මුල් පිටුව 351 සිට 400 දක්වා 369 ආසංඛවතී ජාතකය

369 ආසංඛවතී ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සසරට ප්‍රතිපක්‍ෂ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය සමයෙහි එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් භික්ෂූ කෙණෙකුන් වහන්සේ ස්ත්‍රියක් කෙරේ උකටලීවූ සිත් ඇතිව වාසය කරණසේක් භික්ෂූන් වහන්සේ ඒ නම් සර්වඥයන් වහන්සේට පෑ සේක.සර්වඥයන් වහන්සේ සැබෑද මහණ තා ස්ත්‍රියක් කෙරේ පිලිබඳව උකටලීවූ සිත් ඇතිව වාසය කරන්නේ යයි විචාරා වදාළසේක. එපවත් අසා සැබෑව ස්වාමිනි කී කල්හි දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් මේ මහණ ස්ත්‍රී කෙරේ පිළිබඳ සිත් ඇතිව විසුයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වශයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාලය වනයෙහි තපස් කරණසේක. එසමයෙහි දිව්‍යලෝකයෙන් දිව්‍යපුත්‍රයෙක් මිය අවුත් බෝධිසත්වයන් වහන්සේ වසන්නාවූ පන්සල සමීපයෙහි පොකුනේ පියුමක් මත්තේ සර්වණ ප්‍රතිමාවක් මෙන් කුමාරිකාව උපන. බෝධිසත්වයෝත් කීප දවසක් පියුම පරනොවි තිබෙන හෙයින් මීට කාරණා කිදෙයි කියා නානකඩ ඇඳගෙණ දියට බැස පියුම් ලඟට ගොසින් පියුම මත්තේ වැදාත්තාවූ කුමාරිකාව දැක දරුවනැයි යන සංඥාවෙන් වඩාගෙණ පන්සලට ගෙණවිත් වඩා වර්ධනය කොට සොළොස් ඇවිරිදි වයසට පැමිණියාහ. ඒ කුමාරිකාව මනුෂ්‍ය ස්ත්‍රියට වඩා සිටීනිය. දිව්‍ය ස්ත්‍රින්ටම අනුව සිටිනීය. ඒ තාපසයෝ පියුමෙහි උපන් තැනැත්තන් බලන්ට ආසාවෙන් ගිය හෙයින් ආසංඛවතී ය යි නම් තුබූහ. මෙසේ මේ කුමාරිකාවන් අනර්ඝ රූපයෙන් සජ්ජිතව වසන සමයෙහි ශක්‍රයෝ බෝධිසත්වයන් කරා කලින් කලට අවුත් දැක යන්නාවූ කල්යාමකින් තාපසයන් ලඟ අවුත් දැක වැද එකත්පස්ව ඉඳ කුමාරිකාව දැක මේ කුමාරිකා මෙතනට කෙසේ පත්වූ දැයි විචාළාහ. තාපසයෝත් තමන් දුටු සැටියත් තමන් දරුකොට වැඩු නියාවත් ශාක්‍රයන්ට කීවාහ. ශක්‍රයෝත් මුන්ට කුමක් උවමනා දැයි විචාළාහ.

තාපසයෝ කියන්නාහූ මුන් ඉඳිනට ගෙයක්ද වස්ත්‍රාභරණ අන්නපානාදී වූ ඛාද්‍ය භෝජ්‍යාදීවූ යන මේ සියල්ල උවමැනවයි තාපසයෝ කීහ.

එවිට ශක්‍රයෝත් යහපතැයි දැවානමය මාලිගාවක් ද වස්ත්‍රාභරණාදී ඛාද්‍ය භෝජ්‍ය අන්නපානාදීවූ දෙයද යන මේ සියල්ලම නිර්මිත කොට කුමාරිකාවට දී දිව්‍ය ලෝකයටම ගියහ. ඒ කුමාරිකාවන් තාපසයන්ට අත්පා මෙහෙවර කොට වසන්නීය, එක් වැද්දෙක් දඩගිය තැනැත්තේ ඒ පන්සලට වැද ඒ කුමාරිකාවන් දැක තාපසයන් සමීපයට ගොස් තාපසයන් වහන්ස මේ කුමාරිකාව කවුරුදැයි විචාළේය. තාපසයෝ මාගේ දුවනියෝය යි කීහ. වැදිත් එතනින් නික්ම බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන්ට කියන්නේ දේවයන් වහන්ස හිමාලය වනයෙහි එක් තාපසකෙණෙකුන්ගේ දුවක් විශිෂ්ටවූ රූ ඇත්තීය. බැළු බැළුවන්ට ප්‍රසාදවහණී ය යි රූපශ්‍රී වර්ණනා කෙළේය. රජ්ජුරුවෝ උන්ගේ බස් අසා තෘෂ්ණාව උපදවා වැද්දහු මගලන නියායෙන් ඉදිරිකොට තාපසයන් කරා ගොස් වැද එකත්පස්ව ඉඳ කුමාරිකාව දැක මේ කුමාරිකාව කවුරුදැයි විචිරා මාගේ දුවනියෝයයි තාපසයන් කී කල්හි තාපසයන් වහන්ස ස්ත්‍රීහූ නම් තාපසයන් වහන්සේට කිළුටක් හා සරිය නුඹ වහන්සේගේ දුවනියන් පසු මට පාවාදුන මැනවයි මම නුවරට ගෙණගොස් ස්ථානාන්තර කෙරෙමි කීහ. එවිට තාපසයෝ එබසට නිහඬක් නොකියා කියන්නාහු මාගේ දුවනියන්ගේ නම කිවොත් පාවාදෙමි කීහ. රජ්ජුරුවෝත් තාපසයන්ට බොහෝ නම් කියන්නාහු තාපසයෝ එබසට නිහඬක් නොකියා කියන්නාහූ මාගේ දුවනියන්ගේ නම කිවොත් පාවාදෙමි කිහ. රජ්ජුරුවෝත් තාපසයන්ට බොහෝ නම් කියන්නාහු තාපසයෝත් මේ මාගේ දුවනියන්ගේ නම නොවෙයි කියති. මේ නියායෙන් රජ්ජුරුවොත් අවුරුද්දක් රඳා නම් කියාගත නුහුනුවාහ. රජ්ජුරුවන් හා කැටිව ආ ඇතුන්ට සිංහ ව්‍යාඝ්‍රයන් ගෙනුත් බොහෝ ගහට විඳිනේය. ඇට ලේ බොන මදුරුවන්ගෙනුත් මනුෂ්‍යයන්ට බොහෝ ගහටය. ශිත පිඩාදීයෙනුත් බොහෝ දුක්ඛය ගෙනා බත් සාල් නිමා ගිය හෙයිනුත් මනුෂ්‍යයන් විඳිනාවූ පීඩා දැක රජ්ජුරුවෝත් අවුරුද්දක් රඳා මේ කුමාරිකාවන්ගේ නම කියාගත නුහුනුම්හයි කියා තාපසයන් වහන්සේ වැඳ සමුගෙණ නුවරට යන්නාහු කුමාරිකාව වසන්නාවූ මාලිගාව සමීපයට ගොස් තොප නිසා අවුත් අවුරුද්දක් තිගේ නම පමණක් කියාගත නොහී දුක්විඳ නුවරට යම්හයි කීහ. එවිට කුමාරිකා කියන්නී යම්දෙයක ආසාවක් කළ කල ඒ ආසාව පසිඳගෙණ විනා යාම කාරණා නොවෙයි මාතරම් ස්ත්‍රියක් ලැබගත ඇත්ද මා කියන කථාවක් ඇසුව, මැනව, දිව්‍යාලෝකයෙහි චිත්‍රාලතා වනයෙහි අසා නම් ලියෙක් ඇත. ඒ ලිය දාසක් අවුරුද්දෙන් ඵල ගන්නේය. දිව්‍ය පුත්‍රයෝ දාසක් අවුරුද්දෙන් මේ සාලියය ඵලගත්කල ඵල අනුභව කරම්හයි දාසක් අවුරුදු දුක්විඳ ඇවිද ඵල අනුභව කොට තුන් මසක් උත්සවකෙළි කෙළෙනාහ. නුඹ වහන්සේ අවුරුද්ක් දුක්විඳ මා වැනි ස්ත්‍රියක් ඇරපියා යන සේක් වේදැයි කීහ. එබස් ඇසඋ රජ්ජුරුවෝ ආසංඛවතී කුමාරිකාවන්ගේ බසෙහි බැඳී යා