මුල් පිටුව 501 සිට 550 දක්වා 513 සංකිච්ච ජාතකය

513 සංකිච්ච ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ධර්මරාජයන් වහන්සේ ජීවකයන්ගේ අඹ උයනෙහි වැඩ වාසය කරන සේක් අජාසත් රජහුගේ පිතෘඝාතක කර්මය අරභයා වදාළ සේක.

ඒ අජාසත් වනාහී දෙවිදත් තෙරුන්ගේ බස් ගිවිස පියරජහු මරවා සඞඝ භේදකොට සඟ පිරිසෙන් වෙන්වී මහත් ශොකයෙන් ව්‍යාධියට පැමිණ බුදුන් වැඳ සමාකරවා ගනිමියිසිතා ඇඳක් පිටින්සැවත් නුවට ගියේදෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙහි පොළොව රැිලී අවීචියට ගිය නියාව අසා මමත් මෙසේ නරකයට යම්දෝහෝයි භයින් ත්‍රසත්ව නිදි නොලැබ ජිවිකයන්ගේ බස් අදහා බුදුන් සමීපයට ගොස් ශ්‍රමණපල සූත්‍ර දේඹනාව අසා බුදුන් සමාකරවා ගෙන උපාසක බවට ලත්ව නිති පින් කරමින් වාසය කරන කල්හි ඒ ගැනන දම්සභා මණ්ඩපයෙහි දිනක් උපන් කථාවක් අරභයා මහනෙි, පෙරත් මේ රජ පියා නසා දුකට පැමිණ මා නිසා සැපයෙන් විසුයේ වේදැයි ඉකුත්වත වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර රාජ්‍යය කළ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුට පුත්‍රයෙක් උපන්නේය. ඔහුගේ නම ද බ්‍රහ්මදත්ත කුමරයා විය. ඒ දවසම පුරෝහිත බමුණාටද පුත්‍රයෙක් උපන්නේ ඔහුට සංකිච්ච කුමාරයෝ යයි නම් තැබූහ. මේ කුමාරයන් දෙදෙනම රජගෙයි එක්ව වැඩෙනන්ාහු සියළු ශිල්ප නිමවා බ්‍රහ්මදත්ත කුමාරයා යුවරජ තනතුරෙහි පිහිටියේය. දිනක් ඔහු පිය රජ්ජුරුවන් සමඟ උයනට යන්නේ පිය රජ්ජුරුවන්ගේ යසශ්‍ර දැක එහි ලෝභය උපදවා පියා මියගිය කල මට රාජ්‍ය්‍ය ලැබෙන්නේ ය. වෘඞව ලද්දාවූ රාජයෙන් කම් නැත. එබැවින් පිය රජ හු මරා රාජ්‍යය ගනිමියි සිතා සංකිච්ච කුමාරයන්ට එපවත් කීයේය. එබස් ඇසු සංකිච්ච කුමාරයන්ට එපවත් කීයේය. එබස් ඇසු සංකිච්ච කුමාරයෝ පීයා මැරීමේ ආදීනව පෙන්වා තුන් වරක් එය වළකාත් පිළිනොගත් කල්හි මෙහි සිටීමෙන් මට කම්නැතැයි කිසිවෙකුට නොහඟවා වනයට ගොස් පැවිසිව වාසය කලාහුය. ඉන්පසු බ්‍රහ්මදත්ත පිය රජ්ජුරුවෝ පිය රජ්ජුරුවන් මරවා රාජ්‍යයෙහි පිහිටා සැප විදින්නේය. එරට බොහෝ දෙනා සංකිච්ච කුමාරයෝ මහණ වූයේයයි අසා ඒ අනුව ගොස් මහණවූහ. බ්‍රහ්මදත්ත නව රජ්ජුරුවෝ ටික කලක් සැපසේ සිට පියා මැරූවෙන ්පියට පත්ව නරකයෙහි පීඩාවට පැමිණියාහු මෙන් සිත් තැවුලින් යුතුව මාගේ මිත්‍ර සංකිච්ච කුමාරයෝ පියාණන්ව මැරීමෙන් මා වලක්වාගත නොහී මට නොහඟවාම පලා ගියේය. නොගියේ නම් මේ අකුශලය මට කිරීමට ඉඩ නොදෙති. මේ භයින් දුරු කරනට උන් විනා අන් කිසිවෙක් සමත් නැත. දැන් සොයා ගනිමියි සිතා තැන තැන උන්ගේ ගුණ කියන්නට පටන් ගත්හ. මෙපරිද්දෙන් දවස් යවන කල්හි රජ්ජුරුවන්ගේ අදහස් දැනගත් සංකිච්ච තාපසයන් වහන්සේ පණස් අවුරුද්දක් චී්වරයකින් පන්සියක් තපස් වීවරයන් විසින් පිරිචරන ලදුව අහසින් අවුත් එනුවර සමිපයෙහි මිගදා නම් වූ මගුල් උයනට බැස සල්වට මත්තේ වැඩ උන් සේක. ඒ බැවි උයන්ගොව්වා අතින් දැනගත් රජ්ජුරුවෝ පෙළහරින් එහි ගොස් පිලිසඳර කථා කොට සංකිච්ච පණ්ඩිතයන් වහන්ස, මා විසින් පිතෘඝාතක කර්මය කරන ලද්දදේය. මෙබඳු සත්තවයෝ පරලොව කවර ගතියක ට ගොස් කෙසේ වූ දුකට පැමිණෙන්නාහු දැයි විචාළේය. මහරජ, උවදුරු ඇති මා්ගය හැර නිභාය මගින් ගියාවු සත්වතෙම ව්‍යසනයට නොපැමිනේද එපරිද්දෙන් අකුශල යෙහි යෙදී වාසය කරන්නාහු සත්වයෝ නුවණැත්තන් විසින් එයින් වලකා කුශල පථයෙහි පිහිටුවන ලද්දා වූ අගතියට නොයන්නාහුය.

මහරජ, පළමු මාගේ බස් නොගිවිස පියා මරා දැන් ශොකයෙන් පෙළෙමින් මහ ව්‍යසනයකට පැමිණෙන්නේ වේ දැයි අවවාද කොට මත්තෙහි ද ධර්මදේශනා කොට දසකුශල ධර්මයෙහි ආනිශංසද පව් කිරීමෙහි ආදීනවද දක්වා අටමහ නරකයද එකි එකි නරකයට ඇති සොළසක් ඔසුපත් නරකයන්ද එහි දුක් විදින්නාහු සත්වයන්ද ඝෘඬ්‍යානු භාවයෙන් රජරට දක්වා උතුමන්ට ආක්‍රොෂ පරිභව බිනීමෙන් දරුනු අකුසල් කළ සත්වයෝ නරකයෙහහි වැටී දුක් විදිනා බැව් දැන්වීමට ගෞතම සෘෂීන්ට ගැහැට කල ධනුශිල්ප යෙහි දක්ෂ සහශ්‍ර අර්ජුන රජ්ජුරුවන් ගැනද කිගවචඡ තාපසයන්ට වරදකොට නරකයෙහි දුක්විඳින දණ්නකීරජ්ජුරුවන් ගැනද මාතඞග පණ්ඩිතයන් කෙරෙහි සිත් කළකිරවා ගෙන පිරිස සමඟ අපාගතවූ මෙධ්‍ය නම් රජ්ජුරුවන් ගැනද කණ්හපායි නම් ෂෘෂීන් කෙරෙහි අපරාධ කළාවූ අන්ධවේන්ද්‍රක රජතුමා විඳින ගැහැටද කපිල සෘෂින්ට ඡන්දයෙන් පක්ෂව බොරු කියා නරකයෙහි ඉලදුන චතුර්විධ සෘඞි ඇති චෙතිය නම් රජු ගැනද විස්තර කථා දක්වා ධර්මදේශනා කොට පියා මැරීමේ ආදීනව පෙන්වා පොළොව විචාර කොට ් සත්වයන් ඉපිද දුක් විඳින තැන් දක්වා ඉක්බිත් මවුත් මැරඍවන් ඉපිද දුක් විඳිනා සැටි ද උපක්‍රම වලින් දරුගැබ ගබ්සාකොට නැසුවන් උපන් තැන්ද තමාගේ ස්වාමියාට නොසළකන සැර පරුෂ වචන කියන ස්ත්‍රීන්ද වැඩිහිටි අයට බැනවදින අයද ඉපිද දුක් විදින තාප නම් නරකයද ක්‍රමයෙන් පෙන්වා ධර්මදේශනා කොට ශෝකය දුරුකොට හිමාලයට වැඩියහ. රජතුමා එතැන් පටන් දැහැින් ජීවත්විය.

එසමයෙහි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ නම් දැන් මේ අජාසත් රජ්ජුරුවෝය. තාපස සමුහයා නම් බුදු පිරිසය, සංකිච්ච පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේය.