මුල් පිටුව 251 සිට 300 දක්වා 270 කූටසාක ජාතකය

270 කූටසාක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සත්වලෝකයෙ සේ අචින්ත්‍ය වූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා උපාසකයෙක් තමාගේ වාසස්ථානයට සර්වඥයන් වහන්සේ හා සංඝායා වහන්සේ වඩාගෙණ ගොස් දන්දී තමාගේ උයනේ දාවල් භික්ෂූන් වහන්සේ ස්වෙච්ඡාපරයේ ඇවිදිනා සේක්වයි කියා යහපතැයි කියා භික්ෂුන් වහන්සේ ඒ ඒ තෙන ඇවිදිනා කලට එක්තරා උයන්ගොව්වෙක් මල් පලාපල කඩාගෙණ එන්ටයයි පත්කොල කඩා ගොටුවිද බිම එලන්නේය. ඌගේ පිත් එලාලු ගොටු බිම ඉඳ ඉරා දමන්නේය. ඒ දැක සර්වඥයන් වහන්සේ දැන් මතු නොවෙයි මහණෙනි පෙරත් ඒ එසේම ගොටු ඉරා දැමූයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ

සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි එක්තරා උයන්ගොව්වෙක් ගසකට නැගී උඩ ඉඳ ගොටු විද ඵලන්නේය. ඒ ඵලු එළුවා එක්තරා වඳුරෙක් ඉරා අරිනේය. ඒ වෙලාවට එක්තරා පුරුෂයෙකු එතනට ආයේය. ඒ දැක වඳූරා අතින් විචාරන්න් ඇයි. එලු ගොටු තා විසින් ඉරා අරින්නේ යහපත් කොට ඉදිකරන්ටදැයි විචාළේය. ඒ අසා වානර කියන්නේ මුතුන් මී මුතුන් සමයේ පටන් අවැඩට නිසිදෙයක් විනා වැඩකට නිස්සක් නො කරණ ලද එසේහෙයින් මම කුමකට ගොටු විදවා දැයි මාගේ සවභාවධර්ම මෙසේ කල අධර්මය තමා කියනුම් කිම්දැයි කියා වානරයාට නින්දාකොට ඔබ්බකට ගියේයයි වදාරා වඳූරා ලඟට ගිය පුරුෂයා නම් බුදුවූ මම්ම යයි වදාළසේක.