නොහි එකනම්කට නම් දහයක් සොයා නොදැක අවුරුද්දක් සොයා නම කීවත් තාපසයෝ ඒ නොවෙයි කිමෙන් අවුරුද්දක් පලාගියේය. මනුෂ්‍යයන්ට බොහෝ දුක් නිසා තාපසයන් වැඳ සමුගෙණ රජ්ජුරුවෝ තමන්ගේ නුවරට යන්ට නික්ම අසංඛවතී කුමාරිකාව කියන්නී රජ්ජුරුවෙනි මා කියන කථාවක් අසව, එක් කෙනෙක් පර්වතයක් මුදුනේ සැතපී ඉඳ සිතන්නේ මා උන්තෙනට ගංඟාවකුත් ගොදුරකුත් සැලසී ගියේ නම් යහපත්ව පැනුත් බී ගොදුරුත් කා චිත්ත සනෙතාෂ විනම් යහපතැයි සිතාගෙණ උන්නේය. ශක්‍රයෝ අසුර භවනය ජයගෙණ තමන් ශක්‍රභවනයට ඇවිත් සිතන්නේ මාගේ මනෝරථය සිද්ධවිය. කවුරුන්ගේ මනෝරථය සිද්ධනුවුයේ දැයි පරික්ෂා කළාවූ කොකා සිතාවුන් සිතිවිල්ල දැන කොකා උන් පර්වතය ගාවා ගංගා වතුරෙන් උසවා මහා ගංඟාවක් මැවීය. කොකා ගඟින් පැන්බී ගොදුරුත් කා චිත්ත සනෙතාෂ කෙළේය. තිරිසන් පක්‍ෂියා පවා තමාගේ මනෝරථය සිද්ධවාගෙණ ගියෝවේද එසේ හෙයින් නුඹ වහන්සේත් නුඹ වහන්සේගේ මනෝරථය සිද්ධකොටගෙණ ගියමැනවැයි කිව. යහපතැයි රජ්ජුරුවෝ ආසංඛවතී කුමාරිකාවන්ගේ බසෙහි බැඳි තමන්ගේ අමාත්‍යයන්ට කියන්නාහූ එකී එකී නමට සියයක් නියායෙන් බඳූවයි කියා බන්දවාගෙණ තාපසයන්ට කිවත් ඒ නොවෙයි කියා මේ නියායෙන් අවුරුද්දක් පළාගියේය. රජ්ජුරුවෝ තමන්ගේ නුවරට යෙමි කියා තාපසයන් වැඳ සමුගෙණ නික්මුනාහු ආසංඛවතී කුමාරිකාවන් උන් ප්‍රසාදය බලා කියන්නාහූ එම්බල කුමාරිකාව තිගේ නම් සොයා කියමි යන උත්සාහයෙන් දැන් තුන් අවුරුද්දක් පලා ගියේය. මෙදාතුරේ තිගේ බසෙහි බැඳිඋන් පමණක් විනා පඤචකාමයෙකුත් රැඳූනු ගමනෙක් නොවෙයි. නිකම් බසින් ප්‍රයෝජන කිම්ද මාගේ ආසවෙහි පූර්ණත්වයක් නැතිඋව මාගේ නුවරට යෙමි කිහ. ආසංඛවති කුමාරිකා කියන්නී රජ්ජුරුවන් වහන්ස. නුඹ වහන්සේ දැන් කියේ මාගේ නමය ඒ නම තාපසයන් වහන්සේට කියා මා කැඳවාගෙණ දැන් කීයේ මාගේ නමය ඒ නම් තාපසයන් වහන්සේට කියා මා කැඳවාගෙණ ගිය මැනවැයි කියා කිව. එවිට රජ්ජුරුවෝ එසේ විනම් මුන්ගේ නම අසංඛවතී නමැයි දැන තාපසයන් වහන්සේ සමීපයට ගොස් වැඳ ස්වාමිනි කුමාරිකාවන්ගේ නම ආසංඛවති නමැයි කීයේය.තාපසයෝ එසේය ආසංඛවතීය යි නමය උන් පාවාගෙණ යවයි කීහ. රජ්ජුරුවෝ අසංඛවති කුමාරිකාවගේ ප්‍රාසාදය සමීපයට අවුත් කියන්නේ තාපසයන් වහන්සේ තොප මටසමීපයට ගොස් වැඳ වැඳ සමුගෙණ රජ්ජුරුවන් හා කැටිව නුවරට ගියහයි. වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට මේ අසංඛවතී ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍ය දේශනාවගේ කෙළවර ඒ භික්ෂූන් වහන්සේ සෝවාන්වූ සේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් මේ භික්ෂූහුය. එසමයෙහි ආසංඛවතී නම් කුමාරිකා නම් පුරාණ දුතීය. එසමයෙහි තාපසයෝ නම් බුදුවූ මම් මයි වදාළසේක.