528 විදුර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්. බුදුන්ගේ ප්‍රඥාව ගැන භික්ෂුන් අතර උපන් කථාවක් අරභයා මේ ජාතකය වදාළ සේක. භික්ෂූන් වහන්සේලා

යටගිය දවස කුරුරට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්‍ය රජු දශරාජ ධර්මයෙන් රාජ්‍ය කරන කල්හි විධුර පණ්ඩිත නම් ආමාත්‍යයෙක් ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේය. හේ මහා නුවණැතිය. ධර්ම කථිකය. සර්වඥ විලාශයෙන් මහා ජනයාට ධර්‍මදේශනා කරමින් යසශ්‍රී විඳිමින් වාසය කරන්නේය.

එසමයෙහි බරණැස් නුවර බමුණු මහසල් කුලෙහි උපන්නාවූ බ්‍රාහ්මණයෝ සතර දෙනෙක් හිමාල වනයට වැද පැවිදිව සමාපත්ති උපදවා වන මුල් පලාඵල අනුභව කරමින් එහි ගොස් බොහෝකල් වැස ලුණු ඇඹුල් සෙවුනා පිණිස සැරි සරා ඇවිදිනාහු අඟුරට කාලචම්පා නම් නුවරට පැමිණ දෙවන දවස් පිඬු සිඟා වන්හ.

එනුවර යහළු කෙළෙඹි පුත්‍රයෝ සතර දෙනෙක් ඒ තාපසයන් සතර දෙනා කෙරෙහි පැහැදී තම තමන්ගේ ගෙවලට වැඩමවා නිති දන් දෙන්නාහ. තාපසයන් වහන්සේලා ඒ ගෙවල දන් වළදා දිවා විහරණය පිණිස කෙනෙක් තව්තිසා දිව්‍යලෝකයටද කෙනෙක් නාග භවනයටද කෙනෙක් ගරුඬ භවනයටද කෙනෙක් ධනඤ්ජය කොරව්‍ය රජ්ජුරුවන්ගේ මහා රුචි නම් උද්‍යානයටද යන්නාහ. පසුවදා දන් වැළදීම පැමිණි විට තමාගිය දිව්‍යලෝකාදී තන්හි දුටු විසිතුරු ඒ දායකයන්ට පවසන්නාහ.

එබස් අසා කෙළෙඹි පුත්‍රයෝ සතර දෙනම ඒ ඒ තැන් පතා දානාදී පින්කම් කොට ආයු කෙළවර මිය ගොස් කෙනෙක් ශක්‍රදේවේන්ද්‍රවද කෙනෙක් නාග භවනෙහිද කෙනෙක් ගුරුළු භවනෙහි ගුරුළු රාජවද කෙනෙක් ධනඤ්ජය කොරව්‍ය රජුගේ අග බිසව කුසද පිළිසිඳ ගත්තාහ. තාපසයෝ සතරදෙන බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. කොරව්‍ය කුමාරයෝ මව් කුසින් බිහිව වැඩිවිය පැමිණ රාජ්‍යයට පත්ව විධුර පණ්ඩිතයන්ගේ අවවාදයෙහි පිහිටා දන් දෙති. සිල් රකිති. පෙහෙවස් වෙසෙති.

දිනක් රජ්ජුරුවෝ උපෝසථ සීලය සමාදන්ව උයනට වැද භාවනා කළහ. ශක්‍ර දේවේන්ද්‍රයෝත්, ගරුඬ රජ්ජුරුවෝත්, නා රජ්ජුරුවෝත් සමාදන් වූ පෙහෙවස් ඇත්තේ තම තමන් සිටින තැන් පලිබොධ බැවින් විවේකව සිල් රැකීමට එම උයනට වෙන වෙනම පැමිණ මහණදම් පුරා දිනක් සවස් වේලේ පොකුණු තෙරදී සතර දෙනම එක්තැන් වූවාහු පූර්‍ව ස්නේහ වශයෙන් සතුටු සාමීචීව කථාකොට මගුල් සල්වට මත්තේ උන්නාහු අප සතර දෙනාගෙන් කවරෙකුගේ ශීලය ශේෂ්ඨ දැයි ඔවුන් අතර විවාදයක් උපන් කල්හි වරුණ නා රජ්ජුරුවෝ කියන්නේ මා අසලින් සිටින ගරුඬ රජ්ජුරුවෝ වූ කලී සෑම කල්හිම අපට විරුද්ධව සිටියාහ. අපගේ ජීවිත විනාශ කරන්නා වූ පස මිතුරා දැක දැකත් කෝප නොකර සිල් ආරක්ෂා කළ බැවින් මාගේ ශීලය උතුම්යයි කීහ.

එබස් අසා ගරුඬ රජ්ජුරුවෝ කියන්නාහු මේ නා රජ්ජුරුවෝ මට අග්‍ර භොජනව සිටියදීත් ක්‍ෂුධාව ඉවසාගෙන ශීලය ආරක්‍ෂා කෙළෙමි. එබැවින් මාගේ ශීලය ශේෂ්ට යයි කීහ. ඉක්බිත්තෙන් ශක්‍ර දේවේන්ද්‍රයෝ කියන්නාහු මම වූ කලී සියළු සුරසැප අතහැර සිල් රැකීමට මිනිස් ලොවට ආමි. එබැවින් මාගේ ශීලය මහතැයි වර්ණණා කළහ.

එවිට ධනඤ්ජය කොරව්‍ය රජ්ජුරුවෝ මම වස්තුකාමය හා සොළොස් දහසක් නාටක ස්ත්‍රීන්ගෙන් සම්පූර්ණ වූ අන්තඃපුරය හැර මහණදම් කෙරෙමි. මේ කාරණයෙන් මාගේ සීලය උතුම්යයි කීහ. මෙසේ ඔහු හැම දෙනම තම තමන්ගේ සීලය මහතැයි වර්ණණාකර කොරව්‍ය රජ්ජුරුවෝ අතින් විචාරන්නාහු රජ්ජුරුවෙනි යමෙක් අපේ සැකය දුරුකරන්නේ නම් එබඳු පණ්ඩිතයෙක් සමීපයට යමු යයි කීහ. එවිට රජ්ජුරුවෝ එසේ නම් රජදරුවෙනි මට අර්ථයෙන් ධර්‍මයෙන් අනුශාසනා කරන්නාවූ ප්‍රඥාවන් සමුදුර හා සමාන වූ විධුර නම් පණ්ඩිත කෙනෙක් ඇත. ඔහු අපේ සැකය දුරු කරන්නාහ. එබැවින් උන් සමීපයට යමුයයි කීහ.

ඉක්බිත්තෙන් ඔහු සතරදෙනම උයනින් ධර්ම සභා මණ්ඩපයට ගොස් විධුර පණ්ඩිතයන් සමග පිළිසඳර කතා කොට උතුම් පය්‍ර්‍යංකයක වඩා හිඳුවා අපට සංකාවෙක් උපන. එය දුරුකරවයි තම තමන් සිත්තුළ උපන් සැකය කීහ. එවිට විධුර පණ්ඩිතයෝ කියන්නාහු රාජෙන්‍ද්‍රයෙනි තොප හැමගේ ශීලයෙහි වටිනාකම දැන් තොප විසින් කියන ලදහ. කී නියාත් යහපත. තොප සතරදෙනාගේම ශීලය එක හා සමානවම උසස්යයි කීහ. එබස් අසා සතුටු වූ සතර දෙනා තොප වැනි උත්තරීතර කෙනෙක් ලෝකයෙහි නැති හෙයින් නිරුත්තරයයි ස්තුති කොට ශක්‍ර දේවේන්ද්‍රයෝ දිවහුලකින්ද, ගුරුළු රජ්ජුරුවෝ රන්මාලාවකින්ද වරුණ නා රජ්ජුරුවෝ කණ්ඨ මාණික්‍යයෙන්ද කොරව්‍ය රජ්ජුරුවෝ ගවයන් දහසක්ද ඇතෙකුද අජානීය න්‍ධෛව අශ්වයන් යොදන ලද රථ දහසක්ද ගම්වර සොළොසක්ද පූජා පිණිස දී ගියහ.

නා ලොවට ගිය වරුණ රජ්ජුරුවන්ගේ භාය්‍ර්‍යවවූ විමලා බිසව රජ්ජුරුවන්ගේ කර පළඳනා වූ කණ්ඨ මාණික්‍ය නොදැක එය කොයාදැයි විචාළාය. එවිට වරුණ නා රජ්ජුරුවෝ විධුර පණ්ඩිතයන් ගැන සියල්ල කියා සොඳුර එම පණ්ඩිතයන්ගේ ධර්‍ම කථාවෙන් ප්‍රසන්නවූ මම කණ්ඨ මාණික්‍යයෙන් පූජා කෙළෙමියි කීය. විමලා බිසව විධුර පණ්ඩිතයන්ගේ ගුණ කථාව අසා ප්‍රමුදිත වූයේ ධර්‍මය අසනු කැමතිව සිතන්නී මම පණ්ඩිතයන් මෙහි කැඳවා ගෙන එවයි කියු නම් එය සිදු නොවෙයි. එබැවින් මට දොළක් උපනැයි ගිලන් ආකාරය දැක්වීනම් යහපතැයි සිතා එපවත් පරිවාර ස්ත්‍රීන්ට කියා වැද හොත්තීය. නා රජ්ජුරුවෝ පැමිණ විචාරා විමලාවෝ ගිලන්සේකැයි කී කල්හි වහා එතනට ගොස් විමලාවෙනි තොපගේ ශරීරයට පීඩා ගෙන දෙන රෝගය කුමක්දැයි විචාළහ. එවිට විමලාවෝ කියන්නාහු රජ්ජුරුවන් වහන්ස ස්ත්‍රීන්ට දොළ නම් ස්වභාවයකි. එහෙයින් විධුර පණ්ඩිතයන්ගේ හෘදය මාංශය ප්‍රාර්ථනා කරමි. එය ලබන්නාවූ මම ජීවත්වෙමි. නැත්නම් දිවි නොතිබේයයි කීහ. නා රජ්ජුරුවෝ එබසට කියන්නාහු විමලාවෙනි තෙපි කිසිවක් හු විසින් ලැබගත නෙහැක්කා වූ විධුර පණ්ඩිතයන් ගෙනෙන්නා දැක්මටවත් අපහසු වන්නේය. දඹදිව සියළු රජදරුවෝ ඔහුට රැකවරණ එලවා ඇත. එබැවින් කෙසේ එය කරමෝදැයි කීහ. විමලාවෝ එබස් අසා එසේනම් මට මෙතනම මරණය වන්නේයයි යහනේ පෙරළී සළුකොනින් මුහුණ වසා ගෙන වැදහොත්තීය.

එකල්හි නා රජ්ජුරුවෝ තමන්ගේ ශ්‍රීයහන් ගබඩාවට වැද මෙය කෙසේ කරමෝදැයි සිතමින් කල්යැවූහ. එවිට ඒ රජ්ජුරුවන්ගේ දූ වූ ඉරන්‍දතී නම් නාග කණ්‍යාව සර්‍වාභරණයෙන් සැරසී පියා දක්නට අවුත් වැඳ එකත්පස්ව සිට දොම්නස් වූ කාරණා කිම්දැයි විචාරා මෑණියන්ගේ දොළදුක සංසිඳවී මෙහි ලා පියා සිතමින් කල්යවන බව දැන ඔහු අස්වසා මෑණියන් වසන තැනට ගොස් සර්‍වාභරණයෙන් සැරසී එම රාත්‍රීයෙහි නාගභවනයෙන් නික්ම හිමාල වනය අසල සමුද්‍ර තීරයෙහි පිහිටියාවූ සැට යොදුන් උසැති කාලගිරි නම්වූ අඤ්ජන ගිරි පර්‍වතයට ගොස් එය මලින් සරසා ගෙන ඒ මතට වී ගී ගයමින් උන්නීය.

වෙසවුණු රජ්ජුරුවන්ගේ බෑණනුවූ පූර්ණක නම් යක්‍ෂ සේනාධිපති තෙම සෛන්ධවයකු පිට නැගී යක්‍ෂ සමාගමට ඒ අසලින් යන්නේ ඉරන්‍දතියගේ ගීත ශබ්දය ඇසී පෙර ආත්මයක තම භාය්‍ර්‍යාව වූ ඇගේ ගීතිකා ශබ්දය ඇසී පෙර ආත්මයක තම භාය්‍ර්‍යාව වූ ඇගේ ගීතිකා ශබ්දය තම ඡවි ආදිය විනිවිද ගොස් ඇට මිදුළු පැහැර සිටියේය. ඔහු ඈ පිළිබඳව සිත් ඇතිව සෛන්‍ධවයා පිට සිටම ඇගෙන් සියළු විස්තර අසා දැන සොඳුර මම මාගේ ප්‍රඥායෙන් දැහැමින් සෙමින් විධුර පණ්ඩිතයන්ගේ හෘදය මාංශය ගෙනෙන්නට සමර්‍ථයෙමි. තී ශෝක නොකරව බය නොසිතව මම තිට ස්වාමීවෙමි. තී මට භාය්‍ර්‍යාව වන්නෙහිදැයි අසා ඒ කන්‍යාව අසුපිට ඉඳුවා ගෙන යමියි සිතා ඈ අල්වා ගන්නට අත දික් කළේය. ඕ තොමෝ තම අත අල්වා ගැනීමට නොදී පෙර ජාතියෙහි ස්වාමීවූ ඔහු කෙරෙහි ස්නේහයෙන් ඔහුගේ අත අල්වාගෙන මම අනාථ අසරණියක් නොවෙමි. මා පියාණෝ නා රජ්ජුරුවෝය. මෑණියෝ විමලා නම් බිසව්ය. එබැවින් මාගේ පියා සමීපයට දෙදෙනාම යම්හ. ඔහුගේ තීරණය අනුව අපි එක්වෙමුයි කියා පිය රජ්ජුරුවන් සමීපයට ගොස් නා රජ්ජුරුවන් වහන්ස. මේ ඉරන්‍දතී නම් නාග කන්‍යාව තමා හිමිකොට දෙව. නා රජ්ජුරුවෙනි තොපට පඬුරු පිණිස ඇතුන් සියයක්ද අසුන් සියයක්ද, රථ සියයක්ද, සර්‍ව රත්නයන්ගෙන් පූර්ණ වූ ගබඩා සියයක්ද දෙන්නෙමියි කීහ.

