මුල් පිටුව 351 සිට 400 දක්වා 360 දීඝකොසල ජාතකය

360 දීඝකොසල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද පුජනෙය්‍යාතිපුජනෙය්‍යවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වහන්දෑ දෙනමකගේ ඩබරයක් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

මෙහි වර්තමාන කථාවත් ජාතක කථාවත් සංඝභේද ජාතකයෙහි පෙණෙන්නේය. මෙහි වනාහි කොසොල්රට දීඝ රාජකුමාරයෝයයි යන රාජකුමාර කෙණෙක් ඇත්තාහ. ඒ රාජ කුමාරයන්ගේ ඇකය මත්තෙහි ඉස තබා දිග කෝසල නම් බරණැස් රජ්ජුරුවෝ වැඳ හොත්තාහ. එවිට දීඝ කුමාරාේ තමන්ගේ දෙමව්පියන් මැරූ සතුරා මරාපියමි සිතා එක් අතකින් රජ්ජුරුවන්ගේ ඉසකෙස් වැටිය එක් අතකින් කඩුවත් අල්වාගෙණ සිතන්නාහූ මාගේ පියානන් වහන්සේ මියන ගමනේ යමක් පරීක්ෂාකාරිව කරවයි කීයා මළසේක. මාගේ පියානන් වහන්සේ කිවා නොයික්මවයි සිතා රජ්ජුරුවන් පිටට කඩුපතකින් පිටට කඩුපතකින් ගසා රජ්ජුරුවන් පුබුද්දා ඉසකේ අල්වාගෙණ කියන්නාහූ එම්බා රජ්ජුරුවෙනි. තොප මරමි සිතා ඉසකේ අල්වා කඩුව ඔසවා ගතිමි මාගේ පියානන් වහන්සේ මියන ගමනේ පරීක්ෂාකාරීව යමක් කරවයි වදාළසේක. එසේහෙයින් තොප නොමරමි කීහ. එබසට බරණැස් රජ්ජුරුවෝ කියන්නාහු මේ වෙලාවට තොප විනා මට බන්ධු කෙණෙකුත් නැත. මාරතොත් මරව, තොප කැමැත්තක් කරවයි කීහ. එවිට දීඝ කුමාරයෝ කියන්නාහූ නුඹ වහන්සේ මරණ නිසා කළ දෙයක් නොවෙයි භය නොගත මැනවයි කියා යම්කෙණෙකුන්ට තමාගේ ජිවිතය නසා හිංසා කිරීමද අනුන්ට පරිහානියක් කිරීමද සත්පුැරෂයෝ නොකරන්නාහයි කියා දෙන්නම් උන්න්ට කඩුව අත්ගසා දිවුට නොවරදිනා නියායෙන් තරය කළාහ. බරණැස් රජ්ජුරුවෝත් දීඝ කුමාරයන්ගේ බසට සමාධිව රාජකුමාරයන් බරණැස් නුවරට කැන්දා ගෙණ ගොස් මෙපවත් අමාත්‍යයන්ට කියා මේ දීඝ රාජකුමාරයෝ කෝසල රජ්ජුරුවන්ගේ පුතනුවෝය උන්ට උන්ගේ රාජ්‍යය දෙම්හයි තමන්ගේ දුවනියනුත් පාවාදී උන්ගේ පියානන්ගේ රාජ්‍යයත් දී යව්හ. එවක්පටන් දෙරට රජදරුවෝ දෙනම උනුන්ට රාජ්‍යය කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියායයි වදාරා මේ දීඝ කෝසල ජාතකය නිමවා වදාළසේක. එසමයහෙි දෙම්පියෝ නම් දැන් මේ දෙමව්පියෝමය, එසමයෙහි දීඝ රාජ කුමාරයෝ නම් බුදුවූ මම ම වේදැයි වදාළසේක.