මුල් පිටුව 301 සිට 350 දක්වා 317 සුබ්බච ජාතකය

317 සුබ්බච ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි අප තිලෝගුරු සර්වඥරාජාත්තමයානන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරණ සේක්. එක්තරා කෙළෙඹි පුත්‍රයෙකු අරභයා මේ සුබබව ජාතකය නිමවා වදාළසේක.

ඒ කෙළෙඹි පුත්‍රයා වනාහි ගම්හි නය එලවමින් භාර්යාව හා එක්ව ගොස් නය එලවා ගෙන ගැලක් ගෙන ගොස් පසුව ණෛමියි. එක්තරා ගෙයක තබා නැවත සැවැත් නුවරට යන්නාහු එක්තරා පර්වතයක් දුටුවාහුය. ඉක්බිත්තෙන් ඔහුගේ භාර්යාතොම කියන්නී සාමිනී ඉදින් මේ පර්වතය ස්වර්ණමය වීනම් මට කිසිවක් දෙන්නෙහිදැයි විචාලීය. එබසට ස්වාමියා කියන්නේ මාගෙන් එලෙස ලබන්ට තෝ කවුරුද මම නොදනෙමි කීයේය. ඉක්බිත්තෙන් ඕ තොම එපමණ කින් තදවූ සිත් ඇත්තී ඒ කාන්තයෙන්ම මේ පර්වතය ස්වර්ණමය වූ කල්හිදු මට කිසිවක් නොදන්නේයයි කියා නොසතුටු වූවා ඉක්බිති ඒ ස්ත්‍රී පුරුෂ දෙදෙනා බුදුන් වාසය කරන්නා වූ ජේතවන විහාරය සමීපයට ගොස් මාර්ග ශ්‍රමයන් සන්සිඳුවා පැන් බී ගෙණ යම්හයි විහාරයට වන්කල්හි බුදුරජානන් වහන්සේ ද එදා අළුයම් වේලෙහි ඔවුන් දෙදෙනාගේ ශ්‍රොතාපතති ඵලයට බලවත් ප්‍රත්‍යය ඇති බව දැන වදාරා ඔවුන් දෙදෙනාගේ ඊම බලමින් ෂඩ් වර්ණ ඝන බුද්ධ රස්මීන් ශ්‍රී ශරීරයෙන් නික්මවා මදක් වැඩහුන් සේක. ඒ දෙමහල්ලෝද පැන් බී අවුත් බුදුන් වැඳ එකත්පස්ව උන්නාහුය. සර්වඥයන් වහන්සේ ඔවුන් හා සමඟ පිළිසඳර කථා කොට හෙවත් තමන් වහන්ෙස කරා පැමිණි ආගන්තුකයන්ට සන්තෝෂයට කාරණා වදාරා තෙපි දෙදෙනා ලද්දා වූ ධනයන් එලවාලන්ට ගියම්හයි කීවාහුය. එබසට බුදුරජානන් වහන්සේ කිමෙක්ද උපාසිකාව තොපගේ වල්ලභ වූ පුරුෂතෙම තොපට හිතසිත් ඇත්තෝද උපකාරීව වාසය කරන්නේදැයි විචාරා වදාළසේක. එබසට ස්වාමීනි භාග්‍යවත් වූ බුදුරජානන් වහන්ස මම මොහු කෙරෙහි සෙනහයෙන් යුක්ත යෙමි මේ වනාහි මා කෙරෙහි සෙනහයක් නැත්තේය. ඊට කාරණා කවරේද? අද දවස් මා විසින් පර්වතයක් දැක මේ පර්වතය ස්වර්ණමය වීනම් මට කිසිවක ්දෙන්නෙහි දැයි විචාරණ ලද්දෝතෝ ඒ මාගෙන් ලැබීමට කවරෙක්දැයි කිසිවකුත් නොදෙමියි කීයේය. එසේ හෙයින් මෙබඳු වූ කිසි ස්නේහ ගුණයක් නැති මෙතෙම තද වූ සිත් ඇත්තේයයි කීවාය. එබසට බුදුරජානන් වහන්සේ එඹල උපාසිකාව මෙනම් දෙයක් නොවන්නේ වී නම් යම් කලෙක වනාහි තොපගේ ගුණ සිහි කෙරේද එදවස් වනාහි සියලු ඓශචය්‍ර්‍ය ම දෙන්නේයයි වදාරා බුදුන් විසින් වදාළ වචනය ඇසූ උපාසිකා තොම ස්වාමීනි බුදුරජානන් වහන්ස සියළු ඓශය්‍ර්‍ය ලැබීම නම් කවරේදැයි ඔවුන් විසින් ආරාධිත වූ බුදුරජානන් වහන්සේ අතීත කථාව ගෙන හැර දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්


යටගිය බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ කල්හි පුරණ ලද පෙරුම් ඇති මහබෝධිසත්ව තෙම එ රජහුගේ සියලු ක්‍රියා සිද්ධ කරන්නාවූ අමාත්‍ය විය. ඉක්බිත්තෙන් එක් දවසක් ඒ බරණැස් රජතෙම තම පුත්‍ර වූ යුව රජහු උපස්ථානයට එන්නා දැක මේ තෙමේ මාගේ අභ්‍යන්තරයෙහි වාසය නොකෙරේවයි සිතා ඒ අමාත්‍යයා සමීපයට කැඳවා එම්බා සගය මම යම්තාක් කල් ජීවත් වන්නෙම් ඒ තාක් කල් මෙතෙම මේ නුවරෙහි වාසය කිරීම නොලබන්නේය. අන්‍ය ස්ථානයක වාසය කොට මාගේ ඇවෑමෙන් රාජ්ජය කරවයි කීයේය. එතෙම යහපතැයි ගිවිස පිය රජහු වැඳ ප්‍රධාන භාර්යාව හා සමඟ බරණැස් නුවරින් නික්ම ප්‍රත්‍යනත ජනපදයකට ගොස් වනාහි පන්සලක් කොට වනමුල් වන ඵලාඵල අනුභව කෙරෙමින් වාසය කරන්නේය. මෑත භාගයෙහි පිය රජතෙම කළුරිය කෙළේය. යුවරජ තෙම තරු බලා ඒ තමාගේ පීතෘ වූ බරණැස් රජ කාල ක්‍රියා කළ බව දැන බරණැස් නුවරට එන්නේ අතරමග එක් පර්වතයක් දුටුවේය. ඉක්බිත්තෙන් ඔහුගේ භාය්‍ර්‍යාතොම කියන්නී ඉදින් දේවයන් වහන්ස මේ පර්වතය ස්වර්ණමය වී නම් මට මින් කිසිවක් දෙන්නෙහිදැයි විචාළීය. එබසට යුවරජ කියන්නේ තෝ මාගෙන් ලබන්නට කවරෙහිදැයි කිසිවක් නොදෙමියි කීයේය. ඉක්බිත්තෙන් ඕතොම මම ඔහු හා සමඟ වාසය කෙරෙමියි සෙනහයෙන් වාසය කරන්ට නොහැකි වූයේය. මේ පුරුෂ ද මා කෙරෙහි කලකිරිණි. සෙනහව තදවූ සිත් ඇත්තේ රජ්ජයට පැමිණද මෝතොම මට කවර යහපතක් කළාදැයි නොසතුටුවන්නේයයි සිතා ඒ පුරුෂයා හැර වනයට නොගොස් ඔහු හා සමඟ ගියාය. එතෙම රාජ්‍යශ්‍රීයෙහි පිහිටා ඒ ස්ත්‍රිය අගමෙහෙසුනැයි යන යසස් මාත්‍රයක් දුන්නේය. මත්තෙහි වනාහි කළ සත්කාර සම්මානයෙක් නැත්තේය. මෑත කාලයෙහි ඈ ඇති බවත් නොදන්නේය. බෝධිසත්වයන් වහන්සේ සිතන සේක්. මේ ස්ත්‍රී තොම රජහුට උපකාරව වල වාසය කරණ කාලයෙහි මෙපණක් දුක් ගනිමියි සිතා නුකුසී තව මෙරජහට විශ්වාසව සිත පක්ෂ පාත බැව්හි වාසය කළාය. දැන් මෙරජ යනාහි තමහටගත් දුක් පමණක් නොදැන අන්‍ය වූ ස්ත්‍රීන් හා රමණය කෙරෙමින් දවස් අරනේය. යම්සේ මෝතොම සියළු ඓශචය්‍ර්‍ය ලබන්නීද ඒ ලබන්නට සුදුසු උපායක් කෙරෙමියි සිතා එක් දවසක් බෝධිසත්වයන් වහන්සේ බිසෝවරුන් කරා ගොස් වැඳ දෙවීන් වහන්ස දැන් අපි නුඹ වහන්සේගෙන් සෙසු දේ තබා ආභරණ පමණක් නොබලම්හ. කුමක් හෙයින් අප කෙරෙහි උදාසීන භාවයෙන් ප්‍රමාද වු සේක්ද ඉතා තදවූ සිත් ඇති සේක්නුයි කීසේක. එබසට බිසව් කියන්නාහු එඹා අමාත්‍යයානෙනි තොපට දෙන්නේ මම ලබන්නෙම් වේදැයි කිවුය. නමුත් නොලබන බව කියා රජ්ජුරුවන් වහන්සේ දැන් වනාහි මට කුමක් දෙනසේක්ද එදවස් අතර මගදී පර්වතය දැක සිත අදහනු පිණිස මේ පර්වතය ස්වර්ණමය වීනම් මට මින් කෙතෙක් දෙන සේක්දැයි විචාළ කල්හි මාගේන් ලබන්ට තෝ කවරේදැයි කීයේය.

බෝධිසත්වයන් වහන්සේ බිසෝවරුන් කරා ගොස් වැඳ දෙවීන් වහන්ස දැන් අපි නුඹ වහන්සේගෙන් සෙසු දේ තබා ආභරණ පමණක් නොබලම්හ. කුමක් හෙයින් අප කෙරෙහි උදාසීන භාවයෙන් ප්‍රමාද වු සේක්ද ඉතා තදවූ සිත් ඇති සේක්නුයි කීසේක. එබසට බිසව් කියන්නාහු එඹා අමාත්‍යයානෙනි තොපට දෙන්නේ මම ලබන්නෙම් වේදැයි කිවුය. නමුත් නොලබන බව කියා රජ්ජුරුවන් වහන්සේ දැන් වනාහි මට කුමක් දෙනසේක්ද එදවස් අතර මගදී පර්වතය දැක සිත අදහනු පිණිස මේ පර්වතය ස්වර්ණමය වීනම් මට මින් කෙතෙක් දෙන සේක්දැයි විචාළ කල්හි මාගේන් ලබන්ට තෝ කවරේදැයි කීයේය.