ඉක්බිත්තෙන් නා රජ්ජුරුවෝ යක්‍ෂ සේනාධිපතිය මම තට ඉරන්‍දතිය පාවා දෙමි. මදක් ඉවසවයි කියා ඔහු පිටත නවතා විමලා බිසව ලඟට ගොස් මේ පුවත කියා මේ වස්තු ලාභය ගෙන අපගේ ප්‍රිය වූ දියණිය ඕහට භාය්‍ර්‍යාව කොට පාවා දෙමෝදැයි විචාළහ. එබස් ඇසූ විමලාදේවී කියන්නේ නා රජතුමනි ඉරන්‍දතිය වස්තුව නිසා පාවා නොදෙමු. ඉදින් විධුර පණ්ඩිතයන්ගේ හෘදය මාංශය ගෙනාවොත් ඈ පාවාදෙමු යයි කීය. නා රජ්ජුරුවෝ නැවත පූර්ණිකයා ළඟට පැමිණ යක්‍ෂ සේනාපතිය අපගේ දුව වස්තුව නිසා ලබා නොගත හැක. කුරුරට වාසීවූ ධනඤ්ජය කොරව්‍ය නම් රජ්ජුරුවන්ගේ ප්‍රඥාවෙන් මහත්වූ විධුර පණ්ඩිත නම් අමාත්‍යයෙක් ඇත. ඒ විධුර පණ්ඩිතයන් දැහැමින් ලැබ අප කරා ගෙනව. එවිට තොප මෝතොම පාදපරිචාරිකා වන්නීයයි කීහ. එවිට පූර්ණකයා විශේෂයෙන් ප්‍රීතිමත් වූයේ මනාකොට සැරසී සෛන්‍ධව අශ්වයෙකු පිටට පැන නැගී අහසින් ගොස් වෛසාණ නම් රාජධානියට නායක කුවෙර නම් රජ්ජුරුවන් සමීපයට ලංවී වරුණ නම් නා රජ්ජුරුවන්ව සහ නාග භවන වර්ණනා කොට මහ රජ්ජුරුවන් වහන්ස ඔහුගේ දියණිය වූ ඉරන්‍දතිය මට පාවාදීමට පොරොන්දු විය. මට යාමට අවසර දෙවයි කීය. වෙසවුණු රජ්ජුරුවන් වහන්සේ ඔහුගේ කථාවට සවන් නොදී දිව්‍ය පුත්‍රයන් දෙදෙනෙකුගේ යුක්තියක් පසිඳමින් සිට නිවැරදිකරු වූ දිව්‍ය පුත්‍රයන් අමතා තොප තොපගේ විමානයෙහි වසවයි නියෝග කළේය. මෙතෙක් යාමට අවසරගත නොහැකිව ලතවෙමින් සිටි පූර්ණකයා කුවේර රජ්ජුරුවන් වහන්සේ තමාට යාමට කීබව හැම දෙනම දනුවයි සෙසු දිව්‍ය පුත්‍රයන් ශාක්‍ෂි වශයෙන් තබා අශ්වයා පිට නැගී අහසින් යමින් සිට සිතන්නේ විධුර පණ්ඩිතයෝ මහත් පිරිවර ඇත්තාහ. එබැවින් උන් බලෙන් අල්වා ගන්ට නොපිළිවන ධනඤ්ජය කොරව්‍ය රජ්ජුරුවෝ වූකලි දූ කෙළියෙහි අභිලාශ ඇත්තෝය. ඒ හෙයින් උන් කැටුව තරඟ කොට රජ්ජුරුවන් දූ කෙළියෙන් පරදවා මම ජය ගෙන විදුර පණ්ඩිතයන් ගනිමි. ඔහුගේ භාණ්ඩාගාරයේ බොහෝ රුවන් ඇත. ඊට වඩා වටිනා රත්නයක් ඔට්ටු කොට දූ කෙළිය යුතු වන්නේය. රජගහ නුවර සමීපයෙහි වූ වේපුල්ල පර්‍වතාභ්‍යන්තරයෙහි චක්‍රවර්තී රජ්ජුරුවන්ගේ පරිභොගයට සුදුසු මැණිකක් ඇත. ඒ බලසම්පන්න වූ මැණික ගෙන රජ්ජුරුවන් පොළඹවා ජය ගනිමියි සිතා මැණික ලබා ගැනීමට යක්‍ෂ කුම්භාණ්ඩයන් ලක්‍ෂයක් පිරිවරා එය ආරක්‍ෂා කරමින් සිටි කුම්භීර නම් යක්‍ෂයා ලඟට ගොස් කිපී ඔරවා ඔහු දෙස බලා පලවාහැර විදුලියක් මෙන් බබලමින් තිබූ හිතූ පැතූ කැමති වස්තු එලවන්නා වූ ඒ මනොහර නම් වූ මාණික්‍ය රත්නය ගෙන කුරුරට ඉදිපත් නුවරට ගොස් අසු පිටින් බැස අසු නොපෙනෙන පරිද්දෙන් සිටුවා රජ දරුවන්ගේ සමීපයට මානවක වෙසින් ගොස් නිර්භීතව එහි උන් සියයක් රජ දරුවන් සූදු ක්‍රීඩාවට කැඳවීය.

ඉක්බිති කොරව්‍ය රජ්ජුරුවෝ, මා විසින් මීට පළමු මෙසේ නිර්භීතව කියන්නාවූ එකක්හු දුටුවිරූ නැත. මොහු කවරෙක්දැයි සිතා මානවකයෟ තාගේ රට කොයිද? තා පිළිබඳ තතු වහා කියවයි කීය. පූර්ණකයයි කියා දාසයන්ට කමක් වන්නේය. ඉදින් මම ඒ නම කීයේ නම් මට නින්දා කොට හෙළා දක්නා හෙයින් මම පෙර අත්බැව්හි නම කියමියි සිතා කෘත්‍යායන නම් මානවකයෙක් වෙමි. අනුන කියාත් ඤාති මිත්‍රයෝ මා කැඳවන්නාහ. මගේ බන්‍ධුහු අඟුරට කාලචම්පා නුවර වසන්නාහ. සූදු ක්‍රීඩාවෙහි කැමැත්තෙන් මෙහි ආමියි කීය. එවිට රජ්ජුරුවෝ මානවකය තෝ කෙළියෙහි පැරදුනහොත් කුමක්දෙද්ද? තාගේ කෙබඳු වස්තුවෙක් ඇද්දැයි විචාළහ. ඉක්බිත්තෙන් පූර්ණිකයා කියන්නේ මහ රජතුමනිෟ මා ළඟ මැණිකක් ඇත. ඒ මැණික සිතූපැතූ සම්පත් දෙන හෙයින් මනොහර නමි. එසේම සතුන් පරාජය කිරීමෙහි දක්‍ෂ අජානීය අශ්ව රත්නයක්ද ඇත. මේ වස්තු දෙක මා ඔට්ටුවට තබා දූ කෙළින්නේය. මා පරදවා හැකිනම් ඒවා ගන්නැයි කීය. එවිට රජ්ජුරුවෝ, මානවකයෟ තාගේ ඒ වස්තු දෙක කවර අත්‍ර්‍ථයෙක් සිද්ධ කොට පියන්ට සමර්‍ථදැයි ඇසීය. රජ්ජුරුවන් වහන්සෟ කුමක් කියන සේක්ද? මේ එක අශ්වයා අසුන් දහසකටත් වඩා වටින්නේය. මේ එක් මැණික මැණික් දහසකටත් වඩා අගනේය. බැලුව මැනවයි කියා අසුපිටට පැන නැගී පවුරසේ සිටින්නට අසුන් විහිදුවූයේය. සත් යොදුනක් පමණ ඉදිපත් නුවර වටේ අශ්වයන් පෙළක් දුවන්නාක් මෙන් විය. ඉක්බිති අශ්වයාත් නොපෙනී බඳවට බැඳි රන්පට පමණක් වට ඇඳි රේඛාවක් මෙන් දිස්විය. එවිට පූර්ණකයා අසුපිටින් බැස මහ රජ්ජුරුවන් වහන්සෟ අශ්වයාගේ ජව දුටුසේක්දැයි කීය. එසේය දුටිමි කී කල්හි පොකුණෙහි දිය පිට කුර පමණවත් නොතෙමෙන සේ විහිදුවිය. දෙවනු පියුම්පත් මත්තේ ඇවිදුවා අත්ලෙන් අත්ල ගසා අත දික් කළේය. එකල අශ්වයා අවුත් සතර කුරෙන් අත්ලෙහි සිටියේය. අනතුරුව පූර්ණකයා රජ්ජුරුවන් ලඟට පැමිණ රජතුමනිෟ අශ්වරත්නයේ අගය දුටුදැයි අසා මාණික්‍ය රත්නයේ ආනුභාවය බලනු මැනවෟ මහරජාණන් වහන්සෟ අලංකාර ස්ත්‍රී පුරුෂ රූප නොයෙක් මෘග පක්‍ෂි සමූහයාගේ සටහන් දිව්‍යලෝකය සහ නාගලෝකාදිය මේ මාණික්‍ය රත්නයෙන් මැවී පෙනෙයි. බළා වඳාල මැනවෟ තවද රජතුමනිෟ තමන්ට උවමනා කරන ගම් නියම්ගම් රාජධානි බැළුව මැනවි. අනේක ප්‍රකාර ගංගා, ඇල, දොල, වැව්, පොකුණු බලා ප්‍රීතිවනු මැනවෟ මමවූ කලි දූ කෙළියෙන් පැරැද්දේ වීනම් මේ මාණික්‍ය දෙමි. නුඹ වහන්සේ කුමක් දෙන සේක්දැයි කීය. දරුව මාගේ ශරීරයත් ධවලචඡත්‍රයත් හැර සෙසු මා සන්තක සියල්ලම දෙමියි කිවුය. එවිට පූර්ණකයා එසේ නම් මහරජතුමනි කල් නොයවනු මැනවයි කීය. රජ්ජුරුවෝ එපවත් අසා අමාත්‍යයන්ට සූදු ක්‍රීඩා ශාලාව සරසා අසුන් පනවන්නට විධානය කොට දෙදෙනාම එම ශාලාවට ගොස් රජදරුවන් පිරිවරා වාඩිවූහ.

ඉක්බිති පූර්ණකයා අයුක්තියක් නොවන සේ ශූරසේන, මච්ච, මදු, කෙක යන රජ දරුවන් සහ අමාත්‍යයන් අමතා රාජසභාවෙහි උන් ඔබ හැම දෙනෙක්ම ඇසූ දුටු යුක්තිය පක්‍ෂපාත නොවී මධ්‍යස්ථව කිවයුතු යයි රජදරුවන් දෙස්ගන්වා දූ පෝරුවෙහි රන්පස ඇට තබා රජතුමනිෟ පස ඇටයෙහි අයනම් මලියය, සාවටය, බහුලය, සන්නිභද්‍රය යනාදී විස්සක් අය ඇත. එබඳු අයින් ඔබ වහන්සේට කැමති අයක් ගත මැනවයි කීය. රජ්ජුරුවෝ යහපතැයි බහුල නම් අය ගත්හ. පූර්ණයා සාවටය නම් අය ගත්හ. පූර්ණකයාගේ ඉල්ලීම පිට ප්‍රථමවාරයෙහි රජ්ජුරුවෝ පස ඇට දැමූහ. රජ්ජුරුවන්ගේ තුන්වැනි ආත්මභාවයෙහි මෑණියෝ දේවතා දුවක්ව සිටින්නී ඇගේ ආනුභාවයෙන් රජ්ජුරුවෝ දූ කෙළියෙහි ජය ගත්තාහ. ඈ රජ්ජුරුවන්ට නුදුරින් සිටින්නීය. රජ්ජුරුවෝ ඈ සිහිකොට කථ වයස්සාරය තූන හාසය යනාදීන් අභිමත දූත ගීතිකාවක් කියමින් පස ඇට ගෙන අහසට දැමූයේ තෙවරක්ම තමාට පරාජය වන ලකුණු දැක අහසෙහිදීම එය අල්ලා නැවතත් දැමීය. පූර්ණකයා මෙම රහස දැක බලන්නේ දේවතා දුව දැක ඔරවාපීය. ඈ සක්වල ගල මුදුනට පලා ගොස් වෙවුල වෙවුලා සිටියාය.

රජ්ජුරුවෝ එපවත් නොදැක නැවතත් ක්‍රීඩා කරන්නේ පරාජයටම පත්කරවමින් පසඇට දූ පෝරුවෙහි වැටින. එවිට පූර්ණකයා මහත්වූ ශබ්දයෙන් අත්පොළසන්දී ජය ගතිමි, ජය ගතිමි කියා තුන් විටක් හඬ ගැසුයේය. ඒ ශබ්දය සියළු දසදහසක් යොදුන් දඹදිව පැතිර ගියේය. රජ්ජුරුවෝ නොසතුටු සිත් ඇතිවූහ.

