362 මුසික ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සර්වලෝකේකමාන්‍ය වූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අජාතශත්‍රෘ රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලද.

මෙහි වර්තමාන කථාව යටකියන ලද ථුප ජාතකයෙහි පෙණෙන්නේය. මෙහි වනාහී බිම්බිසාර රජ්ජුරුවෝ එක්දවසක් රාජකුමාරයන් වඩාගෙණ බණ අස අසා උන්නාහ. සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ ජව නම් රාජ කුමාර කෙණෙක් ඇත්තාහ. ඒ රාජ කුමාරයෝත් වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන් ලඟට සිල්ප උගන්නා සඳහා ගියාහ. දිසාපාමොක් ආචාරී ඒ කුමාරයන්ට ඉදිරියේ වන අන්තරායක් දැක ඊටකාරණා උගන්වන සඳහා ගාථා කියමි, කාරණා සිතන්නා ඒ ආචාරීන්ගේ එක් අසෙක් ඇත, ඒ අසාගේ පය වුණයක් ඇත. වණය එක් මීයෙක් දවස්පතා ඇවිත් කඩා කයි එක් දවසක් අසා පය වුණය කඩා කන්ට යයි මියා ඇවිත් වුණය කඩාගෙණ කල්හි අසා තමාගේ පය කුරයෙන් ඇන මියා මරා එතන තුබූ ලිඳට දැමීය. අස්සලයෝත් එතනට අවුත් මියා කොයිදැයි නොදැක සෙවුහ. බෝධිසත්වයෝත් මියා ගිය තැන් මම දනිමි ගාථාවක් බැඳ රාජකුමාරයන් ඉගැන්වූශ. එක් කොටළුවෙක් යව වපුළවූ හේනක ඉතිඅස්සෙන් කරපොවා යවකන්ට උත්සාහ කෙරෙයි. එයත් දැක ගාථාවක් බැඳ රාජ කුමාරයන් ඉගැන්වූහ. තමන්ගේ නුවනින් ගාථාවක් බැඳ ගාථා තුනම රාජ කුමාරයන් උගන්වා ආදියෙන් උගත් ගාථාව පොකුණේ නානාවිට කියව, දෙවෙනිව උගත් ගාථාව ඉනට නැගෙණවිට කියව තුන්වෙනිව උගත් ගාථාව ඉනි ඉස සිට කියවයි කියා රාජකුමාරයන් උගන්වා යවුය. රාජ කුමාරයෝත නුවරට ගොස් පියානන්ට සිල්ප දක්වා යුවරජ තනතුරු ලැබ පියානන් ඇවෑමෙන් රාජ්ජයට පැමිණ රාජ්ජය කරන්නාහ. රාජ කුමාරකෙණෙකුන් ලද්දාහ. ඒ රාජකුමාරයෝත් වැඩිවිය පැමිණ තමන්ගේ අමාත්‍යයන්ට කියන්නාහූ මාගේ පියානන් වහන්සේ සග බාල සේක. උන් වහන්සේ ඇවෑමෙන් රාජ්ජය ලබන්නේ කවරකලද පියානන් වහන්සේ මරා රාජ්ජය ගණිමියි කීහ. අමාත්‍යයෝත් යහපතැයි ගිවිස්සාය. රාජ කුමාරයෝත් පියානන් මරමි කඩුවගත් අත් ඇතිව මගුල් පතස පවුර කොණ ඇලි සිටියාහ. පතසට නාන්ට යන්නාවූ රජ්ජුරුවෝ මූසික නම් කම්මිත්ත කැඳවා පොකුණවට රැකවල්ලා බලා එවයි යවුහ. රාජ කුමාරයෝත් කම්මන්ත දැක මේ මා දුටු නියාව කිවුනම් නපුරයි කඩුවෙන් දෙපලුකොට ලිඳ එලාපුහ. රජ්ජුරුවෝත් පතසට බස්නා දිසාපාමොක් ආචාරීන් පළමුකොට ඉගැන්වූ ගාථාව කිය කියා පතසට බටහ. බොහෝ මනුෂ්‍යයෝ වටකොට ගෙණ සිටියාහූ මූසිකාව දකින්නේ නැතැයි කියන්නාහ. ඒ ගාථාවෙහි අභිප්‍රාය නම්.

මූසිකාව ගිය තැන් තොප ඇම දන්නේ නැත. මම දනිමි මූසිකාව මරා ලිඳට දමාපුවවහයි කීහ. රාජ කුමාරයෝත් තමන් එතන සිටි කාරණයත් මූසිකාව මැරූ නියාවත් රජ්ජුරුවන් වහන්සේ දත්සේක්වනැයි සිතා ඔබ්බට පලා ගියාහ. ගොසින් එපවත් තමන්ගේ අමාත්‍යයන්ට කීහ. අමාත්‍යයෝත් කීප දවසක් ගිය කළ නුඹ වහන්සේට යමක් නොකළේ රජ්ජුරුවන් වහන්සේ නොදත් හෙයිනි. තවත් උත්සහ කළමැනවැයි කිහ. එවිට රාජ කුමාරයෝත් යහපතැයි ගිවිස කඩුව ඇරගෙණ පියානන් මරමි. ඉනිපාමුල ඇත මෑත බලබලා සැඟවී සිටියාහ. රජ්ජුරුවෝත් ඉනිපාමුලට අවුත් දිසාපාමොක් ආචාරීන් ඉගැන්වූ දෙවෙනි ගාථාව කීය. ඒ ගාථාවෙහි අභිප්‍රාය නම්.

පළමු මූසිකාව මරා ලිඳට දමාපුසේම දැනුත් මරන්ට කග දික්කොට ගෙණ සිටිනා නියාදැයි යන අභිප්‍රාය වන්නේය. රාජ කුමාරයෝත් එවිට මාගේ පියානන් වහන්සේ තමන් වහන්සේ මරණ නිසා මෙතන මා සිටිනා නියාව දත්සේවනැයි සැඟවි ගොසින් එපවත් තමන්ගේ අමාත්‍යයන්ට කියා දෙපෝයක් විවර ගියකල දර්ව නම් ආයුධයක් අතින්ගෙණ තුන්වෙනිවත් පියානන් මරමි උත්සාහයෙන් ඉනි ඉස සැඟවි සිටියාහ. රජ්ජුරුවෝ ඉනිඉස දිසාපාමොක් ආචාරීන් ඉගැන්වූ තුන්වෙනි ගාථාව කීහ. එහි අභිප්‍රාය නම්.

දෙවාරයක් තොපි මා මරන්ට උත්සාහ කොට සිටියාවද දැනුත් මා මරන්ට ඉනිඉස සැඟවී සිටියාවද ඒ මම නොදනිම්ද?.තොපි මේවලියේ කඩ කොට කපාපුවොත් කුමක් කෙරේදැයි කීහ. එවිට රාජකුමාරයෝ තමන් අනික් යාහැකි තැනක් නැතිත හෙයින් දර්වනම් ආයුධය රජ්ජුරුවන් ඉදිරියට දමා මා කළ අපරාධයට ජිවිත දානය දුනමැනවයි වැදගෙණ ඔත්තාහ. එවිට රජ්ජුරුවෝ තොපට කුමන ජිවිත දානය දෙන්නෝදැයි උන් අමාත්‍යයන් කැඳවා මෙපවත් කියා රාජකුමරයන් දඟගෙයි ලවා සිංහාසනාරුඪව හිඳ කියන්නාහු එම්බා අමාත්‍යයෙනි යම් ගෙයක ඉදිනේ නම් ඒ ගේ තමාට ආරක්ෂාව පිණිසය එසේවූ ගෙයත් මට සහය නුවුයේය. තමාගේ පැමිණ යම් දුකකට සහයව සිටින්නෝ පුත්‍රප්‍රේමයෙන් තමා වදාගත් දරුවෝය. එසේවූ දරුවෝත් සට සතුරුව සිටියෝය. මෙසේ අවඩයට දිසාපාමොක් ආචාරීන් උගන්වාළූ යම් කෙණෙකුන්ට පිටිවහල්ව සිටින්නේ ශාස්ත්‍රයමය, එසේ හෙයින් ඇමවෙලෙහිම ශාස්ත්‍රයම පුරුදුකල යුතුයයි කියා දැහැමෙන් සෙමෙන් රාජ්ජය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. ඒ අමාත්‍යයෝත් රජජුරුවන් අවෑමෙන් රාජකුමාරයන් මැසුන් කපා රාජ්ජයට තබාගෙණ රාජ්ජය කරවුහයි වදාරා මේ මුසික ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි දිසාපාමොක් ආචාරීව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.