මුල් පිටුව 501 සිට 550 දක්වා 520 චුල්ලසුතසෝම ජාතකය

520 චුල්ලසුතසෝම ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද දීපංකර පාදමුලයෙහි අත්පත් නිවන් හැර සත්වකරුණාවෙන් සසරට වැද ගින්නෙහි පැසී මිහිරිවු කිරියොදයක්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි සසර නමැති ගින්නෙන් පැසී සර්වඥ නමැති අමායොදය ඉදි මිහිරිවු අල්පහක්‍ෂනිරුදක චොරඅමනුෂ්‍යාදී සංකතරින් සාර්ථ වාහකයෙක් යම්සේ සතුන් එතරකරේද එමෙන් ජාති ජරා ව්‍යාධි මරණ සංඛ්‍යාත සසරමහකතරින් සත්වයන් ගොඩලා නිවන්කැමති පටුන්ගමට පමුණුවන්නාවු බුදුහු එක්සමයෙක්හි දෙව්රම්වෙහෙර වැඩවසනසේක්.අඟුල්මල් තෙරුන් අරභයා මේ ජාතකය දේශනා කළසේක. ඒ අඟුල්මල් තෙරුන් වහන්සේගේ උත්පත්තියද මහණවිමද අඟුලිමාල සුත්‍රයෙහි වදාළ ක්‍රමයෙන් දතයුතු. උන් වහන්සේ වනාහී සත්‍යක්‍රියාබලයෙන් ස්ත්‍රියගේ දරුගැබ සුවපත්කොට එතැන්පටන් සුලභව ලබන ආහාරයන් ඇතිසේක් විවේකිව විදර්ශනා වඩා රහත්ව අසිතමහාශ්‍රවකයන් වහන්සේට ඇතුලත්වුසේක. එකල්හි ධර්මසභාවෙහි වැඩහුන් භික්ෂුන් වහන්සේලා ඔවුනොවුන් හා කථාකරණසේක් ඇවැත්නී අඟුල්මලයන් වැනි හැමවෙලෙහිම ලේවැකුණු දත් ඇතිව ඉතා දරුණුවූ සොරක්හුපවා අදණ්ඩයෙන් අශ්‍රසත්‍රයෙන් දමනෙලා වදාළසේක. ලොවුතුරා බුදුන්ගේ ගුණයෙන් ඉතා ආශ්චර්ය සේයයි බුදුන්ගේ ගුණ වර්ණනාකොට ධම්සභා මණ්ඩපයෙහි වැඩහුන්සේක.

බුදුහූ ශ්‍රී ගන්ධ කුටියෙහි වැඩහුන්සේක් ධම්සභාමණ්ඩපයෙහි පැවතී කථාව දිවකඛින් අසා වදාරා අනොපමේයයවු බුද්ධිවිලාසයෙන් ධම්සභාවට වැඩ පනවන ලද උතුම්වු බුද්ධාසන මස්තකයෙහි පලක්බැඳ වැඩ හිඳ මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි වදාරා භික්ෂූන් වහන්සේ විසින් ස්වාමිනි නුඹ වහන්සේ නොකියන්ට වදාළ දෙතිස්කථාවන් අතුරෙන් එක් කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ. ඉතා තදවූ ඵරුෂවු අඟුලිමාලයන් නිරායාසයෙන් මහණකොට උන්ගේ ගුණය ඉරසඳසේ ලෝකප්‍රසිද්ධකොට වදාළ පරිදි කිය කියා උන්ම්හයි දැන්වු කල්හි මහණෙනි උතුම්වු සම්‍යක් සම්බෝධියට පැමිණි අවස්ථාවෙහි මුන් දමනේලීම ආශ්චර්යයෙයි සිතව්ද පෙර මේ සර්වඥතාඥානය පිණිස සසර ඇවිදිනේම් ලෙඬකික ඥානයෙහි සිට මොහු ඉක්ම වුයෙම්වේදැයි සර්වඥප්‍රචාරණයෙන් පවරා නොබැණ වැඩ උන්කල්හි ඒ අතීත කාලයෙහි වර්තීවු ධර්මදේශනා ශ්‍රවණයෙහි කෞතුහල සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේ විසින් ආරාධිතවු බුදුහු හිමගර්භයක් පලා චන්ද්‍රමාණික්‍යයක් ගෙනහැර දක්වන්නාවු කලක් පරිද්දෙන් ඉකුත්වත් කථාව ගෙනහැර දක්වනසේක.

යටගිය දවස කුරුලට ඉදිපත් නුවර කොරව්‍ය නම් රජ්ජුරුකෙණෙකුන් දුන ප්‍රියවදන අර්ථචරියාව සමානාත්මතාවයයි දක්වන ලද සතරසංග්‍රහ වස්තුවෙන් සත්වයන් සිත්ගෙන රාජ්‍යය අනුශාසනා කරන්නාහුය. එකල පුරණ ලද පාරමිතා ධර්මයන් ඇති අප මහා බෝසතානෝ එරජුහුගේ අගමෙහෙසුන් බිසව බඩ පිළිසිඳ උපන්හ. වේදත්‍රය හා ලොකස්මයාන්තරයෙන් ඇසීමෙහි සතුටු සිත් ඇති හෙයින් සුතසෝම කුමාරයෝයි නම් තුබූහ.

ඉක්බිති සුතසෝම කුමාරයන් සිල් උගන්නා සඳහා තක්සලානුවර දිසාපාමොක් ආචාරීන් සමීපයට පත්කුඩයක්ද වහන්සඟලක්ද මසුරන් දහසක්ද දී යවුහ. ඒ කුමාරද තක්ෂලා නුවරට යන මගට පිළිපන්හ. එසමයෙහි බරණැස කසීරජ්ජුරුවන්ගේ පුත්වු බ්‍රහ්මදත්ත කුමාරයෝද පියරජ්ජුරුවන් විසින් සිල්ප උගන්නා පිණිස යවන ලදු එම මගට පිළිපන්හ.

එකල්හි සුතසෝම කුමාරයෝ සියක් යොදුන් මගගෙවාගොස් තක්සලා නුවර වාසල් දොර ශාලාවෙක්හි සැතපී උන්හ. බ්‍රහ්මදත්ත කුමාරයෝද ගොස් සුතසෝම කුමාරයන් හා සමඟ එක් අස්නෙහි උන්හ ඉක්බිති සුතසෝම කුමාර සබඳ මග මිරිකුණෙහි කොයිසිට අවුදැයි පිළිසඳර කථාකළහ. එසඳ බරණැස් නුවර සිට ආමි කීහෙයින් තෙපි කාගේ දරුකෙනෙක්දැයි විචාරා කසීරජහු පුත් බ්‍රහ්මදත්ත කුමාරයෝයයි කී කල්හි කවර කාරණයෙන් අවුදැයි විචාරා ශිල්ප උගන්නා සඳහායයි කියා නැවත බ්‍රහ්මදත්ත කුමාරයෝත් සුතසෝම කුමාරයන්ගේ පවත් විචාරා දැන අපි දෙදෙන රාජ කුමාරම්හයි මිත්‍රසෙනෙහ උපදවා ගෙන එක ආචාරීවරකෙනෙකුන් සමීපයෙහි සිල්ප උගනුම්හයි සනිටුහන් කොට ඇතුළු නුවරට වැද දිසාපාමොක් ආචාරීන් කරා එළඹ ආචාරීන් වැඳ තමන්ගේ ජාතිය හඟවා සිල්ප උගන්නා පිණිස ආබව කීහ. ඒ බව අසා ආචාරීනුත් යහපතැයි ගිවිස්සකල්හි ආචාරීන්ට දුනමනා වස්තුභාගය දී සිල්ප උගන්ට පටන් ගත්හ.

තවද එමමතුනොවෙයි ඒ දඹදිව එසියයක් රාජධානියෙහි රජදරුවන්ගේ අනිකුත් රාජකුමාරවරහු එම ආචාරීන් කෙරෙහි සිල්පඋන්නාහ. ඒ එක්සියයයක් රාජ කුමාරවරහු එම ආචාරීන් කෙරෙහි සිල්පඋගන්නාහ. ඒ එක්සියයක් රාජ කුමාරවරුන් කෙරෙහි සුතසෝම කුමාරයෝ නොබෝදවසකින්ම සිල්ප ඉගෙන නිමවා තුමු පෘෂ්ඨආචාරිව නැවත තමන්ගේ අතිමිත්‍රවු බ්‍රහ්මදත්ත කුමාරයන්ට වහා සිල්ප ඉගැන්වුහ. අවසේෂවු කුමාරවරුනුත් ක්‍රමයෙන් උගන්වා නිමවුහ. මෙසේ ඒ එක්සියයක් රාජ කුමාරවරුහු අදළතැන් වන පොතක්කොටදී ආචාරීන් වැඳ සමුගෙන සුතසෝම කුමාරයන් පිරිවරා නික්මුනාහ. ඉක්බිති සුතසෝම කුමාරයෝ උන් උන් රටට යන්නාහු මංසන්ධිවලදී සිට කුමාරවරුන්ට අවවාදකරන්නාහු තොපි හැම තොප තොපගේ රාජ්‍යයහෙි පිහිටිකල සාරපෝයෙ පෙහෙව පොහෝ දවස් ප්‍රාණවධ ආදීය නොකොට සතර සංග්‍රහ වස්තුයෙන් වියෝනොව රජකරවයි අවවාද දුන්හ. එක්සියයක් රාජ කුමාරවරුහම් යහපත ආචාරීන් වහන්සැයි මුදුනෙන් පිළිගත්හ. බෝධිසත්වයෝ ද අංගලක්ෂණ දැන්මෙහි දක්‍ෂහෙයින් මතු බරණැස් කුමාරයන් පිණිස දඹ දිවට භියෙක් උපදනේයයි දැන උන් උදෙසාම ඒ ඒ රාජ කුමාරවරුන්ට අනුශාසනා කොට යවුසේකැයි දත යුතු

එකල එක්සියයක් රාජ කුමාරවරහු තම තමන්ගේ රටට ගොස් පියරජදරුවන්ට සිල්පදක්වා රාජ්‍යයෙහි පිහිටා තමන්ට කල අවවාදයෙහි පිහිටා රාජ්‍ය කරණ බවද දක්වා පඬුරු හා සමග සුතසෝම රජ්ජුරුවන්ට සන්දේශ යවුහ.

බෝධිසත්වයන් වහන්සේද වැලිත් අපගේ අවවාදයෙහි ප්‍රමාදනොවවයි නැවත රජ දරුවන්ට කියායවන සේක.

ඉන් බෝධිසත්වයන්ගේ අති විස්වාසීවු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ මස් නැතිව බත් අනුභවකරන්නාහ. පොහෝ දවසට පළමුදවස්ම මස් ගෙනවුත් මුළු තැන්ගෙයි තමන්නාහ. ඉක්බිති එක් දවසක් පොහෝ දවස මෙහෙවඩන්ටයයි ඇර තිබු මස් අරක්කැමියාගේ ප්‍රමාදයෙන් රජගෙයි වඩනා බල්ලා කාපිහ.අරක්කැමි මස් නොදැක කම්පාව රන්මිටක්ගෙන අඟානි මුළුල්ලෙහි ඇවිදිනේ මස් නොලදිනි මස් මාළු නැතිව බස් මේවැඩිම් මාගේ ජිවිතය නැත කුමකින් කුමක් කෙරෙම්දෝහෝයි සිතන්න් උපදේශයක් ඇතැයි පස්වරු අමුසොහොනට පලාගොස් ඇසිල්ලක මියගිය මිනිසක්හුගේ කලවයෙහි මස් ලියාගෙන යහපත්කොට පියරජ්රුවන්ට මෙහෙවඩිය රජ්ජුරුවෝද මස් බිත්තක් ගෙන දිවුඅග තිබූ කල්හි සත් දහසක් නහර ඉල්ප සියලු ශරීරය පිණවා ගියේය. ඊට කාරණා කවරේද යත් ඒ රජ්ජුරුවෝ වනාහී අනතුරු අත්බව යක්ෂව ඉපිද බොහෝ මනුෂ්‍යමංස අනුභවකළාහුය. මෙසේ පූර්වජාතිය කරණ ලද මාංශ භක්ෂණය හේතුකොටගෙණ එරහට මිනිමස් ප්‍රියවිය. ඉක්බිති ඒ රජ්ජුරුවෝ මුවෙන් නොබැණ මේ අනුභවකලෙන්නම් මේ මස් වූ පරිදි මට නොකියන්නාක් සිතා කෙළ හා සමඟ කාරා බිමට දැමුහ. ඉක්බිති අරක් කැමියා විසින් මහරජ නිර්දෝශය සැකනොවි මේ නිමවා වදාළමැනවැයි කී කල්හි රජ්ජුරුවෝ සමීපයෙහි සිටි මිනිසුන් ඉවත්කොට මේ මස් යහපත් බව දනිමි. මේ මස් කෙසේවු මසෙක්දැයි විචාළාහ. ඉක්බිති අරක්කැමියා කියන්නේ ස්වාමිනි ඊයේ දවස මේ වැඩු මසේ මසමයයි කීහ. එසේ මෙතෙක් දවස් මෙබඳු රසයෙක් නැතැයි විචාළාහ. මහරජ අද යහපත්කොට පිසුහෙයින් රස වැඩියයි කීහ. එපවත් අසා රජ්ජුරුවෝ පෙරත් මෙමලෙසම නොවෙද තා පිසන්නේයයි ස්වාභාවය නොකිය වී නම් දැන් තාගේ ජිවිතය නැතැයි කීහ. ඉක්බිති අරක් කැමි අභය ඉල්වාගෙන තත්වු පරිද්දෙන් නොවලහා කිහ. එසඳ රජ්ජුරුවෝ කාටත් නොකියවයි පළමු පිසන මස් අනුභවකොට නිරන්තරයෙන් මිනි මස් පිස මේවඩවයි කීහ. මහරජ නොලැබහැක්කැයි කීය. රජව සිටි අපට ලැබීම ආයාසය කිම්දැයි කියා සිරගෙවල් සතරෙහි බොහෝ සත්වයෝ ඇත. දවස ඉන් එන්ක්හුමරා මස් ගනැයි කීය. එද එතැන්පටන් ඉන් එකකු නිසායෙන් මරා මේ වඩන්නෝය

මෙසේ කල්යාමකින් සිරගෙයි මනුෂ්‍යයන් නිමාගියකල්හි ඉනිබ කළමනා කවරේදැයි විචාළේය. අතරමග දහසින් බැඳ පියලිඵලා යමෙක් ඇරගත් නම් ඔහු සොරයයි කියා අල්වාගෙන මරාලවයි කියා මෙසේ කල්යාමක් ගිය කල්හි දහසින් බැඳි පියලි අල්වන කෙනෙකුන් නැතිහෙයින් තවද කලමනා කිම්දැයි විචාළේය

සවස ධුරය කරණ වෙලාවට නුවර අකුල්වා තිබෙන්නේය. ඒ වෙලාව කොවේ මාවේ ආදියෙහි සැඟවිසිට මිනිසුන් මරා මස් ගෙනැයි කීහ. එසඳ යහපතැයි ගිවිස සන්ධිවල සැඟවි සිට මිනිසුන් මරාලවයි කීය.ඝනවතුමු මස්පිඩු ලියාගෙන ඇටසැකිල්ල දමාපියා යන්නේය. ඒ ඒ තැන්හි දමාපියා තිබෙන්නාවු ශරීරයන් දැක දැන් මාගේ මෑනියන් දුටිමි. පියානන් දුටිමි මලනුවන් දුටිමි බෑනන් නැගනියන් බූනනියන් දුටිමි එක්වන් මනුෂ්‍යයන් අඬන අඬින් නුවරපැලීයන්නාක් මෙන් නුවර වැස්සෝ භයින් තැතිගෙන අනේ මනුෂ්‍යයන් සිංහයන්ගෙන කාදෝ ව්‍යාඝ්‍රයෙක් අනුභවකෙරේදෝහෝ යක්‍ෂයෙක් අල්වාගෙන කාදෝහෝයි මිනි වටින් පිටින් පෙරළා බලන්නාවු ඇනකොටා ප්‍රහාර මුඛදක්නාහු මේ මිනිසුන් මනුෂ්‍යයෙක් මරාකන්නේයයි දැන බොහෝ නුවරවාසීහු රාජංගනයෙහි රැස්ව මුරගෑහ. රජ්ජුරුවෝ කිමෙක්දැයි විචාරා මහරජ මෙනුවර මිනී මස් අනුභවකරන්නාවු සොරෙක් ඇත. වගා පරීක්ෂාකරවා ඇල්ලුවමැනවයි කී කල්හි කිමෙක්ද මම කෙසේ නුවර පරීක්‍ෂාකොට ඇවිදිම්දැයි කියා නොලැබුනු කල්හි ඉක්බිති නුවර වසීහු රජ්ජුරුවෝ නුවර පරීක්‍ෂාවෙහි අපේක්ෂාවෙක් නැත්තේයි කාලහස්තී නම් සෙනවි රජුන් කරා ගොස් ස්වාමිනි මෙනුවර නොකටයුත්තෙක් පහළවිය. වහා සොරුන් පරීක්ෂාකොට ඇල්ලුව මැනවැයි කීහ. ඉක්බිති සෙනවිරදු එපවත් අසා කම්පාව සත්දවසින් මත්තෙහි සොරහු අල්වාදිලමි අස්වසා යවා තමන්ගේ අනුවරයන් ලඟට කැඳවා එපවත් කියා තෙපි හැම ඒ ඒ ස්ථානයෙහි සැඟවිසිට සොරහු අල්වාදීලවයි තන්හි තන්හි රැකවල්ලැවුහ. එතැන්පටන් සෙනවිරදුන්ගේ යෝදයෝ ඒ ඒ ස්ථානයෙහි සැඟවිසිට රාත්‍රියෙහි දිවාභාගයෙහි අප්‍රමාදව පරීක්ෂාකරන්ට පටන් ගත්හ. එකල්හි අරක්කැමි එක් විථිකොටසක්හි සැඟවි සිටගෙන එක් ස්ත්‍රියක කඩුයෙන් පැහැර එලාඝණමස් ලියා පැස්පෙට්ටියේ පුරන්ට පටන්ගත. ඉක්බිති රැකවල සිටියාවු පුරුෂයේ දැක අල්වාගෙන පිටතල හයා බැඳ මිනි මරන්නාවු සොරවු අල්වාගතිම්හයි මුරගාලුකල්හි ජනයෝ රැස්ව සොරහු අතින් පයින් පැහැර මස් පැස බොටුයෙහි බැඳ මර මරාගෙනගොස් සෙනෙවි රදුන්ට පාවුදුන්හ. ඉක්බිති කාලහස්ති නම් සෙනවිරදු අරක්කැමියා ඇඳින කම්පාව කර්මකලමුග්ධය ස්ත්‍රීපුරුෂයෙන් මරන්නාවු තෝ මේ මනුෂ්‍යමාංසය අනුභවකෙරෙයිද නොයොත් අනිකුත්මස් හා මිශ්‍රකොට වස්තු උපදවයිද නැත . අනික්කෙනෙකුන්ගේ වචනයෙන් මරා අනේපිනැත්තව බෙඳුවු දරුනු ක්‍රියාවක් කුමක් සඳහා කෙරේදැයි විචාළාහ.ඉක්බිති අරක්කැමිතෙම තත්වුපරිද්දෙන් කියන්නේ සාමිනි මරන්නාවු මම මා අනුභවකරණ පිණිස මරන්නේමුත් නොවෙයි මිත්‍ර පුත්‍රකාලත්‍රාදීවු බන්ධු පෝෂණය පිණිස මරන්නේමුත් නොවෙමි. වැලිකුමක් පිණිසදයත් ජගත්පාළවු නුඹ වහන්සේගේ මේ රජ්ජුරුවෝ මිනිමස් අනුභව කරන්නාහුය. උන්ගේ කිමෙන් මරමියි කීයේය.

එපවත් අසා සෙනෙවිරද්දු මොහු විසින් මේ වචනය සැබෑ කියේදෝහෝයි නොහොත් මරණ භයින් බොරුකියාදෝහෝයි මිමසනු පිණිස වන්නාට ඉඳින් අරක්කැමියාට තෝ භක්තිස්වාමිහු රජ්ජුරුවන්ගේ මෙහෙවරින් මිනිමරන්නෙහි වි නම් සෙට උදාසනක්සේම අන්තඃපුරයට ගෙනගොස් රජ්ජුරුවන් සම්මුඛයෙහි ලා විචාළකල්හි එපවත් අසා අරක්කැමිතෙම සෙනෙවිරත්තී නුඹ වහන්සේට වඩ වඩා අභිවෘද්ධියෙක් වේවයි ඉදින් සැබැවටම නුඹවහන්සේ උදෑසන රජ්ජුරුවන් කරා ගියසේක් වි නම් තත්වු පරිද්දෙන්ම කියාලමියි කීයේය.

ඉක්බිත්තෙන් සෙනවිරද්දු උගේ අභීත වචනය අසා බැඳුමෙන්ම රාත්‍රීයෙහි වැදහොවා පහන්වු කල්හි අමාත්‍යවරුන් හාද නුවර වැස්සන් හාද කථා කොට ඇමදෙනාම, එකවචනයෙහි පිහිටිකල්හි නුවර සිසාරා රැකවල් ලවා නුවර තමන් හස්තප්‍රාතකොට අරක්කැමියාගේ බොටුවෙහි මස්පැස බැඳවාලා අල්වාගෙණ මර මරා රජගෙට බලගෙනයන්ට පටන්ගත්හ සියලුනුවරවාසීහු මහ හඬින් හඬාගෙන මහවතුරක් මැඩගෙන නික්මෙන කලක් පරිද්දෙන් කැටිවම වැටුනාහ.

රජ්ජුරුවෝද ඊයේදවස පෙරවරු මේ නිමවුනම් රැසයින් වැදහෙව අරක්කැමි දැන් ඒදෝ දැන් ඒදෝහෝයි උන් එලමඉඳම රාත්‍රිය යවා පහන්ව ගිය කල්හි ඔහු නොඑනහෙයින් කාරණාකවරේදෝහෝයි සීමැදුරු කවුලුව හැර බලන්නාවු නුවර වැස්සන්ගේ මහත්වු කෝලාහලයද ඔහු බැඳලාගෙනන නියාවදැක මෙතෙක්දවස් අපකළ නොකටයුත්ත ප්‍රකාශව ගිය නියාවේදැයි භව පත්ව නැවත රාජධෛර්ය උපදවාගෙන රාජසන මස්තකයෙ ගොසින් උන්හ.

එකල්හි සෙනෙවිරජු රජ කරා එළඹ කියන්නාහු මහරජ නුඹ වහන්සේ අරක්කැමියා යවා ස්ත්‍රි පුරුෂයන් මරා මස් ගෙන්වා කන්නේ සැබැදැයි විචාළාහ.

ඉක්බිති මහත්වු තේජස් ඇති සෙනවිරදුන් විචාළ වචන සඟවා කියනොහි සැබැය සෙනවිරත්නි මා කීවාකළ තැනැත්තහු අල්වාගෙන හාස කරන්ට කාරණා කවරේදැයි තොපි සැපත්වුවොතින් සොරකුනොවේද අල්වාපුව මැනවැයි භයගන්වා කීය. එපවත් අසා සෙනෙවිරද්දු රජ තමාගේ මුඛයෙන්ම නොහඟවා කීය. මොහුගේ සගය ක්‍රියාව ඉතා ආශ්චර්ය මොහු වලකා අවවාදයක් ගෙනහැර දක්වමියි මහරජ නොකළහැක්ක මිනි මස් කෑමෙන් වැලකුවමැනවැයි කීහ.

ඉක්බිති රජ්ජුරුවෝ සෙනෙවිරත්නි කුමක් කියවුදැයි මින් මට වැලැක්ක නොහෙමියි කීහ.

එකල්හි සෙනෙවිරද්දු එසේවිනම් මහරජ නුඹ වහන්සේගේ රාජ්‍යයේනුත් ජිවිතයෙනුත් නොවනසේකැයි කීහ.

එසේවත් මිනිමස් කෑහෙමි වැලැක්කනොහෙමි කීහ. එපවත් අසා සෙනෙවිරද්දු රජ්ජුරුවන් සන්හිඳුවාගත නොහැක්කැයි සිතා කථාවක් ගෙණහැර දක්වන්නාහු.

මහරජ යටගිය දවස මහසමුද්‍රයෙහි මහාමත්ස්‍යයෝ සදෙනෙක්වුහ. උන් අතුරෙන් ආනන්දය නිම්නදය අජඣාරෝහය යන මස්සු තුන්දෙන පන්සියයක් පන්සියයක් යොදුන් දිග ඇත්තාහ. තිමිය තිමිංගලයතිමිරපිංගලයයි යන මස්සු තුන්දෙනා දාසක් දාසක් යොදුන් දිග ඇත්තාහ.

මෙම මස්සු පහනසෙවලම ගොදුරුකොට ඇත්තාහ. මොවුන් අතුරෙන් පන්සියයක් යොදුන් දිග ඇති ආනන්ද නම් මත්ස්‍යරජතෙම සමුද්‍රයෙහි එක් කන්නෙකවෙසෙයි ඔහු දක්නා පිණිස බොහෝ මත්ස්‍යයෝ එක්වන්නාහුය.

එක් දවසක් ඒ මත්ස්‍යජාතිහු එක්ව කථාකරන්නාහු මේ සත්වලෝකයෙහි සියලු දීපද චතුස්පද ජාතින්ට රජ දරුවෝයයි කියා නැත්තාහ. මිට පළමු අපට රජදරුකෙනෙක් ඇත්තාහ. අපිදු අපට රජ්ජුරුකෙනෙකුන් ඇතිකොට වසම්හ. ඇමදෙන එක් අදහස්ව ආනන්දනම් මත්ස්‍යයා රජ කළහ. එතැන්පටන් ගෙන සවස උදෑසන මත්ස්‍යජාතීහු ඕහට උපස්ථානයට එන්නාහ

ඉක්බිති එක් දවසක් ආනන්ද නම් මත්ස්‍යරජතෙම පර්වතයෙහි ගල්සෙවෙල් අනුභවකරන්නේ සෙවෙල් කඳයයි යන සංඥාවෙන් නොදැකම කුඩා මස්සකු සපාපිහ. එක්ෂණයෙහි ඔහුගේ ශරීරය පිණාගියේය. එක මගේ මේ මධුර රසයකැයි පරීක්ෂාකළමැනවයි සිතා මුඛයෙන් පිටත්කොට බලන්නේ මස්කඩ දැක මම මෙතක්කල් නොදැන මේ නිසා රසයක් අනුභව නොකොළෙමි මෙතැන්පටන්ගෙන සවස උදෑසන මසුන් මට උපස්ථානකොට ආකල එක් මසෙකු දෙමසෙකු අප්‍රකාසව අනුභවකෙරෙමින් පසුව ප්‍රකාශව අනුභව කරන්ට පටන්ගත්තෙම් වින්නම් එක්කෙනෙකුත් මා කරා නොඑලඹ සැඟවි පලායන්නාහුයයි සනිටුහන්කොට දවස්පතාම මතස්‍ය සමූහයාත් තමන් සමීපයට නික්මෙන අත්පස්සෙහි යන මසුන්ගෙන් කීපදෙනෙකු අල්වාගෙන කාපියන්නේය. මෙසේ කල්යාමකින් මත්ස්‍ය සමූහයෝ අඩුවත් අඩුවත් සිතන්නාහු මෙසේ භය අපගේ බන්ධු වර්ගයාට කෙසේ උපන්දෝහෝයි මන්ත්‍රනය කරන්නේ ඔවුන් අතුරෙන් එක් නුවනැති මසෙක් නිමා විචාරණ ප්‍රඥාවෙහි දක්ෂහෙයින් ආනන්ද නම් මත්ස්‍යරජුගේ කටයුත්ත මට අභිප්‍රාය නොවෙයි පරීක්ෂාකළ මැනවැයි සිතා එක් දවසක් මසුන් උපස්ථානයට ගිය කල්හි තෙමේ මස් රජහුගේ කන්පතමුවාවෙහි සැඟවිගෙන සිටියේය. එකල්හි ආනන්දනම් මස්තෙම මසුන් නික්මවා පස්සෙහි යන්නවුන් අල්වාගෙන කෑය ඒ කාරණය සැඟවි සිටි මසා දැක තෙස්සවුන්ට ගොස් කීය. සියලු මස්සු භයින් තැතිගෙන එදවස් පටන් උන්කරා එනගමනක් නොකොට ගිය ගිය අත පලාගියාහුය

ඒ අනද නම් මස්රජතෙම එතැන්පටන් මස්රස ලෝභයෙන් අනික් ගොදුරක් අනුභව නොකරන්නේය. සයින් පීඩාව වෙහෙස විසිමින් මත්ස්‍ය සමූහයා හා හැර කොයි පලාගියෝදෝහෝයි ඒ ඒ තැන බලා ඇවිදිනේ මැද මුද පර්වතයක් දැක ඒ මච්ඡයො මා කෙරෙහි කළ භයින් මේ පර්වතය නිසා වෙසෙද්දෝහෝයි සිතමි. පර්වතය පරික්ෂාකොට බලමියි සිතා වාලාධියෙන් හා ඉසින් පර්වතය වටාගත් කල්හි අනික් දිසාවෙන් වටකොටගෙන අවුදින් ඉස කෙරේම පැමිණියාවු තමාගේ වලධිය දැක මේ මසෙකැයි යන සංඥාවෙන් මෙතෙම මා වංචාකොට පර්වතය ආශ්‍රය කොට විසි නියාවේදැයි කිපී කිරිකිරියේ කන තැනැත්තේ පනස්යොදුන් තැන් අල්වාගෙන සපාකාපීය

ඉක්බිති බලවත්වු දුක්ඛවේදනා උපන සියළු මුහුද ලේ මුහුදක්සේව ගියේය. රුධිරගන්ධයෙන් සියළු මත්ස්‍ය සමූහයෝ ඇදකන්ට පටන්ගත්තාහු ඉසදක්වා කා නිමවාපුය. එද මහත්වු ශරීරහෙයින් වැලකිය නුහුණුයේය. එතැන්හිම ජිවිතක්ෂයට පැමිණියේය. පර්වතයක් පරිද්දෙන් මහත්වු ඇටගොඩ විය. ආකාශයෙහි යන්නාවු තපස්විවරහු දැක මෙම ලෙස මළාවු මත්ස්‍යයාගේ ඇටගොඩයයිද මනුෂ්‍යයන් අතුරෙන් ප්‍රසිද්ධ කල මහරජ සියළු ජම්බුද්විපවාසීහුද ආනන්ද නම් මස් රජතෙම ස්වකීය මාංශ තෘෂ්ණාවෙහි බැඳි මච්ඡය පාර්ෂිද ක්‍ෂයව ගිය කල්හි තෙමේ තමා ඇගමස් කා මිලේයයි දක්ණාහුය.

එසේහෙයින් මහරජ ඒ ආනන්ද නම් මත්ස්‍යයා පරිද්දෙන් රස තෘෂ්ණාවෙහි බැඳුනාවු අඥාන සත්වතෙම එනදවස තමාට වන්නාවු අනභිවෘද්ධිය දැන ගත නොගී තෘෂ්ණාවසඟව පුත්‍රදාරාදී බන්ධුවර්ගයා කෙරේද අද තමාට පැමිණියාවු මහා යසශ්‍රියෙන්ද පිරිහි මහත් විනාශයට පැමිණෙන්නාහුය. එබැවින් මහරජ මේ කාරණය අසා දැන මිනිමස් අනුභවකිරීමෙන් වැලකුණු මැනව ඉඳින් නොවලක්නාසේක් විනම් ආනන්ද නම් මත්ස්‍යයා පරිද්දෙන්ම රාජ්‍ය සම්පත්තීන්ද පිරිහෙන්නේයයි යනාදින් උදාහරණ ගෙණහැර දක්වා අවවාද කීහ.

එපවත් අසා රජ්ජුරුවෝ කළාහසති නම් සෙනෙවිරත්නි උපමාදන්නෝ තොපිම නොවෙයි මමත් දනිමියි කියා තමන් මිනිමස් කෑමෙහි ලොල් බැවින් වැලැක්කනොහි සෙනවිරදුන් ගිවිස්වන පිණිස උදාහරණයක් ගෙණහැර දක්වන්නාහු සෙනෙවිරත්නි යටගිය සවස සුජාත නම් කෙළෙඹිපුත්‍රයෙක් මහත්වු සම්පත්තීන් ආඪ්‍යය එතෙම ලුණු ඇඹුල් සෙවුන පිණිස හිමාලය වනයෙන් වැඩි පන්සියයක් තපස්විවරයන් තමන්ගේ උයනෙහි වස්වා උපස්ථාන කරන්නේය. ඔහුගේ ගෙයි නිරන්තරව පනවන ලද අසුන් හා දන්සැපවුවනම් තිබෙන්නේය.

එතකුදුවත් ඒ තපස්විවරහු කිසිදවසක බොහෝදෙනාට කුසලානු ග්‍රහ පිණිස දනව් සැරිසරා සිඟාවඩිති සමහර දවසෙක අකාශයෙන් හිමාල වනයට ගොස් දඹදිවට සලකුණුවු සියක්යොදුන් ඇති මහදඹගසින් මහදඹ ඵල ගෙනවුන් වළදන්නහුය. මෙසේ එක් දවසක් තපස්විවරයන් දඹ ගෙණවුත් වළඳන කල්හි සුජාතනම් සිටුදරු ස්වාමිදුරුවන් මාගේ ගෙට නොවඩනේ තුන් සතර දවසෙක කොයි වැඩිසේක්දෝහෝයි සිතා කෙල ඇවිදිනාවු පුතු දැක ඇඟිල්ල අල්වාගෙන ආරාමයට ගියේය. එකල්හි වැඩිමාළු තපස්වරුන් කට සෝදන්ට පැන්දී බලා තාපසයෝද දඹ අනුභව කරමින් උන්හ. සුජාත නම් කෙළඹිපුත්‍රයාද තාපසවරුන් දැක වැඳ එකත්පස්වහිඳ ස්වාමිනි වළදන්නේ කුමක්දැයි විචාළේය. ඇවැත්නි දඹයයි කීය. එපවත් අසා බාල කුමාරතෙම දඹකමි ඇවිටිලිගත. ඉක්බිති වැඩිමාළු තාපසයෝ සුගක් ඕහට දුන්හ. ඒ අනු භවකොට උතුම්වු රසතෘෂ්ණාවෙහි බැඳි දඹ දෙව දඹ මටදෙවයි ඉල්ලන්ට පටන්ගත. කෙළෙඹිපුත්‍රතෙම බණ අසමින් උන්නේය. පුත නොහඬව ගෙට ගීයකල දිලියහැකැයි පුතු නලවා තපස්විවරුන්වැඳ අවකාශ ඉල්වාගෙන ගෙට ගියේය. ඒ දරුද ගියවේලෙහි පටන්ගෙන දඹ පිණිස මොරගානේය. සෘෂි වරුද බොහෝ දවසක් මනුෂ්‍යපථයෙහි විසුම්හයි හිමාල වනයට නැගීගියහ. සිටුදරුද එක්වන්ව පුතු අඬනා වලප්නා හෙයින් තපස්වින්කරා එලඹ දඹ ඉල්වා දෙමි ආරාමයට ගියේය. තපස්විවරුන් නෙ දැක මෙසේ කොටත් නලවා ගතනොහි කුමක්දෝහෝයි ඒ උයනෙහි අඹ දඹ වැල වරකා ගෙන ඒ ශකිර්රා හා පින්කොට තම පුතුට මේ දඹයයි කියාදෙන්නේය. එතෙම ඉන් සුඟක් දිවඟ තබාලු කල්හි හලාහල විෂයක්සේ දැනෙන හෙයින් කාරා බිමට දමා සත් දවසක් නිරාහාරව මළේය.

එසේහෙයින් සෙනෙවිරත්නි උතුම්රසයෙන් යුක්තවූ මිනීමස් නොලදින් නම් මාගේ ජිවිතය නොරැකෙයි සිතමි කිහ.

ඉක්බිති කාලහස්ති නම් සෙනෙවිරත් අතිශයින්ම මේ රජ ත්‍රිෂ්ණාවෙහි ගිජුවිය අනිකුත් උදාහරණයක් ගෙණහැර දක්වා බලමි සිතිමි. ඉදින් මහරජ මීනිමස් කෑමෙහි නොවැලකීසේක් වි නම් මී නියාවු අමාත්‍ය මණ්ඩලයා කෙරෙන්ද මෙබඳු රාජ්‍යශ්‍රීයකින්ද පිරිහෙනසේකැයි අවවාද කරන්නාහු යටගිය දවස මෙම බරණැස් නුවර උපන්හිමන් පංචශිලය රක්නාවු උතුම්වු සොත්ථියනම් බමුණු කුලයෙක් ඇත්තේය. ඒ කුළයෙහි ඒ පුතනුකෙණෙකුන් ඇතිකල්හි ඒ කුමාරතෙම දෙමව්පියන්ට ඉතා ප්‍රිය නියාවය ඉතා ව්‍යක්තය වෙදත්‍රය නිමවා දත්තේය. ඒ කුමාරතෙම සමවයස් ඇති එක්කෙළිමංඩලයෙහි වැඩි කුමාරවරුන් සමඟ බොහෝසේ එක්ව ඇවිදිනේය. සෙසු කුමාරහු රා මස් අනුභව කරන්නාහුය. මේ කුමාරතෙම රා මස් වේවයි මස්වේවයි අනුභව නොකරන්නේය. ඉක්බිති සෙසු බාලයෝ සිතන්නාහු මේ තමා රානොබොන හෙයින් අපට මිල නොදෙන්නේය. එසේ හෙයින් වංචාවෙන් රා පොවාපු වොත් යහපතැයි දැන එක්ව දවසක් හැමදෙනා රැස්ව සබඳ සැනකෙළි කෙලුම්හයි කීහ. ඉක්බිති සොත්ථිය කුමාරයෝ කියන්නාහු තොපි හැම රා බොව මම රා නොබොව. එබැවින් උත්සවයෙහි මා එක්විමෙන් ප්‍රයෝජන නැත. තෙපි හැමදෙනාම කෙළිවයි නීහ. ඉක්බිති ඒ කුමාරවරහු සබඳ නුඹ වහන්සේට පානවර්ගය පිණිස කිරි ගෙන්වාගත මැනවැයි කීහ. රා බොන බවමුත් ක්‍ෂිරපානය කෙරෙමින් සැණකෙළි කෙළියයි වරද කවරේදැයි යහපතැයි ගිවිස්සාහ. සෙසු ධර්තියෝද සරහණ ලද උයනකට ගොස් නෙළුම්හත තීක්‍ෂණ රාමුළු බන්ධවා තුබූහ. ඉක්බිති රාබොන වෙලෙහි කුමාරයන්ට කිරි ඵලවුහ. ඉන් ධුර්තියෙක් පින්වත්නි මට පොකුරුම් ගෙනවයි කියා ඉන් ර මුලක් ගෙන්වාගෙන පල්ලෙන් කුඩා සිදුරුකොට මුල අල්වාගෙන කට තබාගෙන කටඋඩටකොට බොන්නට වන සෙස්සෝත් අපටත් පොකුරුම් ගෙනෙවයි කියා ගෙන්වාගෙන රාමුල කටතබාගෙන බොන්නට වන්හ. ඉක්බිති කුමාරයෝ මේ කුමක්දැයි විචාළාහ. එවිට ධුතිර්ථයෝ පොකුරුමිනම් මේ වේදැයි කීහ. එසේවිනම් මටත් ඉන් සුගක් දෙවයි ඉල්වු හෙයින් වැලි බොවයි රාමුලක් දුන්හ.

ඉක්බිති කුමාරයෝ පොකුරුනම් සංඥාවෙන් රාපුහ. ඉක්බිති ඕහට අඟුරෙන් පැලහු මස් දුන්හ. එසඳ අනුභවකළහ. මෙසේ කුමාරයන් නැවත නැවත බොන්නට පටන්ගත් කල්හි කුමාරද රාමත්විය. මත්වු බවදත් ධුර්තියෙ මේ පොකුරුමී නොවෙයි රායයි කීහ. එපවත් අසා කුමාරයෝ මෙතෙක්කල් මුළුල්ලෙහි රා නම් මෙසේවු රසයක් ඇති නිසා නොදන්නෙමි. ගෙනව රායයි කියා ගෙන්වාගෙන පූහ.

මෙසේ කුමාරයන්ට රා පිපාසාව මහත්විය. ඒ බව දැන නැවත ඉල්වත්ම නැතැයි කියා දුන්නහ. එසේ විනම් ඇති තෙනකින් රාගෙනවයි කියා ඇඟිල්ලේ තිබු පේරැස් ගලවා දුන්හ. මෙසේ ඒ දවස් මුළුල්ලෙහිම උන් හැම හා සමඟ රාබී මත්ව ඇස් රතුකොටගෙන සවස වෙවුල වෙවුලා ගෙටගොස් වැදහොත්තේය. ඉක්බිති පියානෝ රා පු නියාව දැන කම්පාව රා මද සිඳිගිය කල්හි පුත උත්තම වංශයෙහි උපන්නාවු තොප විසින් රා බිවයුත්ත නොවෙයි මෙවක් පටන් එලෙස නොකරවයි අවවාද කීහ.

එබස් අසා මාණවකතෙම පියාණන් වහන්ස කුමක්කියන සේක්ද මිනිසා රසයෙක් මෙතෙක්කල් නොදත්බව මාගේ පවෙක රායෙන් වැලැක්කනෙහෙමියි කීය. පියානෝ නැවත නැවතත් යාඥාකොට නොවළකමියි කිහෙයින් අපගේ වංශයටත් කැලලවිය සම්පත්තිය නැසෙන්නේයයි සිතා පුත් උතුම්වු කුලයෙහි ඉපද විසිතුරුවු රුවින් අග්‍රප්‍රාප්තව නොකානොපියයුතු රාමස්කැපු වට අපගේ වංශයට යෝග්‍ය නොවෙයි තෙපි රාපීමෙන් නෙවලක් පසු අපගේ ගෙන් පිටත්වයි පිටත්කරවා මුන් අපට නෙනෑබව ලියවයි අධිකරණ සමස්ථයේ ලියවා තමන්ගේ කුලයෙන් පිටත්කරවුහ.

ඒ කුමාරද සප්තවිධවු රසයන් අතුරෙන් උතුම්වු රසයෙක ඉනියා රසයක් නොලබන්නාවු මට මධුර රසයෙන් අර්ථ රසයෙන් වංශ රසයෙන් ප්‍රයෝජන කිම්දැයි යථොක්තවූ කිසිවෙක් අපෙක්‍ෂාවක් නැතිව රා මදයෙන් උපෙක්‍ෂාවූයේ තමා කෙරේ නිරපේක්‍ෂවු දෙමව්පියන් කෙරෙන් නෙරනා ලදුව මෑතභාගයෙහි කිසි පිටිවහලක් නැතිව රෙදිකඩක් ඇඳගෙණ ඔබ්බේ තුබු රා මස් තබා නුබේ තිබු බත් විවරකුත් ලැබගත නොහි කබලක් අතින්ගෙන සිඟාකා ඇවිදිනේ කල්යාමකින් පිලකවැදහෙව අනාථව මියගියේය. සෙනෙවි රද්දු මේ කාරණය ගෙනහැර දක්වා ඉදින් මහරජ මා කී යමක් නොගවිසිසේක් වි නම් මේ රාජවාසීහු නුඹ වහන්සේ රාජ්ජය හැරගෙන ඒ රාසොඬ මාවකයා මෙන් නුඹ වහන්සේද මේ රටින් නෙරණාහුයයි කීහ. මෙසේ කිවද මිනිමස් කෑම වැලකිය නොහි රජ්ජුරුවෝ තුමුද උදාහරණයක් ගෙණහැරදක්වන්නාහු සෙනෙවිරත්නි සියළු සමයාන්තර අපි දනුම්හ. එම්බා පෙර ගිය දවස පාසියයක් තපස්විවරහු ළුණු ඇඹුල් සෙවුනා පිණිස මනුෂ්‍යපථයට අවුත් දනව් සැරිසරා ඇවිදිනාහු පළමුසේම සුජාතා නම් කෙළෙඹි පුත්‍රයන්ගේ ආරාධනාවෙන් ඔහුගේ උද්‍යානයෙහි අර්ම්කොට වෙසෙති ඒ දවස් පතාම උපස්ථානකොට බණ අසා එන්නේය. ඉක්බිති දවස්ගණනක් තපස්වි වරහු ඉවත ගොස් සීඟා වළඳා තමන්ගේගෙට නොආ හෙයින් ආර්යයන් නොවැඩිකරණු කිම්දෝහෝයි ගොස් වෙහෙරවිනම් බණ අසා එමියි ගියේය. වැඳ ගෙන දෙටු තවුසානන් සමීපයෙහි ඉඳ බණ අසා අසා ඉරගල වැටී ගියකල්හි ඇයි ඇවත ගියමනා කල් වේදැයි ස්වාමිනි අද මේ වෙලෙහි වෙහෙර ලමි තපස් විසමුහයා වද ඇතුළු පන්සල සමීපයෙහි වැද සැතපුනේය. තපස්විවරහු ධ්‍යාන භාවනාවෙන් යුක්තව සක්මන් මළුව සිසාරා උන්හ. ඉක්බිති දෙදෙව්ලොව දෙවියන්ට අධිපතිවු ශක්‍රදේවේන්ද්‍රයෝ දේවතා සමූහයන් විසින් පිරිවරණලදුව තමන්ගේ වල්ලභ ස්ත්‍රීන් සමග තපස්විවරුන් වැඳ බණ අසන්ට ආහ. ඉක්බිති එකල්හි දෙවියන්ගේ ශරීරාලෝකයෙන් සියළු අරමොද්‍යානය එකාලෝකව බබලන්ට පටන්ගත් කල්හි පන්සල් ඇතුලට වැදගිය රසම්දැක සුජාතා නම් කෙළෙඹෙිපුත්‍රතෙම පන්සල් සිදුරෙන් බැලුයේ තපස්වීවරුන් වැඳ සිටියාවු ශක්‍රද්‍රේවේන්ද්‍රයන් උන් පිරිවරා සිටි දිව්‍යස්ත්‍රීන් දැක දිව්‍යප්සරාවන් දර්ශනයෙහි රාගරත්විය. ශක්‍රයෝද බණ අසා වැඳ සමූගෙන තමන්ගේ දිව්‍යභවනයටම ගියාහ.

ඉක්බිති කෙළෙඹිපුත්‍රද තපස්විවරුන් වැඳ ස්වාමිනි රාත්‍රීභාගයෙහි නුඹ වහන්සේ වඳිනට ආවෝ කව්රුදැයි විචාළේය. අවැත්නි ශක්‍රදේවේන්ද්‍රයෝ යයි කීහ. උන් පිරිවරා උන්නෝ කවුරුදැයි විචාළකළ උන්ගේ දිව්‍යස්ත්‍රයයි කිහ.

එතෙම තපස්වීවරුන් වැඳ ගෙට ගියවෙලෙහි පටන්කොට මට දිවසරන් දෙව මට දිවසරන් දෙවයි මුරගානේය. එපවත් අසා බන්ධු වර්ගයා අවුත් පිරිවරගෙන අඳෝනා මයා මේ දරුවා බණ අසන්ට ගිය ගමනේ යක් කෙනෙකුන් දැකපුනිසා වේදැයි වටට අසුරුනේට වන්හ. ඉක්බිති කෙළෙඹි පුත්‍රතෙමේ කොලෙනි තෙළ අසුරුනොවෙයි මා ඉල්වන්නේය. දිව්‍යප්සාරාවන් ගෙනවුත් මට දෙවයි කීහ.

එපවත් අසා බන්ධුහු උතුම් රූ ඇත්තාවු වෛශ්‍ය ස්ත්‍රීන්ද ඔහු තමාගේ අඹුදරුවන්ද සර්වාලංකාරයෙන් සරහාගෙණ ඇවිත් මොහු දිව්‍යස්ත්‍රියක්යයි පැලු කල්හි බලාපියා මුණ ඉවත්කොටගෙණ මොහු දිව්‍යප්සරාවෝ නොවෙතියි කියන්නෝයයි ප්‍රේත දුවදැයි කැතව අච්ඡාරාප්‍රතිබද්ධ චේතනාව වලකාගත නොහෙන්නේය. දිව්‍යප්සාරාවන් මට දෙවයි කීයාම මියගියේය.

එපරිද්දෙන්ම කාලහස්ති නම් සෙනෙවිරද්දුනි උතුම්වු රස ඇති මිනිමස් නොලදින්නම් මාගේ ඒ තපස්විරුන්ගේ ශ්‍රාවකවු සුජාතා නම් කෙළෙඹි පුත්‍රයා අජාතවු දිව්‍යස්ත්‍රින් පතා මලාසේ මියමියි කීහ.

එපවත් අසා කාලහස්ති නම් සෙනෙවි රද්දු මේ රජ අතිශින්ම මාංස යෙහි ලුබ්ඩවිය. තවද අනිකුත් උපමාවක් කියා වලකාලිය හැක්කනම් උත්සහකොට බලමි කාරණයක් ගෙණහැරදක්වන්නාහු ඇසුව මැනව මහරජ පෙර ඉකුත්කල චිත්‍රකූට පර්වතයෙහි රන්ගල් ගුහාවෙහි අනුදහසක් පමණ හංසයෝ වසන්නාහුය ඔහු වැසි සාරමස ගුහායෙන් පිටත්නොවන්නාහුය. ඉඳින් පිටත්වුවාහු වි නම් පියායෙන් ගත් පැනින් පක්ෂ ප්‍රහාරකොටගත නොහි මුහුදුම වැටි මියයන හෙයින් ඒ කාරණයෙන් හංසයෝ පිටත් නොවෙති දතයුතු.

වැල් කෙසේ ඒ සාරමස පිවත්වෙද්දැයි සිතතොත් නියං සමයෙහිම සයංජාත හැල්ගෙණ හැරගෙණ රත්ගල්ගුහාව පුරාගෙන අනුභවකොට වසන්නාහුය. මෙසේ හංසයන් ගුහාව ඇතුලට වැද ඇකිලිගිය කල්හි රථ සකක් සා පමණ මහත ඇති උන්නාභිමුඛ නම් මකුළුවෙක් ගොදුරු සා පමණ උයින් මසකට එකී දැලක් නියාවට ගුහාචාරයෙහි දැල් බඳනේය. ඒ බව දත් ධතරාෂ්ට්‍ර හංසයෝ ඒ දැල් කඩන පිණිස කරුණ හංස පෝතකයන්ට ගොදුරු දෙකොටසක් තබා දෙන්නාහුය. මෙසේ වැසිසාරමස ඉකුත්වු කල්හි ඒ තරුණ හංසයා පළමුකොට ගොස් දැල සිඳිනේය එමගින් තෙස්සවුන් පිටත් වන්නාහුය.

මෙසේ වසනකල්හි එක්කලෙක පස්මසක් වැසි වටුයේය. එකල්හි සාර මසට ප්‍රමාණ දැන ගොදුරු ගෙනහැර පිරූ හංසයෝ සාරමස ඉකුත්වුසඳ ගොදුරු නිමාගිය හෙයින් ඉනිබ්බකල කළමනා කවරේදෝහෝයි ඔවුනොවුන් හා මන්ත්‍රණය කරන්නාහු ජිවත්ව උනුමෝනම් දරුවන් ලැබගනුම්හයි පළමුකොට බිජුවට තුඩින් පැහැරකෑවාහුය. ඉක්බිති අළුතගැසු පැටියන් කෑවාහුය. එසේත් මස නොනිමුණු හෙයින් පසුව මාළු හංසයන් කෑවාහුය.

මෙසේ පස් මස ඇවෑමෙන් වැසිනිමුණුකල්හි ඒ මකුළුවා පස්මසට ගුහාචාරයෙහි දැල් පසක් බැන්නේය, එකල්හි හංසයෝද ස්වකීය ජාතියෙහි මස් අනුභව කිරීමෙන් බඳවුහයි දිවුනු කොටස ලැබසිට තරුණහංස දැල් පැහැර සතර කඩාපියා පස්වැනි දැල් සිඳගත නොහී එම බැඳි ගියේය. මකුළුවාද හංසයා හිස පැහැර ලේපිය ඇතිකෙන්ද අවුදින් දැල කඩමයි බැඳි එලෙසම මකුළුවා අතට මෙම ක්‍රමයෙන් සියළු හංසයෝ පසුව ජිවිතක්ෂයට පැමිණියහ.

මෙසේ ස්වජාති මාංසය අනුභව කිරීමෙන් බල මදව එකදැල විවරක් කඩාගත නොහි ධතරාෂ්ට්‍ර කුලයෙහි හංසයෝ නැසිගියහයි කියනු ලොව පැවැත්තේය.

එසේහෙයින් මහරජ ආකාශචාරීහු රන්වන්වු ශරීර ඇති උතුම්වු ජාත ධතරාෂ්ට්‍ර කුලයෙහි හංසයෝ තමන් පෙර නොකෑ විරූවු ස්වකීය මාංසය අනුභවකොට විනාසයට පැමිණියාහුද මහරජ එමෙන්ම නුඹ වහන්සේද නොකෑයුතු මිනිමස් අනුභව කිරීම හේතුකොටගෙණ මිනිසා රජසැපතින් පිරිහෙලා වැලිත් රටින් නෙරනාහුයයි කීහ. මෙසේ නොයෙක් පරිද්දෙන් උදාහරණ ගෙණහැර දක්වා අවවාද කිවද නොගිවිසද රජ්ජුරුවෝ තුමුත් අනික් උපමාවක් කියන්ට උත්සහ කළහ. එකල්හි නුවරවාසීහුද මංගලීක මහාමාත්‍යදිහුද වහා එක්ව නැගීසිට සාමිනි සෙනෙවි රදුන් වහන්ස මේ තමා කරන්නේ කුමද මිනිමස් කන සොරහු ඇරගෙන නුඹ වහන්සේට කරුණු කින්ද මේ තෙමේ සබාව මිනීමස් කෑමෙන් නොවලකීනම් වහා රටින් නෙරපුව මැනවැයි රජ්ජුරුවන් බසක් බැනනැග නුදුන්හ.

රජ්ජුරුවෝද බොහෝ දෙන කිපී ඇලලිගිය බවදැන භයින් ත්‍රස්තව නැවත බසක් කියනු නුහුනුවාහුය. තවද ඉක්බිති කාලහස්ති නම් සෙනෙවිරජ්ජු තමන් උතුම්වු ගුණ ඇති හෙයින් සාමිනි කෑමෙන් වැලැක්ක මැන වැයි රජ්ජුරුවන් විචාරා වැලැක්ක නෙහෙමියි කීහෙයින් මෙසේත් වලකා ගත හැක්දෝහෝයි රජ්ජුරුවන්ගේ කුමාරවරුන්ද අන්තඃපුර ස්ත්‍රීන්ද සොළොස් දහසක් බිසෝවරුන්ද සර්වාලංකාරයෙන් සරහා ගෙනුවුත් රජ්ජුරුවන්ට පෑ මහරජ නුඹ වහන්සේගේ බන්ධුජනයාද පිරිවරා ටිසි අමාත්‍ය මංඩලයාද මෙබඳුවු රාජ්‍යශ්‍රියක් බලා වදාළමැනවැයි රජ්ජුරුවෙනි නිකම් අනාථයේ නොනැසී මිනිමස් කෑමෙන් වැලකුණු මැනවැයි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ මේ සියලු රාජ්‍යශ්‍රිය විචරට මිනිමස් කෑම මට ප්‍රියයයි කීහ. එපවත් අසා සෙනෙවිරද්දු එසේ වීනම් මෙනුවරින්ද රටින්ද නික්මුන මැනවැයි කීහ. ඉක්බිති රජ්ජුරුවෝ මට සෙනෙවිරත්තී රාජ්‍යසම්පත්තියෙන් ප්‍රයෝජන නැත රටින් නික්මෙම්මය බල එකකදු උවත් මට අඩුවෙක් නම් කඩුවෙක්මය. කඩුව හා අරක්කැමියා විචරක් දෙවයි ඉල්වුහ. එසේද කඩුවකිත් මිනිමස් පිසන්ට සැලියකුත් අරක්කැමියාට පැසකතබා දී රටින් මරා නෙරපුහ. රජ්ජුරුවෝද අරක්කැමියා කැඳවාගෙන නුවරින් නික්ම වනයටවැද එක් නුගරුකක් මුල වසන්නාහු අවට මාර්ගයෙහි සිට මිනිසුන් මරා අරක්කැමියාට ගෙනවුත් දෙන්නාහුය. අරක්කැමියා මිනිමස් පිස රජ්ජුරුවන්ට ලන්නේය. මෙසේ ඔහු දෙදෙන ජිවත්වන්නාහුය. මමය කොල පෝරිසාදයායයි අඬගසා කඩුව ඉසවට සිසාරා පිණුතල්හි කවර කෙනෙකුන් සභාවෙන් පිටපිය නොහිමුණින් වැටී යන්නාහුය. එසේ වැටී හුණු මනුෂ්‍යයන් අතරෙන් අභිප්‍රාකෙණෙකුන් අල්වාගෙන ඉස යටිබැල්ලිකොට එල්වාගෙනගොස් අරක්කැමියාට දෙන්නේය

පෝරිසාද නම් සොරෙක් මිනිමරා කන්නේයයි සියලු දඹදිව ප්‍රකාශවිය සියළු සත්වයෝම බොහෝසේ වදිනාතැන් සොන්නාහුය. වලගමන් නිස්ස වාරය කළහ. එසමයෙහි එක් දවසක් වනයෙහි කිසි මිනිස්කෙනෙකුන් නොලදින් අවුත් ලිපගිණිමොලවවයි කිව එපවත් අසා අරක්කැමිතෙම මස් කොයිදැයි විචාළේය. මසුන් දැන් දැන් ලබහැක්කයි කීය. එපවත් අසා අරක්කැමි ඉතිකින් මාගේ ජිවිතය නැත්තේ වේදැයි භයින් වෙවුලා ලිප ගිණි මොලවා බඳුන උදුනට නැගිය පොරිසාදයෝ කඩුවෙන් අරක්කැමියා දෙකඩකොට ගසා එදවස්ම මස් අනුභවකොට එතැන්පටන් උදාකලාවිය. එකල්හි මහත්වු සම්පත් මැති බමුණෙක් පන්සියයක් ගැල්පුරාගෙණ වෙළඳාම් කරනුයේ නැගෙනහිරින් බටහිරට යන්නේය. පෝරිසාදයාගේ උපද්‍රව අසා ඒ අඹ සමීපයෙහි වසන්නාවු මනුෂ්‍යයන්ට දාසක් වස්තු දී මේ වනාහි මිනිමරන්නාවු සොරුන් අතින් මා ගලවායවාපියවයි ගිවිස්වාගෙන එම මනුෂ්‍යයන් හා සමග මගට පිළිපන්නේය. ඉස්සෝදා නාහා ගඳ විලවුන් ගන්වා සර්වාලංකාරයෙන් සැරහීගෙන ගොස් යොදනලද සැපයානකට නැගී ගැල්සාත්තුවා පෙරටුකරවා තමන් අල්ලස් දුන් පුරුෂයන් විසින් පිරිවරණ ලදුව හැමටම පසුබලා නික්මුනේය. පෝරිසාදයාද ගසක් උඩ නැගී යන එන්නවුන් බලන්නේ ගැල්සාත්තුයෙහි එන්නවුන් දැක එතෙක් මනුෂ්‍යයන් අතුරෙන් එක්කෙණෙකුන් කෙරෙහි ඡන්දයක් නැතිව බමුණා දුටුවෙලේ පටන්ගෙණ උන්ගේ මස් කනු කැමතිව කෙලගැලම ඉඳිනේය. එකල්හි සමීපවු බැව් දැන ගසින් බැස පැනව මී මමය කොල පෝරිසාදයයි තමාගේ නම් කිය අඬගසා විදුලිය පටක්මෙන් කඩුව ඉස සිසාරා දිවන වේගයෙන් විළුම් පහරින් ඇස වැලිපුරන්නක්හු මෙන් දිවගෙන ආයමඅගේ ශබ්දය ඇසු ගමන් හා සරියේම සෙනහඬ ඈසු මුවපොල්ලන්සේ භයින් තැතිගෙණ මුනින් වැගිරගිය සත්වයන් අතුරෙන් නැගීසිටිනට සමර්ථවු එකද සත්වකෙණෙක් නැත එකල්හි පෝරිසාද නම් සොර බමුණා පය වලළුගර කෙරේදී අල්වා පිටට දමාගෙන ඉස් ගොප් මස පැහැර දිවගන එනකල්හි නොබෝ වේලකින් සිහිලැබ නැගී සිටියාවු මනුෂ්‍යයන් අතුරෙන් සමහර කෙළෙහිගුණ දන්නා කෙණෙක් පින්වත්නි අපි මේ සොරහු අතින් බමුණන් ගලවනුපිණිස දහස් ගණන් ගතුම්හ එසේවු තැනදී අප මෙසේකල පුරුෂවික්‍රම කවරේද පිලිවන් වේවයි බැරිවේවයි සුඟක් තැන් ළුහුබඳවා බලාලම්හයි පස්සේ වැටී හුණු පෝරිසාදනම් සොර මදක්තැන් දිවපියා ආපස්සේ බැලුයේ පස්සේ එනකෙණෙකුන් නොදැක සෙමෙන් යන්ටවන එකල්හි පස්සේ ලුහුබඳවා දිවන්නාවු මනුෂෂයන් අතුරෙන් එක් ලදර පුරුෂයෙක් ඇමදෙන පසු කොට පියා දිවගෙන ගොස් පෝරිසාදයාට සමීපවිය සොරාද ඔහු දැක වේග උපදවා එක් වැටකඩක් පන්නේ කිරිඋල්ක් පිටට පැනපිය ඒ කිහිරි උලද යටිපල්ලෙන් ගෙන පිටිපල්ලෙන් නැංගේය. එද ලේ ගස ගසා දිවන්ට පටන්ගත්තේය. ඉක්බිත්තෙන් එලවු ඒ පුරුෂතෙම වැගිරෙන්නාවු ලේ දැක එම්බල කොල පෝරිසාදයා විදපිම් සනිකෙ නොබා දිව වහා එවයි කියා අඬගෑය ඔහු දුර්වල බව දැන පසුපස්සෙහි ලුහුබඳවාගත්හ. සොරද ඒ බව දැන බමුණා ඇරපියා තෙමේ දිවගත අතිවාහකපුරුෂයෝද බමුණා ලත්තැන් පටන් සොරුන්ගෙන් අපට කම්කිම්දැයි කියා වැලැක්කාහුය. පෝරිසාදයාද තමා වසන නුගගසකමුලට ගොස් අරලු අරණව වැදලා වැදහෙව ආරාධනා කරන්නේ ස්වාමිනි වෘක්‍ෂදේවතාවානෙනි සත් දවසක් ඇතුළත මාගේ පය වනය සුව කොට පූසෙක්විනම් සියලු ජම්බුද්විපයෙහි රජ දරුවන්ගේ උගුරු සුන් ලෙයෙන් නුගකඳ සෝධා උන්ගේ බඩවැලින් කඳවෙලා පංචමධුර මාංසයෙන් බිලියන්නෙම් යැදගත්හ.

මෙසේ ඔහු සත් දවසක් ආහාර අනුභව නොකිරීමෙන් කය වියලී පය වනය සුවව ගියේය. එතෙම දෙවියන්ගේ ආනාභාවයෙන් සුවවනැයි සිතා සතුටුව කීප දවසක් මිනීමස්කා ශරීරයෙහි බලලාගෙන මට බොහෝ උපකාර කළාවු දේවතාවන්ට යදියඥ දරදියෙන් මිදුන මැනවැයි සිතා කඩුව සරහා ගෙන රජ්ජුරුවන් අල්වන්ටයෙමි නික්මින. ඉක්බිති පූර්වජාතියෙහි එක්ව මිනීමස්කා ඇවිදි මිත්‍රයක්‍ෂයෙක් දැක මෙතෙම පෙරජාතියෙහි මහා සමඟ මිනී මස්කා ඇවිදි මිත්‍රයායි කියා ඇඳින සබඳ තෝ මා අඳුනේදැයි විචාළේය. පෝරිසාදයෝ ඇඳිනගත නෙඑමි කීහ. ඉක්බිති යක්‍ෂතෙම පෙර ජාතියෙහි කලකටයුතු හිකැරවිය ඉක්බිති ඔවුනොවුන් ඇඳින පිළිසඳර කථාකොට යක්‍ෂයා විසින් කොයි උපනුදැයි විචාළකල්හි කසීරට රජකුලයෙහි ඉපද රාජ්‍යයෙහි පදස්ථව මිනීමස්කෑම පිණිස රටින් නෙරිබවද නුගගසමුල වසන බවද කියා පය උල ඇනුනුබවද දෙවියන්ට ආරාධනා කළ බවද වනය සුවවූ බවද යාදිනියෙන් ගුණවූ බවද යාදිනියෙන් මිදෙන පිණිස රජ දරුවන් අල්වන්ට යන බවද කියා සබඳ තොපිත් මට මිට සහයවන්ට උවමැනවැයි කීහ.

ඒ සඳ යක්ෂතෙම මට ඉක්මන් කටයුත්තෙක් ඇත. එසේ හෙයින් තොපට සහායවන්ට අවකාශමද එතකුදුවුවත් මම වනාහී අනර්ඝවු පදලක්ෂණ දනිමි පවහා ආඥසම්පන්නවු මන්ත්‍රයක් දනිමි ඒ මන්ත්‍රයතෙම කායශක්තියද පවන් හා සමාන ජවද තේජසද වඩන්නේයයි මන්ත්‍රියෙහි ආනුභව වර්ණනා කොට මන්ත්‍රය අරගනැයි කීය.

සොරද යහපතැයි පිළිගෙණ යක්ෂයාද පෝරිසාදයන්ට මන්ත්‍රය දී අභිමත ස්ථානයට නැගීගියේය. පෝරිසාදයාද මන්ත්‍රය ඉගෙන එතැන් පටන් ඌරන් තුඩ සීවැල් තිබූවාසේ මහත්වු ශක්තිසම්පන්නව අතිසුරව සත් දවසක් ඇතුළත එක්සියයක් රාජධානියෙහි රජ දරුවන් උයන් කෙළි ආදියට ගියකල්හි පවන් හා සමාන වේගයෙන් දිවගෙනගොස් මමයි පෝරිසාදයයි අඬගසා බෙණෙමින් ගර්ජනාකෙරෙමින් භයගන්වා කකුල් අල්වාගෙන භයගන්වා ඉස් යටිබල්ලා දනඋතුසන්ධි තමාගේ දෙකර තිබෙන සේ මාගේ විලුඹෙන් කොණ්ඩයෙහි ඉස්පහරණාසේගෙන පවන්වේගයෙන් නුගගසමුලට ගෙවුත් අඤජලීපකළ කලක්මෙන් අතුල්පත එක්කොටවිද අමුණා පය මාපට ඇඟිලි අක් බිමගෑවෙනසේ නුගගස මැද එක්වාගත් තේය. ඒ එක්සියයක් රජ දරුවෝ ඉතා කොමල බැවින් වාතවේගයෙන් පහරණලද කටුකරඬු මඩදම්සේ සිත් මලානිකව කරකෑවෙමින් එල්ලෙන්නාහුය. ඒ එක්සියයක් රාජධානියෙන් රජදරුවන් කෙරෙන් සුතසෝම රජ්ජුරුවන් බාලකාල සිල්ප ඉගැන්වු ප්‍රිස්ට් ආචාරීන් සෙයිනුත් දඹදිව රජදරුවන්ගෙන් සිස්නුහුවමැනවැයි සිතාත් මේ කාරණා දෙක අපෙක්ෂාකොට අල්වා නොගන්නාසේය. මෙසේ සුතසෝම රජ්ජුරුවන් හැර එක්සියයක් රජ දරුවන් අල්වා ගස උඩ බැඳ එල්වා ඉනිඹ බිළියම් කළමනාකලැයි සිතා මහත්වු දරසෑයක් බැඳ ගිණි අඟුරු බස්නා පිණිස මොලවා ඇණ මස් පහළන්ට උලක් සස්මින් උන්නේය.

එතැන්හි වෘක්‍ෂ දේවතාවා එපවත් දැන මෙතෙම්මා උදෙසා බිලියම් දෙමියි පටන්ගත්තේය. සුවකළ වණයකුත් නැත. දැන් වනාහී මෙසා මහත් විනාශයක් කරන්ට පටන්ගත්තේය. මේ වනාහි මා විසිනුත් වලකාගත හැක්කේ නෙවෙයි සතරවරම් රජ දරුවන් කරා යමි සිතා සිවුමහා රාජ්‍යයට ගොස් සතරවරම් රජ දරුවන්ට එපවත් කීය. එපවත් අසා අප විසිනුත් වැලකිය නොහැක්කැයි ඔහු කැඳවාගෙන ශක්‍රයන් සමීපයට ගොස් දැන්වුහ. ඒ අසා ශක්‍රදේවේන්ද්‍රයෝත් ඒ මමත් වලකාලිය නොහෙමියි ඉටා සමර්ථකෙණෙකුන් කියාලමි කියා කවුරුදැයි විචාළ හෙයින් දෙවි මිනිසුන් සහිතවූ ලෝකයෙහි කුරරට ඉඳිපත් නුවර ධනඤජය කෝරව්‍ය රජ්ජුරුවන්ගේ පුත්වු සුතසෝම රජ්ජුරුවන් විනා අනික් සමර්ථවූ කෙණෙක් නැත, ඒ සුතසෝම රජ්ජුරුවෝ පෝරිසාදයනුත් දමනේලා ඒ සියයක් රජ දරුවන්ගේ ජිවිත දානය දී සියලු ජම්බුද්විපයෙහි ධර්ම නැවති අමෘත ජලයෙන් අභිෂේක කරන්නාහුය. ඉඳින් රජ දරුවන්ගේ ජිවිතය ගලවනු කැමැත්තෙහි විනම් සුතසෝම රජ්ජුරුවන් බිලියම් කළොත් විනා තොපි නොපිලිගනිමියි කියාලවයි කීය. දේවතාවන් ශක්‍රයන්ගේ බස් යහපතැයි පිළිගෙන එක්‍ෂණයෙහි අවුත් තපස්වි වේශයකින් පෝරිසාදයන්ට නුදුරුතෙන ගමන්කෙළේය. එකල්හි පෝරිසාදයෝ තපස්වින්ගේ පාද ශබ්දයෙන් රජ්ජුරු කෙණෙක් ගැලවි නික්මුනෝ දෝහෝයි බැලුයේ මහණ වේශයෙන් සිටි දෙවතාවා දැක තපස්විවරයෝ නුමුත් රජදරුවෝමය. එසේහෙයින් මේ තපස්වින් අල්වාගෙණ එක්සියයක් දෙනා සම්පූර්ණකොට බලිපුජා කෙරෙමියි සිතා කඩුවගෙන තුන් යොත්නක් ලුහුබැඳත් අල්වාගනොහි විඩාවගිය ශරීර ඇතිව මම පෙර මහවේගයෙන් දිවන ඇතකු අසකු විනමුත් ඇසිල්ලකින් අල්වාගන්ට සමර්ථවුයෙම් දැන් මේ පියවියනින් යන්නාවු තාපසයන් වෙර ඩා සොල්වා මහවේගයෙන් දිවත් අල්වාගත නොහෙමි ඊට කාරණා කිම්දැයි සිතා ඉක්බිති තපස්විවරයෝ නම් කිවා කෙරෙති, එසේයින් මොනවට සිටුවයි කියා රඳවාගෙන සිටි තැනැත්ත වුහු අල්වාගනිමියි කල්පනාකොට මහණ සිටුවයි කීයේය.

ඒ අසා දෙවතාවා මම වනාහී සිටියෙමි නොසිටින්ට උත්සාහ කරවයි කීහ. එබස් අසා පෝරිසාදතෙම එම්බල තපස්විවරයෝ නම් ජිවිතය පිණිස බොරු නොකියන්නාහුය. තමා විසින් සිටුවයි කියන ලද්දෙහි සිටිපෑ පියා නික්මුණෙහිය ගමන් යෙමින් සිටත් සිටියෙමි කියන්නේය. මෙසේ වෙහෙසා කියන්ට මා අත තිබෙන මේ කඩුව කොස් පතක්කොට සිතයිදැයි තපස්වි භයගැන්නුයේය. ඉක්බිති දේවතාවා එම්බා පෝරිසාදයෙනි මම කුසලධර්මයෙහි පිහිටි හෙයින් සිටිදානම් වෙමි, තොපසේ නාමගෝත්‍ර පෙරළි නමක් නොකෙරෙමි පාණාතිපාතාදී අකුසල්කොට මෙයින් චුතව නරකයෙහි උපදැනු තොපසේ වුවන් සිටි තෝ දනිනුත් සසරින් ගැලවීමක් නැතිහෙයින් සිටියත් ඇවිදිනා නම් වෙයි බුද්ධාදීවු උත්තමයෝ කියන්නාහුය. ඉදින් මහරජ ඒකාන්තයෙන් බිලියම් කරණ කැමැත්තෝ නම් සුතසෝම රජ්ජුරුවන් ඇරගෙනවුත් බලියම් කරව උන් එක්කොටගෙන බිලියම් කළානම් එක්සියයක් රජ්ජුරුවන්ගේ ගල ලෝභිතාදියෙන් බිලියම් කෙරෙමි කි සත්‍යවචනයෙන් හා බලි විධනායේ සදිව්‍යලෝකයට පැමිණෙන්නා වේදැයි මෙසේ කියා දේවතාවා තපස්වි වේශයෙන් අන්තර්ධාන කොට තමාගේ දිව්‍යවේශයෙන් නභෝමණ්ඩලගත සූර්යමණ්ඩලයමෙන් දිප්තිමත්ව සිටියේය. පෝරිසාදතෙම දේවතාවාගේ කථාස්වරූපයද දිව්‍යවේශයද බලා තෙපි කව්රුදැයි විචාළේය. ඔහු විසින් මේ නුග ගස වාසයකරණ දේවතාවා නම් මම්මයි යනු අසා මාගේ දේවතාවානන් සිය ඇසින් දුටිමියි සතුටුව සාමිවු දිව්‍ය රාජයානන් වහන්ස සුතසෝම රජ්ජුරුවන් නොලබමි නොසිතා නුඹ වහන්සේගේ විමානයට වන මැනවැයි කීයේය. එකෙණෙහි දේවතාවාත් පෝරිසාදයන් බල බලා සිටියදීම නුග ගසට වන්නේය. ඒ ඇසිල්ලෙහි ඉරත් බටුයේය, සඳත් නැංගේය. පෝරිසාදයෝද වේදවේදාංගයෙහි දක්ෂව නක්‍ෂත්‍රයෝග තමන්ගේ දන්නා සෙයින් ආකාශය බලා සිට පුස නැකත ලැබෙන්නේය. සුතසෝම රජ්ජුරුවෝ ජලස්නානය පිණිස උයනට යනතෙනදී උන් අල්වාගනිමියි සියලු ජම්බුද්විප වාසීවු සත්වයෝ තුන් යොත්නක් අවට රැකවල් ලවාගෙන සිටිනා හෙයින් බලවත් ආරක්ෂා ඇත්තේය. එසේහෙයින් උයනට රැකවල් සැලසෙන්ට පළමුකොට පෙරයම් දසපැය ඇතුළත මිගාරචිර නම් උයනට ගොස් මගුල් පොකුණට බැස සිටිමි සිතා එපරිද්දෙන්ම ගොස් මගුල් පොකුණට බැස සිටිමි සිතා එපරිද්දෙන්ම ගොස් මගුල් පොකුණට බැස නෙළුම්පතකින් ඉස වසාගෙන සිටියේය. ඒ පෝරිසාද රජ්ජුරුවන්ගේ ආනුභාවයෙන් පොකුණෙහි ඇති මස් කැස්බෝ තාක් පසුබැසගෙන ගොස් දිය කෝල් බඩාලන් බැඳි සිටිනාහුය. මෙසේ තිරශ්චිනයන් දක්වා භය ඇති වන්ට පෝරිසාදයන්ගේ ආනුභාවයෙක් කෙසේ පැමිණියේද යත්?. පූර්වයෙහි කුසලානුභාවයෙන් පහළවුයේ කෙසේවේදැයි යතහොත්? ඒ පෝරිසාදයෝ පෙර කාශ්‍යප බුදුන් සමයෙහි බුදුපාමොක් භික්ෂූසංඝයාට කිරිපිඬු දුන්හ. ඒ කුශලානුභායෙන් මහබල ඇතිසේය. ගෙවල් කරවා භික්ෂූසංඝයාවහන්සේට සිත පිඩා දුරුකරණ පිණිස ගිණි කබල්ද දර පලන වෑ පොරෝ ආදිය දන්දුන්නේය. ඒ කුශල බලයෙන් තේජස් ඇතිවුයෙම් මෙබඳුවු කුශල බලයෙන් තේජස් ඇතිවුයෙමි, මෙබඳුවු කුශල බලයෙන් තේජස් ඇතිවුයේ පෝරිසාද රජ්ජුරුවන් උයනට යන්ට පැමිණි කල්හි පාන්වන්ට පූර්වභාගයෙහිම තුන් යොදුනක් අවට රැකවල් ගත්තාහුය. ඉක්බිති සුතසෝම රජ්ජුරුවෝත් පෙරවරු බත් මේ නිමවා සර්වාභරණයෙන් විභූෂිතව මඟුලැතු නැගී සිවුරඟ සෙනඟ පිරිවරා උයනට යන්ට නුවරින් පිටත්වුයේ එකෙණෙහි තක්සලා නුවරින් නන්ද නම් බමුණානකෙණෙක් ගාථා සතරක් ඇරගෙන එක්සිය විසි යොත්නක් කතර මග ගෙවා අවුත් නුවරට ආසන්නයෙහි ගමක ලැගදෙවෙනිදා ඉරනැගි වෙලෙහි නුවරට වදනේ නැගෙනිහිරි වාසලින් පිටත්වූ රජ්ජුරුවන් දැක දකුණත ඔසවා ජයතුභවං මහාරාජ යනාදින් ආශිර්වාද කෙළේය. ඒ ඒ දිග බල බලා එන රජ්ජුරුවෝ ගොඩමත්තේ සිට අත ඔසවා ස්තුති වචනය කළ බමුණා දැක ඇතු චඡ්‍රාංකුසයෙන් සන්කොට මෙහෙයා සමීපව සිට එම්බල බ්‍රාහ්මණය තා උපන් වැඩි රට කවරේද?. කවර කාරණයක් නිසා මෙතනට අවුත් සිටියේහිද ඒ කාරණය මට නොවලහා කියව, කුමක් කැමැත්තෙහිද තා අභිප්‍රානුකූල දෙයක් දැන් දෙමි කියා විචාළාහ.

එබස් අසා බමුණු පෘථවිශ්වරවු රජ්ජුරුවන් වහන්ස ඉතා දුරව ආහ. අර්ථ ඇති හෙයින් සාගරය හා සමානවු කාශ්‍යප සර්වඥයන් විසින් වදාරණ ලද සතාරහ ගාථාවන් සතරනෙ තොප සුභාෂිත ඇසිමෙහි අභිප්‍රා ඇතැයි යනු අසා හැරගෙන තොප කරා ආමියි මෙලෝ පරලෝ දෙකින් අභිවෘද්ධි කරන්ට නිසි මධුරවු අර්ථ ඇති ගාථාවන් අසව මහරජයි කියේය. ඒ අසා රජ්ජුරුවෝ සතුටුව ආචාරීනි තොප කළදෑ ඉතා යහපත උයනට ගොස් ඵුස්ස යෝගයෙන් ජලස්නානයකොට ආකල ඒ ගාථාවෙන් අසමියි කීය. නැවත බත් බුලත් ආදීවු සියළු පෝශ්‍ය බමුණන්ට කරණ ලෙස විධාන කොට ගොස් උයනට වන්නාහ.

උiානයත් අටලොස් රියන් උස පවුරෙන් වටකරණ ලද්දේය. එබඳුවු පවුරෙන් පිටත කන්තලින් කන්තල ගසා වටාසිටි ඇත්සේනාවය, අස්සේනාවය, රථසේනාවය, පාබලසේනාවය යි යන චතුරංගනි සේනාව විසින් ඇලලී ගිය සමුද්‍රයක්මෙන් ඉතා බහලවු සේනාසන්නි වේශයෙන් යුක්තවුයේය. සුතසෝම රජ්ජුරුවෝත් උයන සුරක්ෂිතවු පසු හාරකේයුර කිරීටාදී මහා ඇඟි ආභරණ ගලවා දැලිරවුළු අන්දම් කපා සරහවා සදන්සුනු ආදියෙන් උළනාලද සිරුරු ඇතිව මගුල් පොකුණට මහ පිරිවරින් බැස ජලස්නානය කොට ගොඩ නැගී දියසළුයෙන් සිටියාහුය. එකල්හි සුවඳ දුම් කවන ලද කසීසළු හා මාලාගන්ධ විලෝපනාදිය එලවු කල්හි පෝරිසාදයෝ සිතන්නාහු සර්වාහරණයෙන් සැරහී ගියකල්හි රජ්ජුරුවෝ ඉතා බරවන්නාහුය. සැහැල්ලු වෙලෙහිම අල්වා ගෙනයෙමි පෝරිසාද තෙම පෝරිසාදයා නම් මම්යයි අඬගසා පැණි මසකු අල්වා ඉසයට සිසාරණ කලක් පරිද්දෙන් කඩුව තිරිප්පුකොට අහංමාරෙපොරිසාදෝයි තමා තමන් කියා ගර්ජනා කෙරෙමින් පෙනෙමින් තමන්ට පෙර ප්‍රිෂ්ටි ආචාරීව සිටි රජ්ජුරුවන් හෙයින් තමුන් උතුම්වු රාජකුලයෙහි උපන් හෙයින් ආචාර පිණිස එක් ඇඟිල්ලක් නලල තබාගෙන දියෙන් ගොඩනැගී සුතසෝම රජ්ජුරුවන් කරා දිවත් එසඳ ඔහුගේ කෲරවු භයංකාර නාදය අසා ඇත්තු ඇතුන් පිටම වගුලහ, අස්සු අසුන් පිටම වගුලහ.රථ රථපිටම වගුලහ. බල ඇති සේනාවද තම තමන්ගේත් ආයුධ දමා මුනින් වැතිරගිය, පොරිසාදද සුතසෝම රජ්ජුරුවන් කරා එළඹ නැඹුරුව ඔසවා කරහිඳුවාගෙන වාසලින් යන්ට පමායයි අටළොස් රියන් පවුර පැන වැටී වැදහොත් මත්තහස්තීන්ගේ තුඩින් පෙනෙමින් අසුන් යටපසු කෙරෙමින් ඇත්පයට අසුවු මලපරඬලායේ රථ මැඩ සුනුවිසුනු කෙරෙමින් පවන් හා සමාන වේගයෙන් තුන් යොදුන් පමණ තැන් දිවගෙන ගොස් සුතසෝම රජ්ජුරුවන් උදෙසා පස්සෙහි දුවන කෙණෙක් ඇද්දෝහෝයි බැළුයේ නොදැක එතැන් පටන් සෙමෙන සිට යන්ට පටන්ගත්හ. එසඳ සුතසෝම රජුහුගේ සිඛාව ඉනි කෙසේ අගින් බැන් බින්දු තමාගේ පිට වැගිරෙන්නා දැක මේ රජ මහණ භයින් භයපත්ව අඬන්ටවන, මා පිට වැගිරෙන්නේ අඬන්නාවුන් කඳුළු නිසා වේදැයි අනේ මරණට නොබන්නාවු එකද සත්වකෙනෙක් නැතැයි සිතා විචාරන්නාවු තැනැත්තේ මෙසේ කියා සුතසෝම රජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේ වැනි බොහෝ ඇසූපිරූ තැන් ඇති කාලත්‍රයවර්තතීවු බොහෝ කාරණා කාරණයන් සිතාපියන්ට සමර්ථවු එසේහෙයින් ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූ නුවනැත්තවුන් ඉදින් මේ සත්ව ලෝකයෙහි නුනුවනින් යුක්තව යම්කිසි සෝකකාරණයක් හේතුකොට ගෙණ අඬන්නාවු සත්වයන්ට සමුද්‍රයෙහි නැව් නැගිවුවන්ට දිවයිනක් මෙන් පිහිට වන්ට නිස්සහ. ඒසේවු නුඹ වහන්සේ වැන්නක් මරණ භයින් අඬන්නා කල අඥානයෝ කෙසේ නම් නොහඬද්ද සුතසෝම රජ්ජුරුවන් අඬන්නාවු තොපි තොපගේ ජිවිතය පිණිස අඬන්නාවුද නොහොත් අඹුදරුවන් කෙරෙහි සෝකයෙන් අන්ධවු දැයි විචාරණ ලද්දාවු මට තත්වු පරිද්දෙන් කියාළුව මැනවැයි විචාළේය.

එපවත් අසා සුතසෝම රජ්ජුරුවෝද මමද සියලු සංස්කාරධර්මයන් අනිත්‍යසේ ඒ කාරණයෙන් දක්නෙම් මම පිණිස වේවායි පුත්‍රදාරාදීන් පිණිස වේවයි ධන ධන්‍යාදී සම්පත් පිණිස වේවයි රාජ්‍ය පිණිස වේවයි සෝකයෙන් කරන්නෙම් නෙවෙමි වැලි එතකුදු උවත් ස්වකීයාදී ප්‍රව්‍රත්ථි වූ රාජ්ජයෙහි ඓශ්චර්යයෙහි පිහිටියාවු මම පුරාතනයෙහි පැවැතගෙන එන සත්පුරුෂ ධර්මයක් පඬුරුකොට දුරදේශයෙන් මා සමීපයට එනලද බමුණක්හු ජලස්නානය පිණිස නික්මුනෙන් අතරමගදී දැක ආකල අසමියි කියා ඕහට සත්කාර කොට දියකෙළියට ආමියි ඒ මා විසින් කරණ ලද මනුත්‍රණයට කැලලයෙක් දෝහෝයි සෝක කරණ බවමුත් අන්‍යතර වස්තුවක් සඳහා සෝක නොකරමි වදාරා ප්‍රශ්නකොට නැවත එම්බල පෝරිසාදය තක්සලා නුවර සිට එක් වයෝවෘද්ධ බමුණෙක් කසුප් සම්මා සම්බුදුන් දේශනාකළ ගාථා සතරක් පඬුරුකොට ඇරගෙන මා සමීපයට ආය මමද ඕහට ආගන්තුග සත්කාරකොට ආකල අසමි ඔහු සන්හිඳුවා උයනට ජල ක්‍රීඩාව පිණිස එනලද්දාවු මා ඒ ඇසියනොදී තොපි හැරගෙන නැගී ආව, ඉදින් මා හැරපු නම් මාගේ සබාබසට කැලලක් නොකොට ගොස් ඔහුගේ ධර්මදේශනා අසා සත්කාරකොට නැවත තොපකරා එමි වදාළ සේක.

එපවත් අසා පෝරිසාදතෙම කොරව්‍ය ශ්‍රෙෂ්ඨවු රජ්ජුරුවෙනි තොපි මම බඳු වු මිනීමරන්නාවු සොරක්හු අතින් ගැලවි සියනුවරට ගොස් අතිමධුරවු ප්‍රියවු ජිවිතය ලදින් ප්‍රණිතවු ජිවිතය පඤචකාම සැප කැමැත්තාවු තෙපි පසමිතුරුවු මා සමීපයට කෙසේ නම් එවුද මෙතොප කියන්නා වචනය ඇද හිලි නොකරමියි කීයේය.එපවත් අසා ශ්‍රී මහා බෝධිසත්වයෝ රත්ගල්තලා මුදුනෙක්හි ඉඳ සිංහනාද කරන්නාවු ශ්‍රිඟාල ශබ්දයෙහි සිට නිස්සංකවු හාසකරරයම් සිංහරාජයෙකු පරිද්දෙන් එම්බල පෝරිසාදය පාණනිපාතාදීවු පවිටු ගුණයම් ස්වභාව ධර්මයකොට වාසය කරන්නාවු හීන ජාතින්ගේ ජිවත් විමට වඩා පිරිසිදු සීලයෙහි සිට මියන මරණ උතුමැයි මා ඇතුළුවු සියලු සත්ව යන්ගේ බස එබැවින් සබඳ මම ජිවිතය පිණිස බොරුකිය. එකෙකින් නොවෙමියි කියා නැවත තමන් වහන්සේගේ ස්ථිරත්වය වදාරණ ලද්දාවු බෝධි සත්වයෝ ඉඳින් මන්ද මාරුතයෙන් වජ්‍ර පර්වතය සෙලවි වැටිගෙමුත් චක්‍රවාට පර්වතයෙහි හොමා යාත්‍රා කරන්නාවු චන්ද්‍ර සූර්ය දෙදෙනා ආකාශයෙහි ගිලිහී බිම වැටියේ නමුත් ගංගා යමුනා ආදීවු සියලු ගංගාවෙන් ජලය උඩුගංඟට නික්මෙනමුත් මාගේ වචනෙයහි බොරුයෙක් නැතැයි කීහ.

මෙසේ කිවොතින් පෝරිසාදතෙම බෝධිසත්වයන්ගේ වචනයෙහි ඇදහිලි නොකළේය. එපවත් දැන බෝධිසත්වයෝ මේ තෙමේ මෙසේ කියයුතු මාගේ වචනය අදහා නොගන්නාහ. සපථයක් කොට මොහු ගිවිස්වා මාගේ සත්‍ය වචනය රකිමි. ඒ මාහසත්තෙම තමා ඔහු කරපිටින් බිමට බස්වාගෙන සපථය කොට වදාරණසේක්.

එබසට පෝරිසාදය ඉදින් මම බොරුවක් කින්නම් කඩ වහා බඳපාරාගත් නොයෙක් දහස්ගණන් යෝධසේනාව විසින් ගන්නාලද රැකවල් ඇති උතුම්වු රාජ්‍යශ්‍රියෙන් නොවෙම්වයි මාගේ මගුල් කඩුවෙන්ද මට වැඩෙක් නොවේවයි ඉදින් තොපි මෙසේ කරණ ලද මාගේ සපථය අසා මා ළහුවිනම් බමුණන්ට ආ කල අසමි කි සත්‍ය වචනයන් රැක තොප සමීපයට එමි කී සත්‍ය වචනයන් රක්නා පිණිස නැවත තොපකරා එමියි වදාළසේක. එපවත් අසා පෝරිසාදතෙම මේ සුතසෝම රජ්ජුරුවෝද රජදරුවන් විසින් නොකළමනා සපථයක් කරණලදුව හැර රජ්දරුවෝ නම් ජිවිතයත් කඩුවත් ගෙන බොරුව නොදිවුරන්නාහ. එයින් එබඳුවු සපථයක් කරමින් සිටියදී මුන් වහන්සේ නොහරන්ට නොපිළිවන, එනසේක්වා, නොඑන සේක්වා, ආවොත් ආ සැටියේ දකිමියි ඉදින් නොම ආවොත් මාත් රජක්හු බැවින් මාගේ දකුණුතල යෙන් දේවතාාවා මාරුවට බිලියම් කෙරෙමියි සිතා මහරජ වෙහෙසෙන්නට නොකමැත්තෙමි වහා ගොස් බමුණා හා සමඟ කරණ ලද මන්ත්‍රණයෙන් ගැලවීමටද කී බස බොරු නොකොට වහා පලා අව මැනවැයි සමුදින.

එපවත් අසා සුතසෝම රජ්ජුරුවෝ සබඳ තෝ අමුත්තක් නොසිතා සතාරහ ගාථා සතර අසා ඒ ධර්ම කථිකයාට පුජාකොට එමියි වදාළසේක.

ඉක්බිති පෝරිසාද මහරජ නුඹ වහන්සේ විසින් කරණලද්දේ රජදරුවන් නොකළමනා සපථයෙක, වැලිත් සිහි ඇතිවුව මැනවැයි කීය. එපවත් අසා බෝධිසත්වයෝ සබඳ තෝ මා බාල අවස්ථාවෙහි පටන් පුරුද්දෙහි සිනාවකටවත් බොරුවක් නොකී බව දත්තෙහි වෙද්ද දැන් වනාහී මම රාජ්‍යයෙහි පිහිටා ධර්මාධර්ම දෙක ඉඳුරා දන්නෙම් කුලම බොරු නොකියන්නෙම් වේද සෙට දවස තට බිලියමට අසුවෙමියි ඔහු ගිවිස්වා රාහුමුඛයෙන් ගැලවුනු උනු පනස් යොදුන් සඳ මඬලයේ නැවත අවුත් පොරිසාදයා දමනේ ලිම් නමැති උනුවු අභිමානයත් ඇතිසේක් මහත්වු කායබල ඇති හෙහින් වහා අවුදින් නුවරට පැමිණිසේක. රජ්ජුරුවන්ගේ චතුරංගනි සේනාව සුතසෝම රජ්ජුරුවන්ගේ නුවරට පැමිණිසේක. රජ්ජුරුවන්ගේ චතුරංගනි සේනාව සුතසෝම රජ්ජුරුවෝ නම් ඉතා පණ්ඩිතයෝය. ව්‍යක්තයෝය. මධුරවු ධර්ම කථා ඇත්තාහුය. එක් දෙබසක් කියාපියන්ට අවකාශ ලද්දාහු වි නම් ඒ සොරහු අතින් යෙහෙන් ගැලවි එන්නාහුයයි කියා සිතාත් රජ්ජුරුවන් පෝරිසාදයාට දිපියා ආ නියා වේදැයි බොහෝදෙනා නින්දා කෙරෙත් දෝහෝයි යන භයින්ද පිටි නුවරටම කඳවුරු බැඳගෙන හුන්නාහුය. දුර එන්නාවු රජ්ජුරුවන් දැක සතුටුව පෙර ගමන්කොට ගොස් වැඳ ස්වාමිනි කෙසේ ගැලවුනසේක්දැයි පිළිසඳර කථා කෙරෙමින් වටකොට පිරිවරාගත්හ. ඒ බෝධිසත්වයෝ එබඳුවු චණ්ඩ පරුෂවු සාහිසිකවු ක්‍රියා ඇති පෝරිසාද පවා මාගේ ධර්ම කථා අසා මා පසුව යන ලෙසට අවකාශ දිනැයි වදාළසේක්.

