මුල් පිටුව 351 සිට 400 දක්වා 359 චතුත්‍ර්‍ථපලාස ජාතකය

359 චතුත්‍ර්‍ථපලාස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද වන්දනෙය්‍යාතිවන්දනෙය්‍යාවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ස්ත්‍රියක් නිසා උකටලී වූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ ස්ත්‍රියක් නිසා උකටලීව වාසය කරණ නියාව සර්වඥයන් වහනසේ දැන වදාරා සැබෑද මහණ තා ස්ත්‍රියක් නිසා උකටලීව වාසය කරන්නේ දැයි විචාරා වදාළ කල්යි සැබෑය ස්වාමිනියි කියන්නා එම්බල මහණ ස්ත්‍රියක් නිසා උකටලීවීම නම් කෑලගත් ඇතුලේ නුගගස් ඇතිව කැලැගස් නැසුවා මෙනැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේ ද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ හංසව ඉපිද චිත්‍රකූට පර්වතයෙහි වාසය කොට ගෝචර භූමියට යන එන කල කෑලගස සැතපී ඉඳිනාහ. කැලැගස සැතපී ඉඳිමෙන් ඒ ගස වාසයකරන්නාවූ දේවතාවා හංසයානන් හා බලවත් හිත මිත්‍රව වාසය කරන්නාහ. එසමයෙහි එක් පක්ෂියෙක් නුග ඵලයක් අනුභව කොට අවුත් වර්චස් කරන්නේ කැලැගසේ ඇතුලේ බිලයෙක වර්චස් කෙළෙය. ඒ වර්චස් කරන්නේ කැලෑගසේ ඇතුලේ බිලයෙක වර්චස් කෙළේය. ඒ වර්චසයෙහි තිබූ නුග ඵලයෙන් සතරඟුලක් පමණක් නුග ගසක් ඇතිවිය. හංස රජ්ජුරුවෝ කැලෑගස උන්නාවූ දේවතාවාට කියන්නාහූ මේ සතරඟුලක් පමණ නුග ගස නිසා මතුමේ කැලැ ගස නස්නේය. දැන් මේ නුග ගස උදුරාපියවයි හංස රජ්ජුරුවෝ කීහ. දේවතාවා කියන්නේ මාගේ ඇකයපිට උන් දරු කෙණෙකුන් හා සමානය. එසේහෙයින් මම නම් පියාන කෙණෙකුන් හා සමානය මේ නුග පැලය නම් දරුකෙණෙකුන් හා සමානය එසේ හෙයින් මේ නුග ගස නුදුරුමි දේවතාවා කීය. හංස රජ්ජුරුවෝ එසේවීනම් තොප හා මා හා මිත්‍රකමුත් නැත. මා වෙත එන්නේත් නැතැයි කියා එතැන්පටන් කැලැගසට හංස රජ්ජුරුවෝ නොඑන්නාහ. ඒ සිටි කාලාන්තරයකින් නුග ගස මහත්ව කැලැගස නැසී ගියේය. දේවතාවා මාගේ මිතථ්‍රත හංසරාජ්ජුරුවන් කී අවවාද නොකොට මා ඉන්නා වාසස්ථානය නුවුයේය යයි එතනින් අනතර්ධාන විය. එවිට සර්වඥයන් වහන්සේ එම්බා මහණෙනි යම් සත්වකෙණෙක් පඤච කාමයෙහි ලෝභිව අනුන් කීවා නෙකළෝ නම් දේවතාවාට හංසරජ්ජුරුවන් කී අවවාද නො ගිවිස්සෝ මෙනැයි වදාරා මේ පලාස ජාතකය වදාළසේක. මේ බණ අවසානයෙහි පන්සියයක් භික්ෂූන් වහන්සේ සියළු කෙලෙසුන් නසා රහත්වූසේක. එසමයෙහි හංසව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළ සේකී.