මුල් පිටුව 351 සිට 400 දක්වා 367 දරිමුඛ ජාතකය

367 දරිමුඛ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ලොවට සෙනහ ඇතිවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහබිනික්මන් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් දවසක් දම්සභා මණ්ඩපයේ රැස්වූ මාළුවරුන් වහන්සේ මේ නියා රාජ්‍යශ්‍රීයක් හැර මහබිනික්මන් කළ නියාව ඉතා යහපත ආශ්චර්යයෙකැයි කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් දැන මහණෙනි දැන්මතු පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් දැන මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් උත්තමයෝ රාජ්ජශ්‍රිය හැර මහණවුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පුත්ව උපන්නාහ. එකියන රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයානන්ගේ පුතනුකෙණෙකුන් ඇත්තාහ. එ කියන බ්‍රහ්මණ කුමාර විශිෂ්ටවූ රූප ඇති සොභාමත්වූ මුඛශ්‍රියක් ඇති හෙයින් දරිමුඛ නම් බ්‍රාහ්මණ කුමාරයත් බරණැස්න රාජකුමාරයෝත් දෙන්නම් එක්ව වැඩි දිසාපාමොක් ආචාරීන් සමීපයට ගොස් ශාස්ත්‍ර ඉගෙණ බරණැස් නුවරට එන අවස්ථාවට බරණැස් රජ්ජුරුවෝ මළහ. රාජ කුමාරයෝත් බමුණුකුමාරයත් දෙන්නා ශාස්ත්‍ර ඉගෙණ භික්‍ෂාටනය කොට ගෙණ බරණැස්නුවරට අවුත් ගෙයකට වන්කලට එ ්ගෙයි එක් මැලි ස්ත්‍රියක් දෙන්නා දැක චතුර්වේදයෙහි නිපුන නියාව දැන පුටුදෙකක් තනාලා එක් පුටුවෙක සුදුකඩක් හා එක්පුටුයෙක රත්කඩක් හා අතුට ඉන්ට කිව. බ්‍රාහ්මණ කුමාර රජ්ජුරුවන්ට අද රාජ්ජය පැමිණෙයි මට සෙනවිරත් ධුරය පැමිණෙයි නුවනින් දැන බ්‍රහ්මණ කුමාරයා රාජ කුමාරයන්ට සුදු ඉනකඩ අතුළ පුටුවදී තුමු රතු ඉනකඩ අතුළ පුටුවේ උන්නේය. ඒ ගෙය මෑලි ස්ත්‍රී බත් මාළු ඉදිකොට දෙන්නා බත් කැවුහ. දෙන්නා බත්කාලා මගුල් උයනට ගොස් රාජකුමාරයෝ මගුල් උයනේ සලවට පිට ඉනමඩ ඉසවසාලාගෙන වැදහොත්තාහ. බ්‍රහ්මණ කුමාර රාජකුමාරයන් ගාවා උන්නේය.