ඉක්බිති ඇමැත්තෝ රජ්ජුරුවන් සර්වාභරණයෙන් සරහා ඇතු පිටට නංවා නුවරට වඩාගෙනාහ. එකල්හි සියලු නුවරවාසීහු චන්ද්‍රකාන්තිය දුටු ක්‍ෂිර සාගරය මෙන් මහබෝසතානන් දැක සතුටුවුහ.

ඒ මහා බෝධිසත්වයෝද තමා ඉතා දම්සොඬ සෙයින්ද පළමුශ්‍රත සන්තෝෂයෙහි දඹදිව ප්‍රසිද්ධ හෙයින්දදෙමව්පියන් දක්නට නොගොසින් ම රජගෙට ගොස් බමුණා කැඳවා දැලිරැවුළු අන්දම් තබා සුවඳ පැනින් ඉස්සෝධා නහවා ඇඟර ගල්වා වස්ත්‍රාලංකාරයෙන් සරහා තමන් වහන්සේට මේ වඩන රාජ භෝජනය අනුභව කරවා පසුව තමන් වහන්සේ මේ නිමවා නගන ලද රන්පුඩු සේසත් ඇති මාහැඟි රාජාසනයෙහි වඩා හිඳුවා ධර්ම ගෞරවයෙන් සුවඳින් මලින් පූජාකොට තමන් වහන්සේ මිටි අස්නෙක්හි වැඩහිඳ දොහොත් මුදුනේ තබා ආචාරීනි නුඹ වහන්සේ මට ගෙනා සතර ගාථා අසනු කැමැත්තෙමි ආරාධනා කළහ. එසඳ මහබෝසතානන් විසින්ම ආරාධිතවු නන්ද බ්‍රාහ්මණ තම සුවඳින් අත උලා පසුම්බියෙහි තුබු සිත්කළුවු පොත අතට ඇරගෙන දෑතින් අල්වා ගෙන කාශ්‍යප සර්වඥයන් දේශනා කළ ක්‍රමයෙන්ම රූපමදය ඓශ්චර්ය මදය යෞවන මදය පුරුෂමදය යනාදීන්වු මදමාන භංගය කරන්නාවු තවද සංසාරවර්තතී සියලු සත්වයන්ගේ රාගාදී චන්දසාග්ගියම මහ මේඝයක් බඳුවු සසර ඉපදිම නැමති තෘෂ්ණා දළුවට ග්‍රීස්ම කාලයක් බඳුව, තවද සංසාර වෘර්ත්තියෙහි අචිලිපත්ව අමෘතමහා නිර්වානය පමුණුවන්නාවු ඒ ගාතා සතර පොත බලා දේශනා කෙළේය.

ඒ කෙසේද යත්

සකිදේව සුතසෝම සබ්භිහෝතු සමාගමෝ,

සතං සංගති සාලෙති නසබ්භිබහු සංගමෝ,

සබ්භිරෙව සමාසොථ සබ්භිකුබේබළු සන්තවං.

සතං සද්ධම්මඤඤය සොය්‍යොහෝති න පාපියෝ.

ජිර්නතිවෙ රාජ රථාසුවිත්වා අථො සරිරම්පි ජරං උපෙති,

සත්ඤච ධමොමාන ජරං උපෙති සනෙතා භවේසබ්ගි පාවෙදයන්ති,

නහාවදුරෙ පඨවිවදුරෙ පාරං සමුද්දස්ස තදාහු දුරෙ,

තතෝ භවේදුරතරං වදන්තී සත්ංව ධම්මං අසතංව රාජා

යනාදි වශයෙන් බමුණානෝ තුමු පොත කියවා මුවෙන් නොබැණ හුන්හ. එසඳ මහාබෝධිසත්වයෝ ගාථා අසා එන ගමන සඵලයයි සතුටුව සිතන්නාහු මේ ගාථා සතර සාවක භාසිතයකුත් නොවෙයි, කවින්ගේ බන්ධනයකුත් නොවයි. බුදුහු සර්වඥාසිතය එබැවින් පුජා මිට මිලකවරේදෝහෝයි සිතන්නාහු ඉදින් මේ සතිස්ලක්‍ෂ දස දහස් තුන් සිය පණස් යොදුන් චක්‍රාවාටාභිය භවාග්‍රය දක්වා සත්රුවන් පුරා දුනෝතිනුත් මෙතෙක් අගිදෝහෝයි සිතු සිතට දඬුවමටත් නොසෑහෙන්නේය. පුජාවේ අගේ කියනුම කිම්ද?. එසේ හෙයින් එතකුදු උවත් මාගේ ආඥාව පවත්නාවු තුන්සියයක් යොදුන් කුරු රට හා සත් යොදුන් ඉඳිපත් නුවර හා සියලු සම්පත්තිය දීපියන්ට පොහොසත්මි රාජයාට සුදුසුව කුසල් ඇද්දෝ හෝ නැද්දෝ හෝ ලක්ෂණ මන්ත්‍ර වශයෙන් පරීක්ෂාකොට වදාරණසේක් එබඳු භාග්‍යයක් නැති නියාව දැන සෙනෙවිරත් ඈපා මාපා ආදී මනායෙක් තනතුරු බලා ඊටත් කුසල් නැති බව දැන සම්පත්තීන් කෙළෙස් වස්තුයෙහි පටන් පරීක්ෂාකොට සාරදාසක් පමණ මසුරන් ලබන්ට සුදුසු කුසල් දැක දාසින් බැඳි පියලි සතරකින් පුජා කොට අචාරීනි තෙසු දඹදිව කුසල් දැක දාසින් බැඳි පියලි සතරකින් පූජාකොට ආචාරිනි තෙසු දඹදිව රජදරුවන්ට මේ ගාථා දේශනා කළ කල කෙසේ වස්තු ලැබේදැයි විචාරා මහරජ සියයක් මසුරන් ලැබෙමි, එසේහෙයින් සතාරහ නම් වියයි කී කල. එපවත් අසා මහාබෝසතානෝ අචාරීනි තොප ගෙන ඇවිදිනා බඩුයෙහි අගය තොපි නොදන්නාව, එසේ හෙයින් මෙතැන් පටන් මේ ගාථාවෝ සහස්සර ගාථා නම් වෙති, සාරදහසකින් පුජාකොට ඉක්බිති බමුණාන්ට සැප යානාවක් දී ගෙට යවුහ. එසඳ සුතසෝම රජ්ජුරුවෝ සතරහ ගාථාවට සහස්සරාහ පූජා කළහයි මහත්වු සාධුකාර නාද පැවැත්තේය.

ඉක්බිති බෝධිසත්වයන් දෙමව්පියවු රජදරුවෝ දෙදෙන එපවත් අසා තමන් සම්පතෙහි ලෝභ බැවින් නොසතුටු වන්නාහ. එද බෝධිසත්වයෝ බමුණා යවා තමන් වහන්සේ දෙමව්පිය දෙදෙනා කරා ගොස් වැඳලා එකත් පසෙක සිටිසේක. ඉක්බිති සොරහු අතින් ගැලවුනේ කෙසේදැයි පිළිසඳර කතා මාත්‍රයකුත් නොකොට තමන් වස්තුලෝභී බැවින් ගාථා සතරක් අසා සාරදහසකින් පූජාකළේ සැබැවදැයි විචාළාහ. එසඳ බෝධිසත්වයන් වහන්සේත් පියානන් වහන්ස මම වනාහී සියලු ගංඟාවන්ගේ දිය වැදිමෙන් නොපිරෙන්නාවු මහා සාගරය මෙන් යම් සත්පුරුෂ කෙණෙක් මා සමීපයට එළඹ මනාවු භාසිතයක් කියන්නාහු විනම් ඒ ඇසීමෙහි සතුටුවු පමණක් මුත් සම්පත්තින් ප්‍රයෝජනයක් නැත්තෙමි. ඊට කාරණා කිම්ද යත් වස්තුව නම් සොරුන්ට සතුරන්ටත් දියටත් ගින්නටත් වස්තු ස්වාමි හටත් සර්වසාධාරණය. එසේ හෙයින් අනෛයර්නිකවු සම්පත්තිය මනාවු සද්ධර්මයට පූජාකොට අනුගාමික නිධානයක් නිධානකිරීම කෘතපුණ්‍යයන්ගේ ලක්ෂණයකැයි කියා දෙමව්පියන්ටත් අස්වසා වදාළසේක.

මෙසේද කියා මහාබෝසතානන් වහන්සේ පියාණන් වහන්ස සම්පත් කරණාකොටගෙන මට නින්දා කරණ සේක්ද මම වනාහි බණ අසා නැවත තා සමීපයට එමියි සොරහට සපතකොට නැගීආමියි. එබැවින් සමබසට දිවිපුදා ආයුතුමවෙයි. නුඹ වහන්සේ සන්තකවු මේ ඇත්, අස් , රථ පාබල සෙනඟ හා සමඟ වල්විදුනාවය, නලල් පටය, මගුල් කඩුවය, සේසත් ඡත්‍රය, මිරිවැඩිසඟලය,යි දක්වන ලද පංචරාජ කකුධ භාණ්ඩයද සියළු වස්තුකාම කෙලශකාමයෙන් ධමුර්ධ වු මේ රජ්‍යය ආනුභව කළ මැනවැයි පියරජහට රාජ්‍යය පාවා දුන්සඳ රජහුගේ ලය ඉලිලහුණ. එසඳ මහත්වු සෝකයෙන් කුමක් කියව්ද දරුවෙනි හස්ති ආශ්වාදි චතුරංගනී සේනාව හා මහත්වු ධනුද්ධර යෝධයන් ඇත්තේ මෙසේවු අපදාර්ථයට පැමිණියාවු තමාගේ ජිවිතය ගලවාගන්නා පිණිස වේද එසේහෙයින් සියළු කසී රාජ්‍යය වාසීවු සිව්රඟසෙනඟ සරහාගෙන ගොස් අපට පස මිතුරු වු සොරහු ජිවිතක්‍ෂයට පමුණුවම්හ. තොප ඔහු කරා යා නොහැක්කැයි කීය. ඒ රජ්ජුහුගේ සොළෝස් දහසක් නාටක ස්ත්‍රීහුද අවශේසවුන් පරිවාර ජනයෝද කඳුළු හුණු මුහුණු ඇතිව නැවත රජ්ජුරුවෝ පෝරිසාදයා සමීපයට යෙත්ලයි මහ හඬින් හඬා යුගාන්ත වාතයෙන් පැහැර වගුරුවාවන ලද මහසල් වනයක් සෙයින් එක පැතිර මොරගනාන්ට පටන්ගත්හ.

එසඳ මහබෝසතාණෝ පියානන් වහන්ස ඒ පෝරිසාදතෙම නොමරා අල්වාගෙන ගොසිනුත් මාගේ බස් ඇදහිලි කොට මාගේ ධර්මශ්‍රවණයට බාධා වක් නොකොට නැවත එවුව ඒ ඉතා අරුමය. එසේහෙයින් ඔහු කරණලද විශ්වාසය සඳශන් කරන්නාවු මම ඔහුට දුෂ්ටකමක්ද මාගේ බසට කැලලක්ද නොකෙරෙම්මියෙයි දෙමාපියන් අස්වසා මහරජ මම කරණලද මහත්වු කුසල් ඇත්තෙමි. එසේ හෙයින් චාතුම්හාරාජිකාදීවු සදිව්‍යලෝකයෙහි දිව්‍යමයවු පඤකාම සැපය නම් මට කොෂටාගාරයෙහි පිරු ධාන්‍ය සඤචයක් මෙන් මට ප්‍රත්‍යක්‍සව තුබූයේය. එසේහෙයින් රජ්ජුරුවන් වහන්ස ක්‍රිත ක්‍රිත්තව සිටියාවු අප වැන්නවුන්ට රාජ්‍ය සම්පත්ති නම් ඉතාලමකය. එහෙයින් මම පෝරිසාදයා සමීපයට යෙමෙියි දෙමව්පියන් දෙදෙනා වැඳ සමුගෙන ගම නියම්ගම වැසි සියලු සත්වයන්ද අස්වසා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය සේ ධර්මදේශනාකොට මහබෝසතානෝ සෑබෑබසට දිවිපුදා එදවස්ම රජගෙයි ලැග දෙවෙනි දවස් අරුණෝදය නික්මුණසේක. එසඳ පසුපස්සෙහි අඬා ගෙන හුණු අන්තඃපුර වන්නාදිවු සියලු ජනයන් වලකාගන්ට නොපොහොසත්ව තමන් නික්මුණු මහපිත අවුරා හිරි හැඳ මා කෙරෙහි සෙනෙහ ඇති කෙනෙකුන් මේ ඉර පැනපියා නෙළුව මැනවැයි වදාළසඳ සිල්වත්වු මහතේජස් ඇති මහබෝධිසත්වයන්ගේ අණ ඉක්මවාපිය නොහිම මහහඬින් මොරගා සිංහ විජ්‍රාමානයෙන් නික්මුණු මහබෝසතාණන් බල බලා දර්ශන පථය ඉකුත්වනතෙක් සිට හඬා වැලප නුවරට වන්හ. මහබෝසතානෝ තමන් නුවරට වැඩි මගින් පෝරිසාදයා සමිපයට ගියහ. යන්නාවු තැනැත්තන් වහන්සේද සුතසෝම රජ්ජුරුවෝ එත්වා නෙඑත්වා රුක් දේවිය යමක් මට කැමැත්තෝ නම් තමා හැඟූනවක් කෙරෙවයි මේ රජදරුවන් මරාපියා පඤච මධුර මාංශයෙන් බිලියම් කෙරෙමි දර සෑයක් බැඳ අඟුරු බස්නා පිණිස ගිනි මොලවා මස් පලගන්ට උල් සයිමින් උන් තැනැත්තවුන් පිටිපස්සෙහි ගොසින් සිටිසේක. එසඳ පෝරිසාද පදසඟිඥාවෙන් කරකැවී බැලුයේ දෙපෝමැදනැගී පුන්සඳ මඩලක් සෙයින් දිලිසෙන්නාවු මහබෝසතාණන් ගේ මණ දැක චන්ද්‍රකාන්තියෙන් පිපීගිය කෞමදයක් මෙන් සතුටු සොම්නසින් පිනා මහරජ නුවරට ගිය නුඹ වහන්සේ කළමනා කටයුතු කොට වැඩි සේක්දැයි විචාරා එසඳ ශ්‍රීමහා බෝධිසත්වයෝද සබඳ ඓහලෞකික පාරලෞකිකාර්ථ සිද්ධි ප්‍රසවයකරන්නාවු කසුප් සම්මාසම්බුදුන් දේශනාකළ සතාරහ ගාථා සතර අසා සහස්සාරහ පූජා කොට සබවසට පුජා කොට තාකරා නැගී එමියි කියා ඉනිබ්බ තෝ මා මරා යාගය කරතත් මස් අනුභව කරතත් කරවයි වදාළසේක.

එපවත් අසා පෝරිසාද මේ රජ්ජුරුවෝ කිසි භයක් නැතුව මා සම්මුඛයෙහි කථාකෙරෙති. ඒකාන්තයෙන් මොවුන් ඇසු බණෙහි ආනුභාවයෙක් විය යුතුයයි සිතා මමත් උන් අතින් අසා නිර්භය විය යුතුයයි සිතා මහරජ දුම් රහිතව බස්නාලද සහ අඟුරෙහි පහන ලද මස් තෙමි ගිරිය. එබැවින් මෙදා රුචිතකය අඟුරුබට කල පලාහකත් පිළිවම්වේද එතකට තොප ඇසූ සතරහා ගාථා මට කියව. අසන්නට අභිප්‍රා ඇත්තෙමි කීය. එපවත් අසා මහබෝසතානෝ පෝරිසාදතෙම තමාගේ පවිටුගුණ ස්වභාවකොට ඇත්තේය. එබැවින් (මෙදා රුචිතකයේ අඟුරු බට කළ) මදක් ඔහු නලවා නිග්‍රහකොට ලජ්ජාකරවා පසුව කියමියි සිතා පෝරිසාදය තෝ ඉතා අධර්මිෂ්ටසේක. බඩ පිණිස තෘෂ්ණාවට ගැතිව ඊනියා රාජ්ජ සම්පත්තියෙන්ද පිරිහුණෙහිද එසේ හෙයින් නිරන්තරයෙන් මලවැකුණු අත් ඇතිව අනුභව කරන්නෙහිය. එසේහෙයින් තා කෙරෙහි සත්‍යවාදී ගුණයෙක් නැත. අධර්මිෂ්ටවු දරුණුවූ තට නවලෝකෝතතර දහම් ඇසීමෙන් ප්‍රයෝජන කවරේද. එම්බල ධර්මාධර්ම දෙක සමුද්‍රයෙහි එතරට මෙතර සෙයින්ද රසාතලයට භවාග්‍රයසේයි සමානොවන්නේය. එසේහෙයින් පෝරිසාදයා සිංහතෙල් රදත් කසුන් බඳුන සුදුසු උනබවමුත් මැටි බඳුන්හි රැඳවිය නොයෙක්මය. එසේහෙයින්ම අප වැනි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් පුරුදුකරන්නාවු සව්ර්ගගාමිව සිටි මහත්මයන් විසින් අසා දැරූ නවලෝකෝතතර දහම් තොප වැනි අපාය මාර්ග ප්‍රතිපන්නව සිටියාවු තොප වැනි වුවන්ට ඇසීමෙන් කම් කින්දැයි වදාළසේක. එසේ නිග්‍රහකොට වදාළ මහබෝසතානන්ගේ මෛත්‍රි ආනුභාවයෙන් කිපියානොහි තමාද ශිෂ්‍ය ඛ්‍යකත හෙයින් අනික් උපමාවක් ගෙනහැර දක්වන්නේම් මහරජ සියලු දඹදිව්තලයෙහි රජ දරුවෝ සර්වාලංකාරයෙන් සැරසී මහත්වු බල ඇති සෙනඟ පිරිවරා උතුම් පුරවලට පැනකැගී පුවදඩගොස් තියුණුවූ ගැරයෙන් මුවන් විද ජිවිතක්ෂයට පමුණුවන්නාවු සම්භාරකෙනෙක් නොකන බවමුත් අර්ථය පිණිස පුරුෂයන් මරන්නාවු මෙදකින්ම පරලොව විපාක සරිය. එසේහෙයින් නුඹ වහන්සේ කුමක් පිණිස මාව අධර්මිෂ්ඨ කොට කියනසේක්ද ඉදින් ඒ මාගමාංශචාඡව මුවන් මරාකන්නාවු තෙසු රජ දරුවෝ නිර්දෝෂයෝ විනම් පූරිෂමාකරණය කරන්නාවු මමත් නිර්දෝශ වෙම්මයයි කියා එපවත් අසා සුතසෝම රජ්ජුරුවෝ ඔහුගේ ලබ්ධියබිද උදාහරණයක් ගෙනහැර දක්වන්නාවු සබඳ පෝරිසාදය රාජ ධර්මයන් රක්නා රජ දරුවෝ ඇතුල් වලසුන් දිවියන් බල්ලන් බලලුන් ආදිවු පස්නිය ඇති සතුන්ගේ මස් නොකන්නාහුය.

යථෝක්තවූ පස්ජාතියද තම තමන්ගේ මස්ද නොකන්නාහු තෝ වනාහි පස්නිය ඇති නොකෑයුතු ස්වජාතියෙහි මස් අනුභවකරන්නෙහි තිරිසන් සතුන් විවරටත් අඩුවෙහිදැයි වදාළසේක. එපවත් අසා පෝරිසාද බලවත් නිග්‍රහයට පැමිණ අනික් ග්‍රන්ථයක් නොදක්නේ තමා කළ පව්සමාකොට අනික් උදාහරණයක් ගෙණහැර කියන්නේ මහරජ නුඹ වහන්සේ මා වැනි එක්කහු අතින් ගැලවිගෙණ සියලු පංචකාමසම්පතියෙනි සමෘද්ධවු සවකීයවු භවනායට ගොස් පසමිතුරු වු මා සමීපයට නැවත ආසේක. ඒ තමා රාජධර්මයට ඇතුළත්දැයි කීහ. ඉක්බිති මහබෝසතානෝ සබඳ රාජධර්මයෙහි දක්ෂ කෙණෙකුන් මට වඩා මෙලෙව්හි නැත. දවස්පතා උදය රේඛාව නොවරදවා නැගෙණහිරක් සෙයින් දස රාජ ධර්ම නැමති රේඛාව නොරදවා පවතීද සකලලෝකයෙහි ව්‍යප්තවූ කීර්ති ඝෝෂා ඇත්තෙමි. එසේ හෙයින් දසරාජ ධර්මයට ඇතුළත්ව සිලයෙහි අන්තභිතව සබවරක්නා පිණිස තොප වැනි චණ්ඩ සත්වයකු කරා නැගි ආමි. ඉදින් මාගේ සබවසට කැලලෙක්වී නම් තොවැනි පාපිෂ්ට සත්වයන්ටම නියමවු තර්කයට යන්නෙම්වේද. එසේ හෙයින් ලාමක ක්‍රියාවට ඇතුළත්නොවන පිණිස සබවසට දිවි දිමියි වදාල සේක. ඉක්බිති පෝරිසාද තෙම මහරජ වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදියෙන් පිරුනාවු සියලු පොලොවද තුන්සෘතුවට කරණලද්දාවු දිව් විමන් බඳුවු උතුම්වු ප්‍රාසාත්වයද සොළොස් දහසක් පමණ දෙවඟනන් බඳුවු වරඟණන්ද අප්‍රමාණවු ඇත් අස් රථ පාබල සෙනඟද ගවමහිසාදීවු සම්පත්තියද තුන්වෙලෙහි ගෙණහැර පමුණුවනලද රක්තවන්‍දනාදීවු නොයෙක් ආහාරදැයි යන මේසා මහත් රාජසමෘද්ධිය හැර සබවසයෙහි කවර ආනිසංසයක් දැක සබවසට දිවිපිදුසේක්දැයි විචාළේය. එසඳ මහබෝසතානෝ ලැව්ගිනි නිවා බස්නා ආකාසගංගා ප්‍රවාහයක්මෙන් විචාළ බසට අනූරූපවු ධර්ම කථාවක් ගෙනහැර දක්වනසේක් සබඳ මේ පොලෝතෙලෙහි විiාමාන වු යම්කිසි රසයක් ඇත්නම් ඒ සියලු රසයන් කෙරෙන් සත්‍යවචන නමැති රසයම උතුම ඊට කාරනා කින්දයත් සබවසෙහිම පිහිටියාවු ශ්‍රමණ බ්‍රාහ්මණාදීවු හැම ජාති ජරා ව්‍යාධි මරණාදීවු සකලදුක්ඛ නමැති සාගරය මෙන් එතරව සාන්තිපුරයට පැමිණෙන්නාහුයයි මෙසේ ඒ මහ බෝධිසත්වයෝ සර්වඥතාඥානයෙහි පැහැර කඩාකන්ට ආ බළලකුට තමා අතතුබු ඝනරන් සැරයටියකින් පහරදුන්නාසේ උතුම් ධර්මයෙන් නිශ්‍රීතවු ඕහට ධම්මදේශනාකොට වදාළසේක.

එසඳ පෝරිසාදතෙම බුද්ධප්‍රමුඛ ප්‍රබුද්ධවු පද්මයන් පරිද්දෙන්ද නගෝ මධ්‍යගතවු චන්ද්‍රමණ්ඩලය පරිද්දෙන්ද දහසක්වර වරදිවිදලින් ඔප් නැගු ඝන රන් කැටපතක් සරිද්දෙන් දිලියෙන්නාවු මෛත්‍රිපූර්වාගමනයට බද්ද අස් මිත්‍ර ප්‍රකාසකෙරෙමින් කරණලද කථා ඇති මහබෝධිසත්වයන් මූණ දැක මේසා අඟුරුරැසක් හා සසනාලද උල් අදීවු නොයෙක් කන්කටුල් බල බලා බනදේශනා කරන්නාවු චන්ද්‍රකාන්තිය දුටුසඳකැන් මිනියක් සෙයින් මෛත්‍රීන් අද්දාවු මේ මුහුණු කිසිත් චිත්තො ත්‍රාස මාත්‍රයකුත් නැත. කිමෙක්දෝහෝ මේ සතරහා ගාථායෙහි අනුසස්දෝ නැත. සබවසයෙහි අනුසස්දෝ නොනොත් කවර ආනුභාවයෙක්දෝහෝයි විචාරමි සිතා මහරජ මෙබඳු මිනීමරණ සොරක්හු සමීපයෙන් ගැලවි මධුරවු පංචකාම ගුණයෙන් ගැවසීගත් නුඹ වහන්සේගේ රජගෙට ගොස් එබඳු රාජශ්‍රිය අපේක්ෂානොකොට නැවත මාකරා ආසේක. එසේහෙයින් නුඹ වහන්සේ මරණභය නැති සේක් කාරණා කින්දැයි විචාළේය.

ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ සබඳ මා විසින් බුද්ධාදීවු සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරණලද දාන ශිලාදි දසපුණ්‍යක්‍රියා වස්තු නොකඩකොට පුරණලද තවද පෝරිසාදය දෙමව්පිය දෙදෙනාවහන්සේටද මනාකොට උපස්ථාන කරණලදිමි තවද බන්ධුවර්ගයා මිත්‍ර පුත්‍ර කලත්‍රාදීන්ද උන් උන්ගේ අභිප්‍රානුකූලවු පරිද්දෙන් පෝෂ්‍යකරණලදිමි. එසේ හෙයින් සබඳ නිවන්පුරයට යන්නාවු මග මාසේ එලිකරණලදිමි. එසේ හෙයින් සබඳ නිවන් පුරයට යන්නාවු මග මාසේ අනුභව කෙරෙම්යි නමුත් යාග කෙරෙයි නමුත් නා අගුණෙ කැයි වදාළසේක.

මෙසේ මහබෝසතානන් බණවදාරාත් පොරිසාද සිතන්නේ මේ සුතසෝම රජ්ජුරුවෝ උතුම්වු සත්පුරුෂ ධර්මයෙහි පිහිටියාහ. ඤානසම්පන්නයහ. මධුරභාසිතයහ. ඉදින් මොහු මරා යාගකෙළෙන්නම් මාගේ ඉස සත් කඩක්ව පැලියන්නේය. නැවත පොළොව හෝ විවරදී ගැලියන්නේයයි භයින් ත්‍රස්තව මහරජ නුඹ වහන්සේ වැනි සත්‍යවාදී රජක්හු යමෙක්මැරූයේ වීනම් හලාහල විෂයක් අනූභාව කලානම් වැන්නේයයි හිනිගෙන දිලියෙන යවටක් ගිලුවා වැන්නේයයි කීහ.

නැවත සතරාහ ගාථා අසනුකැමතිව අදාර ගෞරවයෙන් මහරජ සත්වලෝකයෙහි යම්කිසි සත්වකෙනෙක් බණ ඇසීමෙන් කුසලා කුසල විපාක දන්නාවු එබැවින් මමද නුඹ වහන්සේගෙන් සතර හා ගාථා අසනුකැමැත්තෙමි මාගේ සිතද දැන් දහමට ඇලෙයි කියා යාඥාකෙළේය.

ඉක්බිති මහබෝසතානෝ දැන් වනාහි මොහුගේ ලය අදදවිය ඉනිධබන්කීම මනාකලයි සිතා වදාරා සබඳ එසේවිනම් කන් යොමුකොට අසයි කියා නන්දබ්‍රාහ්මණයා කීලෙසම ගාථා සතර දේශනාකොට තමන් සුක්‍ෂමවූ නුවනින් විනිවිද දත්තාවූ අර්ථ දක්වා වදාරණසේක.

සබඳ කල්‍යාණමිත්‍රයන් සමග එකචාරියක් කරණලද සමාගමය බොහෝ දවසක් ඓහෙලෞකික පාරලෞකිකාර්ථ සිද්ධි ප්‍රසවයකොට රැකලන්ට සමර්ථය යනු එකෙක තවද අසත්පුරුෂයන් හා සමඟ සියක් අවුරුදු එකතැනක විසුවත් දවසක් රැකලන්ට අපොසත යනුදුළුකෙක.

තවද මහරජ සියලු ඉරියම්වෙහිම නුවණැති පණ්ඩිතවරු හා එක්වම වාසයකළ යුතුමය. ඒ ඒසේමයයි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් පුරුදු කරන්නාවු සත්පුරුෂයන් හා එක්වු සත්වතෙම එම ධර්මතෙම උතුම්සේ දැක පුරුදු කරණ ලදුව සවුපසේ බුදුතැන් ලැබෙයි එසේහෙයින් ඒ ධර්ම පුරුදුකරන්නාවු සත්පුරුෂයන්ට සියලු ලෙසින් සඵලවන්නේය.

තවද පොරිසාද රජ්ජුරුවෙනි රජදරුන්ට අග්‍රවාහනයවු මනාවු කර්මාන්ත ඇති රථයය මෙසේ කිසිකලෙක දිරායෙද එමෙන්ම චත්‍රීංශත් කුණපොකොටඨාසයන් සමාධානවු මේ ශරීරයද කලෙක ජරාවට පැමිණෙයි. වැලි ජරාවට නොපැමිණෙනේ. කවරදයත් සත්පුරුෂවාසයෙන් පැමිණෙන්ණාවු ගුණ ධර්ම රාජප්‍රාප්ත නොවෙයි. කවරකාරණයෙන් දැයි යත් එසත් ධර්මය පුරුදුකලාවු ජරාවුවද ජාති ජාතියෙහි ඒ ධර්මගෙන බොහෝ සම්පත්තියෙහි රූපයෙහි යෞවනයෙහි ඓශ්චර්යයෙහි ආධිපත්‍යයෙහි පිහිටු වනලද හෙයිනැයි දනුව.

ආකාශයට පොළොව සෙයින්ද සමුද්‍රයෙහි එතරට මෙතර සෙයින්ද ධර්මා ධර්මදෙක එක් නොවෙතියි නුවනැත්තෝ කියති. අසත්පුරුෂ සමාගයෙන් පිහිටියාවු අධර්ම සමාදානයෙන් ඇත්තාහුද ඉදින් සත්පුරුෂ සමාගමෙන් ලත් අවවාද පිළිගෙන විසුවහොත් සසර සයුරෙන් එතරවියහැකියයි යනාදීන් සියලු වනදේවතාවන් ලවා සාධුකාර දෙවමින් ඕහට සතරහා ගාථා අර්ථ වදාළසේක.

මෙසේ මහබෝධිසත්වයන් මිහිරිවු කටහඬින් ධර්මදේශනා කරත් කරත් තමාද ව්‍යක්ත බැවින් මේ හිමියානෝ මතුලොවුතුරා බුදුවන කෙනෙකුන් සැටියයි සිතත් සියලුශරීරය පස්වනක් ප්‍රිතියෙන් පිනාගියේය. එසඳ මහබෝසතාණන් කෙරෙති මොළොක්වු සිත් ඇතිව රාජ්ජය දුන් පියාණන් සතුටුව ඇසින් බලා මම නුඹ වහන්සේට දිපියන්ට සුදුසුවු රන්රුවන් මුතු මැණික් ආදීවු වස්තුවක් නොදකමි. මේ මා අර්ථ ව්‍යජන සහිතවු ගාථා අසා සතුටුවුයෙම් නුඹ වහන්සේට ගාථාසතරට වර සතරක්දෙමි ගතමැනවැයි කීයා එපවත් අසා මහබෝධිසත්වයෝ සබඳ තොපට වන්නාවු මරණයත් නොවන්නේ හිතට වන්නාවු මෙලෝ පරලෝ දෙක්හි වන්නාවු අර්ථ නර්ථ නොදක්නෙහිය. සබඳ මේ සත්වලෝකයෙහි මා ඇතුළුවූ සියලු සත්වයෝ මරණ ධර්මයෙන් නිර්මුක්තවු සත්වකෙනෙක් නැත. එහෙයින් නුවනැත්තාවු සත්වයෝද මරණ ඒකාන්තසේදැක මරණින් මත්තෙහි තමන්ට හිතකැමතිව රෙලෙව්හි සුවසඳහා පර්ණිවාආදීවු පස්පවින් වැලකෙන්නාහුය. මරණවත් මරණ මත්තෙහි වන්නාවු සවර්ගීපාය දෙකත් අපෙක්ෂාව නැත්තෙහි මින් මට වැඩෙක් අවඩෙක් වන්නේයයි නොසිතා අකුසලධර්මයෙහිම ව්‍යවෘතව මිණිමරා අනුභවකරන්නෙහිය. එසේවු තැනැත්තවු විසින් දෙම්මැයි කී වරය තිරයයි සිතා හැරගැන්ම පණ්ඩිත කමට ඇතුළත් නොවන්නේවේදැයි වදාළසේක.

ඉක්බිති පොරිසාද කියන්නේ මහ රජ ජිවිතය තොත්වා නුඹ වහන්සේට මාදුන් වරයට හානියෙක් කිසි කළෙකත් නොවේ මා ශක නැතිව වරගත මැනවැයි කීය.

එසඳ බෝධිසත්වයෝ මේ තෙම ඉතා බුහුටිව කියන්නේය. එබැවින් ඉනිබ්බ වර ගතමනාකල එතකුදු උවත් මිනිමස් නොකෑයුතුයයි යනවර පළමු කොට ගතිමි නම් බලවත්ව මිරිකෙන්නේය. එසේහෙයින් පළමුකොට අවශේෂවු වරතුණ ගෙණ පසුව එකියන වරය ඉල්වාගනිමියි සිතා සබඳ උත්තමයෝ උත්තමයන් හා මිත්‍රධර්මය කෙරෙති. එසේම චඤාණවන්තයන් එක්වන සුල්ලභ උත්තම ජාති දෙපක්ෂයෙහි ඇත්තවුන් සමග වාසය ගංඟා නම් ගංඟාවෙහි ජලයත් යමුණා නම් ගංගංවෙහි ජලයත් එක්වුවාසේ උතුම් වන්නේය. එබැවින් අවුරුදු සියයක් ජිවත්වන්නාවු තමාගේ ඇසින් දක්නා අභිප්‍රා ඇත්තෙම් ඒ වරය පළමුකොට දෙවයි පෝරිසාදයන්ගේ ජිවත්වීමක් කැමති උවක්හුමෙන් තමන් වහන්සේ ඉතා ව්‍යක්ත බැවින් මාගේ ජිවිතය දෙවයි නොඉල්වා ඔහඅවුරුදු සියයක් ජිවත්වීම තමාදක්නේ තමාගේ ජිවිතය ඇවිති හෙයින් වේදැයි ප්‍රසන්නකොට අවුරුදු සියයක් ජිවත්වන්නාවු තා දක්නා කැමැත්තෙමි. මේ කියන වරය පළමුකොට ඉල්ලුසේක.

එසඳ පොරිසාදයෝ මේ රජ්ජුැවෝ තමන්ගේ එබඳුවු තමන්ගේ යසඵෙශ්චර්යකින් පිරිහෙළා අල්වාගෙණ මරාකාපියන්ට සිතු මාසුඛිසුවපත් වන්නා කැමැත්තම්හ. අනේ මුන් පරාර්ථයෙහිම ශරහුනුබවක් ඉතා යහපත් නිසායයි සතුටුවු සිත් ඇත්නම් වංචාකොට වරයගත්බව නොදැන වරදෙන්නාවු තැනැත්තේ.

එසේම මහරජ උතුම්වුද නුවන ඇත්තවුන්ගේද සහ වාසය යනු නුඹ වහන්සේ වදාළ ලෙසම උත්තමය අවුරුදු සියයක් ජිවත්වන්නාවු මා සුවසේ දැක වදාළ මැනවැයි යන මේ පළමුවන වරය දිනිමියි ඇරගතමැනවැයි දින ඉක්බිති මහබෝධිසත්වයෝ දෙවෙනි වරය ඉල්ලන්නාවු මහරජ යම්සේ එක් සියයක් රාජධානියෙහි රජදරුවෝම පැමිණෙන ලද්දාවු අභිසේක ඇත්තාවු තම තමන්ගේ නමින් ඒ ඒ ස්ථානයෙහි පළමු ස්තුතිඝෝෂා ඇත්තා හා මහත් ඓශ්චර්යයෙහි පිහිටියාවු ඒ රජදරුවන් රජෙකු විසින් මැරිය හැක්කේ නොවෙයි එහෙයින් එක්සියයක් රජදරුවන්ගේ ජිවිතය දානය දෙවයි දෙවෙනි වරය ඉල්ලුසේක. ඉක්බිති පොරිසාදයෝ ඒ වරයත් නුඹ වහන්සේට දිනිමියි මෙසේ දෙදෙනා කරණකථාව රජ දරුවෝ සමහරක් සමහරක් අසන්නාවුපුරා නොව අසන්නට කාරණා කවරෙදෙයක් පොරිසාදයෝ ගසට දුම්වැදගනිත්දැයි යන භයින් මදක් දුරුකොට දරසය බැඳ ගිනිකළ හා එසේ හෙයින් නුග ගසට හා දරසෑයව අතුරෙහි දෙදෙනා කරණ කථාවෙන් සමහරක් අසා සතුටුව නොබෝලකින් සුතසෝම රජ්ජුරුවන් වහන්සේ පෝරිසාදයන්ද දමනය ලනසේක. නොබවයි අසුවැසූහ.

ඉක්බිති බෝධිසත්වයෝ තුන් වෙනිවරය ඉල්ලනසේක් මහරජ සියයක් රජ දරුවෝ තා විසින් අල්වාගෙණ අතුල්තල විද නුගගස එල්ලෙන ලද්දාවු තම තමන්ගේ ජිවිතයටද සෝකයෙන් හැමවෙලෙහිම මුණ හුණු කඳුලෙන් හඬන්නාහුය. එසේ හෙයින් බන්ධුනගතවු ඒ රජදරුවන් උනාහැර උන් උන්ගේ රාජ්‍යයෙහි පිහිටුවාලුව. මනා වරය තුන්වෙනිව ඉල්වමි වදාළසේක. කුමක් පිණිසදයත් රජ්ජුරුවන්ගේ ජිවිත දානය දුන්ද වෛරයක් උන් හැම තමාට දස්කොට මෙනෙහිම රදවන්නාක් වත් නැත්නම් ජනපදවලට ගොස් විකෝටපි යන්නක් වත් කෙළෙමි නම් නපුරැයි උන් උන්ගේ රාජ්‍යයෙහි පිහිටුවන්නාවු වරය තුන්වෙනි වරය ගත්සේකැයි දතයුතු.
පොරිසාද යහපතැයි මහරජයි ගිවිස ඒ වරත් දින.

ඉක්බිති සුතසෝම රජ්ජුරුවෝ සතරවැනි වරය ඉල්ලනසේක් මහරජ මේ දඹදිව එක්සියයක් රාජධානිය සම්බන්ධවු නොයෙක් ගම් නියම් ගම්වැසි මනුෂයෝ පෝරිසාදයත් අවුදින් අප අල්වාගන්නේය. දැන් අවුදින් අප අල්වන්නේයයි සිතා තා කෙරෙහිත් භයින් රක්ෂාස්ථානග වෙසෙිවවන ගහනාදියටව සියලුරට ජනසුන්‍යව ගියාසේම ගියේය. එහෙයින් ඉතා ප්‍රතික්කුලවු මිණිමස්කෑමෙන් වැලකුවයි කියා සතරවැනිව මේ වරය ඉල්ලමි වදාළසේක.

මහබෝසතානෝ මෙසේ වදාළකල අතින් අත පැහැර සිටියා සබඳ සුතසෝම රජ්ජුරුවෙනි තොපි තමා කුමක් කියව්ද මම ඒ වරය කෙසේද පියම්ද ඉදන් ගන්නා අභිප්‍රා ඇත්නම් අනික්වරයක් පැහැරගනුව. ඒකාන්තයෙන්ම මේ මනුෂ්‍ය මංශය මට ප්‍රිය මනාමය. මේ කාරණාකොට ඒ නියාවු රාජ්‍යශ්‍රීයක් ඇර උදකලාව වනයට වන්මියි එසේ හෙයින් මම ඉන්කෙසේ නම් වැලැක්කහෙමද අනික් වරයක් ඉල්වාගනුවයි කීහ.

ඉක්බිති මහබෝධිසත්වයෝ මෙතෙම මිනීමස් තමාට ඉතා ප්‍රියහෙයින් වැලැක්කනෙඑමි. තමාගේ නුනුවනින් කියනබවමුත් අකුසලය මුන්ට මේ නිසා පිරෙන බවමුත් තෙසු මුන්ගේ අනාචාර ප්‍රවෘත්තියෙක් නැත. ඉදින් යම් කාරණයකින් මෙයින් වලකත් මා විනා කිසිකෙණෙක් නැත, යම් උපායකින් වලකම් සිතා ඕහට බණ වදාරණසේක් මහරජ තාබඳුවු ළදරුවයස පිහිටි ඉතා විශේෂවු අතිමහත්වු ඓශ්චර්යයෙහි මහරජ තා බඳුවු ළදරුවයස පිහිටි ඉතා විශේෂවු අතිමහත්වු ඓශ්චර්යෙහි පිහිටියාවු තෝ මෙමට ප්‍රියයයි පාපකර්මයෙහි ව්‍යාවෘතව මතුවන්නාහු දිව්‍ය මනුෂ්‍යලෝක සම්පත් හා නිවන් සම්පත්තීන් පිරිහී ඉතා භයානක ස්වරූප ඇත්තාවු නරකයෙහි ඉපිද අනේවා සුව හස් ගණන් අවුරුදු මුළුල්ලෙහි සතර අපායෙන් ගොඩනැගෙනොහි දුක් අනු භව කරන්නෙහි එහෙයින් මහරජ තමාහට නොකැමැත්තවුන් විසින් තමාගේ කය තමාටම ප්‍රියවන බවමුත් අනික් වස්තුවක් පියනොවන ඉව තාගේ නුවනිනුත් පරීක්ෂාකොට බලා එසේ හෙයින් තමා තමාට නොසිතා ප්‍රියවස්තුයෙහි ලග්නව අකුසලය පුරා අපායභාක්වන්නෙහි එම්බල නුවනැති බවනම් ප්‍රියවුවදද යමෙක් අකුසල් පිරේ නම් එහි චින්තාව හැර ඓහලෞකික පාරලෞකික ශාපය සාධාදෙන්නාවු පරම මධුර වූ කල්‍යානකර්මයෙහි ඇසිරිණ යුතුය. එසේ හෙයින් ස්වකීයාධිප්‍රත්‍ය ප්‍රවෘත්වු රාජ්‍යයෙහි පිහිටි තොප විසින් විඳිනා ලද ඒ සාරාජ්‍යය සම්පත්තියකින් පිරිහෙලා නැවත මේ ජාතියෙහි චුතවූ තොප නරකයෙහි උපදවන්ට නිසිවු තෘෂ්ණාවට වසඟනොව මතු දිව්‍ය මනුෂ්‍යලෝක සම්පත් සාධා තට සුදුසු වූ කුසල කර්මයෙහි යෙදී මිනීමස් කෑමෙන් වලකුවයි බණ වදාරා සතරවැනි වරය ඉල්ලුසේක.

මෙසේ මහබෝසතානන් මෙලොව භගවා වදාළ කළ නරක භයින් ත්‍රස්ථලම සුතසෝම රජ්ජුරුවන්ට දෙමි කි වරය නොදෙන්ටත් නොපිළිවන. මීනිමස් කෑමෙන් වලකින්ටත් නොපිළිවන. කුමක් කෙරෙම්දෝහෝයි කඳුළු පිරුනුවූ දැසින් යුක්තව මහරජ මීනීමස් ඉතා ප්‍රිය වචන බව වදාරා අනික්වරයක් ඉල්ලුව මැනවැයි මෙයින් වැලැක්ක නොහෙමියි ඇසීය.

බෝධිසත්වයෝ එපවත් අසා වදාරණසේක් සබඳ යම් සත්වකෙණෙක් මෙමට ප්‍රියයි ආත්ම සෙනහයහැර අකුසල කර්මයෙහි ව්‍යවෘතව කාරණා කාරණා පරීක්ෂාකොට ගත නොහෙන්නාවු ප්‍රිය වචනයට පිණිස විසමිශ්‍රවුරා අනුභව කොට එතනම මියවැටෙන්නාවු රා සොඬුන් පරලොවිහි නරකයෙහි උපදනාහුය.තවද මහරජ මේ ලෝකයෙහි යම් සත්වකෙනෙක් නුවනින් පරීක්ෂාකොට සුරාපානාදීවු ප්‍රියකාරණය කායික චෛතසිකවු දුකට හේතුයයි නුවනින් දැන එබඳුවු අර්ථව්‍යඤජනයෙන් දුරුව උත්සාහයෙන් දාන ශිලාදීවු සුචරිතයෙහි යෙදෙන්නේය. එසේවු සත්වතෙම තීත්ත කටුකාදී ඖෂධ අනුභවයෙන් නිර්වා්‍යාධි වන සත්වයක්හු මෙන් තමාකල සුචරිතයාගේ මෙලොවත් සුවවිඳ මිය පරලොව ගිය කල්හිත් දිව්‍ය මනුෂ්‍යාදී සම්පතට පැමිණ සුවපත්වන්නේයයි වදාළසේකී.

එපවත් අසා පොරිසාදතෙම බැගෑපත්ව අඬන්වන්ය. මහාපුරුෂයාණෙනි මේ මිනිස්මසෙහි කල ලෝභයෙන් ජිවිතය හා සමකොට සිතන්නාවු මව්පිය දෙදෙනාද මනොඥවූ වස්තුකාම ක්ලේශකාමයෙහිද ආලයහැර උදාකලාව වනයට වැද මේ නියාවු එබඳු මිනීමස් කෑමෙන් වැලකියෙම්යි යතන වරය කෙසේදීපියන්ද ඒ මට නොපිළිවනැයි කීයේය.

නැවත ඉක්බිති මහබෝධිසත්වයෝ එම්බා පොප්‍රසාදයෙනි නුවනැත්තාවු උත්තමයෝ දෙබසක් නොකියාම සත්‍යවචනයෙම කියති. එබඳුවු තොපිත් කැමති වාරයක් ඉල්වාගනුවයි මට කියා දැන් මා ඉල්ලු වරයට මැලිවව එසේ හෙයින් පළමු තොප කී බසට සරිනොවෙන්නාහයි කීහ.

නැවතත් පෝරිසාද මහණෙනි මිණි මසෙහි කළ ලෝභයෙන් කර්ම ප්‍රාප්තවුද බොහෝ අකුසල් අකිර්ථව අයවට පැමිණියාපියා එබඳුවු මනුෂ්‍යමාංශ භක්‍ෂණය කෙරෙමියි කෙසේ වරයක්දී පියන්දැයි වරයක් අඬමින් කියේය

ඉක්බිති මහබෝධිසත්වයෝ පොරිසාදයෙනි යම් සත්වකෙනෙක් කැමති වරයක් දෙමි. යමෙකුට කීවාම නැවත මැලිවෙනම් එසේවු වරය නොදිය යුත්තේය. තොපි වනාහි මට සබඳ නොසැකකොට කැමතිවරයක් ඉල්වා මාගේ ජිවිතය හා ලයත් හැරසෙසු තොප ඉල්වු වරයක් දෙමි. නියතකොට මට කියා දෙතුන් වැනිව ඉල්වියදිත් මැලිවින් නම් සත්‍යවාදී කමෙක් නොවෙයි තවද මෙලෝකයෙහි සත්වයෝ හස්තපාදාදී අවයව රැකගන්නා පිණිස සම්පත් දීපියන්නා හා ජිවිතය රැකගන්නා කැමැත්තේ හස්තපාදාදී අවයව හැර පියන්නේය සත්‍යවචන සංඛ්‍යාතවු සුචරිත ධර්මයාගේ අනුසස් සිහිකරණ සත්වයෝ අවයව ධන ජිවිතය යන මේ සියල්ල හැර සුචරිතයම පුරති රාජොත්තමයානෝ එසේ හෙයින් මට දෙමි කී වරය නොමැලිව වහාදි සත්‍ය වචන කුසලය පුරාගනුවයි යනාදින් නොයෙක් කාරණා කියා පෝරිසාදයන් සත්‍ය වචනයෙහි පිහිටුවා ඉක්බිති මහබෝධිසත්වයානෝ තමන් ගරුබව දක්වන්නාහු පෝරිසාදයෙනි යමක්හු කෙරෙන් යමෙක් කුසලා කුසල ප්‍රකාශවු බණ කථාවක් උගත්තේ ද යම් උත්තමයෙක් යමක්හුගේ සිත සැකයේ දුරුකොට නිසසංකාළෙද එසේවු ආචාරියතෙම එබඳුවු පුද්ගලයක්හට මුහුද නැවු නැගිගිය සත්වයක් හට පැමිණි දිවයිනක් පරිද්දෙන් පිහිටවන්නේය. භයක් පැමිණිකල ගොස් ගැලවියන තැනක් පරිද්දෙන් පරම ප්‍රතිශ්ටාද වන්නේ. එබඳුවු උත්තමයා හා කල මිත්‍රත්වය නුවනැත්තෝ නොදිරවන්නෝය. නොනසා රක්නේයයි යනාදීන් සබඳ පොරිසාදයෙනි යහපත් ගුණ ඇති ආචාරිකෙනෙකුන්ගේ බස් නොගිවිසිම කටයුතු නොවෙයි මම තොප බාලකල ප්‍රිෂ්ටි ආචාරීව බොහෝ ශිල්ප ඉගැන්විම් දැන් බුද්ධ විලාසමයන් සතරහා ගාථා කිමි. එසේ හෙයින් මා කීවා කරන්ට තොපි සුදුසු වන්නාහයි කීහ.

එබස් අසා පෝරිසාදයෝ සිතන්නාහු සුතසෝම රජ්ජුරුවෝ මට අචාරිවත් සිටියාහ. මා විසින් කැමති වරයක් ගනුවයි කීවා වරයකුත් දෙනලද ඉතිකින් කළමනා කින්ද එක් ජාතියෙක උපන්කල මියයාම ඒකාන්තයෙන්ම සැබැව මිනිමස් නොකමි යන වරය දෙමියි කඳුළු ධාරා වැහෙන මුහුනින් යුක්තව උණස්නෙන් නැගීසිට සුතසෝම රජ්ජුරුවන් ශ්‍රිපාද මුලයෙහි වැඳ වැතිර සබඳ සුතසෝම රජ්ජුරුවෙනි ඒකාන්තයෙන් ඒ මිනිමස් කැමට ප්‍රියය. ඒ නිසා රාජ සම්පත් හැරපියා මහවනයට වැදගියෙමි. ඒ නියාව දැනත් ඉන් වැලකයන්ට මට කිවුනම් නිරාහාරව ප්‍රාණය යෙනමුත් ඒ වාරය තොපට දිපියෙමි මිනිමස් නොකමි කීහ.

ඒ අසා බෝධිසත්වයෝ සබඳ පෝරිසාදයෙනි එසේමය සිලගුණයෙහි පිහිටා සත්වයාගේ මරණත් උත්තමයයි කියමි. මහරජ තොප විසින් මටද වරය දීපියන්ට වදාලදා පටන් ආර්යමාර්ගයෙහි පිහිටායව එතකුදු විනමුත් නැවතත් යාඥාකෙරෙමි ඉඳින් මා කෙරෙහිම තොපගේ මෛත්‍රීයෙක් ඇත්නම් මහරජ පන්සිල් අරගනුවයි කීය.

එබස් අසා පෝරිසාදයෝ යහපතැයි සබඳ මට පින්සිල් දිලවයි කියාම බෝධිසත්වයන් පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව උන්නේය. මහබෝධිසත්වයෝත් එබඳු තද රූක්ෂවු ගුණයෙන් යුත් මිනීමස් කා ඇවිදිනාවු පෝරිසාදයන් නොයෙක් බණකතා හා හේතු කාරණා වචනයෙන් මොළොක් සිත් වචනයෙන් ඇතිකොට ඒ ජාතියෙහි අනුන්ගේ ජිවිතය නොනස්නසේ පඤචසීලයෙහි පිහිටුවුහ. එකණෙහි එතනට රැස්වු භූමාටු දෙවියයෝ මහබෝධිසත්වයන් කෙරෙහි සමාධිව අවිචියෙහි පටන් භයාශ්‍රය දක්වා ලොකකුහරය මුළුල්ලෙහි දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන් පෝරිසාදයන් මිනීමස් කෑම වලකාලන්ට නිසි කෙණෙක් නැත. අනේ සුතසෝම රජ්ජුරුවන් කාලෙදුස්කරයෙක කලද ඉතා යහපතැයි වන ලැහැබ එකකොළාහල කෙරෙමින් තුඩ තුඩ සාධු කාර දුන්හ. භූමාටු දෙවියන්ගේ සාධුනාද ශබ්දය අසා චාතුම්භාරාජිකාදී දිව්‍ය ලෝකයෙහි දෙවියන් ආදිවු සදිව්‍යලෝකයෙහි දෙවියන් ආදීවු සියලු දෙවියන් හා සොළොස් බ්‍රහ්මලෝකයෙහි දෙවියෝ සාධුකාර දුන්හ.මෙසේ මහබෝසතානන් මෙලොව භගවා වදාළ කළ නරක භයින් ත්‍රස්ථලම සුතසෝම රජ්ජුරුවන්ට දෙමි කි වරය නොදෙන්ටත් නොපිළිවන. මීනිමස් කෑමෙන් වලකින්ටත් නොපිළිවන. කුමක් කෙරෙම්දෝහෝයි කඳුළු පිරුනුවූ දැසින් යුක්තව මහරජ මීනීමස් ඉතා ප්‍රිය වචන බව වදාරා අනික්වරයක් ඉල්ලුව මැනවැයි මෙයින් වැලැක්ක නොහෙමියි ඇසීය.

බෝධිසත්වයෝ එපවත් අසා වදාරණසේක් සබඳ යම් සත්වකෙණෙක් මෙමට ප්‍රියයි ආත්ම සෙනහයහැර අකුසල කර්මයෙහි ව්‍යවෘතව කාරණා කාරණා පරීක්ෂාකොට ගත නොහෙන්නාවු ප්‍රිය වචනයට පිණිස විසමිශ්‍රවුරා අනුභව කොට එතනම මියවැටෙන්නාවු රා සොඬුන් පරලොවිහි නරකයෙහි උපදනාහුය.තවද මහරජ මේ ලෝකයෙහි යම් සත්වකෙනෙක් නුවනින් පරීක්ෂාකොට සුරාපානාදීවු ප්‍රියකාරණය කායික චෛතසිකවු දුකට හේතුයයි නුවනින් දැන එබඳුවු අර්ථව්‍යඤජනයෙන් දුරුව උත්සාහයෙන් දාන ශිලාදීවු සුචරිතයෙහි යෙදෙන්නේය. එසේවු සත්වතෙම තීත්ත කටුකාදී ඖෂධ අනුභවයෙන් නිර්වා්‍යාධි වන සත්වයක්හු මෙන් තමාකල සුචරිතයාගේ මෙලොවත් සුවවිඳ මිය පරලොව ගිය කල්හිත් දිව්‍ය මනුෂ්‍යාදී සම්පතට පැමිණ සුවපත්වන්නේයයි වදාළසේකී.

එපවත් අසා පොරිසාදතෙම බැගෑපත්ව අඬන්වන්ය. මහාපුරුෂයාණෙනි මේ මිනිස්මසෙහි කල ලෝභයෙන් ජිවිතය හා සමකොට සිතන්නාවු මව්පිය දෙදෙනාද මනොඥවූ වස්තුකාම ක්ලේශකාමයෙහිද ආලයහැර උදාකලාව වනයට වැද මේ නියාවු එබඳු මිනීමස් කෑමෙන් වැලකියෙම්යි යතන වරය කෙසේදීපියන්ද ඒ මට නොපිළිවනැයි කීයේය.

නැවත ඉක්බිති මහබෝධිසත්වයෝ එම්බා පොප්‍රසාදයෙනි නුවනැත්තාවු උත්තමයෝ දෙබසක් නොකියාම සත්‍යවචනයෙම කියති. එබඳුවු තොපිත් කැමති වාරයක් ඉල්වාගනුවයි මට කියා දැන් මා ඉල්ලු වරයට මැලිවව එසේ හෙයින් පළමු තොප කී බසට සරිනොවෙන්නාහයි කීහ.

නැවතත් පෝරිසාද මහණෙනි මිණි මසෙහි කළ ලෝභයෙන් කර්ම ප්‍රාප්තවුද බොහෝ අකුසල් අකිර්ථව අයවට පැමිණියාපියා එබඳුවු මනුෂ්‍යමාංශ භක්‍ෂණය කෙරෙමියි කෙසේ වරයක්දී පියන්දැයි වරයක් අඬමින් කියේය.

ඉක්බිති මහබෝධිසත්වයෝ පොරිසාදයෙනි යම් සත්වකෙනෙක් කැමති වරයක් දෙමි. යමෙකුට කීවාම නැවත මැලිවෙනම් එසේවු වරය නොදිය යුත්තේය. තොපි වනාහි මට සබඳ නොසැකකොට කැමතිවරයක් ඉල්වා මාගේ ජිවිතය හා ලයත් හැරසෙසු තොප ඉල්වු වරයක් දෙමි. නියතකොට මට කියා දෙතුන් වැනිව ඉල්වියදිත් මැලිවින් නම් සත්‍යවාදී කමෙක් නොවෙයි තවද මෙලෝකයෙහි සත්වයෝ හස්තපාදාදී අවයව රැකගන්නා පිණිස සම්පත් දීපියන්නා හා ජිවිතය රැකගන්නා කැමැත්තේ හස්තපාදාදී අවයව හැර පියන්නේය සත්‍යවචන සංඛ්‍යාතවු සුචරිත ධර්මයාගේ අනුසස් සිහිකරණ සත්වයෝ අවයව ධන ජිවිතය යන මේ සියල්ල හැර සුචරිතයම පුරති රාජොත්තමයානෝ එසේ හෙයින් මට දෙමි කී වරය නොමැලිව වහාදි සත්‍ය වචන කුසලය පුරාගනුවයි යනාදින් නොයෙක් කාරණා කියා පෝරිසාදයන් සත්‍ය වචනයෙහි පිහිටුවා ඉක්බිති මහබෝධිසත්වයානෝ තමන් ගරුබව දක්වන්නාහු පෝරිසාදයෙනි යමක්හු කෙරෙන් යමෙක් කුසලා කුසල ප්‍රකාශවු බණ කථාවක් උගත්තේ ද යම් උත්තමයෙක් යමක්හුගේ සිත සැකයේ දුරුකොට නිසසංකාළෙද එසේවු ආචාරියතෙම එබඳුවු පුද්ගලයක්හට මුහුද නැවු නැගිගිය සත්වයක් හට පැමිණි දිවයිනක් පරිද්දෙන් පිහිටවන්නේය. භයක් පැමිණිකල ගොස් ගැලවියන තැනක් පරිද්දෙන් පරම ප්‍රතිශ්ටාද වන්නේ. එබඳුවු උත්තමයා හා කල මිත්‍රත්වය නුවනැත්තෝ නොදිරවන්නෝය. නොනසා රක්නේයයි යනාදීන් සබඳ පොරිසාදයෙනි යහපත් ගුණ ඇති ආචාරිකෙනෙකුන්ගේ බස් නොගිවිසිම කටයුතු නොවෙයි මම තොප බාලකල ප්‍රිෂ්ටි ආචාරීව බොහෝ ශිල්ප ඉගැන්විම් දැන් බුද්ධ විලාසමයන් සතරහා ගාථා කිමි. එසේ හෙයින් මා කීවා කරන්ට තොපි සුදුසු වන්නාහයි කීහ.

එබස් අසා පෝරිසාදයෝ සිතන්නාහු සුතසෝම රජ්ජුරුවෝ මට අචාරිවත් සිටියාහ. මා විසින් කැමති වරයක් ගනුවයි කීවා වරයකුත් දෙනලද ඉතිකින් කළමනා කින්ද එක් ජාතියෙක උපන්කල මියයාම ඒකාන්තයෙන්ම සැබැව මිනිමස් නොකමි යන වරය දෙමියි කඳුළු ධාරා වැහෙන මුහුනින් යුක්තව උණස්නෙන් නැගීසිට සුතසෝම රජ්ජුරුවන් ශ්‍රිපාද මුලයෙහි වැඳ වැතිර සබඳ සුතසෝම රජ්ජුරුවෙනි ඒකාන්තයෙන් ඒ මිනිමස් කැමට ප්‍රියය. ඒ නිසා රාජ සම්පත් හැරපියා මහවනයට වැදගියෙමි. ඒ නියාව දැනත් ඉන් වැලකයන්ට මට කිවුනම් නිරාහාරව ප්‍රාණය යෙනමුත් ඒ වාරය තොපට දිපියෙමි මිනිමස් නොකමි කීහ.

ඒ අසා බෝධිසත්වයෝ සබඳ පෝරිසාදයෙනි එසේමය සිලගුණයෙහි පිහිටා සත්වයාගේ මරණත් උත්තමයයි කියමි. මහරජ තොප විසින් මටද වරය දීපියන්ට වදාලදා පටන් ආර්යමාර්ගයෙහි පිහිටායව එතකුදු විනමුත් නැවතත් යාඥාකෙරෙමි ඉඳින් මා කෙරෙහිම තොපගේ මෛත්‍රීයෙක් ඇත්නම් මහරජ පන්සිල් අරගනුවයි කීය.

එබස් අසා පෝරිසාදයෝ යහපතැයි සබඳ මට පින්සිල් දිලවයි කියාම බෝධිසත්වයන් පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව උන්නේය. මහබෝධිසත්වයෝත් එබඳු තද රූක්ෂවු ගුණයෙන් යුත් මිනීමස් කා ඇවිදිනාවු පෝරිසාදයන් නොයෙක් බණකතා හා හේතු කාරණා වචනයෙන් මොළොක් සිත් වචනයෙන් ඇතිකොට ඒ ජාතියෙහි අනුන්ගේ ජිවිතය නොනස්නසේ පඤචසීලයෙහි පිහිටුවුහ. එකණෙහි එතනට රැස්වු භූමාටු දෙවියයෝ මහබෝධිසත්වයන් කෙරෙහි සමාධිව අවිචියෙහි පටන් භයාශ්‍රය දක්වා ලොකකුහරය මුළුල්ලෙහි දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන් පෝරිසාදයන් මිනීමස් කෑම වලකාලන්ට නිසි කෙණෙක් නැත. අනේ සුතසෝම රජ්ජුරුවන් කාලෙදුස්කරයෙක කලද ඉතා යහපතැයි වන ලැහැබ එකකොළාහල කෙරෙමින් තුඩ තුඩ සාධු කාර දුන්හ. භූමාටු දෙවියන්ගේ සාධුනාද ශබ්දය අසා චාතුම්භාරාජිකාදී දිව්‍ය ලෝකයෙහි දෙවියන් ආදිවු සදිව්‍යලෝකයෙහි දෙවියන් ආදීවු සියලු දෙවියන් හා සොළොස් බ්‍රහ්මලෝකයෙහි දෙවියෝ සාධුකාර දුන්හ. එදවස් සුතසෝම රජ්ජුරුවෝ විසින් පොරිසාදයන්ට බණකියා පඤවසීලයෙහි පිහිටුවා ලූහී ඒ ඓශවයර්ය දැක සමාධිවූ වෘක්‍ෂදෙවතාවාද විමානයෙහි සිට සාධුකාර දින. ඒවෘක්‍ෂදෙවතාවා දුන් සාධුකාර ශබ්දය අසා සුතසෝම රජ්ජුරුවන් කළසේ ඉතා දුෂ්කරය දෙවියන් විසිනුත් දමනේලිය නොහැකි සාහසිකක්‍රියා ඇති පවිත්‍රවුහු දමනේලූ බව තුන්ලොවට සාන්තිජල දුන්නා වැන්නයි යනාදීන් මහාබෝසතානන්ට ස්තුතිකළහ. පොරිසාදද සුතසෝම රජ්ජුරුවන් වැඳ එකක් පසෙක සිටියේය. එසඳ බොධිසත්වයෝ රජදරුවන් උනාපුවහොත් යහපතැයි කීහ.

එපවත් අසා පොරාසාදතෙම මම මේ රජදරුවන් ඇදදෙනා මව සතුරුව සිටියෙමි. එසේහෙයින් මාවිසින් මුදනලද මේ රජ්ජුරුවෝ වටින් එක්වලා කොළ අපගේ සතුරා නොහැර අල්වවයි කියා මරාපූනම් නපුරැයි සිතා මා විසිනුත් සුතසෝම රජ්ජුරුවන්ගෙන් භාරගත් පඤවසීලය මාගේ ජිවීතය යතත් බිඳපියැ නොහැක්කැයි සිතා මුන්වහන්සේ හා කැටිවගොසින්ම බිඳියයුතුය. එසේකල්හි මට අභයවේවයි කියා මහාබෝසතානන් වැඳ ස්වාමිනි දෙදෙනම ගොසින් රජදරුවන් මුදම්හයි කීය.

එපවත් අසා මහබෝසතානෝ දෙදෙනම යහපතැයි කියා නුගගස ඡායාව අන්තරයට ගොස් සිතනසේක් රජදරුවෝ නම් ඉතා දග්ධවූ මාන ඇත්තැහ. එසේහෙයින් මොහු විසින් අප වෙහෙස ලදුම්හයි පොරාසාදයාද අල්වාගෙන මරාපූනම් මාකළ වික්‍රමය මුදුන්පත්නුවුහ. සාදෘස්‍ය හා එසේ හෙයින් මේ රජ්ජුරුවන්ගෙන් ප්‍රතිඥාගෙණ මිදියයුතුයයි සිතා වදාරණසේක් මහරජ්ජුරුවෙනි මේ පොරිසාද රජ්ජුරුවන් තොප හා මා විසින් වැලිත් දූෂ්‍ය වියනොහැක්කැයි ප්‍රතිඥා ඇරගෙන පොරිසාදයන් ලඟට කැඳවා සබඳ රජ්ජුරුවන් උනාපිවයි වදාළසේක.

ඉක්බිති පොරිසාදයෝ කඩුව අතින්ගෙන එක් රජ්ජුරුකෙනෙක් බැඳ එල්ලාලු වැල් පොලුගසාපිය එකල සත්දවසක් මුළුල්ලෙහි නිරාහාරව මහත්වූ වේදනාවෙන් සුලඟෙහි එල්වනලද කටුකරඬු මල්දම් පරිද්දෙන් ඈත මෑත කරකැවිකැවීආයාස විඳිමින් එල්ලෙන්නාවූ රජ්ජුරුවෝ බැම්බ කපනලදුව සිටපියන්ට අසවත්වව මෘතරූපයක්මෙන් බිමවැටීහුන්න එසඳ බෝධිසත්වයෝ මහත් වූ කරුණාවෙන් උපදවාගෙණ සබඳ එලෙස නිදියාව මිදිය නොහැක්කයි දෙවෙනිව රජ්ජුරුවන් පටන්ගෙන තමන්වහන්සේ දෑතින් අල්වාගෙන වැටියනොදී රඳව රඳවා වැල්කපවයි බැඳුම් කප්පවා තමන් වහන්සේ මහබල ඇති හෙයින් ප්‍රියදරුවන් වඩාගන්නා පියාන කෙනෙක් පරිද්දෙන් සෙමෙන් ගෙළෙහි වැඳහොවාගෙන එකින් එකට බිමට බා සතප්පා තමන් වහන්සේ ඔවුන් අතුල්වල අවුණාලු වැල් ඇදදමා ලේ සැරව හැර වණ නිදොස්කොට සබඳ පෝරිසාදයෙනි ගසින් උපුටාගෙණ ගලගලා ගෙනෙවයි විධානකළසේක. පොරිසාද යෝද ඒ නුගගසින් පොත්තක්ගෙණගලගලා දින. බෝධිසත්යෝඒ හැර ගෙන සත්‍යක්‍රියාකොට අතුල්තලවල ගැලුසේක. එකෙණෙහි මහබෝසතානන්ගේ පිරූපාරමිතාවන්ගේ ආනුභාවයෙන් බේත්ගා ඇද අත අලමනා හා සමඟ සුවවැමසත්වස්ථවීය.

එකල පොරිසාදයෝ සසාල් ඇරගෙන දිය උළුකැන් පිස මහබෝසතානන් හා දෙදෙනා තෙසු සීයක් රජදරුවන් දියඋළුකැන් පොවා සන්තපීනය කොට පසුව දවස් නිදා නැගී මධ්‍යාහ්නවේලෙහිද දිය උළුකැන් පොවා තුන්වෙනිදවස් උළුකැන් සහිතවූ කැඳ පොවා මෙසේ තුන්දවසක් පරිහරණය කරණලද රජදරුවෝ නිදුක් නිරෝගිවුහ.

ඉක්බිත් බෝධිසත්වයෝ ඒ රජදරුවන් කැඳවා තොපගේ රට නැගීයන්ට ශක්ති ඇද්දයි විචාරා වදාළසේක.

එකළ රජදරුවෝත් ඉතින් පළායම්හයි කීහ.

ඉක්බිති බෝධිසත්වයෝ පොරාසාද කැඳවා සියරටට යම්හයි වදාළහ, එපවත් අසාපොරිසාද රජ්ජුැවෝ මහහඬින් හඬා බෝධිසත්වයන්ගේ ශ්‍රිපාදයෙහි වැටී හී ස්වාමීනි නුඹවහන්සේ මේ රජදරුවන් ඇරගෙන වැඩපුව මැනවයි මම වනමුල් ඵලාඵලාහාරයෙන් ජීවත්වන්නෙමි මෙහිම වෙසෙම්යි ඇඬුකල්හි සබඳ මේ වනයෙහි ඉඳ කරන්නේ කිම්ද අතිශයින්ම රමණියවූ බරණැස්නුවරට යම්හයි වදාළසේක.

එපවත් අසා පොරිසාදයෝ ස්වාමීනි කුමක් වදාරණසේක්ද ඉදින් මම රාජ්‍යයට ගියෙම්නම් නුවරවාසීහු මේ රජතෙම මාගේ මව මරා කෑයය් පියා මරා යනාදීන් මහත් වූ වෛර ඇත්තාහු මේ සොරහු අල්වාගෙන මරාපියව යනාදීන් ආක්‍රොස පරභව බෙණෙමින් මහත් වූ සරුපාහනියට පමුණුවා කැටින් මුතුරෙන් ජීවිතක්ෂයට පමුණුවාපියන්නාහුය.

එසඳ නුඹ වහන්සේ සමීපයෙන් ගන්නාලද පිරිසිදු වූ සීලයෙහි පිහිටි හෙයින් ජීවිතය පිණිස අනික් කිසිවක්හු මා විසින් මැරියහැක්කේ නොවෙයි.

එසේ හෙයින් මා නුවරට යා නොහැක්ක. තවද මහරජ ප්‍රිය වූ මිනීම්ස් කෑමෙන් වැලකුනා වු මම කීපපදවසක් ජීවත්වෙද්ද ඉනිඹ නුඹ වහන්සේ දක්නට නොලැබෙමි වෙව්දැයි මහහඬින් හඬා ස්වාමීනි නුඹවහන්සේ වැඩපුව මැනවවැයි කීහ.

ඉක්බිති මහ බෝසතානෝ මහත් වූ කරුණාවෙන් ඔහුගේ පිට පිරිමැද සබඳ එහෙයින් තොප ඒ රාජ්‍යයෙහි පිහිටුවමින් සුතසෝම රජ්ජුරුවෝනම් මමය තොපවැනි තදපරුෂ වූ සාහසිකක්‍රියා ඇති එකක්හු පවා දමනේ ලීම් එබඳුවූ මම බරණැස්නුවර ඇත්තන් සරුවක්කොට මා කීවා කරව් ද එසේ හෙයින් තොප ඒ රාජ්‍යසම්පත්තිය දෙකක්කොට බෙදාපියා එකක් දෙමි. එසේහෙයින් තොප මාකී වචනය කළ තැනැත්තන්තේ තරම් හා දින පුරාතනය සැපයෙහි පිහිටුවාලී මාම බඳුවුවන්ටම සුදුසුයයි ඔහු රාජ්‍යසම්පත්තීන් ලොභකරවනසේක්.

මහරජ තොපගේ මුළුතැන්ගෙයි අරක්කැමියන් විසින් මනාකොට දුරු මිරිස් ආදී නොයෙකක් කුළුබඩු හා පිසන සුවඳකවනලද තෙල් හූරුමස්ද ගිරා ආදී පක්‍ෂි සතුන් තෙළ පැදීම් මැලවීම් ආදීවූ නොයෙක් රසමසවුලෙන් යුක්තවූ ශක්‍රයාගේ සුධාභෝජනබඳුවූ රාජභෝජනය මේ නිමවමින් බලමද පුරුෂමද වඬ්නය කෙරෙමින් සැපසේ රාජ්‍යසම්පත්තිය අනුභවකරන්නා තබාලා කවර කාරණයක් හේතුකොටගෙණ මෙම වනයෙහි වසන්නෙහිද,

තවද මහරජ නොයෙක් නොයෙක් දෙසයෙහි රජදරුවන් විසින්සරහා ඵලවනලද මාණික්‍යකුන්ඩලාභරණා දීවූ නොයෙක් ආභරණ ආදියෙන් සැරහුණු තාගේ සොළොස්දහසක් බිසෝවරුන් ප්‍රධානකොට ඇති සියගණන් නාටකස්ත්‍රීහූ ශක්‍රයා පිරවැරූ දෙවඟනන් මෙන් රාජ්‍යසම්පත්තියෙහි පිහිටි යාවුතා පිරිවරාගෙණ නෙයෙක් ලීලා විලාසයෙන් සිත ඇති යම් උකවලීයෙක් ඇත්නම් දුරුකරන්නාහුය.


තවද මහරජ නානාප්‍රකාර වර්ණ කම්බිල හා සිහ ව්‍යාඝ්‍රසම් අඳුන්දිසම් කෙහෙල් මුවසම් ආදීනොයෙක් සැප ආස්තරණයන් හා කොඳුපලස් බහා අතුරණලද ශ්‍රිහයන් මස්තකයෙහි සැතපී තවද නඟනලද ධවලාතලත්‍ර ඇති විශිෂ්ටවූ සිංහාසන මස්තකයෙහි ඉඳ රාජමණ්ඩලී මහාමාත්‍යාදීන් විසින් පිරිවරණලදුව රාජ්‍යානුශාසනය කිරීම තවද දෙවඟනක් බඳු වරඟනක් ගසන වයන පංචාඬ්ගික තූයර්යනාදයෙන් හා මනාවූ භාවහාවලීලා විලාසයෙන් යුක්ත වන්දිභට්ටාදීන් විසින් කියන ලද ගීතිකා නාදයෙන් සිත්පිණවමින් කරණලද උතුම් වූ රාජ්‍යශ්‍රී සම්පත් හැර උදකලාව මේ වනයෙහි දුබේභාජන දුශ්ශාය්‍යාවෙන් දුක්විඳ කිම්ද තවද තාගේ සිත්කළු වූ උද්‍යානයෙහි නඟන පුන්නණය කරන්නාහු නොයෙක් ලිපද චතුස්පදජාතීන් හා පස්පියුමෙන් කළ නොයෙක් විල්පන්තියෙන් හා හංස චක්‍රවාදීවූ ජලචරපක්ෂින්ගේ අති මධුරවූ අනෝ‍යාන්‍ය රාවප්‍රතිරාවයෙන් හා කුසුමොදය පිණිස අත්පසින් අඬාබස්නාහු පංචචනී හෘඬ්ගසමූහයන්ගේ රමණියවූ ක්‍ඞාකාර නාදයෙන් උපලක්ෂිත මනහර උයන්කෙළියෙන් ග්‍රීෂ්ම සෘතුසම්භවන කෙරෙමින් වසන්නාහු අතිශයින් රමණීයවූ බරණැස්නුවර රාජ්‍යය හැර වනයෙහි කුමන සැපයක් තකාරඳවූද? එසේහෙයින් සබඳ රාජ්‍යයට යම්හයි වදාළසේක.

එසේ මහබෝසතානන් විසින් පෙර අනුභවකරණලද නොයෙක් පංචකාමගුණයෙන් යුක්තවූ රාසම්පත්ති සඳහන්කරවා වදාළකළ පෝරිසාද රජ්ජුරුවෝ සිතන්නාහු මීනිමස්කෑම් නැමති සැපයක් නැතිකල මුන් කී රාජසම්පත්තියට වඩනා සම්පත්තියක් නැත්තේ නියමය මේ සාමිදරවෝ සර්වප්‍රකාරයෙන් මම මෙලොව පරලොව පරලොව දෙකින් මාකෙරෙහි හිත කැමතිව පළමු කොට මා කල්‍යාණ කර්මයෙහි පිහිටුවා දෙවනුව පුරානුභතවූ රාජශ්‍රියෙහි පිහිටවනුකැමතියෙක් මුන්වහන්සේ වීනා මා රාජ්‍යසම්පත්තියෙහි පිහිටුවා උත්තම රාජෙඤ්‍රයාගේ සමවායෙන් පූරාතන සමයෙි පිහිටුවා ගියමැනවැයි සිතක් සිතකි සකල ශරිරයේ මැඩගෙණ පවත්නා වූ ප්‍රීතිප්‍රමෝදයෙන් මහබෝසතාණන්ගේ ගුණවර්ණාකරන්නැයි මහරජ කෘෂණපක්ෂයෙහි චන්ද්‍රමණ්ඩල යම්සේ දවසින් දවසසට භායනපක්ෂයට පැමිණේද එමෙන්ම අසත්පුරුෂයන් හා එක්වූඋත්තමයොත් දවසින් දවස ශ්‍රීහානියට පැමිණෙන්නේය, ඒ එසේමය යම්බඳවූ මම සත්වධර්ම වූ අරක්කැමියා හා එක්වීමෙන් මිනීමසෙහි රසදැන කරණලද අකුසල කර්මයෙන් නුඹවහන්සේ සඳහා වීනා මදකින් නරකයටගියෙමිවෙයි එහෙයින් මහරජ නුඹවහන්සේ වැනි ශුක්ලපක්ෂයෙහි වඬ්මානවූ චන්ද්‍රමණ්ඩලයක් මෙන් මහත් යසශ්‍රීන් වඩන්නෙමි බොහෝ කුසල් කොට මතු දිව්‍යලෝකයට යන්නෙමිවේදැයි යනාදී මහාබෝසතාන්ගේ ගුණවර්ණාකොට නැවතත් මහරජ යම්සේ ගොඩ වස්නා වැසිවට පමණ හා සමඟ මැටි වියලන පමණක්වූත් බොහෝකලක් නොපවතින අසත්පුරුෂයන් ගේ සමාගමයත් බොහෝකලක් තට විපාක පවත්වාලන්ට අසමත්විය. යම්සේ විල්හී වස්නාලද වැස්සෙහි ජලයය බොහෝදවසක් ස්ථිරමියර ඇතිහෙයිනුත් ජලාශ්‍රය ඇතිහෙයින් බොහෝ දවසක් පවත්නේය. එසේහෙයින් ම ළෙහි මහත් වූ කරුණා ගූණ ඇති නුඹවහන්සේ බඳු මහාත්මයන් එක් වූ සත්වතෙම විල්හි වට වර්ෂාජලයසෙයින් බොහෝකලක් පවත්නේයයි යනාදීන් අනෙකපරියායෙන් මහබෝසතානන්ගේ ගුණ වර්ණනා කළහ.

ඉක්බිති ඒ ශ්‍රිමහා බෝධිසත්වයෝ පෝරිසාදයන් හා සියක් රජදරුවන් කැඳවාගෙන වනයෙහි පිටත්ව පසල්ගමකට අවුදින්වන්හ. එසඳ ඒ ප්‍රත්‍යන්ත වාසීහු සුතසෝම රජ්ජුරුවන්වහන්සේ දැක යුහුව ඉදිපත් නුවරට ගොස් කීහ.

එකල අමාත්‍යයෝ සිවුරඟසෙනඟ ගෙණඅවුත් රජ්ජුරුවන් පිරිවරා රැකවල්ගත්හ. එසඳ මහාබෝධිසත්වයෝ සිවුරඟසෙනග පිරිවරා බාරානසී රාජ්‍යයට නික්මුනාහ. අතරමඟ දනව්වැසි සත්වයෝ බොහෝ පඬුරු පාක්කුඩම්ගෙණ රජ්ජුරුවන් පිරිවරාකැටුවම නික්මුණාහ, මෙසේම මහපක්ෂිත් හා සමඟ බරණැස් නුවරට පැමිණිසේක.

එකල පොරිසාදයන්ගේ පුතනුවෝත් රාජ්‍යයකරන්නාහුය. සෙනෙවි රද්දු නම් කාලහසතිනම් සෙනෙවිරද්දුමය, එකල නුවරවැස්සෝ සුතසෝම රජ්ජුරුවන්වහන්සේ පෝරිසාදයන් දමනෙහිලා කැඳවාගෙන එනසේක්ලයි අසා නුවරට ඔහු වැද්ද නොදෙම්හයි වාසල්ඵලා ආයුධගත් අත් ඇතිව සටනට සැරහී සිටගත්හ.

මහබෝසතානන්වහන්සේ වහසල්ඵලාගත්බව දැන පෝරිසාදයන් හා සීයක් රජදරුවන් දුරම රඳවා අමාත්‍යයන් ගණනක් හැරගෙන වාසල්කරා ගොස් තමන්වහන්සේ වැඩිබව දන්වායුසේක. එපවත් අසා රජුවරුවෝ හුනස්සෙන් නැගීසිට වහා දොරහැර රජගෙට වඩාගෙනවැයි විධාන කළහ.

ඉක්බිති බෝධිසත්වයෝ අරණලද දොරින් නුවරට වන්සේක. රජ්ජුරුවෝද සෙනෙවිරද්දුද පෙර ගමන්කොට ගොස් ප්‍රසාදයට වඩාගෙනවුත්දීන් රාජාසනමස්තකයෙහි වඩා හිඳවා බඬාඤ්ජලීව සිටියාහ. එසඳ ශ්‍රි මහා බෝධි සත්වයන් වහන්සේද පොරිසාද රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන්ද තෙයු අමාත්‍යවරුන්ද සමීපයට කැඳවා වදාරා රජ්ජුරුවන් නුවරට වැද්ද නොදෙන්ට කාරණා කවරේදැයි සෙනෙවිරදුන් විචාළ සේක. එසඳ කාලහස්ති නම් සෙනෙවිරද්දු මහරජ ඒ රජ මෙනුවර රාජ්‍යකරන්නේ බොහෝ ස්ත්‍රී පුරුෂයන් මරාකා රජදරුවන් නොකළ මනා නොකළේය. වැලි නුවරින් පිටත් වු හෙයින් වන මද්දෙහි ඉදත් මිණිමරා කන්නේ සියලු දඹදිවට සිදුරුම කළේය. එසේ හෙයින් මෙබඳ පවිටු ගුණයක් ස්වභාව කොට ඇත්තාවූ එකෙක් ් කාරණයෙන් නුවරට වැද්ද නොදෙම්හයි කීහ.

එපවත් අසා මහාබෝධිසත්වයෝ වදාරණ සෙක් සෙනවිරත්නී දැන් ඒ රජ්ජුරුවෝ එබන්දක් නොකරති. කාරණා කිමිදැයි යත් ? මම උන් දමනය ළා ශීලය පිහිටුවා ප්‍රතිඥා ගතිමි. එසේ හෙයින් ජිවීත පිණිස ප්‍රාණවධ ආදී වූ හිංසා පිඩාවක් නොකරන්නාහුය. මෙතැන් පටන් ඒ රජ්ජුරුවන් පිණිස තොපඇමට බයෙක් වීනම් අපිට බාරවැයි වදාරා රාජ පුත්‍රයාට වදාරණ සෙක්. රජ්ජුවෙනි, දරුවන් විසින් දෙමාපියන්ට උපස්ථාන කළ යුතුය. යම්තාක් දෙමව්පියන්ට උපස්ථාන කළ වුනට වඩා පළමු දිව්‍යලෝකයට යන්නාහු සත්ව කෙනෙක් මේ ලෝකයේ නැත. ඉදින් වැලිත් දෙමව්පියන්ට දුශ්‍ය වූ සත්ව කෙනෙක් නරකයට යන්නාහු යනනාදීන් රජ්ජුරුවන්ට අවවාද කියා සෙනවිරදුන්ට දනවා කාල හස්තිය තෝද රජ්ජුරුවන්ගේ අත්‍යන්ත මිත්‍රයෙහි රජ්ජුරුවන්ට සේවකයෙහිය. ඒ රජ්ජුරුවන් විසින්ම ඉතා මහත් වූ ඓශ්වර්යයෙහි පිහිටුවන ලද එසේ හෙයින් තොප විසිනුත් රජ්ජුරුවන් වැඩෙහි හැසිරිය යුතු යැයි සෙනෙවිරදුන්ටත් අවවාද කියා බිසවුන් ද කැඳවා දේවවියන් තොපද කුලයෙන් අවුත් මේ රජ්ජුරුවන් සමීපයෙන් අගමෙහෙසුන් තනතුරු ලදින් සමානව වයස් ඇතිව රජ්ජුරුවන් හා සබඳව විසී එක්ව රාජ්‍යශ්‍රී අනුභවකරව. එහෙයින් තොප විසිනුත් කෙළෙහි ගූණ දැන දේවතාව විසීම උත්තමාංගනාවන්ට සුදුසු යැයි යනාදී වූ නොයෙක් පරිද්දේන් රජ්ජුරුවන්ටද සෙනෙවිරදුන්ටද බිසවුන්ටද ධර්මදේශනා කොට තෙසුත් අමාත්‍යමණ්ඩලය හා නුවර වාසින්ටත් එම්බා රාජද්‍රෘශ්‍යකර්ම නම් ඉතා බර දෙයක එසේ හෙයින් තොප හැම විසිනුත් ඒ රජ හට අගිය නොහැක්කැයි කාරණා කිම්ද යත් තොපගේ මේ රාජ්‍යයට ප්‍රවෙනි රජය, තවද ළඳරු වයසේ සිටියේය. මාඅතින් සත්පුරුෂ ධර්මය අසා සතුටුව සතරවවරයක් දී දසරාජධර්මයේ පිහිටියේය. එසේ හෙයින් ඔහු කෙරෙහි කිසි නොකටයුත්තක් නොසිතවයි නුවර වැස්සනුත් එම දෙස අස් වසා ධර්ද දේශනා කළ සේක. මෙසේ ඒ සර්වඥවිලාසයෙන් වදාරණලද කෘතෝපකාර සංඛ්‍යාතවූ බණ කථා අසා රජ්ජුරුවෝද සෙනවිරදුද බිසවුද බුවර වාසිහූ මහජනයෝද සතුටුව නුවර බෙරපියවි කරවා නුවරසරසවා සියලු නුවර ාසීන් රැස්කොට රජ්ජුරුවෝ ධර්මිෂ්ටයෙහි පිහිටියේල. ඉනිඹ තොපි හැමදෙනා නොබවයි යනාදීන් නුවරසීන් අසා මහරජ්ජුරුවන්වඬා නුවරට ගෙනෙම්හයි වැව් මියරක් බිඳ ගෙන නික්මුණු මහ වතුරක් මෙන් මහබෝසතාණන් ඉදිරියට එකපැතිර රජ්ජුරුවන් කරා ගොස් වැඳ මඟුල් කපුවන් එලවා දැලි රැවුලු අන්දම් තබා සුවඳ පැන් සොළාත් කළයකින් ඉස් සොදා නහවා සත් රුවන් සත් මත්තෙහි සිටුවා දක්ෂිණාවෘත ස්වේතසංඛයෙන් මුද්ධාභිෂේකය කොට නුවර පැදකුණු කොටවා රජගෙට වඩාගෙන ගියහ. එසඳ ඒ රජ්ජුරුවන්ට අප්‍රමාණ වූ ඓශ්චර්ය ඇති විය. පොරිසාද රජ්ජුරුවෝ සුතසෝම රජ්ජුරුවන් හා සියක් රජ දරුවන් හා මහත් සත්කාර සමිමාන කළහ.

සුතසෝම නරේන්ද්‍රයානන්වහන්සේ විසින් පොරිසාදයන් දමනෙහිලා රජයෙහි පිහිටුවාලුසෙක්ලයි සියලු දඹදිව එකකොලාහලවිය.

මහාබොධිසත්වයෝ ඒ රජු විසින් කරණලද සත්කාර විඳින් මසක් පමණ එහි දවස්යවා වැස නැවත පෝරිසාදයන් කැඳවා සබඳ මෙතැන්හි මින් දන්හල් පසක්කරවා දුගී මගී ව වණිබ්බක යාචකයන්ට මහදන්දි දසරාජධම්මයට අකෝප්‍යයක් නොකොට රාක්‍්‍යකරවැයි අවවාදකොට ඒ රජ්ජුරුවන් දූතයන් දැක ඉනිඹ අප නියමනා කලැයි වදාරා බලඇනි සේනාව පිරිවරණලදුව නුවරින් නික්මුණු සෙක් පෝරිසාද රජ්ජුරුවන් විසින්ද පසුගමන්කොට නික්ම දෙමංසන්ධියෙහි සිටි වැඳ සමුගෙන වැලැක්කාහ.

තෙසු රජදරුවන් මහා බොසතාණන්වහන්සේ වැඳ සිපගැනීම ආදීවූ සාමීවිකොට මහබෝසතානන් වින් දෙන ලද යාන වාහනාදියට නැගී ක්‍රමයෙන්ම තම තමුන්ගේ සියරටට පිවීසීය, මහබෝසතානන්වහන්සේ ඉඳිපන් නුවර වැස්සන් විසින් දිව්‍යපුරයක්මෙන් සරහනලදුව නුවර අසුරවිජයකොට ශක්‍රභවනයට වදනාවූ සක්දෙවිරජහූ පරිද්දෙන් ඇතුළු නුවරටවැඳ නුවරතුන් විටක් පැදකුණු කොට ප්‍රසාදයට නැගී දෙමව්පියන්ට වැඳ පැදකුණු කොට මිහිරී වූ පිළිසඳරකථාකොට දවස්පටන් සතරසංග්‍රහවතීන් වියෝනොව දැහැමෙන් රජකරණසෙක් මෙසේ සිතුසේකි.

කෙසේද යත්?

වෘක්ෂදේවතාව මට බොහෝ උපකාරීව සිටියේය. එසේහෙයින් ඕහට බලිකර්මයෙන් කළමනවැයි නුගගසට නුදුරුතැන්හි මහවැවක් බඳවා බොහෝ මනුෂ්‍යයන් යවා එතැන්හි මහගමක් කරවූසේක. ඒගම මහත කොපමණ යත්? මේ සත්වලෝකයෙහි පවත්නා වූ වස්තුවෙන් අසෝවස්වෙක් මෙහි නැතැයි නොකියන පරිද්දෙන් කස්තුරු කපුරු සඳුන් කළුවැල් ලමඟතකුල් පටපිල් දේවංග මුතු මැනික් රත්රන් රීදී ආදී වූ නොයෙක් වස්ත්‍රාභරණයෙන් සුඟන්ධාපන රත්තාපනදී වූ අසුදහසක් සළුපිලි ඇත්තතේ ය. ඒ නුගලසද ශාඛා මණ්ඩයෙහි පටන්ගෙන සමතලකොට වට පවුරු බඳවා සතරදොරින් යුක්ත කොට දවස්පතා සුවඳ තෙල් පහන් නඟා රසමසුවුලෙන් යුක්තවූ ආහාරය රන් තලියෙහි පුදා කරණලද පූජා සත්කාර අපමණ විය. දේවතාද මහබෝසතානන්වහන්සේ කෙරෙහි අතිශයින් ප්‍රසන්ව සියලු උපද්‍රව නිවාරණය කෙරෙමින් රැකවල්ගත. ඒගම වනාහි අකුසල කර්මයෙහි ව්‍යාවෘත වූ පාපි පුද්ගලයන් දම නේලු තැන කරණලදහෙයින් කම්මාහසදම්ම නම් නියම්ගම් වීයයි ඉරසඳ පවත්නා තෙක් ප්‍රසිද්ධ කොට වදාළසේක දැන් වර්තමානයෙහි එම කම්මාස්සදම්ම නම් නියම් ගම් වැඩ හිඳ,

වන්තාරොසතිපටඨාන, ඉධභික්ඛු ජක්‍ඞත්නං කායෙ කායාපසසි විහරති

බහිද්ධා චා කායෙ කායානුපස්සි විහරති

අජක්‍ඞත්තබහිද්ධා වා කායෙ කායානුපස්සි විහරති

සම්පජානො, සතිමාවින්‍යෙය ලොකෙ අභිජක්‍ඞා ද්‍රෙමනස්සං

යනාදීන් සතිපටඨානසූත්‍රදේශනාව දසසහශ්‍රිලෝකධාතු උපුල්වා වදාළ සේකැයි දතයුතු මෙසේ මහබෝසතාණනෝ සියළු ජම්බුදීපයෙහි රජදරුවන් අවවාද අනුශාසනාකොට තමන්වහන්සේද දසරාජධර්මයෙන් රාජ්‍යකොට සහ පිරිවරින් දෙව්ලොව වැඩිසේකැයි යනාදීන් බුදුහු මේ ජාකත ධර්මදේශනාව ගෙණහැරදක්වා වද්‍රරා මහණෙනි, මොහු දැන්මතුනොවෙයි පෙරත් මේලෙස දමනයන්ලුයෙම් වේදැයි පූර්වාපරසන්ධිගලපා මහණෙනි එකල පෝරිසාදයෝ නම් අංගුලිමාල ස්ථිවරයෝය. ඒසමයෙහි කාල හස්ති නම් සෙනෙවිරද්දු දැන් මාගේ සාසනෙයෙහි ධර්මයට සෙනෙවිරද්දු දම්සෙනවි සැරියුත් මහතෙරහුය. එදවස් සතාරභගාථා පඬුරක් කොට ගෙනවුත් මාසමීපයෙන් බොහෝ උපකාර කරනලද්දා වූ නන්දබ්‍රාහ්මණ නම් ආනන්ද මහ තෙරහුය. එකල වෘක්ෂදේවතාවා නම් දැන් බුඬානුබුඬ තපොනිධාවවූ මහාකාශ්‍යප ස්ථිවිරයෝය. එදවස් උප දෙස දායක ශක්‍රදෙවෙන්ද්‍රයොනම් දැන් දිවස් ඇත්තවුන් කෙරෙහි අග්‍රවූ අනුරුඬ ස්ථිවීරයෝය. තෙසු සියක් රජ දරුවෝ නම් මේ බුදුපිරිස, එදවස් දෙමව්පිය දෙදෙනාම මෙදවස් සුද්ධෝදන මහාමයා දෙදෙනය, එකල ඒසා මහත් ලෝවැඩකළාවූ සූතසෝම රජ්ජුරුවෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේකි.