මුල් පිටුව 401 සිට 450 දක්වා 405 පරන්තප ජාතකය

405 පරන්තප ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ලොවුතුරා සර්වඥයන් වහන්සේ රජගහ නුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරණසේක් දෙව්දත් මහත්වරුන් වහන්සේගේ වධයට උත්සාහ කිරීමක් අරභයා මේ ජාතකය වදාළ සේක,

එකල්හි දම්සභා මණ්ඩපයෙහි මේ කථාව ඉපදවූහ, ඇවැත්නි දේවදත්ත ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ මැරීම පිණිස උත්සහා කෙරෙති, දුනුවායනුත් මෙහෙයුහ. මුදුනට ගල් පෙරළූහ, නාලාගිරි නම් හස්තියාද සිඟායන ඉදිරියෙහි මෙහෙයුහ, සර්වඥයන් වහන්සේට විනාශය පිණිසම උපාය උත්සාහ කෙරෙතියි කථා කොට භික්ෂූන් වහන්සේ වැඩ උන්සේක, සර්වඥයන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාළකල්හි මහණෙනි මේ දේවදත්ත ස්ථවිරයෝ දැන් මතු නොවෙයි පූර්වයෙහිත් උත්සාය කළේය. ඒ උත්සාහයෙන් මාගේ චිත්තොත්‍රාස පමණකුත් නසන්ට නොහැකි විය, තෙමේම දුක් අනුභව කෙලේ වේදැයි වාදරා ඉකුත්වත් ගෙණහැර දැක්වූයේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්ය කරණ සමයෙහි මහා බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ මව් කුසින් බිහිව වැඩි විය පැමිණියාවූ තක්සලා නුවරට ගොසින් උගතමනා සියලු ශිල්පයන් උගත්තාහතයි, සියලු සතුන්ගේ ශබ්දය තෝරාගන්නට නිසි මාත්‍රයෙකුත් උගත්තාහ. ඒ බෝධිසත්වයෝ ආචාරීන්ට තමන් නික්ම යන නියාව කියා නැවත බරණැස් නුවරට ගියාහ පියරජ්ජුරුවෝ ඒ බෝධිසත්වයන් යුවරජ තනතුරෙහි තිබූහ. ඔවුන් එලෙස තිබුවත් මරවනු කැමැත්තේ, ඇස දකින්ට නොකැමැත්තාහ, ඉක්බිත්තෙන් එක් කැණහිල් බැල්ලක් තමාගේ පැටියන් දෙන්නෙක් ඇරගෙණ රාත්‍රියෙහි මනුෂ්‍යයන් නිදාපු කල්හි දිය යන හොරොව්වෙන් ඇතුළුනුවරට වන, බෝධිසත්වයන් වැදහෝනා ගබඩාවට නුදුරු ස්ථානයෙක්හි එක් ශාලාවෙක් ඇත. ඒ ශාලාවෙහි එක් මගි මිනිසෙක් තමා පයළූ වහන්සඟල ගලවා පාමුල තබාගෙණ එක් පෝරුවක් මත්තෙහි වැදහොත්තේය. ඒතාක්කල් නොනිදුසේය, කැණහිල් පැටියෝ දෙන්න කියන්නාහූ අම්ම බඩසාය, අප කනදෙයක් දෙවයි කියන්නා කැණහිල්දෙන් කියන්නී තෙලේ ගෙයි වැදහෝනා පුරුෂයා ලඟ වහන්දෙකක් තිබෙයි උන් නිදාපියන්නා වහන් දෙක දිලිමි කීව. එකියන කථාව බෝධිසත්වයෝ අසා තෙලගෙයා කවුරුදැයි විචාරා ස්වාමිනි මමයි කියන්නා බිමතිබු වහන්දෙකක් ඇත්නම් උඩ තබාලවයි කියන්නා වහන්දෙක උඩ තිබූහ. කැණහිල් මුන්ට මා කෙළේ කවර සතුරුකමක්දැයි කියා