264 ලොල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
264 ලොල ජාතකය



තවද මහපොළොවසේ විසාරදවූ ගුණ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝභි භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

සිව්පසයෙහි ලෝභිවූ භික්ෂූකෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේ කරා ගෙණගොස් දැක්වූසේක. එවිට සර්වඥයෝ සැබෑද මහණ තා සිව්පස ලෝභියයි විචාරා වදාරා සැබැව ස්වාමිනි දන්වන්නා මහණෙනි මෙකීයන භික්ෂූහු පළමුත් ලෝභිකම නිසා උත්තමව තමන් වසන්නාවූ ස්ථානයෙත් ඉන්ද නුහුණුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

 


යටගිය දවස බරණැස් නුවර සිටානන්ගේ ගෙයි අරක්කැමියා පින් පිණිස පක්ෂීන්ට ඇවිත් ඉදිනා නියායෙන් පෙට්ටිවිය එල්වන්නේය. බෝධි සත්වයෝත් පරවිය ඉපිද එකියන අරක්කැමියා විසින් එරල්වනලද පෙට්ටියක වාසය කරණසේක. එක් දවසක් කපුටුවෙක් මුළුතැන්ගෙයි උඩින් පියඹා යන්නේය. මංචමාංස ගන්ධය ඉවසාගත නොහී මුළුතැන්ගොට කෙසේ වැදහෙම්දෝහෝයි සිතා උන. බෝධිසත්වයෝත් ගොදුරු කන්ටයයි පිටත්උනාහ. එකියන කපුටුවා බෝධිසත්වයන් පස්සේ පියඅඹා යන්ටවන. බෝධිසත්වයෝත් ඇයි සබඳ කපුටුවානනි තොපහා එක්ව ගොදුරු කන්නේ නැත. තොපි මාහා කැටිව ගොදුරු බිමට එන්නේ ඇයිදැයි විචාළසේක. එවිට කපුටු කියන්නේ පරවියානන් වහන්ස නුඹවහන්සේගේ ගොදුරු කැවිලි හා වාසයමටත් අභිප්‍රාය එසේහෙයින් නුඹවහන්සේට සේවාකම් කරන්ට ආමිකීහ. එබස් අසා පරවියානෝ යහපතැයි කියා ඌ සමග ගොදුරුකන්ට ගියාහ. පරවියානන් ගොදුරුකාදී තෙමේ ගොසින් ගොමටිම්බක් තුඩින් ඉරා පණුවන් කා බඩපුරා ගෙණ පරවියානන් ලඟට අවුත් යහපත්ව තව දක්වා ගොදුරු කණනියාවද තමාගේ සය ඇදින කන්ට අවුදැයි කියා පරවියානන් කැටිව ගොදුරු කා කැටිවම වාසස්ථානයට ගියේය. එවිට අරක්කැමියාත් අපගේ පරිවියානෝ තමන් සහයවූ කව්ඩෙකු ඇරගෙණ ආවයි කියා එකියන කව්ඩාට ඉන්ටත් එක් පෙට්ටියක් වියලා බැඳලීය. ඒ පෙට්ටියේ කව්ඩා වාසය කෙරෙයි මේ නියායෙන් කීප දවසක් වාසය කළ කල එක් දවසක් එකියන සිටාානන්ගේ ගෙට බොහෝ දඩමස් ගෙණාවාහුය. එදවස් එකියන කවුඩාත් මාත් එමින් යම්සේ මාංසයක් කන්ට උවමැනවයි සිතා උන්හ. පරවියානෝ ගොදුරට යෙමින් සිට ඇයි තව්ඩානෙනි ගොදුරුකන්ට එවයි කියන්නා ස්වාමිනි ඊයේ මා කෑවාවූ ගොදුරු නොදිරූණ අජීර්ණව බඩරුජාගන්ටවන, මම අද නේමිකීහ. එවිට පරවියානෝ කියන්නෝ තොපි කුමක් කියව්ද කව්ඩන් නම් එළඟිතෙලින් ඇඹරූ පාන්කඩක් කැවිමට බඩසුඟක් තිබී දිරණ පමණක් සෙසුයම් ගොදුරක් උරෙන්පාත ගියවිටම නොදිරා තිබේද කව්ඩන්ටත් අජීර්ණයෙක් ඇතිව බඩරුජාගණිදැයි කීහ. ඒ එසේමය එසේද වූවත් මට රුජා දැඩිය. මම අදනේමි කීය. එවිට පරවියානෝ තා මේ මච්ඡමාංස නිසාය කියන්නේ සිටානන් වහන්සේගේ මච්ඡමාංස ඉඳූල් නොකරව, ඉඳුල් කෙළෙහි නම් තට බොහෝ විනාස පැමිනෙන්නේයයි කීහ. මෙසේ අවවාද කියා පරවියානෝ ගොදුරුකන්ට ගියහ, එවිට අරක්කැමියාත් මච්ඡමාංස පිස පණත්කොට තිබා ඇඟ ඩානිවන්ට පිසනගෙන් පිටතට ගොස් සිටියේය. ඒ වෙලාවට කව්ඩා මේ මච්ඡමාංසකන්ට අවකාශයයි මාළුපිස වසා තුබූ බඳූනක් මත්තේ උන්නේය. ඌ ඉඳිනාවස්න ක්‍රීංයන ශබ්ද විය. එවිගස අරක්කැමියා අසා ගෙට අවුත් කව්ඩා අල්වාගෙණ ඇඟ පියාපත් සිඳ කුඩිඹියක් තබා ලුනු මිරිස් අඹරා කාඩිගා ඇඹුල්දියෙන් අනා ඇඟ ගල්වා කපුටුවා ඉඳිනා පෙට්ටියට දැමූහ. පරවියානෝ ගොදුරු කා එතනට අවුත් කව්ඩා දැක වෙහෙසා කියන්නාහූ කෙකින්න අපගේ සබඳ කව්ඩා ඉන්නා මැදිරියේ තොප උන්කල තොපට නොදොඩා ඌ එන්නාට පළමුකොට වහා පලායවයි කීහ. එබස් අසා කව්ඩා කියන්නේ ස්වාමිනි මම කෙකින්නක් නොවෙමි. නුඹවහන්සේ වදාළ අවවාද නොගිවිස මච්ඡමාංසයෙහි තෘෂ්ණාව උපදවා ලෝභයෙන් මච්ඡමාංස කන්ට ගොසින් අරක්කැමියා මා අල්වාගෙණ මටකළ ගහටයයි කීහ. එවිට පරවියානෝ මා කීවා නොගිවිස මේසා දුක්ඛයට පැමිණියේය. ඉනිබ්බේ මින් මිය පරලොව ගියකලත් නරකාදී දුක්ඛයට පැමිණෙන්නේ වේදැයි කියා මමත් මෙතන උන්කල අරක්කැමියා මා කෙරෙහි සැක උපදවයි කියා එතනින් පියාසර කොට ඔබ්බකට නැගී ගියහයි වදාළසේක. මේ බණ අවසානයෙහි භික්ෂූන් වහන්සේ අනාගාමිඵලයෙහි පිහිටිසේක. පූර්වාපර සන්ධි ගළපා මේ ලෝල ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ලෝභී කව්ඩානම් මේ ලෝභී භික්ෂූහුය. පරවිව උපන්නේම බුදුවූ මම්මයයි වදාළසේක.