පූර්ණකයා රජ්ජුරුවන් අස්වසා මහ රජතුමනි ජය පරාජය ගැන කණගාටු නොවිය යුතුයි. දැන් ඔබ වහන්සේ ධනයෙන් පිරිහුණසේක. එබැවින් මට වහාම ජය පඬුරු දුන මැනවයි කීය. එවිට රජ්ජුරුවෝ කෘත්‍යායනයෟ මා සන්තක සියළු වස්තුව තා කැමති පරිද්දෙන් ඇර ගනුව. එසේ ගෙන කැමති මාර්ගයකින් නික්මෙවයි කීහ. එබස් අසා පූර්ණකයා කියන්නේ මහ රජතුමනිෟ ඔබ සන්තක සියළු වස්තුවට වඩා විධුර නම් අමාත්‍යතෙම උතුම් වන්නේය. එබැවින් ඔහු මට ජය පඬුරු කොට දුන මැනව. පොළෝ තලයෙහි යම්කිසි රත්නයෙක් ඇත්නම් ඒ සියළු රත්නයම මා විසින් පැරදවීමියි කීය. එවිට රජ්ජුරුවෝ පූර්ණකයෟ ඒ විධුර පණ්ඩිතයෝ මාගේ ආත්මයය. මට සරණය. පිහිටය. රක්‍ෂාස්ථානය. එබැවින් ඔහු දෙන්නට නොපිළිවනැයි කීහ. පූර්ණකයා එබස් අසා රජතුමනිෟ මේ ගැන විවාද කරමින් කල්යැවීම නිශ්ඵලය. ඒ පණ්ඩිතයන් සමීපයට ගොස් විචාරම්හ. උන් කී කාරණාව අපි දෙපක්‍ෂයම පිළිගත යුතුයයි කීය.

ඊට සතුටු වූ රජ්ජුරුවෝ සියයක් රජදරුවන්ද කැටුව පූර්ණකයා සමඟ විධුර පණ්ඩිතයන් ලගට ගිය පසු පූර්ණකයා බෝසතුන් අමතා පණ්ඩිතයෙනිෟ තෙපි ධර්‍මයෙහි පිහිටියවෟ ජීවිතය නිසාවත් බොරු නොකියව මම වූ කලි අද තොප ධර්‍මයෙහි පිහිටි නියාව දන්නා කැමැත්තම්හ. සැබවක්ම කියව. තෙපි රජ්ජුරුවන්ගේ නෑ කෙනෙක්ද? විධුර නම් ඇති තොප කවර කෙනෙකු නෑයී ප්‍රකාශ කෙරේද? තෙපි රජ්ජුරුවන්ගේ ගැත්තහු කෙනෙක්ද නොහොත් ඉතා හීන කෙනෙක්ද රජ්ජුරුවන් හා සම කෙනෙක්ද? නැතහොත් ඊටත් වඩා උතුමෙක්ද? නොවලහා ඇති හැටියට කියවයි කීය. එවිට විදුර පණ්ඩිතයෝ කියන්නාහු මේ මානවකයා මා අතින් මෙසේ විචාරන්නේය. මම වූ කලි රජ්ජුරුවන්ගේ නෑ කෙනෙක්මි. කියාවත් ඊට උතුම්යයි කියාවත් රජ්ජුරුවන්ට මාගෙන් වන දෙයක් නැතැයි කියාවත් මොහු ගිවිස්සන්ට සමර්‍ථයෙමි. එසේද වුවත් මේ ලෝකයෙහි සත්‍ය සමාන තව පිහිටක් නැත්තේය. සැබවක්ම කියමියි සිතා මානවකයෟ මම රජුන්ගේ නෑ කෙනෙකුත් උත්තරීතර කෙනෙකුත් නොවෙමි. මේ ලෝකයෙහි දාසයෝ සතර පක්‍ෂයෙක් ඇත. ඔවුන් අතරෙන් මමත් එක් දාසයෙක්මි. මානවකයෟ මෙලොව සමහර කෙනෙක් දාසියක කුසින් උපන්නාහු දාස වන්නාහ. සමහර කෙනෙක් තුමූම බත්කඩ නිසා සේවක බවට පැමිණ දාස වන්නාහ.

සමහර කෙනෙක් රාජ චොරභයින් ස්වාමී විශේෂයෙන් චුතකොට බලහත්කාරයෙන් පරවිෂයට පමුණුවනු ලද්දාහු දාස වන්නාහ. එසේ හෙයින් මමත් චතුර්විධ දාස යෝනියෙන් උපස්ථායකත්‍වයෙන් ස්වයංදාසභාවයට පැමිණි දාසයෙක්මි. රජ්ජුරුවන් වහන්සේට වැඩෙක් වුවත් අවැඩක් වුවත් බොරු නොකියමි. රජ්ජුරුවන් වහන්සේ ජය පඬුරට තබා තට මා දෙන සේක් අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් දෙන සේකැයි කීහ. පූර්ණකයා අතිශයින් ප්‍රීතියට පත්ව අත්පොළසන්දී පළමු ද්‍යුත ක්‍රීඩාවෙන් ලද්දාවූ ජය මාගේ පළමු ජය වන්නේය. විධුර පණ්ඩිතයන් කළ ප්‍රශ්න ව්‍යාකරණය මාගේ දෙවෙනි ජය වන්නේය.

මෙසේ සත්‍යවාදී වූ පණ්ඩිතයන් කවර කාරණයකින් මට නොදෙන සේක්දැයි කීහ. එබස් අසා රජ්ජුරුවෝ ඉතා අසතුටට පත්ව බෝසතාණන්ට කිපී ඉදින් ඌතුමූ දාස වූ නම් ඇරගෙන යවයි කියා නැවත සිතන්නේ පණ්ඩිතයන් ඇරගෙන මානවකයා කැමති පරිද්දෙන් යන්නේය. උන් ගිය වේලේ පටන් මට ධර්‍මකතාවක් ඇසීමට නැති වන්නේය. එබැවින් ගෘහවාස ප්‍රශ්නය විචාරමියි සිතා පණ්ඩිතයෙනි අලංකෘත වූ ධර්‍මාසනයෙහි හිඳ සකල ලෝක පූජිත වූ ගෘහාවාස ප්‍රශ්නය කියවයි කීහ. මහ බෝසතාණෝ රජ්ජුරුවන් කී බස් අසා සතර සංග්‍රහ වස්තුයෙන් සමන්විත වීමේ ගුණ වනා ධර්‍මදේශනා කොට ආසනයෙන් බැස රජ්ජුරුවන්ට වැන්දාහ. රජ්ජුරුවෝ මහත් සත්කාර කොට සියයක් රජ දරුවන් සමඟ පිටවී ගියහ. පූර්ණකයා එවිට විධුර පණ්ඩිතයන් අමතා දැන් තොපව මම ලබන ලද්දේවෙමි. නොපමාව දැන්ම වරෝ යම්හයි කීහ. පූර්ණකයෙනි පුත්‍රධාරාවන්ට අවවාදානුශාසනා කරන තෙක් තුන් දවසක් මෙහිම නවතිනු මැනවයි පූර්ණකයා කැටුව තමාගේ ගෙට ගොස් තමා සඳහා තුන් සෘතුවට කරන ලද කොඤ්ච, මයුර, ප්‍රියකෙත නම් ප්‍රසාද තුනෙන් අති රම්‍ය වූ ප්‍රසාදයෙහි නවතා ආහාරපාන වර්‍ග වලින් පිනවා ධර්‍මපාල කුමාරයා ප්‍රධාන කොට ඇති දූ පුතුන් සිඹ සනහා අනොජා අගබිසවට අවවාද දී දහසක් පුතුන් හා දහසක් දූන්ද දහසක් දෙවඟනන් වැනි භාය්‍ර්‍යාවන්ද සත්සියයක් කම්මිත්තන් හා අවශේෂ දාස කර්‍මකාර බන්ධු මිත්‍රාදී වූ මෙතෙක් දෙන ශෝක සාගරයෙහි ගිල්වා අසම්භීත වූ කෙශර සිංහයෙකු මෙන් සිංහ නාදකොට අධිෂ්ඨාන පාරමිතාව පෙරදැරි කොට ගෙන සෛන්‍ධවයාගේ වාලධියෙහි එල්ලී අසුගේ කලවය වෙලා පටලවා ගෙන මානවකයෟ මා විසින් අසුගේ වාලධිය අල්වා ගත්තෙමි. දැන්වූ කලි තා කැමති පරිදි නික්මෙවයි කීහ. එසඳ පූර්ණකයා සෛන්‍ධවයාට සන්කොට අහසින් පිටත්විය. එසඳ පූර්ණකයා සිතන්නේ දුරට නොගොස්ම විධුර පණ්ඩිතයන් හිමාල වන ප්‍රදේශයෙහි වෘක්‍ෂ පර්‍වතවල ගසා තලා මරාපියා හෘදය මාංශය ඇරගෙන මෘත කලේබරය පර්‍වත අතරකට දමාපියා නාග භවනයට යමියි සිතා ගස් ගල් පර්‍වත මග නොහැර ඒ අතරින් අසු විහිදු වූයේය. මහ බෝසතාණන්ගේ ආනුභාවයෙන් ඉන් කිසිම ගැහැටක් නොවීය. එයින් කිපුණු පූර්‍ණකයා මොහු වෙරම්භ වාතයෙන් සුණු විසුණු කරමියි සිතා ක්‍රොධයෙන් මඩනා ලදුව ඉතා ඉහළ සත්වන වාතස්කන්‍ධයට දිව ගත්තේය. එයින්ද බෝසතාණන් වහන්සේට ගැහැටක් නොවූයෙන් ඔහු රැගෙන නාලාගිරි නම් අඤ්ජන පර්‍වත මස්තකයට ගියේය.