එතනින් පලාගියාහ. එතන සමීපයෙහි පොකුණක් ලඟට කැණහිල්දෙන හා දරුවෝ දෙන්න පැමිණ කැණහිල් පැටියෝ කියන්නාහූ අම්ම අප බඩසායයි කිවුය. කැණහිල් දෙන් කියන්නී තෙල පොකුණෙහි මිනිසෙක් මියගියේය. දැන් මදකින් ඉලිප්ප ගියකල මිනිය කම්හ, අත මුන්දක් හා කනලන මෙවර දෙකක් හා කඩපොල්ල ඇරගනිති මිනිය අපටයයි කිහ. බෝධිසත්වයෝ ඒ අසා මිනිසුන් ගෙන්වා තෙල පොකුණේ මිනිසෙක් මියගිය අතලන මුන්දක් හා කනලන මෙවරදෙක හා කඩපොල්ල ඇරගෙණ මිනිය නොයිල්පෙන නියායෙන් පොකුණේ දියයට තබවයි කීවාහ. ඒ කැණහිල් දෙන් බෝධිසත්වයන් කෙරේ වයිරබැඳ පළමුත් මාගේ දරුවන් කන්නට තිබු වහනුත් උඩ බැඳ එල්වා අලාභ කළව, දැනුත් කන්ට උන් මිනියෙනුත් නොකාලව, අදට සත්වෙනි දවස් තොපගේ රජ්ජුරුවන්ට සටනට පසල් රටින් රජ්ජුරු කෙණෙක් එන්නාහ. සටනට තොප යවන්නාහ, තෙපි ඒ සටනේ වටෙන්නාහ, එවිට තොපගේ ඇගමස්කම් කියා කැණහිල්දෙන් පලාගියාය. බෝධිසත්වයෝත් මේ සිත තබා ගෙණ උන්නාහ. එද සත්වෙනි දවසට පසමිතුරු රජ්ජුරුවන් හා සේනාව සටනට අවුත් වාසල් දොකඩ කඳවුරු බැඳගත්හ. රජ්ජුරුවෝත් බෝධි සත්වයන්ට සේනාව ඇරගෙණ සටනට යවයි කීහ. බෝධිසත්වයෝ කියන්නාහූ පියානන් වහන්ස අද මම නොසිහෙයි මම සටනට යවයි කීහ. බෝධිසත්වයෝ කියන්නාහූ පියානන් වහන්ස අද මම නොයිගෙයි මම සටනට නොයෙමි කීහ. සටනෙහි මියතත් රැකකෙතත් තොපිම යන්නාහයි කීහ. යහපත පියානන් වහන්ස යෙමි කියා සේනාව ඇරගෙණ අනික් වාසලකින් පිටත්ව කඳවුරු බැඳගෙණ වැද උන්සේක. රජ්ජුරුවෝ මාගේ පුතණුවෝත් නුවරින් පිටත්ව මට විපක්ෂව උන්නාහ, සතුරෝත් ඇවිදින් ඉඳිති, ඉතිකින් මාත් මාගේ ජිවිතය රැක ගණුත් යහපතැයි අග්‍රමෙහෙසිකා බිසවනුත් පුරෝහිත බමුණන් පරන්තපනම් කොල්ලකුත් ඇරගෙණ නුවරින් පිටත්ව වනාන්තරයට වැද පන්සලෙක වාසය කළාහ. බෝධිසත්වයන් වහන්සේත් පිය රජ්ජුරුවන් නුවරින් පලාගිය නියාව අසා නුවරට අවුත් සතුරන් සාධා නුවරට වැද රාජ්‍යය කරමින් උපන්නාහ. එසමයෙහි බරණැස් නුවර රජ්ජුරුවෝත් පුරෝහිත බ්‍රාහ්මණයාත් දෙන්න පරන්තප නම් කොල්ලාත් බිසවුනුත් පන්සල රඳවා ඵලාඵල කඩාගියාහ. මෙසේ නිරන්තරව උන් දැකීමෙන් බිසව් පරන්තප නම් කොල්ලා කෙරේ අභිලාෂා උපදවා ඔහු සමග ලෝකාස්වාද රතියෙහි යෙදුනාහ, මෙසේ නිරන්තරයෙන් වාසය කරන්නාහූ එක් දවසක් පරන්තප නම් කොල්ලාට බිසව් කියන්නාහු තොප හා අප හා කරණ කටයුත්ත රජ්ජුරුවන් වහන්සේ දන්නාසේක් නම් කටයුතු නොවෙයි. රජ්ජුරුවෝ තොප අතට කඩුවත් අඳන කඩත් දී නාන්ට යන්නාහ.

එවිට රජ්ජුරුවෝ දියට කඩුවෙන් දෙකඩ කොට කපාපියවයි කීහ. ඒ පරන්තප නම් කොළුත් යහපතැයිකියා උන්නේය. ඒ බිසවුන් බරණැස් රජ්ජුරුවන් අයිතිවූ දරුගර්භයක් ඇත්තේය. එක් දවසක් රජ්ජුරුවෝ පන්සල රදා පුරෝහිත බමුණා ඵලාඵල කඩා යවා තුමූ නාන්ටයයි පරන්තප නම් කොල්ලා අතට අඳනාවත් කඩුවත් දී ගඟට ගොස් අඳනාකඩ ඇඳගෙණ සන්නායට ගඟට බැස නානකල්හි පරන්තපයාත් කඩුව අතින් ගෙණ දිවගොස් රජ්ජුරුවන්ගේ ඉසකේ අල්වාගත, මරණභයින් තැති ගෙන මහත් කොට අඬ ගැසූහ. පුරෝහිත බ්‍රාම්මණයාත් ඵලාඵල කඩාගියේ එතනට නුදුරුවු තැන උස් ගසක් උඩ පළාඵලකඩා උන්නේ රජ්ජුරුවන් ගැසූ අඬ අසා භයින් බිම වැටී කැලැයෙක ඉවත සැඟවි උන්නේය. පරන්තපයාත් රජ්ජ්ුරුවන් ඉස කපා පොළුකොට ගසා වලෙකලා වස ගස අත්ත සැලීගියා දැක මේ ගස අත්ත සැලෙන්ට කාරණා කිම්දැයි ගසමුලට ගොස් ගසවටා බලා කාත් නොදැක බිසවුන් ඉඳිනා පන්සලට ගොස් රජ්ජුරුවන් මැරූ නියාව බිසවුන්ට දන්වා දෙන්නම් සැකයක් නැතිව එකතැන්හිම වාසය කරන්නාහ ඒ බ්‍රාහ්මණයාත් ඇස්දෙක නැසීගියාක්මෙන් ඇසපියාගෙණ ඒ ඒ තැන වැටි වැටි සැරයටියක් අතට ගෙණ බිසවුන් ඉන්නාවූ පන්සලට ගියේය. පරන්තප නම් දාසියාත් ඇයි බ්‍රාහ්මණය මේ තට කුමක් වුනියාදැයි විචාළාහ, බ්‍රාහ්මණයා කියන්නේ රජ්ජුරුවන් නොඅඳූනන කෙනෙකුන් මෙන් දේවයන් වහන්ස ඵලාඵල කඩාගිය ගමනේ ඇස්දෙක අන්ධවියයි කීහ. එසේ වීනම් නයෙකු අල විෂධුමයකින් ඇස්දෙක අන්ධවූ නියායයි කියා භය නොගනුවයි මම තොපි රකිමි බිසවුනුත් පුරෝහිත බ්‍රාහ්මණයාත් දෙන්නා පන්සල ඉඳවා පරන්තපයා වනයට ගොස් ඵලාඵලකඩා ගෙණෙන්නේය. මේ නියායෙන් දවස් අරිනාකල්හි එක් දවසක් එම්බා දෙවිනි රජ්ජුරුවන් මරන්ටයයි ඉසකේ අල්වා කඩුව කොපුවෙන් අයන විට එක් ගසෙක ඉඳ මිනිසෙකු හෝ ශාඛා මෘගයෙකු හෝ නොදැනෙහි බිම වැටිහින, මේ අත්ත සැලීමෙන් යම් දවසෙක මට අනර්ථ වන්නේයයි බිසවුන්ට ගාථාවකින් කියා බ්‍රහ්මණයා නිදන එකකු මෙන් වැදහෙව, එක් දවසක් පරන්තපයා ඵලාඵලයටයාදී තමාගේ බිරින්ද කෙරේ ශෝකයෙන් අඬන එකකු මෙන් කියන්නේ මාගේ විශිෂ්ටවූ රු ඇති ප්‍රියවූ දර්ශනයක් ඇති මාගේ හෘදයක් වැනි මාගේ භාර්යාවන් නොදැක තැවෙන්නාවූ මාගේ හෘදය අත්ත සැලීගිය සංකාවෙන් තැවෙන්නාවූ පරන්තපයාගේ හෘදය මෙනැයි අඟවාකීහ. බිසව් ඒ අසා කුමක්ද තොපි කියන්නේ යයි විචාළාහ. පුරෝහිත බ්‍රාහ්මණයාත් තමාගේ බිරින්ද කෙරේ අඬමි කියා පිරිමසා තිබිය බිසව් බඩ දරුගර්භයක් මුකුරා දස එකඩමස කුමාරයකු වැඳූහ. ඒ කුමාරයාත් වැඩිවිය පැමිණ සොලොස් ඇවිරිදි වූ කල්හි එක් දවසක් කුමාරයන්ට කියන්නේ කුමාරයෙනි ඔයට නාන්ට යම්හ මාගේ සැරයටිය කෝණ අල්වාගණුවයි කුමාරයන් අතට සැරයටිය අගඳි ඔයට ගොස් දැස්ගසා කුමාරයන් බැළූයේය. එවිට රාජ කුමාර තෙම බමුණා අන්ධ නොවන්නේහිදැයි විචාළේය. රාජ කුමාරයාන් වහන්ස දෑස් අන්ධයයි මේ උපායෙන් රැකුනෙම් කියා නුඹ වහන්සේගේ පියානන් වහන්සේ දන්නා සේක්දැයි විචාළ කල්හි එසේය දනිමි කියා කීයේය. එවිට බමුණු කියනුයේ මේ පුරුෂතෙම තොපගේ පියා නොවන්නේය, තොපගේ පියානෝ බරණැස් රජ්ජුරුවෝය. දාසවූ පුරුෂයා තොපගේ මෑනියන් කෙරෙහි වර දවා පැවත මේ ස්ථානයෙහි තොපගේ පිය රජ්ජුරුවන් මරා වැලළූයේයයි ඇර ගෙණවුත් පෑයේය. එවිට කුමාරයාට බලවත්වූ ක්‍රෝධ ඉපිද දැන් කුමක් කෙරෙම්දැයි බ්‍රාහ්මණයා අතින් විචාළේය.

එවිට බ්‍රාහ්මණයා කියනුවේ ඒ දාසයා විසින් තොපගේ පිය රජ්ජුරුවන්ට මේ තොටේදීයමක් කරන ලද ද රිද්දෙන් කරවයි කියා රජ්ජුරුවන් මැරූ සියලු ප්‍රවෘත්තිය රාජ කුමාරයන්ට කියා එදවස් පටන් බංගලි ශිල්පයෙහි භික්ෂා කරවුයේය ඉක්බිත්තෙන් නොබෝ දවසකින් රාජ කුමාර තෙමේ කඩුවත් අඳනා කඩත් ගෙණ පියාණන් වහන්ස නහන පිණිස ගඟට යම්හයි කීයේය. එවිට පරන්තපයා යහපතැයි කියා රාජ කුමාරයා එක්ව නහන තොටට ගොස් ඔහු ස්නානය පිණිස ගඟට බට කල්හි රාජ කුමාර තෙමෙ දකුණතින් කඩුව හයා වමතින් ඔහුගේ කෙස් වැටිය හෙණ මාගේ පියාණන් වහන්සේ මේ ස්ථානයෙහිදී ගංඟාවා මැරෙයෙහිය. මමද තා එපරිද්දෙන්ම මරමි කීයේය.එවිට මරණ භයින් භයපත් විලාපයකුත් කියා අඬන්නාවූ පරන්තපයාද මා රජ්ජුරුවන් මරන්නාවූ කාලයෙහිම මනුෂයෙකු විස්න් හෝ මෘගයෙකු විසින් හෝ ගසෙක ශාඛාවෙන් සොලවන ලද ඹහු විසින් ඉදිර මෘගයෙකු විසින් හෝ එක් ගසෙක ශාඛාවෙක් සොලවන ලද ඔවු විසින් ඉදිරි භායෙක් උපදින්නේ යයි කල්පනා කරන ලද ඒ භය දැන් මා කරා පැමිණියේයයි ආගමානූන සෝ භවේවා යි ගාථා දෙක කියා හැඬුයේය. ඉක්බිති කුමාර තෙම කියනුයේ කොල දුෂ්ට වූ දාසය ස්නානය පිණිස ගඟට යම්හයි විශ්වාසයෙන් මාගේ පියාණන් වහන්සේ කැඳවාගෙණ ගොස් ස්නානය කරන්නාවූ උන් වහන්සේ මරා කඩ කඩ කොට කපා වලලන්නාවූ තෝ මේ ක්‍රියාව කවරෙක් දන්නේද ඉදිරි මට මෙබඳූ භයෙක් වන්නේයයි යා වඤ්චා කෙළෙහිය, ඒ උන් වහන්සේට පැමිණියා වූ මරණ දැන් තා කරා පැමිණියේයයි කියා ඔහු එතැනිම ජිවිතක්‍ෂයට පමුණුවා වළලා කොල අතු කඩා වසා කඩුව සෝධා ස්නානය කොට පන්සලට ගොස් ඔහු මැරූ බව පුරෝහිත බමුණාට කියා මෑනියන්ට පරිභව බැණ වෙනෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයෙක්දැයි ඔවුන් තුන්දෙනාම බරණැස් නුවරට ගියාහුය, බෝධිසත්වයෝ තුමූ රාජ්‍යයට පැමිණීම නුවන්ට යුවරජ තනතුරු දී දානාදි කුසල් කොට දිව්‍යලෝකයෙහි උපන්නේයයි තිලෝගුරු බුදුරජානන් වහන්ස් මේ පරන්තප ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාළ සේකී. එකල්හි පියරජ නම් දේවදත්ත ස්ථවිරය. ඕහට පුත්‍රව උපන්නාවූ රාජ කුමාරයෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළසේකී.