාසය කරන්නෙම් වේදැයි සිතා තමාගේ ගෙයි පළමු සිටි සිටුපුත්‍රයෙකුත් මසුරන් දාසකුත් ගම්රැකවලුන්ට දී ඒ සොරු ගලවා ගෙණ තමාට ස්වාමිකොට ගෙයි රඳවාගෙණ උන්නීය. සොරුත් කීපදවසක් ඇඟේ ගෙයි වැස සිතන්නේ මෙතන මා ඉඳ ප්‍රයෝජන කිම්ද මෑ මරාපිය මෑ අත කර ලන ආභරණ ඇරගෙණ යෙමි සිතා වෛශ්‍යාවට කියන්නේ එම්බා භද්‍රාව මා ඒ දවස් පිටතොලහයා බැඳලා උල අනින්ට ගෙණයන දවස් පර්වතයක වසන දේවතාවෙකුට ආරාධනාවක් කෙළෙමි. ඒ ආරාධනාවට බලි දුන මැන වැයි බොහෝ මිනිසුන් හා බත්තලියක් ඇරගෙණ තොප හා මා හා දෙන්නාම සර්වාභරණයෙන් සැරසී රුක්දෙවියාට බලිදෙන්ට උවමැනවයි කිහ. වෛශ්‍යා ස්ත්‍රී කියන්නී යහපත නුඹ වහන්සේගේ අභිප්‍රාය නියාවට බලි දුන මැනවැයි කියා බොහෝ පූජා භාණ්ඩ ඇරගෙණ සොරතෙමේ පඤ්චායුධ සන්නද්ධව පර්වතය ලඟට ගොසින් කැටිව ගියවුන් පර්වතය පාතරඳවා සාධුකනම් සොරා සුලසා නම් වෛශ්‍යාව ඇරගෙණ පර්වතය උඩට නැගීගණ ගොස් ගලමත්තේ තබා කියන්නේ තොප ශතප්‍රමාණ උස ඇති පර්වතය උඩට බලිදෙන්ට ගෙණායෙමි නොවෙයි තොප මරා අතකර තිබූ ආභරණ අරගන්ට අයේයයි කීය.

එවිට සුලසා කියන්නී තොප කෙරේ ස්නෙහයෙන් මාරුදී ගලවාගතිමි. තොප ඒ මරණින් ගැලවූ මා මරා ප්‍රයෝජන කිම්ද, මාගේ ආභරණත් ඇරගෙණ මා තොපට වහල් නියාවට බොහෝ දෙනා මැදයේ කියා වහල් කොටගණුවයි කිව එවිට සාඬුකයා කියන්නේ මම මේසා වනතුරු මිනියක් නොමරා වස්තුවක් ඇරගත් විරූ නැත, සොරු මිනීනොමරා වස්තු ඇරගැණිමි. ආචාර නොවෙයි, තොපගේ තෙල උතුරු සළුව බිම තබා තොප ආභරණ ගලවා කඩෙයි ලා පොදිය බැඳලවයි කිය, එවිට සුලසා කියන්නී මා මැරුණුපසු මා කටයුතු දැන පුරුෂයන් හා කැටිව වාසයෙන් යෙදෙන අවස්ථාවෙහි පටන් තොප කෙරෙන් ඇති ස්නෙහයට වඩා ස්නේහයක් ඇත්තේ නැත. ඉතිකිනි මේ දැක්මෙන් අනික් දැක්මක් නොවත්වූව, තොප සතර තැනක සිට වැඳ පැදකුණුකොට සිපගෙණ සනාපියන්ට උවමැනවයි කිව, සොරුත් යහපතැයි ගිවිස්සේය. ඒ වෛශ්‍යාවත් කී පරිද්දෙන් ම වැද පැදකුණු කොට ඉදිරියෙන් සනාපියා පිටිපස්සට ගොසින් වඳින්ට නැඹුරු වන්නාක් මෙන් නැඹුරුව පටිපස්ස අල්වාගෙණ ශත ප්‍රමාණ පර්වතයෙන් හෙලාපුව එවිට ඇට බැට සුනුවිසුනුව කැඩී ප්‍රාණය විනාශ විය. ඒ බලාසිටියාවූ වෘක්‍ෂදේවතාවා හැමතැන්හිම පුරුෂයන්ම නුවනැතැයි කියාම නැත. ස්ත්‍රීන් නුවනැත්තෝමය, සාඬුකා නම් සොරා සුලභවන් මරන්ට උත්සාහකොට තෙමේ නුනුවනින් මෙළේය. සුක්‍ෂමවූ නුවණ ඇතිව දුටු ප්‍රසථවකට කාරිය සිතාගෙණ නොහෙන්නාවූ යම්කෙණෙක් ඇත්නම් සාඬුකයාමෙන් නස්නාහුයයි දේවතාවා කීයේය. ඒ සුලසානම් වෛශ්‍යාත් පර්වතයෙන් බැස තමාගේ පර්ෂිත් සිටි තැනට ගියාය. ඒ පරිවර ස්ත්‍රි කියන්නාහූ නුඹ වහන්සේගේ ස්වාමින් වහන්සේ කොයිදැයි විචාළාහ. උන්ගේ දෙයක් මට නොකියවයි කියා රථයකට පැනනැගී තමාගේ ගෙට ගියායි මේ ජාතකය ගෙණහැර දක්වා වදාර මේ සුලසා ජාතකය නිමවා වදාළ සේක. ඒ සමයෙහි සොරා නම් සොරාමය, එසමයෙහි සුලසා නම් මේ දාසිමය, එසමයෙහි වෘක්‍ෂ දේවතාවා උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.