තවද දේවාතිදේව වූ සර්වඥයන්වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වනලද.
ඒ කෙසේද යත්
දම්සභාවෙහි රැස්වූ මාළුවරුන්වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ සර්වඥයන් වහන්සේ මරන්ට උත්සාහ කොට මරාගත නුහුනුවෝ වේදැයි කිය කියා වැඩ උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් දේවදත්ත ස්ථවිරයෝ අප මරන්ට උත්සාහකොට භය විවරකුත් කොටගත නුහුනුවෝ වේදැයි වදාරා ඒ කෙදේයැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක. ඒ කෙසේද යත්
|