මුල් පිටුව 301 සිට 350 දක්වා 316 තෘතිය තිත්තිර ජාතකය

316 තෘතිය තිත්තිර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සමත්‍රිංශත් පාරමිතා සම්භාරයෙන් සංසිඬ බොධිඥානයෙන් සුපරි සුඬ සකන්‍ධසනතාන ඇති අප තිලෝගුරු සම්‍යක් සම්බුද්ධ සර්වඥරාජොත්තමයානන් වහන්සේ කොසඹෑ නුවර ගොවර ග්‍රාම කොට බදරිකා නම් ආරාමයෙහි බ්‍රහ්ම විහාරයෙන් වාසය කරණ සේක්. රාහුල ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

මෙහි වර්තමාන කථා වස්තුව යට තිපල්ලත්‍ර්‍ඵ ජාතකයෙහි විස්තර වශයෙන් කියන ලද්දේමය. මේ මතු කියන තිත්තිර ජාතකයෙහි ධර්ම දේශනාවට කාරණයෙක් යම් කලෙක උපන්ද එසමයෙහි ධම් සභා මණ්ඩපයෙහි රැස්ව උන් භික්ෂූන් වහන්සේ විසින් වදාරණසේක්. ඇවැත්නි රාහුල ස්ථවිර තෙම ත්‍රිවිධ සික්ෂාවන් පුරුදු කැමැත්තේ නම් ඔහු කෙරෙහි ද කුකුස් කරන්නේ අනුන් විසින් කරණ ලද අවවාදයෙහි පිහිටන්නේ යයි යනාදීවූ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්ගේ ගුණ කථාවත් හෙවත් ප්‍රශංසාවත් පහල වූ කල්හි ඒ භික්ෂූන් වහන්සේ විසින් කරන ලද ප්‍රශංසාව දිව කනින් අසා වදාරා ශාස්තෘවූ බුදුරජානන් වහන්ෙස සුගන්ධ ගන්ධ කුටි විහාරයෙන් තුන්තරා ගමනින් එක්තරා ගමනකින් වැඩ වදාරණ සේක්. එඹා මහණෙනි, දැන් වනාහි කිනම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි බුදුහු එබසට වදාරණසේ්ක්. එඹා මහණෙනි, රාහුලයන් ශික්ෂා නැති වූ යේත් කුකුස්කාරි වූයේත් අවවාදක්‍ෂම වූයේත් දැන් මතු නොවෙයි. පෙරත් තිත්තිර නම් ක්ෂුද්‍ර පක්ෂි ජාතියක ඉපිදත් මෙබඳු ශික්ෂා ඇති ගුණ ධර්මයෙන් යුක්ත වූයේ වේ දැයි මුඛමාත්‍රයක් දක්වා වදාළ කල්හි භික්ෂූන් විසින් ස්වාමීනි බුදුරජානන් වහන්ස, ඒ අතීත ප්‍රවෘර්තිය භවයෙන් ප්‍රතිඡනන හෙයින් අපට නොදැනෙන්ය. අපට දැනෙන පරිද්දෙන් විස්තර වශයෙන් ප්‍රකාශ කොට වදාළ මැනවැයි ආරාධිත වූ බුදු රජානන් වහන්සේ වදාරණ සේක්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්‍ය ශ්‍රී අනුභවකරණ කල්හි පුරණ ලද බෝධිසමහාර ඇති අප මහබෝධිසත්වතෙම බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද වැඩිවිය පැමිණියේ තක්සලා නුවර දිසාපාමොක් ආචාරින් සමීපයෙන් සියළු උගතමනා සිල්ප ඉගෙන එයින් අවුත් හිමවත් වන පෙදෙසෙහි සෘෂිප්‍රවෘජ්ජාවෙන් පැවිදිව ඉර්ධිවිධාදී වූ පචාභිඥාවන්ද රූපා රූප අෂ්ටසමාප්තිද නිපදවා ධ්‍යාන ක්‍රීඩාව කරන්නේ සිත්කළු වන ලැහැබෙක්හි වාසය කොට ලුනු ඇඹුල් සෙව්නා සඳහා එක්තරා ප්‍රත්‍යනත ග්‍රාමයකට ගියේය. ඒ ගම්හි මනුෂ්‍යයෝ ඒ තාපසයන් දැක සතුටු සිත් ඇත්තවුන් එක්තරා වනයක පන්සලක් කොට පිණ්ඩපාතාදී ප්‍රත්‍යයෙන් උපස්ථාන කරන්නාවූ ඒ පන්සල්හි වාසය කරවූවාය. එකල්හි ඒ ගම්හි පක්ෂීන් මරා දාරභරණාදිය කරණ එක්තරා වැද්දෙක් වටුවෙකු ගෙන යාපත් කොට අභ්‍යාස කරවා මැදිරියෙක ලා රක්ෂා කරන්නේය. එසේවූ ඒ ගම්හි පක්ෂීන් මරා දාරභරණාදිය කරණ එක්තරා වැද්දෙක් වටුවෙකු ගෙන යාපත් කොට අභ්‍යාස කරවා මැදිරියෙක ලා රක්ෂා කරන්නේය. එසේවූ වටුවා වලට ගෙන ගොස් ඔහුගේ ශබ්ද අසා ආ තිප්වටුවන් අල්වා ගෙනෙන්නේය. ඒ මැදිරියේ උන්සේ වටුවා සිතන්නේ මාගේ කුලෙහි බොහෝ නෑයෝ මාගේ කුලෙහි බොහෝ නෑයෝ මාගේ ශබ්දය නිමිත්ත කොට ගෙනන විනාශයට පැමිනෙන්නාහ. මේ අකුශලය මට පැමිනේදෝහෝයි නිශ්ශබ්දව උන්නේය. වැදි පුත්‍රයා ඒ පක්ෂියා බැන නොනැග ඉන්නවා දැක ඔහු කෙරෙහි කිපුනු සිත් ඇත්තේ උන ලෑල්ලකින් ඔහුගේ ඉස් මුදුනේ පහරමින් පීඩා කරන්නේය. එසේ වටු තෙම මෙසේ සිතුයේය. මා විසින් පවත්වන්නා වූ ශබ්දය කරණ කොට ගෙන මේ පක්ෂීහු නසිත්වයි යන මාගේ සිතක් නැත්තේය. එතකුදු උවත් මා විසින් කළ අකුසල කර්මය මාම ස්පර්ශ කරන්නේය. මා ශබ්ද නොපවත්වන කල්හිම මේ පක්ෂීහු මා සමීපයට නොඑන්නාහ. ශබ්ද පවත්වන කල්හිම එන්නාහ. ආ ආ පක්ෂීන් මේ වැදි පුත්‍රතෙම අල්වා ගෙන මරන්නේය. මේ ක්‍රියාව නිමිත්ත කොට ගෙන අකුසල් ඇද්දෝහෝයි ඒ තෙම එතැන් පටන් කවර නුවනැත්තා වූ සත්වයෙක් වනයෙහි මාගේ සිත්හි උපන්නාවූ ඔත්තප ලක්ෂණ වූ කාංසාව මුදන්නේදොහෝයි සිතා එබඳු කාංසා විචේඡදනයට සමර්ථ වූ ප්‍රඥාවන්තයෙකු පරීක්ෂා කෙරෙමින් වාසය කරන්නේ, ඉක්බිත්තෙන් එක් දවසක් ඒ වැදි බොහෝ වටුවන් අල්වා පැසක් පුරා ලා ගෙන ශ්‍රමදාහයක් සන්සිඳුවා ගනිමි, පැන්බොමි සිතා බෝධිසත්වයන් වාසය කරන්නා වූ ආශ්‍රමයට ගොස් ඒ පක්ෂියාගේ මැදිරිය බෝධිසත්වයන් වහන්සේ සමීපයෙහි තබා පැන් බී වැලිතලාවෙක්හි හොත්තේ නිද්‍රාව පැමිණියේය. එසේවූ වටු තෙම ඔහු නිද්‍රාවට පැමිණි බව දැන තමාගේ සිත උපන් කුකුස් මේ තාපසයන් අතින් විචාරමි, විචාළවූ මට තත්වූ පරිද්දෙන් දන්නා වු මේ තාපසයන් වහන්සේ වදාරාණසේකැයි මැදිරියේ සැතපී ගෙනම ඒ තාපසයන් වහන්සේගෙන් විචාරන්නාහු. එසේ වටු පක්ෂි තෙම පළමු කොට මෙසේ විචාළේය.

කෙසේද යත්

සාමීනි නුවනැත්තාවූ තාපසයන් වහන්ස. ඒකාන්තයෙන්ම සැපයෙන් ජීවත් වෙමි. මා කැමති කැමති කැවිලි පෙවිලි සුවසේ ලැබෙන්නේය. එතකුදු උවත් බොහෝ ඥාති කුලයෙහි වූ පක්ෂීන් නසා ජීවත් වෙන තරම් උපද්‍රව ස්ථානයක පිහිටියෙමි. එසේ හෙයින් තාපසයන් වහන්ස, මෙයින් මට කවර අකුශල කර්මයක් සිද්ධ වන්නේද? ඒ මාගේ සත්හි උපන් කාංසාව පසිඳ වදාල මැනවැයි විචාළ වූ ඔහුගේ ප්‍රශ්නය විසඳන්නාවූ ඒ තාපසයානන් වහන්සේ මෙසේ වදාරණ සේක්. එඹා පක්ෂිය, ඉදින් තාගේ චිත්තය පාප කර්මය පිණීස නොනැමෙන්නේය. එසේ කල්හි පාප කර්මය පිණිස සංභ්‍රමනයක් නැත්තා වූ නිරුතසාහවූ සත් පුරුෂ වූ තට ලාමක වූ පාප චේතනාවෙක් තා ලිම්පනය නොකරන්නේය. එසේ හෙයින් තට අභිවෘද්ධීයම වන්නේය. එසේ හෙයින් ශෝක නොකරවයි වදාළසේක. බෝධිසත්වයන් වහන්සේගේ උත්තප්‍රකාර වූ බණ ඇසූ ඒ තිත්තිර පක්ෂි තෙම මෙසේ විචාරන්නේය. ස්වාමීනි මම ශබ්ද නොපැවැත්තුවේ වී නම් මේ තිත්තිර පක්ෂි සමූහයෝ මා සමීපයට නොඑන්නාහ. ශබ්ද පැවැත්වූ කල්හි අපගේ ඤාති වූ පක්ෂී තෙම මෙතැන්හි ඉඳිනේයයි බොහෝ පක්ෂීහු එන්නාහ. එසේ හෙයින් මා නිසා මේ ප්‍රාණඝත අකුශල කර්මය ස්පර්ශ වශයෙන්ම වන්නේය. එසේ හෙයින් මාගේ චිත්තය මේ පාප කර්මය නිමිත්ත කොට ගෙන කාංසාවට පැමිණෙන්නේයයි කීයේය. ඒ ඇසූ බෝධිසත්වයන් වහන්සේ වදාරණ සේක්. එඹා තිත්තිර පක්ෂිය ඉදින් පව් කරණ නිසා චිත්තයත් ඉපිද වූයේය. එසේ හෙයින් මාගේ චිත්තය දූෂ්‍යනුවූයේය. හෙවත් තන්නින්න තප්පොන භාවයෙක් නැත්තේය. එසේ කල්හි වැද්දා විසින් ආයුෂ්මත්වූ තා නිසා කරණ ලද්දාවූ පාපකර්මයක් කෙරෙමි යන සිත් නැති හෙයින් ශෝභන චිත්ත සන්තාන ඇති තට ප්‍රාණඝාත චේතනාවගේ නොවීමෙන් ඒ අකුසලය තා ලිම්පනය නොකරන්නේය යනාදී වචනයෙන් මහ බෝසත්වූ තාපසතෙම ඒ තිත්තිර පක්ෂියාට තත්වූ පරිද්දෙන් දක්වා සංසිඳුවා වදාළසේක. ඒ තිත්තිර පක්ෂියාද මහබෝසතානන් වහන්සේ වැඳ අවසර ගෙන ඒ පක්ෂි රාජයා ගෙන ගියා යයි ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ තිත්තිර ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා පූර්වපරසන්ධි ගලපා නිමවා වදාළසේක. එකල්හි තිත්තිර පක්ෂි වූයේ රාහුල ස්ථවිරය. අවවාදයෙන් ඔහු සිත උපන් සැක සිඳිනා තාපසයෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ ගෙන හැර දක්වා වදාළ සේක.