බරණැස් නුවර වාසීහු පුස්සරථයසරහා නුවර අළහ. පුස්සරථය නුවර ප්‍රදක්ෂිණාකොට ගෙණ මගුල්උයනට ගොසින් රාජකුමාරයන් වැදොත් මගුල් සලවට පාමුල පුස්සරථය සිටියේය. බ්‍රාහ්මණකුමාර රාජකුමාරයන් පුබුද්දන්නා රාජකුමාරයෝ පිබිද මගුල්සල වට පිට ඉඳ කිමෙක්දැයි විචාළාහු නුවර වාසීහු ස්වාමිනි අපගේ රාජ්ජය කළ මැනවයි මේ නුවර රජ්ජුරුවන් වහන්සේ මළසේකැයි කියන්නා බෝධිසත්වයන් එපවත් අසා මේ නුවර රජ්ජුරුවන්ගේ රාජකුමාර කෙණෙක් රාජකුමාරී කෙනෙක අනැද්දැයි විචාරා නැතැයි අසා යහපතැයි ගිවිස්සාහ. බ්‍රාහ්මණකුමාර රජ්ජුරුවෝ රාජ්ජය කෙරෙති. මා සෙනවිරත් ධුරයේ සලසති.ඉන්මට ප්‍රයෝජන කින්දැයිසිතා ඉවත්ව සිටි කලට රාජ කුමාරයෝ රථයට නැගී බරණැස් නුවරට ගියපසු බ්‍රාහ්මණ කුමාර මගුල්උයනේ ඉඳ විලිසවැගිරගිය පතක් අතට අරගෙණ ඉඳ මේ පත්‍රය පළමු අංකුර පත්‍රයයි. පසු මූකළාවූ පත්‍රයය, දැන් ජිණිවග්ග පත්‍රයය, එසේහෙයින් සියළු සංස්කාරම අනිත්‍යයයි කිය කියා භාවනා කොට සිටිකලට පොළොව ගුගුරුවා සියළු කෙලශයන් නසා පසේ බුදුබවට පැමිණියේය ආකාශයෙන් තුන්සිවුරු පාත්‍ර අවුත් ශරීරයේ වැලඳගත පළමුශරීරය අන්තර්ධාන විය. පසේ බුදුවූ ශරීරයෙන් ආකාශයෙන් ගන්ධමාන පර්වතයට වැඩිසේක. රජ්ජුරුවෝ බරණැස් නුවර රාජ්ජයට පැමිණ සතළිස් අවුරුද්දක් බ්‍රාහ්මණ කුමාරයන්සඳහන් නැතිව ඉඳ මාගේ දැරිමුඛ නම් බ්‍රාහ්මණ කුමාරයා කොයිදැයි සඳහන්කොට පරීක්ෂා කරන්නට උවමැනවැයි කියා දසඅවුරුද්දක් පලාගියේය. එක්ව පණස්අවුරුද්දක් ගියකලට දරිමුඛ නම් පසේ බුදුන්වහන්සේ සිතනසේක් මාගේ මිත්‍රවූ බරණැස් රජ්ජුරුවෝ මා කොයිදැයි දක්නා අභිප්‍රාය ඇත්තෝය. මෙවක් පටන් රජ්ජුරුවන්ට වයසුත් මුහුකුරා දරුමල්ලනුත් ඇතිව වයස්මුහු කුරාව ගියේය. මාකී අවවාද ගිවිසතී මෙවිට ඔබ යෙමිසිතා බරණැස් නුවරට අවුත් මගුල් උයනේ දරිමුඛනම් පසේබුදුන් වහන්සේ වැඩඋන් කලට රජ්ජුරුවෝ උයන්ගොව්වා අතින් අසා දරිමුඛ නම් පසේ බුදුන් වහන්සේ කරා අවුත් වැඳ එකත්පස්ව උන්නාහ. පසේබුදුන් වහන්සේ රජ්ජුරුවෙනි දැහැමින් සෙමෙින් රාජ්ජයකරව්දැයි විචාරා වදාර ඉක්බිති පසේ බුදුන් වහන්සේ පළමුවන ගාථාව වදාළසේක.

ලෝකයෙහි යම් සත්වකෙණෙක් දියපීනන්නාවූ වැව් පොකුණු ගන් හෝ ආදියෙහි හටගත්තාවූ නෙළුම් ඇඹුල උපුල සෙවෙල් ආදියෙමි ගොඩනැගීයා නොහෙද්ද. තවද යම්සේ ඝණ මඩෙහි එරුණාවූ මෘගසුනඛාදීහූ නැඟියා නොහෙද්ද එපරිද්දෙන් මේ සංසාරයෙහි ඇවිදිනාවූ වස්තුකාම කෙළෙශකාම නමැති හෙද්ද එපරිද්දෙන් මේ සංසාරයෙහි ඇවිදිනාවූ වස්තුකාම කෙලශකාම නමැති තෘෂ්ණා ශෛවලාදියෙහි ලග්නව සංසාර පංකයෙන් නැගී ස්වර්ඝමෝක්‍ෂාදියට පැමිණ යා නොහෙන්නාහ. තවද වස්තු කාම කෙලශකාමයෝ ලොභ වේෂ මෝහ යන ත්‍රිකරණා ත්‍රියුග්මුල්ලය යන පවත්නාහෙයින් සසර සිටිනා සියළු සත්වයෝ ස්වර්ගමෝක්‍ෂාදීයට පැමිණියා නොදි අපායෙහිම නැවත කරකවා එලන හෙයින් බලවත්වූ භයංකාරද වන්නේයයි බුද්ධාදී මහොත්තමයන් විසින් කියන ලදී. තවද මහරජ වස්තුකාම කේලේශකාමයෝ සුවඳසුනෙන් උලා නහා වස්ත්‍රාභරණාදීන් සැරසී සිට සත්වයාගේ ශරීරයෙහි ස්වභාව ඇසට අටිෂයවූ රජස්ධුලි වැටිමෙන් යම්සේ නිස්සොභාවට පැමිණේද පිරිසිදුවූ සුනුපිරියම් කරණ ලද්දාවූ සුධධාවල ප්‍රකාර යෙහි භික්ති ආදිය එක්වම් දුම් වැදගැන්මෙන් කිලුටුවේද එපරිද්දෙන් මේ ලෝකයෙහි සත්වයන්ගේ සන්තානයෙහි හටගත්තාවූ කෙලෙස් නැමති රජස් ඒ ඒ සත්වයා විසින් පැමිණෙන ලද මාර්ගඵලාදියෙන් පිරිහෙලා නිස්සෝභා කරන්නේය. තවද ධ්‍යාන මෝක්‍ෂාදින් පිරිසිදුවූ චිත්තසන්තානය ඇති සත්වයාගේද සන්තානයෙහි හටගත්තාවූ සවල්පමාත්‍රවූද කෙලෙශයම ඒ සත්වයා කිලුටුකරන්නේය කෙලශ නැමති රජස්දූමය මා විසින් තොපට විස්තර වශයෙන් කියන ලදී. ඒ කටයුත්තෙකැයි තොපට සිතෙනම් වස්තුකාම කේලශ කාමයෙන් හැර තපසට යවයි යනාදීන් ධර්මදේශනා කළසේක. ඉක්බිති බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ පසේ බුදුන් වහන්සේට ආමන්ත්‍රණය කොට ස්වාමිනි මේ වස්තුකාම කෙලශකාමයෙහි බැඳිනිමියි සක්තවිම් පංචකාම විෂයෙහි ඇලි මුර්ජාවට ගියෙමි. ඒ කාරණයෙන් පස්කම් ගුණයෙන් වෙන්ව ජීවත්ව යා නොහෙමි ගිහිගෙයි සිට දානාමානාදීන් බොහෝ කුසල් රැස්කෙරෙම්හයි මහණව තපස් රක්ෂා කළ නොහෙමි කීහ. දිපංකරපාදමුලයෙහිදි තුන්වෙනිවූ නෛෂ්ක්‍රමය පාරමිතාව දැක කියන්නාහූ සුමේධ තාපසයෙනි යම්සේ සිරගෙයි වසාපුකෙණෙකුන කවරදා සිරගෙයින් ගැලවි යන්නෝදෝහෝයි සිතන්නාක්හුමෙන් තොපි මේ සංසාරයෙන් කවරදා ගොඩනැගෙම්දෝහෝ සිතා ඉටාගෙණ බුදුකුරුදම් පුරන්නාවූ බෝධිසත්වයන්ට පවා මෙසේවූ සිතුවිල්ලෙක් උපන. ඒ එසේමය මේ කොලයෙහි උන්මාද අටකින් විසංඥ වන්නාහ.

