මුල් පිටුව 251 සිට 300 දක්වා 260 කාක උඵෑක ජාතකය

260 කාක උඵෑක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
260 කාක උඵෑක ජාතකය


 


තවද මාගේම දෙව්වු සර්වඥයන් වහනසේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කව්ඩන්ගේ හා බකමූණන්ගේ කථාව අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙස්ද යත්.

ජේතවනාරාමයෙහි පිටිපස්සේ හිඳිනා භික්ෂූකෙණෙකුන් වහන්සේ දවස් පතා උදෑසන මළුව අමදිනා කළ කව්ඩන්ගේ ඉස් නැලිය දෙනැලිය ඇමද දමන සේක. මේ නියායෙන් දවස් පතා උකාදමානහෙයින් එක් දවසක් භික්ෂූන් වහන්සේට එපවත් කීසේක. ඒ කථාව කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේට එපවත් කීසේක. ඒ කථාව කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා ඒ භික්ෂූන් වහන්සේ ස්වාමිනි කව්ඩන් හා බකමූණන් කවරකලක පටන් උනුන් හා වෛර වූයේදැයි කියා විචාළසේක. මහණෙනි ප්‍රථම කල්පයෙහියයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

 


යටගිය දවස ප්‍රථම කල්පයෙහි මනුෂ්‍යයෝ තමන්ට රූපත්වූ පුරුෂයන් රජකමට තකාගත්තාහ. සිව්පාවෝ සිංහයන් රජකමට තක ගත්තාහ. මත්ස්‍යයෝ ආනන්ද නම් මත්ස්‍යයා රජකමට තකාගත්තාහ. පක්ෂී එකෙණෙිහ ගල තලක් මත්තේ රැස්වගෙණ කියන්නාහූ මනුෂ්‍යයෝ තමන්ට රජකමට තකාගත්තාහ. සිව්පායෝ සිංහයන් රජකමට තකාගත්තාහ. මත්ස්‍යයෝ ආනන්ද නම් මත්ස්‍යයා රජකමට තකාගත්තාහ. ඒසේ විසින් අපටත් රජ්ජුරුකෙණෙකුන් උවමැනවයි සිතා සෑම පක්ෂීන් එක්ව බකමූණෙකු රජකමට තකාගත්තාහ. තකාගෙණ එකෙණිහිම ගිවිස්සන්ට උවමැනවයි උවමනා නිසා එක පක්ෂීයෙක් නැගීසිට බකමූණාට රාජ්ජ්ය පැමිණීම එකෙණිහම ගිවිස්සේ ඇද්දැයි ගිවිස්සේ ඇද්දැයි තුන්විටක් විචාළේය. දෙවිටක් විචාරාණ තුරු එකෙකුත් මුවෙන් නොබැණ උන්හ. එවිට එක්කව්ඩෙක් සිතන්නේ මුන් රාජ්‍ය ශ්‍රිලත් සන්තෝෂයෙන් ඉඳිනාවූ මුගේ මූන මෙසේ කල ඉදින් කෝපයක් වූ වේලේ මුන මෙසේ බැලිය ඇද්දැයි කියා සිතා පක්ෂීන්ට කියන්නේ සියගෝත්‍රයෙහි උපන් පක්ෂීනි මාකියන්නක් ඇමදෙනම නොකිපී අසතොත් කියමි කීහ එබස් අසා පක්ෂී කියන්නාහූ ඉදින් බාල පක්ෂීයෙක් විනමුත් කටයුත්ත කියයි කිනම් එමවේද කටයුතු තොපදත් දෙයක් ඇත්නම් කියවයි කීහ. එවිට කව්ඩූ කියන්නේ මේ බකමූණා රාජ්‍යය ලද්දාවූ සන්තෝෂයෙන් ඉඳිනාවූ මුන්ගේ මූණ මෙසේකල ඉඳින් කෝපවූයක් වූ නම් කකියාගිය කබලේලු තලසේ පක්ෂි ඒ ඒ තෙන ඉසිර පලායන්නාහයි කියා මුන්කෙරේ ඇලෙන්නේ නැත. එසේ හෙයින් බකමූණන් රාජ්‍යයට තැකීමට මා ගිවිස්සේ නැතැයි කියා ආකාශයට නැගී පලාගියෝය. එකියන බකමූණන් කවුඩුපස්සේම දිවගත මේ නියායෙන් උන්දෙන්න පලා ගියපසු සෙසු පක්ෂී එක්ව කවුඩා කීයේ ඇත්තමයි කියා බකමූනන් ඇර ස්වර්ණහංස පෝතකයෙකු රාජ්‍යයට තකාගත්තාහයි වදාරා මේ කාක උළූක ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි හංසපොතකව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළ සෙක.