309 එකරාජ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
309 එකරාජ ජාතකය


 


මෙම සැවැත් නුවර කෙළෙඹි පුත්‍රයෙක් බුදුපාමොක් මහ සංඝයා වහන්සේට සියළු පරිෂ්කාර සපයාලා තමන් දොර මාහැඟි මඩුවක් ලවා බුදු පාමොක් මහ සංඝයා වහන්සේ පවරා ගෙනවුත් මධ්‍යයේ උතුම් ආසන පනවා වඩා හිඳුවා නොයෙක් රසයෙන් යුක්ත භෝජනය වලඳවා ස්වාමීනි සෙටත් කරුණා කොට වදාළ මැනවැයි කියා මෙම ලෙසම සත් දවසක් පවරා දන් දී සත් දවසක් බුදුන් ප්‍රධාන කොට ඇති පන්සීයක් රහතුන් වහන්සේට පිරිකර දුන්නාය. බුදුහු වලදා අන්තයෙහි අනුමෙවෙනි බණ වදාරණ සේක්. උපාසකය තා සොම්නස් විය යුතුය. එඹල මේ දන්දීම නම් පුරාකතන පණ්ඩිතවරුන්ගේ වංසානුගත වෘත්තියක එඹල මේ දන්දීම නම් පුරාතන පණ්ඩිතවරුන්ගේ වංසානුගත වෘත්තියක එඹල පුරාතනයේ නුවනැති පණ්ඩිතවරු තමන් සමීපයට ආ යාචකයන් හට ජීවිත පරිත්‍යාග කොට තමන් ඇඟමස් දුන්නේයයි වදාළ සේක. ඒ සිටු පුත්‍රයා විසින් ස්වාමීනි පෙර නුවනැත්තන් විසින් ඇඟමස් දුන්නියාව අසනු කැමැත්තෙමි, ආරාධනා කළ කල්හි ඉකුත්වත් දක්වා වදාළ සේක.

 


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජක්හු රජ කරණ කල්හි බෝධි සත්වයන් ද සසයෝනියෙහි ඉපිද වනවෙය් වසන සේක්. ඔබ හිඳිනා වනයට එක් දිසාවක මහා පර්වතයෙක, එක් දිසාවෙක වනයෙක එක් දිසාවෙක ගඟෙක සස පණ්ඩිතයන්ට සහාය තුන් දෙනෙක් ඇත්තාහ. ඔහු කවුරුයත්? වඳුරෙක සිඟාලයෙක, මස්කවෙක සසපණ්ඩිතයෝ යයි මොහු සතර දෙන එක්ව වසන්නාහු. තමන් ගොදුරු කන තැනින් ගොදුරු සොයාගෙන කා දස දවසින් දස දවස එක තැනකට පැමිණ මිහිරි කථා කරන්නාහු ඔවුන්ට සස පණ්ඩිතයන් වහන්සේ අවවාද කරණ සේක. එම්බා සගය, දන් දෙව සිල් රකුව පෙහෙවස් වසයි තුන්දෙනාට අවවාද වශයෙන් ධර්ම දේශනා කරන සේක. ඔහු තුන්දෙන ඔබගේ අවවාද පිළිගෙන තමන් හිඳිනා වනලැහැබට වැද සුවසේ හිඳිනාහ. මෙසේ වසන කල එක් දවසක් බෝසතානෝ ආකාශය බැළුවාහු පිරුණු සඳ දැක සෙට පොහොය දවස හෙයින් පොාහාදවසයයි නියම දැන අනිකුත් තුන් දෙනාට වදාරණසේක්. සෙට දුන් දනෙහි විපාක ඉතා මහත. එසේ හෙයින් තමා සමීපයට ආ යාචකයෙක් ඇත්නම් තෙපි අනුභව කරන දෙයින් ආහාරයක් දන් දීලවයි වදාල සේක. ඔහු ගිවිස තමා හිඳිනා තැන සාතපී දෙවනදා උදෑසනම මස්කාවානෝ ගොදුරු සොයා ගඟ ඔස්සේ ගියාහ. එවෙලේම එක් බිලී වැද්දෙක් රේමස් සත් දෙනෙකු බාගෙණ වැලක අමුනා ගෙන ගඟ වැලි පීරා යට ලාපියා වස ගඟ පාත බිලී බාන පිණිස පලා ගියේය. මස්කාව මාංශ ගන්ධය ආඝා්‍රනය කොට වැලි පීරා පියා මස් වැලක් ඇත. ඇරගෙන මේ මසුන් හිමි කෙනෙක් ඇර ගතමැනවැයි තුන් විටක් අඬගා හිමි කෙනෙකුන් නොදැක අමුනාලූ වැල ඩැහැ ගෙනවුත් තමන් වසන තැන තබාලා වේලා ආකල කම් සිතා තමන්ගේ සීලය ආවර්ජනා කොට උන්නාහ. සිවලානෝත් ගොදුරු සොයා ගියාහු. එක් ක්‍ෂෙත්‍ර පාලකයෙකුගේ රැක වල පැල එල්වා තිබූ පලහු කරවල ඇචචන්කුද ගොයකුද එක් දී ගෙඩියක් ද දැකලා මේ හැම හිමි කෙනෙක් ඇද්දැයි තුන් විටක් අඬගාලා හිමි කෙනෙකුන් නොදැක දී ගෙඩිය එල්වා තිබූ උගය කර එල්වා ගෙන කරවල හා ගොයා දතින් ඩැහැ ගෙන හිඳිනා වන ලැහැබ තබා වේලා ආකල කිමි සිතා සීලය සඳහන් කොට හුන්නේය. වඳුරානෝත් වනයේ ගොදුරු සොයා ඔහු මී අඹ කැනක් ගෙනවිත් වේලා ආසන්න වූ කල කමි සිතා සිල් සඳහන් කොට හුන්නාහ. බෝසතානෝ වේලා ආකල භීතණ හුඟක් කාපියම් සිතා තමන් වහන්සේ සීලය ආවර්ජනා කොට වැද හොත් සේක. නැවත සිතන සේක් ඉඳින් අද මා සමීපයට යාචකයෙක් බඩසාගිනි කියා නම් ඌට මා කන තණ කන්ට කියන්ටත් නොපිළිවන. හාල් තෙල් උඳු, මුන් ආදී කිසිවෙක් මාගේ නැත. ඉඳින් මගේ සමීපයට යාචකයෙක් ආ නම් මාගේ ඇඟමස් ඔහුට දන් දෙමි සිතු සේක.

ඔහුගේ සීල තේජසින් ශක්‍රයන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනය හුනුවිය. ශක්‍රයෝ මේ කිමෙක්දෝහෝයි බැලුවාහු. ඒ කාරණය දැක සස රජ්ජුරුවන් පරීක්ෂා කෙරෙමි සිතා අවුත් පළමු මස්කාවන් වසන තැනට ගොසින් සිටියාහ. මස්කාවන් විසින් බමුණ කුමක් නිසා ආයේදැයි කීකල්හි පණ්ඩිතයෙනි යම්තම් ආහරයක් ලදින්නම. නුඹ වහන්සේ සේම මමත් පේවගෙණ බ්‍රහ්මචාරියාව රකිනෙම්වේදැයි කීහ. යහපත, මම තොපට ආහාරයක් දෙමි කියා දන්වන්නාහු. එම්බල බමුණ අනුන් විසින් දියෙන් ඇරගෙණ ගොඩ නගන ලද රේමසුන් සත් දෙනෙකු ලදිමි. ඒ මට ආහාරය පිණිස තුබුයේය. ඒ තොපට දෙමි. ඒ අනුභව කොට පෙහෙවස් රකිවයි කීහ. ඒ අසා ශක්‍ර බ්‍රාහ්මණයෝ කියන්නාහු උදාසන වන්නාට පසුව කියා එන්නමේවේදැයි සිවලා සමීපයට ගියාහ. උන් විසිනුත් බමුණු සිටියේ ඇයිදැයි කී කල්හි පණ්ඩිතයෙනි, ආහාරයක් ලදින් නම් පේව ගෙන මමත් බ්‍රහ්මචාරියාව රකින්නෙම්වේදැයි කීහ. උයිත් කියන්නුහු එඹා මම වෙලා ආකල කම් සිතා කුඹුරක් රකිනා ගොවියෙකු පැල තුබූ පැලහු කරවල මසුන් දෙන්නෙකු හා මෙසේම පැලහු ගොයෙකු හා දිය ගෙඩියක් හා ගෙනවුත් තිබුයේය. ඒ දෙමි අනුභව කොට සිල් සමාදන්ව මේ ඉතා රම්‍ය වූ වනයෙහි සිත්වන් රුකක් මුල හිඳ බ්‍රහ්මචරියාව රකුවයි කීහ. බමුණු කියන්නේ තව උදාසන උව, පසු එන්නෙම් වේදැයි වඳුරා සමීපයට ගියාහ. උන් විසිනුත් බමුණ කුමක් පිණිස සිටියේදැයි කී කල්හි එලෙසම පණ්ඩිතයෙනි, ආහාරයක් ලදින් නම් මමත් පෙහෙවස් රකින්නෙම් වේදැයි කීහ. එම්බල බමුණ මා ගෙනා මී අඹයෙක් ඉතා මධුර රස ඇත්තේය. තොපි රිසිසේ සමාධිව අනුභව කොට සිල් සමාදන්ව මේ රම්‍ය වූ වනයේ කැමති රුකක් මුල හිඳ මහණ දම් පුරවයි කීහ. තව උදාසනය, පසුව එන්නෙම් වේදැයි කියා සස පණ්ඩිතයන් සමීපයට ගියේය. උන් වහන්සේ විසින් බමුණා සිටියේ නැයි කීකල්හි පණ්ඩිතයෙනි යම්තම් ආහාරයක් ලදින් නම් මමත් පෙහෙවස් වෙසෙන්නෙම් වේදැයි කීහ. ඒ අසා බෝධිසත්වයෝ මහ සොම්නසයට පැමිණ බමුණා ආහර සොයා මා සමීපයට ආගමන ඉතා යහපත. අද මම පෙර මා විසින් නුදුන් විරූ දනක්තට දෙමි තොපි වනාහි පෙවන තැනැත්තන් හෙයින් ප්‍රාණවධ නොකරන්නා වේද තොපි දරකඩ රැස්කොට ගිනි මොලවා අගුරු බස්වා මට කියාලවයි මම මාගේ ආත්මදානය තට පමුණුවාලා අඟුරට පැන පියමි, මාගේ ශරීර මාංශය පැලහී ගිය කල මා අනුභව කොට පියා මහණදම් කරවයි ඔහු හා කැටිව වදාරණ සේක්. එම්බල බමුණ තට දී ලන්ට මාගේ උඳු, මුන්, සාල්, තෙල් ආදී වූ කිසිවකුත් නැත. මා ගින්නේ පැලහී ගිය කල මාගේ මස් අනුභව කොට බ්‍රහ්මචරියාව රැක මේ වනයේ වසවයි වදාල සේක. ශක්‍රයෝ ඔහුගේ බස් අසා තමන්ගේ ආනුභාවයෙන් අඟුරු රැසක් මවාලා බෝසතානන්ට ගිනි මොලවා අඟුරු බස්වාලීම් කීහ.

උන් වහන්සේ සැතපී හිඳිනා හීතණ යහනින් නැගී සිට එතනට ගොසින් සිතන සේක්. මාගේ ඇඟ කෙස් අතුරෙන් කිනිතුලන් ආදී යම් කිසි හීන් වූ සත්ව කෙනෙක් ඇත්නම් ඔහු නොමියෙත්වයි සිතා තුන් විටක් කිලි පොලා පියා තමන්දැගේ සියළු ශරීරය දාන මුඛයෙහි පැමිණේවයි අධිෂ්ඨාන කොටලා පියුම් ගැබකට පැන පියා සතුටුව හුන් රාජ හංසයකු මෙන් සතුටු සිත් ඇතිව අඟුරු මුදුනට පැනපුසේක. ඒ ගිනි වනාහි මහ බෝසතානන්ගේ ලෝම කූප මාත්‍රයකටවත් උණුසුම් පමණකටවත් ඌෂ්ණාකාරයක් කළ නුහුනුයේය. හිම ගර්භයකට වන්නා සේ සියළු ශරීරය සිහිල් වූයේය. ඉක්බිති බමුණා කැඳවාලා බමුණ, තාගේ ගිනි සිසිලය. මාගේ ශරීරයෙන් එකකෙසකුත් හුනු කොට පියනුයේය. මේ කිමෙක්දැයි වදාළ සේක. පණ්ඩිතයෙනි, මම බ්‍රාහ්මණයෙක් නොවෙමි. ශක්‍ර දේවේන්ද්‍රයානෙනි දැන් නුඹ විමසන පිණිස ආමි කීහ. මහ බෝසතානෝ වදාරණ සේක් ශක්‍රයෙනි, තෙපි සිටුව තොප තබා මේ සියළු ලෝකවාසීහු එක්වත් දන් දීමෙන් මා පරදවාලිය හෙන්නෝ නැත. යමක් මා නොදෙති යන්නක් කවර කෙනෙක් කියද්දැයි මහ බෝසතානෝ සිහනාද කළහ. ඉක්බිති ශක්‍රදේවේන්ද්‍රයෝ සස පණ්ඩිතයන් වහන්සේ තිරිසන්ව කළාවූ අරුමය මේ භද්‍රකල්පය මුළුල්ලෙහි සියළු සත්වයන්ට ප්‍රකාශව පෙනෙනු මැනවැයි අංජනකූට පර්වතය තමන් ආනුභාවයෙන් මිරිකාපීය රස ඇරගෙන චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය හැඳ බෝධිසත්වයන් වඩා ගෙනවුත් ඒ වන ලැහැබ අළුත් හීතණ ඇතිරි පිට වඩා හිඳුවාලා තමන්ගේ දිව්‍ය ලෝකයට ගියාහ. ඒ පණ්ඩිතවරු සතරදෙන සමඟ එක්සිත්ව අටසිල් පන්සිල් නොකඩ කොට රැක කම්වූ පරිද්දෙන් ස්වර්ගස්ථ වූහ. බුදුරජානන් වහන්සේ මේ ජාතකය ගෙන හැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාල සේක. ධර්ම දේශනාවගේ කෙළවර සියළු පිරිකර දුන් සිටු පුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එම්බා මහණෙනි එසමයෙහි මස් කාවා නම් දැන් ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි සිඟාලයා නම් දැන් මෞද්ගල්‍යාන ස්ථවිරයෝය. එසමයෙහි වඳුරා නම් දැන් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. සස පණ්ඩිතයෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාළ සේක.

තවද හුදුනිවන් මවාලූ රුවක් වැනි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කොසොල් රජ්ජුරුවන්ගේ අමාත්‍යයෙකු ඇඵයා මේ ජාතකය දක්වන ලදී. මෙහි වර්තමාන කථාව සෙය්‍යංස ජාතකය විස්තර වශයෙන් කියන ලදී.

මෙහි යටගිය දවස බරණැස් නුවර එක් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක් අමාත්‍යයකු ඒ රජ්ජුරුවන් වහන්සේගේ අන්තඃපුරයට වැරදි කළ කථාව මහා සීලව ජාතකයෙහි ආයේය. මෙහි කොසොල් රජ්ජුරුවෝද දබබලමලල නම් රජ්ජුරු කෙනෙකුන්ගේ අනතඃපුරයට වැදී අමාත්‍යයාගේ කියමනින් බරණැස් නුවරට අවුත් ඒකරාජ රජ්ජුරුවන් වහන්සේ අල්වා ඉස්බිම බලා කකුල් උඩිලිය එල්වා දබබමලල රජ්ජුරුවෝ මතු මහල් තලයට පැන නැගී පලක් බැඳහුන්නාහ. මතුමහල් තලයෙහි උන් දබබමලල රජ්ජුරුවන්ගේ සකල ශරීරයෙහි දාහ අල්වා ගෙන ඉවසිය නොහී බිම පෙරලී බොහෝ ආයාසයෙන් අමාත්‍ය ගණයා කැඳවා විචාරන්නාහු එඹල අමාත්‍යානෙනි මාගේ ශරීරය දාහ අල්වා ගෙණ බොහෝ වේදනාවෙන් පීඩිත වීම්, කුමන කාරණයක් පිණිස දැයි විචාළහ. රජ්ජුරුවන්ට අමාත්‍යයෝ කියන්නාහු නිරපරාධ දැහැමෙන් රාජ්ජය අනුභව කරන්නා වූ එක රාජ රජ්ජුරුවන්ට කළ ගහටයෙනැයි නුඹ වහන්සේට දාහ පැමිණියෙයි කීකල්හි එබස් ඇසූ රජ්ජුරුවෝ ඔහු උනවයි කී බසින් ගිය අමාත්‍යයෝ එක රාජ රජ්ජුරුවන් ධ්‍යාන සැපයෙන් ආකාශයෙහි අවුත් රජ්ජුරුවන් වහන්සේ වැඳ එකත්පස්ව සිට කියන්නාහු එකරාජ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ එක්වවැසස සැප අනුභව කොට සුබු මාලාව රාජ්ජය කළ නුඹ වහන්සේ මේ සා ආයාසයකට පැමිණත් නුඹ වහන්සේගේ ධෛය්‍ර්‍යමත් පියුමක් බඳුවූ මුඛ සෝභාවත් ශරීර වර්ණයත් මදකුත් නොමිරිකීම සමාධි සිතකින් ඉඳිනේ කුමන කාරණයකින්දැයි විචාළා සේක. එවිට එකරාජ රජ්ජුරුවන් වහන්සේ දබබමලල රජ්ජුරුවන් වහන්සේට කියන සේක්. මා විසින් පළමුව භාවනා මනස්කාර කිරීමෙන් ද පඤචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ධ්‍යාන සැපයෙන් පලක් බැඳ ඉඳීමනම් මාගේ මුඛ සොගාවද ශරීර වර්ණයද කුමක් පිණිස මිරිකේ දැයි කීහ. එපවත් දබබමලල රජ්ජුරුවෝ අසා එක රාජ රජ්ජුරුවන් වැඳ ක්ෂමා කරවා ගෙන කියන්නාහු මහ රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේගේ රාජ්ජය පාවාගත මැනවැයි රාජ්ජය පාවාදී ද්‍රෝහිකම් කළ අමාත්‍යයාට ආඥා කරවා නුඹට සතුරන්ගෙන් භයක් පැමිණියේ නම් මට භාරයයි කියා රාජ්ජයට පලා ගියහ. එක රාජ රජ්ජුරුවන් වහන්සේ්ත් රාජ්ජය අමාත්‍ය ගනනයාට පාවාදී තපස් රක්ෂා කරන පිණිස වනයට ගොස් රක්ෂා කළ සේක් වේ දැයි මේ ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි දබබමලල රජ්ජුරුවෝ නම් මෙසමයෙහි ආනන්ද ස්ථවිරයෝය, එකරාජ රජව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.