මුල් පිටුව 251 සිට 300 දක්වා 252 මුදුපාණී ජාතකය

252 මුදුපාණී ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද අනේකේශ්වරවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ස්ත්‍රියක් කෙරේ පිළිබඳ සිත් ඇති භික්ෂූන් කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් ස්ත්‍රියක් කෙරේ පිළිබඳ සිත් ඇති භික්ෂූන් කෙණෙකුන් වහන්සේට සර්වඥයයන් වහන්සේ දක්වන්නා මහණ තා ස්ත්‍රීන් කෙරේ පිළිබඳව ස්ත්‍රීන් රැකගත එද්දී පෙර දෙමාපියන් විසින් රැක්කගතනුහුනු ස්ත්‍රීහුයයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පුත්ව ඉපිද වැඩිවිය පැමිණ යුවරජ තනතුරෙහි සිට රජ්ජුරුවන් ඇවෑමෙන් රාජ්ජයට පැමිණ දුවනි කෙනෙකුන් හා බෑනනුකෙනෙක් ඇත්තා. ඒ රාජ කුමාරවරු දෙන්නම රජගෙයි වැඩෙන්නාහ. උන්දෙන්නම උනුන්කෙරේ පිළිබඳ සිත් ඇත්තාහ. රජ්ජුරුවෝ එක්දවසක් අමාත්‍යයන් කැඳවා කියන්නාහූ මාගේ බෑනන්ට මාගේ දුවනියන් පාවාදී රාජ්ජය දෙම්මැයි කීයා නැවත කියන්නාහූ එසේ නොවෙයි මාගේ බෑනනුවන්ට අනික් රාජ කුමාරිකාවක් පාවාදෙමි මාගේ දුවනියනුත් වෙන රාජ කුමාරයෙකුට පාවාදෙමි. එසේ කළ මට බොහෝ සහායවන්නේ යයි කියා තමන්ගේ බෑනා රාජ කුමාරයන්ට වෙනරජගෙවල් නන්වා රාාඟනයෙන් වෙන් කළහා. ඒ කුමාරයෝත් එකියන කුමාරිකාව කෙරේ පිළිබඳ සිත් ඇතිව ඒ කුමාරිකාවගේ කිරීචච දැක කියන්නාහූ කුමාරිකාව රජගෙන් පිටත් කොටගන්ට උවමැනව, ඊට මට උපායෙක් කිය මැනවයි කිහ. එවිට කිරිමව් කියන්නී මාගේ කුමාරිකාවන් වහන්සේ විචාරා අභිප්‍රාය දැන වදාළ දෙයක් කියමි කියා රජ කුමාරියන් සමීපයට ගොස් දුවනියෙනි ඉස උකුණන් අරිමිකියා තුමූ උස්පුටුවේ හිඳ කුමාරිකාවන් මිටිඅස්නෙක හිඳුවා තමා දෙකලවයෙන් හීයමැඩ ගෙණ හිඳ උකුණන් අරිනා ආකාරයෙන් ඉස නියක් ඇනලූව එවිට මෙකියන කුමාරිකා රාජකුමාරයන් වහන්සේ මා එපිට කොට ගන්නා නියා මෑ අත කියා එවුනියාවේදැයි සිතා ගාථාවක් සඟවා කියා යව්ව. ඒ රාජ කුමාරයන් එපවත් දැන ඒ නියාවට ඝන්ධකාරවූ මහත් වර්ෂා කාලයක අත මොළක ඇති එක් පුරුෂයෙකුත් ඇරගෙණ කම්පස් ඇතෙකුත් ඇරගෙණ රජ්ජුරුවන්ගේ පාත මාළ සමීපයෙහි ඇතා සිටුවා වැස්සේ තෙමි තෙමි සිටියාහ. ඒ වෙලාවට රජ්ජුරුවන් වහන්සේත් තමන් වහන්සේගේ රාජකුමාරිකාවට රැකවල් පිණිස තමන්වහන්සේගේ යානාගාවා කුරු ඇඳක් ලා වැදහෝනාහැටියේ සලස්වා රකිනාසේක. එකියන කුමාරිකා එදවස් එකියන රාජකුමාරයෝත් අද එති සිතා පියානන් වහන්සේට කියන්නාහූ පියානන් වහන්ස මා අද නාන්ට උවමැනවයි කීහ. එවිට රජ්ජුරුවෝ යහපත දුවනියෙනි නාවයි කිය දුවනියන් වඩාගෙණගොස් සිව්මැදුරුකවුළුවෙන් පිටත සිටුවා එක් අතක් අල් වාගෙණ නාවයි කීහ. ඒ වෙලෙහි එකියන කුමාරිකාත් රාජ කුමාරයන්ගේ ඇඟ අල්වා රාජ කුමාරයන් විසින් ඒ අතතිබූ ආභරණ එකියන ලද්දාවූ අතවැස්සා අත ලා ඒ අත රාජ කුමාරිකාවෝ පියානන් අටත දී තමන්ගේ අත්දෙකම ගලවා ගෙණ අනික් අතතුබූ ආභරණ ඔහු අනික් අතලා තුමූ ගොසින් ඇතුපිටට නැගී ගියාහ. රජ්ජුරුවෝත් අතවැස්සා වඩාගෙණ තමන් දුවනැයි සිතා වඩාගෙණ තමන් දුවනැයි සිතා වඩාගෙණ ගොස් ගෙයිලා සැතපෙවයි කියා තුමූ වැදහෙව නිදුහ. රජ්ජුරුවෝත් උදෑසන නැගී සිට එකියන පුරුෂයා දැක මේ කින්දැයි විචාරා ඌ විසින් ඒ තත්වය කියන්නා රජ්ජුරුවෝ විස්මව කියන්නාහූ මුන්සේවූ බාලදරුවන් පවා මා වැනි පියෙකු අත අල්වා සිටියදී මාගේ අත උපායෙන් ගලවාගෙණ ඇතුපිටට නැගී ගිය ය. මුත් මෙසේ කල සෙස්සන් තමා කියනුම කින්දැයි කියා එසේ හෙයින් ස්ත්‍රින්නම් රැකගත නොහැක්කේමයි කියා තමන්ගේ දුවනියන්ට බොහෝ මගුල්කොට බෑණනුවන්ට සරණපාදීත් තමන් යුවරජ්තනතුරෙහි පිහිටූවූහ එකියන යුවරජ්ජුරුවෝත් රජ්ජුරුවන්ගේ ආයාමෙන් රාජ්ජයට පැමිණ දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහ වදාරා මේ මුදුපාණ ජාතකය නිමවා වදාළ සේක.ී.

එසමයෙහි රජව උපන්නෙම් බුදු මම්මයි වදාළ සේක.