මෙසේ පූර්ණකයා මහ බෝසතාණන් රැගෙන ගිය පසු විධුර පණ්ඩිතයන්ගේ ඥාති මිත්‍ර හිතෛෂිහු රජමාළිගාවේ දොරටුව ලඟට පැමිණ පූර්ණක නම් යක්‍ෂයා මානවක වේශයෙන් අවුත් පණ්ඩිතයන් ඇරගෙන ගියේයයි දොහොත් හිස තබා හැඩූහ. රජ්ජුරුවෝ ඒ මහත් විලාප ශබ්දය අසා ඉදිරියට පැමිණි විට හැම දෙනම කියන්නාහු රජ්ජුරුවන් වහන්සෟ ඒ මානවකයා වූ කලි බ්‍රාහ්මණයෙක් නොවෙයි යක්‍ෂයෙක ඔහු අපව මුළා කළේය. පණ්ඩිතයන් නැතිව අපගේ ජීවත් වීමෙක් නැත. ඉදින් අදට සත්වන දවසට පණ්ඩිතයෝ නාවාහු වීනම් අපි හැම දෙනම ගිනිවැද මියයම්හයි කීහ. එවිට රජ්ජුරුවෝ මහජනයෙනිෟ ඒ පණ්ඩිතයෝ විචාරණ ප්‍රඥායෙන් සමන්විතයෝය. තීක්‍ෂණයෝය. ස්ථානොචිත කාරණා දන්නෝය. එබැවින් ඔහු යක්‍ෂයා අතින් ගැලවීමද දවසකින් තොප ඇස් හමුවට එන්නාහ. තොප හැම ශෝක නොකරවයි මෙසේ නුවර වාසීන් අස්වැසූහ. එකල්හි ඒ හැමදෙන පණ්ඩිතයෝ රජ්ජුරුවන් වහන්සේට කියා ගියෝවනැයි අස්වැසිලි ලත්හ. පූර්ණකයා බෝධිසත්‍වයන් වහන්සේව නාලාගිරි පර්‍වත මස්තකයෙහි තබා සිතන්නේ මොහු ජීවත් වන කල්හි මට වැඩෙක් නැත. මොහු මරා හෘදය මාංශය ගෙන නාග භවනයට ගොස් විමලාවන්ට දී ඉරන්දතිය ගෙන දිව්‍යලෝකයට යෙමියි කල්පනා කොට නැවත සිතන්නේ මොහු සියතින් නොමරා භයංකාර රූපයක් මැවීමෙන් ජීවිතක්‍ෂයට පත්කෙරෙමියි සිතා බියකරු රාක්‍ෂ රූපයක් මවා මහාහඬින් අවුත් බෝධිසත්‍වයන් හෙළා මුඛයෙන් දළ හස්සේ ලා ගෙන කනු කැමැත්තක්හූ මෙන් වූයේය. බෝධිසත්වයන් වහන්සේට ලොමු දැහැගැනීම් පමණකුදු නූයේය. දෙවනු භයානක සතුන්ගේ වෙස් දක්වා නොබිය වන්නා වූ බෝධිසත්වයන්ව ඔරු කඳක් හා සමාන සර්‍ප වේශයක් මවා අවුත් ශරීරය වෙලා ගෙන හිස මදුනේ පෙණ ගර්‍භය තබාගෙන බිය ගැන්වීය. ඉන්ද බිය නොවූයේ පර්‍වත මස්තකයෙන් වැටී සුණුවිසුණු වීමට මහා පවණක් හැම්මවූයේය. එයින් බෝධිසත්වයන්ගේ කෙසඟක් පමණ කුදු නොසෙල් විය. ඉන් පසු තල්ගසක් මෙන් පර්වතය අල්ලා සෙලවීය. එයින්ද පලක් නොවීය.

ඉක්බිති ශබ්ද නගා භයගන්වමියි සිතා පර්වතය ඇතුළට වැද පෘථිවියත් ආකාශයත් එකනින්නාද කරවමින් මහත්සේ හඬ ගැසුයේය. බෝධිසත්වයන්ට චිත්ත සන්තාප මාත්‍රයකුත් නුවූයේය. මෙසේ නොයෙක් වද හින්සා කොටත් තම අදහස මුදුන්පත් කරවා ගත නොහැකිවූයේ සිය අතින්ම මරමියි සිතා බෝධිසත්වයන් තරකොට අල්වා ගෙන ඉස යටිකුරු වන සේ දෙපයින් අල්ලා කීප විටක් උඩ වීසිකොට නැවත අල්ල අල්ලා බලා නොමිය බව දැන පර්වතයෙන් පහතට හෙලා තමාගේ බලයෙන් අත දිගුකොට ගෙන නැවතත් එසවීය. එවිට බෝධිසත්වයන් වහන්සේ ඔහු අමතා එම්බල පූර්ණකයෟ තෝ රූපයෙන් දිව්‍ය පුත්‍රයෙක් වැන්නෙහිය. එනමුත් තාගේ කිසිම උත්තම ගුණයක් නැත. අසඤ්ඤතවූ පාප ක්‍රියා කරන්නෝය. මාගේ මැරීමෙන් තට කවර ප්‍රයෝජනයෙක් ඇද්ද? අද වූ කලි තා මේ කරන්නා වු කාය්‍ර්‍ය අමනුෂ්‍යයකුගේ ක්‍රියාවක් මෙන් වන්නේය. නොවලහා මට කියවෟ තා කවර යක්‍ෂ නිකායක උපන් යක්‍ෂයෙක්දැයි විචාළහ. එසඳ පූර්ණකයා තමාගේ තත්‍වය සහ තම අදහස ප්‍රකාශ කළ කල්හි බෝධිසත්වයෝ යක්‍ෂයෟ තෝ මුඪ නොවෙවෟ මේ ලෝකයෙහි බොහෝ සත්වයෝ කටයුතු නොකටයුතු මේ මේ යයි නොදැන ක්‍රියා කිරීම නිසා විනාශ භාවයට පත්වූහ. පූර්ණකයෟ විමලාවන්ට මාගේ හෘදය මාංශයෙන් ප්‍රයෝජන නැත. වරුණ නම් නා රජ්ජුරුවෝ මාගෙන් ධර්‍මය අසා පැහැදී කණ්ඨ මාණික්‍යයෙන් පූජාකොට ගොස් විමලාවන් සමඟ මාගේ ධර්‍මකතික භාවය වර්ණණා කළේය. එවිට විමලාවන්ටද ධර්‍මය ඇසීමට මා ගෙන්වීම සඳහා මේ කරන ලද උපායකි. තොප එය වරදවා තේරුම්ගෙන මා මරන්ට තැත් කරන්නේය. මම සාධුනර ධර්‍මය දනිමි. මා මියයන්ට පෙර ධර්‍ම ගෞරවය උපදවා එය අසා පසුව තට කැමැත්තක් කරවයි කියා ඔහුලවා ස්නානය කරවාගෙන මනහර අසුනක වැඩහිඳ සර්‍වඥ විලාසයෙන් ඔහු අමතා මානවකයෟ 1. උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරවෟ 2. තෙත්වූ අත නොදවවෟ 3. මිත්‍රද්‍රෝහීකම් කිසිවිටකත් නොකරවෟ 4. අසත් පුරුෂ ස්ත්‍රීන්ගේ වසඟයට නොයවෟයි සාධු නර ධර්ම සතර කොටින් ප්‍රකාශ කොට එකිනෙක විස්තර කරන්නේ මානවකයෟ එක් දිනක් හෝ සුළු උපකාරයක් කළහුට පෙරලා උපකාර කිරීම සත්පුරුෂ ධර්මයක් වන්නේය. මේ ප්‍රථම සාධුනර ධර්මයයි. යමෙක් යම් කෙනෙකුගේ ගෙයි එක් රැයක් නතරවී ආහාර ගෙන ඒ ගේ හිමියාට නපුරක් කරන්නට සිතතොත් ඒ මිත්‍රද්‍රෝහියා අනුභව කිරීම නිසා සේදීමෙන් තෙත්වූ තමාගේ බත්කන අතට දැව්වා නම් වෙයි. මානවකයෟ මේ දෙවන සාධුනර ධර්මයයි. යම් වෘක්ෂයක් යට ඉදීමක් හෝ සැතපීමක් කලේ වීනම් ඒ වෘක්‍ෂයෙන් අත්තක් හෝ පතක්වේවයි නොකඩන්නේය. එසේ කළේ නම් මිත්‍රද්‍රෝහීකමක් වන්නේය. සෙවන දුන් ගසට මෙසේ කිරීම නරකනට උපකාර කළ මනුෂ්‍යයින්ට ගැහැට කිරීම කොතරම් නරකදැයි කියනුම කවරේද? මේ තුන්වන සාධුනර ධර්මයයි. තවද මානවකය දශවිධ රත්නයෙන් සම්පූර්ණ වූ මේ මුළු පොළව ප්‍රතිවෘතා ධර්‍මය රක්‍ෂා කරමියි සිතා විශ්වාසී වූ ස්ත්‍රීයකට දුන්නේ වී නමුත් ඉඩලත් විටදී ඈ අසද්ධර්මයෙහි යෙදෙන්නීය. එසේ වූ අසත්පුරුෂ ස්ත්‍රීන්ගේ වසඟයට කාය්‍ර්‍ය දන්නා සත්වයෙක් කිසිසේත් නොපැමිණෙන්නේය. මේ ස්ත්‍රීන් නිසා පව් නොකිරීම සතරවන සාධුනර ධර්‍මයයි. මානවකයෟ තොප මේ සාධුනර ධර්‍ම සතර දැන ගත්තෙහිය. නා ලොවට මා දැන් ගෙනයවයි කීහ. එවිට පූර්ණකයා පණ්ඩිතයෙනිෟ ඔබගේ සතුරන් වසන නා ලොවට යෑමට කුමක් නිසා සිතව්ද? මානවකයෟ මම අකුශල නොකළ හෙයින් මරණයට බිය නොවෙමි. මාගේ එහි යාමෙන් ඔවුන්ට යහපතක්ම වන්නේයයි කීහ. මේ ධර්‍මය ඇසූ මානවකයා ඉහතකී සාධුනර ධර්‍ම සතරම කඩකළ කෙනෙක් හෙයින්ද මේ පාපය කිරීමට පෙළඹුනේ ස්ත්‍රීයක් නිසාම හෙයින් ඉතා ලජ්ජාවට පැමිණ කතා කරන්නේ විධුර පණ්ඩිතයෙනිෟ මම තොපි හැරපියා යනු කැමැත්තෙමි. පොළව හා සමාන වූ උතුම් ගුණැති නුවණැති උතුමාණනිෟ තොපගේ මාළිගාවට පලායව විමලාවට තොපගේ හෘදය මාංශයෙන් වන ප්‍රයොජණත් මට ඉරන්දතිය ලැබීමත් නැති වන්නේය. තොපගේ සුභාෂිතය නිසා අද මාගෙන් මිදී ගියේ වේදැයි ස්තුති කළේය. එවිට බෝධිසත්වයන් වහන්සේ මානවකයෟ තෝ මා අතහැර නොයා නාග භවනයට ගෙන යවෟ වරුණ නා රජ්ජුරුවන්ටත් තටත් වැඩක්ම සිද්ධ කරමි. මමත් නාගලෝකය දැක මත්තේ හිඳ දිව්‍ය සම්පත් විදීමට කැමැත්තෙමි කීය. එවිට පූර්ණකයා අසුපිට තබා ගෙන පණ්ඩිතයන්ව නාග භවනයට ගෙන ගොස් නා රජ්ජුරුවන් හමුවට එළඹ තොප බලාපොරොත්තු වූ විධුර පණ්ඩිතයන් ගෙන ආමියි කීය. නා රජ ඉතා ප්‍රීතියට පත්ව පිළිගෙන සතුටු සාමීචි කතාවෙහි යෙදීතමා නාග ලෝකයෙහි නා රජ්ජුරුවන්ව ඉපදීමට පෙර මනුෂ්‍ය ලෝකයේ ඉපදී විමලාවන් හා එක්ව දානපතිව දන්දුන් නියාව විස්තර කොට කීහ. එවිට විධුර පණ්ඩිතයෝ නා රජ්ජුරුවෙනි තොප කරන ලද දාන ශීල භාවනාදී පුණ්‍ය කර්මයන් නිසාම මේසා විශාල දිව්‍ය සම්පත්තියක් ලද්දේය. දැන් අධර්මය දුරු කොට ධර්මයෙහි යෙදෙවයි අවවාද කළහ. විමලා නා බිසවද විධුර පණ්ඩිතයන්ගේ ධර්‍ම දේශනාව අසා ප්‍රමුදිත වූවා පණ්ඩිතයෙනිෟ යම් උත්තම කෙනෙකුන්ට දන්දී මේ දිව්‍ය ඓශ්චර්යය ලබමෝ නම් එබඳ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මෙහි නැති බැවින් ඔබතුමා බොහෝ දවසක් මෙහි නතරවී අපට අනුශාසනා කරවයි කීය

එවිට බෝධිසත්වයන් වහන්සේ විමලාවෙනි සියළු සත්වයන් කෙරෙහි වෙෂයක් නූපදවා වාරත්‍රයෙන් හිතෛෂිව ත්‍රිවිධ කුසල කර්මයන්හි නිරතව කාලය ගෙවා සඳෙව් ලෝ සැප විදුවයි අවවාද කොට නා රජ්ජුරුවෙනිෟ විමලාවෙනිෟ මාගේ හෘදය මාංශය කැමැත්තෙන් මා මෙහි ගෙනාවහු නම් දැන් මා ජීවිතක්ෂයට පත් කොට ලබා ගනුවයි කීහ. එවිට රජ්ජුරුවෝ පණ්ඩිතයෙනිෟ යමෙකුගේ හෘදය මාංශය නම් ඒ කාන්තයෙන් ප්‍රඥාවම වන්නේය. දැන් අපි වූකලි තොපගේ උත්තම ධර්මය හෘදය මාංශය ලැබ මනදොළ පුරා ගතුම්හ. එසේම ඉරන්දතිය ලබා ගෙන ඔහුගේ මනදොළ පුරවා ගෙන ස්වකීය ස්ථානයට යේවයි කියා ඉරන්දතිය පූර්ණකයාට පාවා දුන්හ

එයින් ප්‍රීතියට පත් පූර්ණකයා විධුර පණ්ඩිතයෙනි තොප මාගේ අදහස පරිදි ඉරන්දතිය හා එක් කෙළෙහිය. මමද තොපගේ රජ්ජුරුවන් හා නුවර වැසි බන්ධුවර්ගයා සතුටු කරවමි. එසේම තොපට තෑගි වශයෙන් චක්‍රවර්තී රජවරුන් ප්‍රයෝජන විඳිනා මේ චින්තා මාණික්‍ය පඬුරු කොට දෙමි. අදම තොපව ඉඳිපත් නුවරට ගොස් ඇරලමියි කියා සෛනධවයා පිට බෝධි සත්වයන් හිඳුවා ගෙන ඉඳිපත් නුවරට පැමිණ ධර්ම සභා මණ්ඩපයෙහි හිඳුවා තම වාස භවනයට ගියේය.

මහා බෝධිසත්වයන් නුවරට පැමිණෙන දවස අළුයම ධනඤ්ජය කොරව්‍ය රජ්ජුරුවෝ ස්වප්නයක් දුටහ. කෙසේද යත්? රජ්ජුරුවන්ගේ මාළිඟා දොරකඩ (ප්‍රඥා නමැති) කඳ ඇති (සිල් නමැති) අතුපතර ඇති (පස්ගොරස නමැති) ඵල ඇති චතුරංගනී සේනාවෙන් ගැවසීගත් මහා වෘක්ෂයෙක් පිහිටියේය. මහජනයා ඒ වෘක්‍ෂයට පූජා විධි පවත්වා නමස්කාර කොට ගියේය. එසඳ කළු පුරුෂයෙක් රතක් ඇඳ රතක් පොරවා රතු මලින් සැරසී කඩුවක් අතින් ගෙන අවුත් මහජනයා භය ගන්වා සියළු දෙනා අඬා වැලපෙද්දී වෘක්‍ෂය මුලින් කපා ඇරගෙන ගොස් නැවත ගෙනවුත් පළමුතැනම පිහිටුවා ගියේය. රජ්ජුරුවෝ මේ සිහිනය දැක පරීක්‍ෂාකොට බලා අද ඒකාන්තයෙන් පණ්ඩිතයන් දක්නට ලැබීමේ පූර්‍ව නිමිත්තකැයි සතුටට පත්ව සියළු නුවර දිව්‍ය පුරයක් මෙන් සරසවා රජ දරුවන් හා නුවර වාසීන් රැස් කරවා අද අපි හැමදෙනෙක් විධුර පණ්ඩිතයන් දක්නමෝ වේදැයි පෙරමග බලමින් උන්හ.

එවිට පෙර කී සේ පූර්ණිකයා අසු පිටින් කැඳවා ගෙන පැමිණ විධුර පණ්ඩිතයන් ධර්ම සභා මණ්ඩපයෙහි හිඳුවා ඉරන්දතිය ගෙන අහසින් දිව්‍ය ලෝකයටම ගියේය. ධනඤ්ජය කොරව්‍ය රජ්ජුරුවෝ හුනස්නෙන් නැගී සිට විධුර පණ්ඩිතයන් අල්ලා වැලඳ ගෙන අඬා වැලප සතුටු සාමීචි බස් දොඩා මෙතෙක් දින ගත කළ හැටි නොවලහා කීයවයි සියළු තොරතුරු අසා ඉතා ප්‍රීතියට පත්ව බන්ධන ගතවූ සත්වයන් සියළු දෙනාවම ඉන් මුදවා මසක් මුළුල්ලෙහි මුළු නුවර මහත් උත්සව පවත්වා බෝධි සත්වයන්ට මහත් පුඳ පඬුරු දී සම්භාවනා කළහ. බෝධි සත්වයෝද මහ ජනයාට ධර්මදේශනා කරමින් දිවි පමණින් සිට ආයු කෙළවර ගොස් තව්තිසා දෙව්ලොව උපන්හ. එසමයෙහි විධුර පණ්ඩිතයන්ගේ දෙමාපියෝ නම් දැන් සුද්ධෝදන රජ්ජුරුවන් හා මහාමායා දේවිය. අනෝජා බිසව නම් රාහුල මාතාවය. ධර්‍මපාල කුමාරයා නම් දැන් රාහුල පුතණුවෝය. වරුණ නා රජ්ජුරුවෝ දැන් සැරියුත් තෙරුන් වූ අතර එදා ගුරුළු රජ දැන් මුගලන් තෙරුන්ය. ධනඤ්ජ කොරව්‍ය රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. සියල්ලවුන්ට සවර්‍ග සම්පත් සාදා දුන් විධුර පණ්ඩිතයෝ නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේය.