මුල් පිටුව 301 සිට 350 දක්වා 320 බ්‍රහ්මදත්ත ජාතකය

320 බ්‍රහ්මදත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මෙසේ පූජ්‍ය වූ සර්වඥයන් වහන්සේ අලව්නුවර නිසා අග්ගාල නම් දේවාලයෙහි වාසය කරණසේක් කුට ශික්‍ෂාපදයක් අරභයා මේ ජාතකය දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්

මෙහි වර්ථමාන කථාව යටකී මණිකණ්ට ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය. මෙය වනාහි භික්ෂූන් වහන්සේ කුළුපග උපාසකවරුන් අතින් උන් නොකමැති කරවා ලාභය ඉල්විම කටයුතු නොවෙයි භික්‍ෂූහුනම් දැහැමෙන් සෙමෙන් ලත්දෙයක් විනා දසවිධ උපාසක වරුන්ගෙන් ඉල්වුකල වික්‍ෂේප වෙති. පෙර උත්තමයෝ පවා එක පත්කුඩයක් හා වහන්සඟලක් ඉල්වා ගතනොහී දොලොස් අවුරුද්දක් ලජ්ජාවෙන් උන්නෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස උත්තර පඤාලරට යම්පිල්ල නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහ්මණව ඉපිද පඤච කාමයෙහි ආදිනව දැක සෘෂි ප්‍රව්‍රජ්ජාවෙන් පැවිදිව හිමාලය වනයට වැද වාසය කරන්නාහු ළුනු ඇඹුල් සෙව්නා පිණිස උත්තරපංචාල නුවරට ආවාහු රජ්ජුරුවන්ගේ මගුල්උයනෙහි වාසය කොට උදෑසනම නුවරට සිඟා ආහ. රජ්ජුරුවෝ තාපසයන්ගේ ඊර්යාපථයෙහි පැහැද වස් සාරමස උයනේ වාසය කරණ නියායෙන් ආරාධනාකොට තාපසයන් පවරා උපස්ථාන කළාහ. තාපසයෝ වස් අන්තයෙහි හිමාලවනයට යන්ට අභිප්‍රාය ඇතිව රජ්ජුරුවන්ගෙන් එක්පට වහන්සඟලක් හා පත්කුඩයක් ඉල්වා ගන්නා පිණිස අභිප්‍රා ඇතිව රජ්ජුරුවන්ට කන්නලව් කියමි සිතා යම්කෙනෙකු අතින් ඉල්විම නම් ඇඬිමය. දෙන තැනැත්තො ්දෙවැනිව නැතැයි කිවුනම් ඒ දෙවැනි ඇඬිමය.මේ අප දෙදෙනාගේ අඬන ඇඬිම බොහෝ දෙන මැද කිම කටයුතු නොවෙයි කියා රජ්ජුරුවෙන රහස කටයුත්ත තනිව කියන්නා අභිප්‍රාය ඇත්නම් හයි කිහ. රජ්ජුරුවෝත් ලඟසිටියවුන් පහ කරවා වදාළමැනවැයි කීහ. තාපසයෝ කියන්නාහූ යම් කෙනෙකුන් අතින් යමක් ඉල්ලුකල ලැබේ හෝ නොලැබේ හෝ ඉඳින් මා ඉල්ලු දෙය නැතැයි කිවුනම් රජ්ජුරුවන් සිත් කල කිරි මෛත්‍රී මදවෙයි සිතා පසුව දන්නෙම් වේදැයි සිතා කියා රජ්ජුරුවන් යවුහ. මෙම නියායෙන් දවසින් දවසම කියමි උත්සාහා කොට දොළොස් අවුරුද්දක්ම ඉක්මුනේය. රජ්ජුරුවෝ තාපසයන් වහන්සේ මාගෙන් ඉල්විමක් ඉල්වන්ට සිතන්නේ දොළොස් අවුරුද්දක. අද මම උයනට ගොසින් තාපසයන් වහන්සේට බොහෝ දවසක් තපස්කොට ගිහිගෙයි ආලය ඇතිව නම් කටයුතු නොවෙයි. රජ්ජුරුවෝ නම් රාජ්‍යලෝභය ඇත්තේයයි කියා ලජ්ජාවෙන් නොයිල්වන දෙයක්වන අද රාජ්ජය ඉල්වුවත් දෙමි. රාජ්ජයෙන් අර්ධයක් ඉල්ලුවත් දෙමි සිතා තාපසයන් වහන්සේ කරා උයනට ගොස් වැඳ එකත්පස්ව හිඳ ස්වාමිනි මා අතින් නුඹවහන්සේ ඉල්විමක් ඉල්වන්නේ දොළොස් අවුරුද්දක. අද නුඹ වහන්සේ මාගේ රාජ්ජය ඇතුළුවූ අභිප්‍රා යම් දෙයක් ඉල්ලුව මැනව දෙමි කිහ. එවිට තාපසයන් වහන්සේ මහරජ මා ඉල්ලු දෙයක් දෙව්දැයි කියා විචාරා රාජ්ජය දෙමි කීයමි.සෙසු වස්තුවක් නොලෙමිදැයි රජ්ජුරුවන් කී කල්හි එවිට තාපසයෝ කියන්නාහූ මහරජ අපි හිමාලය වනයට යන්න අභිප්‍රාය ඇත්තෙම්හ. වහන්සඟලක් හා පත් කුඩ ලබන්නා කැමැත්තම්හයි කීහ. රජ්ජුරුවෝ කියනනාහු මේපමණකින් පසුව මට මෙතෙක් දවස් නොකියේ ඇයිදැයි කීහ. මෙපමණ සඳහා මිනිසුන් වෙහෙසෙන්නේ ඇයිදැයි සිතා නොකිම් සිතා තාපසයෝ කියන්නාහු මහරජ, යම් කෙණෙකුන්ගෙන් නැතැයි කියා ඉල්විම් එක් ඇඬීමෙක. ඉල්ලුකල නැතැයි කිම එක් ඇඬිමකි. මේ අප දෙදෙනාගේ ඇඬීම බොහෝ දෙනා දැකිම නපුරුයි සිතා තනිව කියම්මැයි කියේය. පංචාලවාසී ජනයන්ට උත්තම වූ රාජෝත්තමය. යම් කෙනෙකුන් අපට යමක් ඉල්වු කල බොහෝ නොලැබෙයි සිතා නොයිල්වූයේය. අනික් කන්නලව්වෙක් මේ මිසක් නැත මෙපමණක්ම අපට සැහෙයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු නුඹ වහන්සේ කී මේ ගාථාවෙහි ප්‍රසන්නවූ මම නුඹ වහන්සේට රාජ්ජයත් දෙමි රථ දහසකුත් දෙමි නුඹවහන්සේ කැමති පරිද්දෙන් මෙකී දෙය ප්‍රයෝජන උපමැනැවැයි කීහ. එවිට තාපසයෝ කියන්නාහු මහරජ පඤචකාමයෙහි ආදීනම දැක සෘෂි ප්‍රව්‍රජ්ජ්‍යාවෙන් පැවිදිව හිමාලය මනයට ගියෙහි. එසේහෙයින් අපට වස්තුවෙන් ප්‍රයෝජන නැතැ. මේ පත්කුඩය හා වහන්සඟලක් පමනැයි කියා ආරගෙණ රජ්ජුරුවන්ට පන්සිල් රකුවයි අවවාද දී හිමායල වනයට ගොස් පඤචාභිඥා අෂ්ටසමාපත්ත්ි උපදවා නොපිරිහුනු ධ්‍යානයෙන් කම්වු පරිද්දෙන් බඹ ලොව ගියහයි වදාරා මේ බ්‍රහ්මදත්ත ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බ්‍රහ්මදත්ත රජ්ජ්ුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. තාපසව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේකී.