මුල් පිටුව 351 සිට 400 දක්වා 364 වීතිය කපොත ජාතකය

364 වීතිය කපොත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණාවට ආකාරවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ලෝභි භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

ලෝභි භික්ෂූන් වහන්සේ සර්වඥයන් වහන්සේට පානා සැබැද මහණ තා ලෝභිව වාසය කරන්නේ යයි විචාළ කල්හි සැබෑව ස්වාමිනි මං ලෝභිව වාසය කරන්නේයයි කීය. සර්වඥයන් වහන්සේ එපවත් දැන වදාරා දැන්මතු නොවෙයි පළමුත් ලෝභිව බොහෝ දුඃඛයට පැමිණියෝයයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ පරෙවි ව ඉපද බරණැස් සිටානන්ගේ මුළුතැන් ගෙයි අරක්කැමියා පක්ෂින් පිණිස සාල්ලක් ඉදිකොට බැඳ එල්වාලීය. බෝධි සත්වයෝත් ඒ සාල්ලෙහි වාසය කරන්නාහ. එතනට කවුඩෙක් අවුත් බෝධිසත්වයෝත් ඒ සාල්ලෙහි වාසය කරන්නාහ. එතනට කවුඩෙක් අවුත් බෝධි සත්වයන් හා එක්ව වාසය කෙරෙමි යි කියා එක්ව වාසය කරන්නේය. එක් දවසක් මුළුතැන්ගට බොහෝ දඩ මස් ගෙනාහ. ඒ දඩමස් කවුඩු දැක ඒ මාංශ ලෝභයෙන් කොයිත් නොගාසින් ඉඳ බොහෝ දුක්විඳිනේය. බෝධිසත්වයෝ ගෝචර භූමියට යන්නාහූ තොපිත් ගොදුරුකන්ට එව එක්වයම්හයි කීහ. කවුඩු කියන්නේ ඊයේ මා කෑ ගොචර අජිර්ණව තිබූ හෙයින් මම ගොදුරු කන්ට නොයමි ස්වාමිනි නුඹ වහන්සේ වඩිනේ යහපතැයි කීය. යහපතැයි කියා බෝධිසත්වයෝ ගෝචර භූමියට ගියාහ. කවුඩු ගාථාවකින් කියන්නේ අසත්පුරුෂවූ පරෙවිය මෙතනින් පලාගියේ යහපතැයි මාගේ අභිප්‍රානුකූල පරිද්දෙන් මාංශ අනුභවකෙරෙමි යි සිතා උන්කලට අරක්කැමි දඩමස් විශේෂ කොට පිස නිවෙන්ට මුඩම්වල ලා තිබු තමාගේ ශරීරයේ දාහ නිවන නියායෙන් දොර ගොසින් සිටියේය. කවුඩු අරක්කැමියා දොරට පලාගිය නියාව දැන මුඩම මතුපිට උන්කලට මුඩම ක්‍රිං යන ශබ්ද විය අරක්කැමි ඒ ශබ්දය අසා මුළුතැන්ගෙට වැද බැළුකලට කවුඩු මුඩුම පිට උන්නේය. අරක්කැමි කවුඩා අල්වාගෙණ ශරීරයේ ලෝම උදුරා මුදුනේ කුඩුම්බියක් තිබා ශරීරයේ මිරිස් ළුනු දුරු සිධිගුරු ආදීවූ දාහදෙය ගල්වා කිලෝගෙණගලා කැබිලිත්තක් විද කරබැඳ එල්වා සාල්ලට දැමිය. බෝධිසත්වයෝ ගොදුරු අනුභවකොට අවුත් කවුඩානන් වැදහොත් සැටිය දුක කවුඩානන් ලජ්ජාකරණ පිණිස කියන්නාහූ කොක්ධේනුව අපගේ කවුඩානන් වාසය කරණ තැන තොප වාසයකරන්ට කාරණා නොවෙයි කියන්නා එවිට කියන්නේ සබඳ මට මෙසේවූ දුකක් පැමිණි තිබූ ගමනේ නුඹ වහන්සේ මට නින්දාකරන්ට කාරණා නොවෙයි කියන්නා බෝධිසත්වයෝ කියන්නා තොප ශරීරයේ සඳූන් ගාගෙණ පලඳනාවකුත් පැලඳගෙණ අවුත් උන්හෙයින් කොයිරට ගොසින් ගෙණා පලඳනාවෙක් දෝහොයි සිතා කී පමණක් විනා තොපට වෙහෙසන්ට නොවෙයි කීහ. එවිට කවුඩු කියන්නේ මේ මාලාවත් පලඳනාවත් මේ ශරීරයේ ගෑ හඳූනුත් නුඹ වහන්සේගේ පසමිතුරන්ටත් නොවේවයි කියා කෙඳිරි ගගා වැදඹත් තැනැත්තවුගේ ප්‍රාණය නිරුද්ධව ගියේය. බෝධිසත්වයෝ කියන්නාහූ අප මෙතන ඉදිමෙන් සැකවෙයි කාරණාවෙයි කියා ඔබ්බට ගොසින් වාසය කළාහයි වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට මේ කපෝත ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යය දේශනාවගේ කෙළවර ලෝභි භික්ෂූන් වහන්සේ සෝවාන් වුසේක. එසමයෙහි කෘෂ්ණ කවුඩා නම් මේ භික්ෂූහුය. එසමයෙහි පරෙවිව උපන්නෙම් බුදුවූ මම් ම යයි වදාළසේක.