403 ජාගර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ප්‍රඥාවිෂයාතික්‍රාන්ත වූ ධම්මකාය ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි නොනිදා සක්මන් කරන්නාවූ උපාසකයෙකු අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් සෝවාන් උපාසකයෙකුත් වෙළඳහු පන්සියයක් බඩු ගැල්පුරා වෙළඳාමහ යන්නාහූ අතරමග පඩංගු බැඳ උන්නාහ, රැවයන්නා සොරු පන්සියයක් වෙලඳූන් මරාබඩු ඇරගනුම්හයි කැටමුගුරු දඬුපත් ආයුධගත් අත් ඇතිව ආවාහ. සෝවාප්පු වෙලඳානෝ සක්මන් කොට සිටියාහූ පංපහරින්ට ආ සොරු මේ මිනිසා නිදාපුකළ සොරකම් කරම්හයි සිතා සිටිනාහ. ඒ වෙලඳා තුන්යම් රාත්‍රියෙහිම නෙනිදා සක්මන් කොට පාන්කොටපුවාහ, සොරුන් සිටියාසේම සිට පාන්කොට පාන්වන්නා තමන්ගෙණා කැටමුගුරු දඬුපත් දමා වෙලඳූන්ට තොප ඇමම රැකුනේත් තොපවස්තු රැකුනේත් මුන්නිසාය බොහෝ උපකාර වයි කියා පළාගියාහ. වෙළඳූන් ගැල්ගෙණ වෙළඳාමට ගොස් වෙළඳාම් කොට ගෙණනුවරට අවුත් සර්වඥයන් වහන්සේ කරා ජේතවනාරාමයට ගියහ සර්වඥයන් වහන්සේත් ඇයි උපාසකය මෙතෙක් දවස් කොයිගියාදැයි විචාරා වෙළඳූන් වෙළඳාමට ගියනියාවත් අතරමග ලැගිනියාවත් නොනිදාම සක්මන් කළ නියාවත් සොරුන් ආ නියාවත් තමන් කළ නියාව දැක සොරු පාන්වනතුරු සිට පාන්වන්නා අත තුබූ කැටමුගුරු දමාගිය නියාවත් සර්වඥයන් වහන්සේට කීහ. සර්වඥයන් වහන්සේත් එම්බල උපාසකය පෙර උත්තමයෝත් නොනිදා සක්මන් කොට දේවතාවන් අතින් සාධුකරා ලද්දෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයෝ් බ්‍රාහ්මණ කුලයක ඉපිද පඤ්චකාමයෙහි ආදිනව දැක සෘෂිප්‍රවෘජාවෙන් පැවිදිව වනයෙහි වාසය කරන්නාහූ රෑ නොනිදා රාත්‍රිය තිස්පැයෙහි සක්මන් කරන්නාහ, එක් දේවතා දුවක් කියන්නී නිදන්නාවුන් අතුරෙන් නොනිදන තැනැත්තෝ කවුරුද නොදිදන්නවුන් අතුරෙන් නිදන්නෝ කවුරුදැයි දේවතාදුව විසින් විචාලකල්හි ඒ ප්‍රශ්නය විසඳන්නාවූ මහබෝධිසත්වයෝ දේවතාදුවට මේ ලෝකයෙහි යම් සත්වකෙණෙක් ශිලසඤ්ඤමයද ඉන්ද්‍රිය දමනයයි කියන ලද භාවනා මනස්කාරයෙන්ද සතරමග සතරඵලය නිර්වාණ ධර්මයෙහි කියන ලද නවලෝකෝත්තර සද්ධර්මය නොදන්නාහූ වි නම් සම්මොහනිද්‍රායෙන් නිදන්නාවූ සත්වයන් අතුරෙන් මම ඒ ධර්මතාවය දැන වාසය කරණ හෙයින් මම නොනිදන්නා නම් වෙමි යම්ක්‍ෂිණා ශ්‍රාවක කෙණෙකුන් වහන්සේ රාග වේෂ මොහෝහය කියන ලද යම් සකල ක්ලේශයන් දුරුකොට සම්මෝහ නිද්‍රායෙන් පිබිද වසන සේක්ද එසේවූ රහතුන් වහන්සේ අතුරෙන් ක්ලේශ විධිවංශනය කොට සම්මෝහ නිද්‍රායෙන් දවස් යවන හෙයින් මම නොනිදන්නා නම් වෙමියි මේ ප්‍රශ්න දෙක විසඳිමෙන් මහබෝධි සත්වයන් බණ කී කල්හිද සතුටුවූ දේවතාවා දු මාත්දන්නාසේමය. මහපුරුෂයාණෝ කීයේයයි සියළු වන දේවියන් සන්තුෂ්ටි කෙරෙමින් ස්තුති කොට සාධු කාර දුන්නීය. බෝධිසත්වයෝත් එතැන වැස කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මේ ජාගර ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි දේවතා ද නම් උපුල්වන් මහා ස්ථවිරය. තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.