ඒ කෙසේද යත්

මෝහයෙන් උපදනාවූ කාම උන්මාදය. අනිෂ්ට විනාස උපදනාවූ ක්‍රොධ උන්මාදය. සංඥාකරවන දර්ශන උන්මාදය. අඥාන භාවයට පමුණුවන මෝහ උන්මාදය. යක්ෂයන් වසඟයට පමුණුවන යක්ෂ උන්මාද චිත්ත අධික බවට පමුණුවන පිත්තෝන්මාදය. පාන වසඟ කරවන සුරා උන්මාදය සෝක අධික වීමෙන් වන ව්‍යසන උන්මාද ය යි කියන ලද උන්මාද අටකින් දීපංකර පාද මූලයෙහි පටන් විවරණ ලත් ඒ උත්තමයානන් වහන්සේට පසේ බුදුන් වහන්සේ විසින් කියනලද්දාවූ අවවාද කාමඋන්මාද හෙයින් මට මහණ වන්නට බැරියයි කී සේක. යම් සත්ව කෙණෙක් හිත පිණිස කිවාලු අවවාද නො ගිවිස්සෝ වී නම් ජාති බොහෝ වෙයි ගෙවිමක් නැත්තේය යි කියා පසේ බුදුන් වහන්සේ වදාරණසේක් මහරජ යම් සත්වයෙක් මව්කුස උපන්නේ වී නම් ඒ සත්වතෙම සංසාර හීරුක වූ යොගාවචර පුද්ගලයා විසින් ඒ කාන්තයේ අසුභය අපවිත්‍ර යයි දක්නාලද මල මුත්‍රයෙන් පිරිසිටිනා සතර අතින් අකිලන සත්මසක් හෝ දසමසක් හෝ උන්තෙනින් නො සෙලවී පිනොක්හි සිඳෙන තලපල මුවක්මෙන් පැසී දුක් විඳිනාවූ මව්කුස් තිරයෙහි උපන්නේය. මහරජ ඒ මවුකුස් නිරයෙන් බිහිවන්නාවූ සත්වයෝ සිවුදැ ගඳ සුවඳ විලවුන් ගෙන සුගන්ධමාලධාරීව උපන්නාහු නොවෙති. වැලි කෙසේ උපදිද්දැයි යතහොත් පුරාණ ගුථයෙහිම වැකි රුධිරයෙන් ගැනී ඝන බොල් සොලොස්මායෙන් තැවරී බිහිවන්නාවූ එසේ බිහිවන වෙලෙහි මෙබඳූ අපවිත්‍රයෙන් මිශ්‍රවූ කම්ජ වාතයෙන් බැහැර හෙළන ලදුන යතොක්හිලා මිරිකන කලක්මෙන් මහදූක් විඳිමින් කෙසෙිව්දකින් අඳනා නාඹු ඇත්තක්හුමෙන් සඹාධයෙන් බිහිවීමෙන් දුක් විඳිතොත් විනා සැපයෙක් නම් නැත්තේමය. වස්තුකාම කේලේශකාමයෙහි ඇලුනු සත්වයාට ගර්භා වක්‍රාන්ති දුක්ඛය වන්නේයයි දෙයාසංඛ්‍ය කල්පලක්ෂ්‍යක් දන්නා නුවන ඇති ප්‍රත්‍යෙකබෝධි ඥානයෙන් දැකම කිමි. අනික් කෙණෙකුන්ගෙන් ඇසීමෙන් කිදෙයක් නොවෙයි යනාදින් දරිමුඛ නම් පසේ බුදුහු විසිතුරු බණ කථාවෙන් විශිෂ්ටවූ නුවණ ඇති බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ට වස්තුකාම කේලේශකාමයෙහි ආදිනව ඇති නියාව කියා ගිවිසූසේක. ඒ නියාවට රජ්ජුරුවන්ට අවවාද කියා මහණ වෙතත් තොපගේ අභිප්‍රායෙක. අප විසින් සියලු ආදිනව කියා ලුම්හයි කියා ආකාශයට පැන නැගී පස්වනක් වලා මඩිමින් පසේ බුදුන් වහන්සේ වඩිනට වන්සේක. රජ්ජුරුවෝ ආකාශයෙන් වඩිනේ පසේ බුදුන්වහන්සේ දර්ශනාතික්‍රාන්ත වනසේක් බලාසිට බරණැස් නුවර අමාත්‍යයන් ගෙන්වා ගමන් ගේ පුත්වූ බරණැස් රාජකුමාරයන් ගෙන්වා රාජ්ජයට පමුණුවා අමාත්‍යය මණ්ඩලයා ශොකයෙන් අඬ අඬා සිටිද්දී හිමාලය වනයට ගොස් මහණව පඤච ඍද්ධි අෂ්ටසමාපත්ති උපදවා නොපිරිහුනු ධ්‍යානයෙන් බ්‍රාහ්මලෝකයෙහි උපන්හයි වදාරා මේ දරිමුඛ ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බරණැස් රජව උපන්නෙම් තිලෝගුරු බුදුවූ මම්ම යයි වදාළසේක. මේ දේශනාව කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහ.