මුල් පිටුව 301 සිට 350 දක්වා 313 බාවේරු ජාතකය

313 බාවේරු ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

බිමහුනු දෙයක ඇවිත් දැවට රජ්ජුරුවන් වහන්සේගේ පිට මධ්‍යයෙහි ලෝකාස්වාද රතියෙහි යෙදෙම්හයි කිහ. රජ්ජුරුවෝත් ඒ මැසි කී කථාව අසා සිනා පහළ කළහ. බිසවු ඒ දැක සැකවූහ. එක් දවසක් රජ්ජුරුවෝ මේ නිවමන්ට උන්නාහ. බිසවු රජ්ජුරුවන්ට බත් වැඩූහ. ඒ රන්තලියේ බතින් බත උලලක් බිම වැටින කුඹුවෙක් ඒ බත් උල දැක රජ්ජුරුවන්ගේ රජගෙයි බත්සැල කීපයක් බිඳි ගියේය. බත් කන්ට එවයි කිය. රජ්ජුරුවෝ ඒකියන බසටත් සිනාසුනාහ. බිසවු එවිටත් සැකව රජ්ජුරුවන් හා එක්ව යානේ පුරුදුව සැතපුනාහ. රජ්ජුරුවන්ගේ අතින්

ඒ කෙසේද යත්

සර්වඥයන් වහන්සේ ලෝකයෙහි පහළවන්නාට පළමු අබුදෙධාපතාදයෙහි තීර්ථකයන්ට ලාභසත්කාර මහත. සර්වඥයන් වහන්සේ පහළවූ කළ ලාභ සත්කාර මදවිය. මේ කථාව සංඝයා වහන්සේ පහළ වූ කළ ලාභ සත්කාර මදවිය. මේ කථාව සංඝයාවහන්සේ එතනට වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් සර්වඥයන් වහන්සේට දැක්වූ කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් නීචයෝ අබුදෝත්පාද කාලයෙහි ලාභසත්කාරයන් මහත්වූයයි වදාර ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි ව්‍යාපාරයෝ මොත්තමෙක් බාවේරු නම් ගමට කවුඩෙකු වඩාගෙණ වෙළඳාමට කියාහ. ඒ නුවර ඇත්තෝ කවුඩා කෙරේ සමාධියෙන් අපට දෙවයි කීහ. ව්‍යාපාරයෝ අප කවුඩා දෙන්නේ නැතැයි කියාදීත් උන් සහයෙන් කියා මසුරන් දහසක් දී කවුඩා ඇරගත්තාහ. ඒ කියන කවුඩාට එම ගම ඇත්තෝ බොහෝ සත්කාර සම්මාන කළාහ. පසුව මුරයේ ඒ ගමට වෙළඳාමට යන්නා යහපත්ව නටන මොණරෙකු ගෙන්වාගෙන ආහ. ඒ මොණරා දැක ඒ ගම ඇත්තෝ මහා සමාධිව අපට දෙවයි කීහ. ව්‍යාපාරයෝ අපගේ පළමු මුරයේ ගෙණා කවුඩාත් ඇරගත්තුය. දැන් ගෙනා මොණරාත් ඉල්ළුව අප ගෙණ ගෙණා දෙයම ඇරගන්ට උත්සාහා කරව අප දෙන්නේ නැතැයි කියාදීත් තොපට පක්‍ෂි සම්භවෙති අපට සම්හ නොවෙතියි කියා මොණරා අප දෙන්නේ නැතැයි කියාදිත් මහ උත්සාහයෙන් මසුරන්ද දහසක්දී මොණරා ඇරගත්තාහ. ඒ කිය මොණරාට ඒ ගම ඇත්තෝ බොහෝ සත්කාර සම්මාන කළාහ. මොණරා ඇරගත්තෑන් පටන් කවුඩාට කැවිලි පෙවිලි ආදියත් අඩුව ආදරත් මදව ගිය හෙයින් තමා උන් මැදිරියෙන් පිටත්ව කුසල ගොඩ ඉඳ නොයෙක් කුණු කසල ඇසිඳ කන්නේය. මොණරාට බොහෝ කැවිලි පෙවිලිත් ඇතිව රන් මැදිරියක් ඉදිකරවා ඊලාසැපසේ වාසය කරන්නේ යයි වදරා බුදුව වැඩහිඳ වදාරණසේක් උත්තමයන් නැතිහෙයින් දශකාරණයකින් අඩුව කවුඩා සැප විඳින්නේය. පසුව උත්තමවූ ජාති ඇති මධුරවූ නාදඇති මනාවූ ගාත්‍රා ඇති උත්තමයා ආතැන් පටන් නිස්සෝභාගිවිය. එසේ හෙයින් සද්ධර්ම චක්‍රවර්ති වූ සර්වඥයන් වහන්සේ නැති අවස්ථාවේහිදී තිර්ථකයෝ ලාභසත්කාරයෙන් මහත් වුය යම් මනාවූ ශබ්ද ඇති සර්වඥයන් වහන්සේ පහළවු තැන්පටන් තීර්තකයෝ ඉරුදුටු කදෝපැනියන් හෙයින් නිස්සෝභ වූ හයි වදාරා මේ ඛාවේරු ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි කවුඩා නම් නිගන්ඨනාථ පුත්‍රය. එසමයෙහි මොණරා නම් බුදුවූ මම්ම යයි වදාළසේක.