512 සෝනක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද විචිතොපවිත පාරමිතා ඇති ගෞතම ගොත්‍ර ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි දිව්‍ය බ්‍රහ්ම ආය්‍ර්‍ය ඊය්‍ර්‍යාපථ විහරණයෙන් දවස් යවන සේක්. මේ ජාතක ධර්ම දේශනාව තමන් වහන්සේගේ මහබිනික්මන් අරභයා වදාළසේක.

සර්වඥයන් වහන්සේ දම්සභාමණ්ඩපයෙහි රැස්ව නෛෂ්ක්‍රම්‍ය පාරමිතා වර්ණනා කරමින් වැඩහුන් මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මඬ්‍යයෙහි පනවන ලද බුඬසනයෙහි යුගඳුරු මුදුනෙහි දිලිසෙන ලහිරු මඬලක් මෙන් සවණක් ඝන බුඬරස්මීන් විහිදුවමින් වැඩහිඳ මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා සර්වඥයන්ගේ මහබිනික්මන් වර්ණනා කරමින් හුනුම්දැයි දැන්වූ කල්හි මහණෙනි සර්වඥයෝ දැන්මතු මහබිනික්මන් කළාහු නොවෙති, පෙරත් ගිහියෙ ඇරගොස් මහණ වූවෝ වේදැයි වදාරා භික්ෂූන් විසින් ආරාධිත වූ බුදුරජාණන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්?

යටගිය දවස මගධ රජගහ නුවර මගධ නම් රජ්ජුරු කෙනෙකුන් දාන ප්‍රිය වචනාන්‍ර්‍ථචරියා සමානාතමතාය යන සතර සංග්‍රහ වස්තුවෙන් ජන රංජනය කරන කල්හි පුරණ ලද බෝධිසමහාර ඇති අප මහබෝසතානෝ ඒ රජ්ජුරුවන් අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ උපන්හ. ඕහට නම් තබන්නාවූ දෙමව්පියෝ අරින්‍ද කුමාරයෝයයි නම් තුබූහ. ඒ බෝධිසත්ත්වයන් උපන්දාම පුරෝහිත බ්‍රාහ්මණයන්ටත් පුතනු කෙනෙක් උපන්හ, ඕහට නම් තබන්නාහු සොනක කුමාරයෝයයි නම් තුබූහ. ඒ දෙදෙන එක්ව සියලු දෘෂ්ටි භේද ඇති සමය චාරිත්‍ර හා දේශ චාරිත දැනගණුම්හයි අනුක්‍රමයෙන් ගම් නියම් ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදිනාහු බරණැස් නුවරට සම්ප්‍රාප්තව මඟුල් උයනෙහි රෑ සැතපී දෙවන දවස් උදාසන්හි නුවරට වන්හ, එදවස් නුවර වැසි සමහර සත්ත්ව කෙණෙක් බමුණන්ට දන්දී සානති කරම්හයි කියා කිරිබත් ආදී දානොප කරණ සපයා ඉඳිනා අසුන් පනවා බමුණන් බලා උන්නාහුය, ඒ කුමාරයන් දෙදෙනා දැක ගෙට කැඳවා ගෙණගොස් අතුරණ ලද ආසනයෙහි ඉඳුවූහ. ඒ බෝධිසත්ත්වයන්ගේ ආසනයෙහි සුදු වස්ත්‍රයෙන් ද සෝනක කුමාරයන්ගේ අස්නෙහි රන් පලසක් ද අතුරන ලද්දේය, ඒ නිමිත්ත දැක අද දවස් මාගේ මිත්‍ර වූ අරින්‍දම නම් කුමාරයෝ බරණැස් නුවර රජව මට සෙනෙවිරත් ධුරය දෙන්නේයයි දැන ඒ සෝන කුමාරයෝ කරන ලද ආහාර කෘත්‍යය ඇතිව උද්‍යානයටම නැගී ගියාහුය. ඉක්බිති එදවස් බරණැස් රජ්ජුරුවන් කළුරිය කළ දවසට සත්වන දවස වන්නේය, රාජ්‍යයට නිසි දරුවෙක් නැත්තාහ, එකල අමාත්‍යාදීහු ඉස්සෝධ නහා රැස්ව රාජ්‍යයට සුදුසු කෙනෙකුන් කරා යන්නේ යයි මඟුල් රථය සරහා නලල් පටය මඟුල් කඩුවය මිරිවැඩි සඟලය සේසතය යන පචරාජකුධ භාණ්ඩයන් රථයෙහි තබා ගමන් ගත් සඳ උයනට ගොස් කරකැවී නැගෙන්නට සුදුසුව ගෙන සිටියේය. එකල්හි ඉසවසා පෙරව මඟුල් ශාලාව මත්තේ වැදහොත් ඒ බෝධිසත්ත්වයන් සමීපයෙහි උන් සෝනක කුමාර තූය්‍ර්‍ය ඝෝෂාව අසා අරින්‍ද කුමාරයන්ට පුරස්සරව ආයේය, අද දවස් මුතු වූ රජව මට සෙනෙවිරත් ධුරය දෙති මට වනාහි ඒ ඓශචය්‍ර්‍යයෙන් ප්‍රයෝජන නැත්තේය, මුන් රජව නුවරට වන් කල්හි මෙයින් නික්ම මහණ වෙමි සිතා පිළිසන් තැනෙක සිටියේය එකල්හි පෙළහර ගෙන්වා ගෙණ ගිය පුරෝහිත බ්‍රාහ්මණ උයනට වැද ශාලාවෙහි ඔත් බෝධිසත්ත්වයන් දැක ඔහුගේ ධෛය්‍ර්‍ය පරීක්‍ෂා කරනු පිණිස එකවිටම නොයෙක් තූය්‍ර්‍ය නාද කරවීය, එකල බෝසතානෝ පිබිද අනික් ඇලයට නැමී මදක් කල් වැද හොවා නැගී සලවටෙහි පලක් බැඳ උන්නාහුය. ඉක්බිත්තෙන් පුරෝහිත බ්‍රාහ්මණ බෝධිසත්වයන්ට නමස්කාර කොට සිට දේවයන්වහන්ස රාජ්‍යය නුඹවහන්සේට පැමිණෙන්නේයයි කීයේය. ඔහු බස් අසා කිමෙක්ද තොප රජ්ජුරුවන්ගේ කුමාරකෙණෙක් නැද්දැයි බෝධිසත්වයන් වහන්සේ විචාල කල්හි එසේය දේවයෙනි රාජකුමාර කෙනෙක් නැතැයි කී සඳ එසේ නම් යහපතැයි පුරෝහිත බමුණන්ගේ බස් බෝධිසත්වයෝ පිළිගත්තාහුය. ඉක්බිති ඒ පුරෝහිත බ්‍රාහ්මණයා ඇතුළුවූ අමාත්‍යයෝ බෝධිසත්වයන් එතැන්හිදීම අභිෂේක කොට රථයට නන්වාගෙන මහත් වූ පෙළහරින් නුවරට පැදකුණු කරවා රජමැදුරට ගෙණ ගියාහුය. ඒ අරින්දම රජ්ජුරුවෝ යස මහත්වයෙන් මත්ව සොනක කුමාරයන් සිහි නොකළාහුය. ඒ රජ්ජුරුවන් නුවරට වන් පසු සොනක කුමාරයෝ සලවටෙහි ඉඳන් සල් ගසින් විලික්‍ෂ තුවටුයෙන් ගිලිහී ඉඳිරියෙහි වැටී හුනුවාවු පතක් දැක ඒ අරමුණු කොට සසර කල කිරී යම්සේ මේ පත්‍රය ජරාවට පැමිණ ගියේද එපරිද්දෙන්ම මාගේ ශරීරයද ජරාවට පැමිණෙන්නේය යනාදීන් සිහිකරමින් සිටි කල්හි ගිහිවෙස් අතුරුදන්ව මහණ වෙස් පහලවීය, එකල්හි සොණක නම් පසේ බුදුරජාණන් වහන්සේ ඉතිකින් භවයෙහි උත්පත්තියක් නැතැයි යනාදීන් ප්‍රීති වාක්‍ය පවත් වමින් පසේ බුදුවරයන් වසන්නා වූ නන්ද මූලක නම් ගල්ලෙනක වැඩ වදාල සේක. මහා බෝධිසත්වයෝද රාජ්‍ය ශ්‍රී විඳිමින් සාලිස් අවුරුද්දක් ගිය කල්හි සිහිකොට මාගේ යහළුසෝණක කුමාරයෝ කොයිදෝ හෝයි නොයෙක් වර විචාරා දිටිමි ඇසිමි කියන කෙනෙකුන් නොදැක සරහා පිළියෙල කරන ලද මතු මහල් තලයෙහි නොයෙක් නටුනාටකාදීන් විසින් පිරිවරන ලදුව සිංහාසනයෙහි ඉඳ රාජ්‍ය ශ්‍රී විඳිමින් සොණක කුමාරයෝ අසවල් තැන වෙසෙති යමෙක්කුගෙන් යමෙක් අසා කීයේ වීනම් ඕහට සියයක් රන් මසු දෙමි යමෙක් දිටිමි කියාද ඕහට දහසක් දෙමි යන මේ අර්ථයෙන් යුක්තා වූ ගාථාවක් බැඳ ප්‍රීති වචනයෙන් කීයේය.

එකල්හි එක් නාටක ස්ත්‍රියක් ගාථාව රජ්ජුරුවන්ගේ මුඛයෙන් උදුරාගන්නාක් මෙන් ඉගෙන ගෙන ගායනා කළාය,ඇගෙන් අනිකෙකු අනිකෙකැයි සියලු අන්තපුර වාසීහුද යන සියල්ලෝම අපගේ රජ්ජුරුවන්වහන්සේ එක්වන් ගායනා කරන ප්‍රීති ගීතිකාවෙකැයි ඉගෙන තුමූත් එක්වන් කියන්නාහුය.මෙලෙසින් දීඝායු නම් කුමාරයන් ප්‍රධාන වූ බොහෝ දූ පුත් දරුවන් ඇතිව රාජ්‍ය ශ්‍රී විඳිම්න් ඒ රජ්ජුරුවන්ට පණස් අවුරුද්දක් විවර ඉක්ම ගියේය. ඒ කායෙහි සොනක නම් පසේ බුදුරජානන්වහන්සේ රජ්ජුරුවන්ගේ අභිප්‍රාව දිවසින් දැක අරින්දම නම් රජ්ජුරුවෝ මා දක්නා කැමැත්තාහුය,එහි ගොසින් ඕහට පඤ්චකාම විෂයෙහි ආදීනවද මහණදම් පිරීමෙහි ගුණ ද දක්වා උන් මහණ වන ලෙස කෙරෙමි සිතා වදාරා පස්වනක් වළාකුළු මඬිමින් ආකාශයෙන් අවුත් මඟුල් උයනෙහි වැඩ උන්සේක. එදවස් සියලු ශිල්පනම් සත්ඇවිරිදි කුමරුයෙක් මෑනියන් විසින් නික්මවන ලද්දේ මඟුල් උයන සමීපයෙහි දරකෝටු අවුලමින් නැවත නැවත ඒ ගීතිකාව ගායනා කෙළේය, ඒ අසා පසේ බුදුරජානන්වහනසේ ඔහු සමීපයට කැඳවා කිමෙක් ද කුමාරයෙනි අනිකක් නොකියා එකම ගීයක් නැවත නැවත කියන්නෙහිය, අන් ගීයක් නොදන්නෙහි දැයි විචාරා වදාල සේක. සාමිනී එතකුදුවුවත් අපගේ රජ්ජුරුවන් වහන්සේට මෙම ප්‍රිය හෙයින් නැවත නැවත කියමි කීහ. ඒ අසා පසේ බුදුරජානන් වහන්සේ තොපගේ මේ ගීතිකාවට ප්‍රතිගීයක් කියන කෙනෙකුන් දුටු විරූදැයි විචාලා නුදුටු විරීම් සාමිනී කී කල්හි රජ්ජුරුවන් වහන්සේ කරා ගොස් පටිගීතය කියා එයි නම් තා උගන්වාලමියි වදාල සේක. එසඳ කුමරුවා විසින් යහපත ස්වාමීනී වදාළ මැනවයි කී කල්හි ඒ පසේ බුදුරජානන් වහනසේ ප්‍රති ගීතියක් උගන්වා කුමාරයෙනි මේ ප්‍රතිගීතිකාව රජ්ජුරුවන් හා එක්ව කියව රජ්ජුරුවෝ තොපට සමාධිව බොහෝ සම්පත් දෙති වහා නික්මෙවයි වදාළසේක.

එකල කුමාරතෙම යහපතැයි ගීතිකාව ඉගෙන පසේබුදුරජානන්වහන්සේ වැඳ ස්වාමීනී මම යම්තාක් රජ්ජුරුවන්වහනසේ කැඳවාගෙන එම් ද ඒ තාක් මෙහිම වැඩඋන මැනවැයි ආරාධනාකොට වහා ගෙට ගොස් මෑනියන්වහන්ස මා ඉස්සෝදා නාවා සරහාලව මැනවැයි, අද දවස් දිලිඳු බැවින් නුඹවහන්සේ මූලෙමි, කියා මෑනියන් සතුටු කෙළේ, එකල ඔහු බස් අසා සමාධි වු මෑනියන් විසින් සරහා පිළියෙලකරණ ලදුව රජගෙයි වාරයට ගොස් ආය්‍ර්‍යවාරපාලය එක් කුඩා සුඟෙක් නුඹ වහනසේ හා සමඟ ප්‍රතිගීතිකාවක් කියමියි අවුත් වාසල් දොර සිටියේයයි රජ්ජුරුවන්වහන්සේට දක්වාලුව මැනවැයි කීයේය. එබස් අසා දොරටු පාලයා වහ වහා ගොස් එපවත් රජ්ජුරුවන්ට කීයේය. එබස් අසා රජ්ජුරුවෝ ඔහු ගෙන්වා ගෙන දරුව තොපි මා හා සමඟ ප්‍රීති ගීතිකාවක් කියව් දැයි විචාරා කියමි දේවයන්වහන්සැයි කීකල්හි එසේ කල කියවයි කියේය. එබසට දේවයන්වහන්ස නුවර බෙරපියවි කරවා මහජනයා රැස්කරවුව මැන වැයි කීයේය. ඒ බොහෝ දෙනා මධ්‍යයෙහි කියමි කීයේය. රජ්ජුරුවෝත් එලෙසම කරවා විසිතුරු කොට සරහන ලද මණ්ඩපයෙහි සිංහාසනයෙහි ඉඳ කුමරුවාද සුදුසු අස්නක හිඳුවා මෙවිට කියවයි කීහ. දේ්වයන්වහන්ස නුඹ වහන්සේ පළමු කොට ගායනා කල කල්හි පසුව මම පටි ගීතය කියමි කීයේය. එබස් අසා සතුටු වු රජ්ජුරුවෝ මාගේ ප්‍රිය මිත්‍රවූ සොණක කුමාරයෝ අසෝ තෙනෙක වෙසෙති, උන්ගේ වාසස්ථානයක් වූ කෙරෙන් අසා මට කියන්නා වු කවරක් හට රන් මසු සියයක් දෙම්ද , නොහොත් අතන සොණක කුමාරයන් මම දිටිමි දැක අවුත් කියන්නා වූ කවරක් හට දහසක් දෙම් දැයි යනාදීන් අත්‍ර්‍ථ ඇති උදන් ගීතිකාව පළමු කොට කීවාහුය, ඉක්බිති ඒ පසුව සියළු කුමාර තෙම දේවයන් වහන්ස නුඹ වහන්සේ සොණක කුමාරයන් උන් තැනින් අසා ඇවිත් කීවුන්ට ඉදින් සියයක් දෙන සේක් වී නම් මට දෙවා වදාළ මැනවැයි ඉදින් දැක ඇවිත් කීවුන්ට දාසක් දෙනසේක්වී නම් එයින් මට දෙවා වදාළමැනව කුමක් නිසාද යත් නුඹවහනසේට සබඳවූ වැලිකෙළියෙහි පටන් එක්ව කෙලවැඩියා වූ සොනක නම් යහළුවා නම් නුඹවහන්සේට ප්‍රත්‍යක්‍ෂකොට දැන්ම දක්වාලමි, යනාදි අත්‍ර්‍ථයෙන් උපලක්‍ෂිත පටිගීතය කීයේය ඒ අසා සතුටුව කුමාරයෙනි කවරරටක කවරජනපදයක මාගේ යහළු සොනක කුමාරයන් දුටුයෙහිද ඒමට කියවයි කීයේය ඕහට ප්‍රතිවචන දෙන්නා වූ කුමාර තෙම දේවයන් වහන්ස නුඹවහන්සේගේ රට නුඹවහන්සේගේ මඟුල් උයනෙහි සෘජු වසලලව කඳ ඇති මේඝ කූටයක් බඳු වූ නිල් වූ සොභා ඇති සිත් කළු වූ අතු පතර ඇති කඳ වෙළෙප් හා මුලින් ඔවුනොවුන් හා ගිවි සිටියා වූ වෘක්‍ෂ මූලයෙහි කාමුපාදානාරහිතව - ප්‍රාණඝාතය අදත්තා දානය කාම මිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය, කේළාමය, පරුෂ වචනය, සම්ඵප්‍රලාලය අභිද්‍යාව්‍යාපාදය මිත්‍ය දෘෂ්ඨි යැයි කියන ලද එකොළොස් වැදෑරුම් වූ ගින්නෙන් දන්නා වූ සත්වයන් කෙරෙන් වෙන්ව සියළු කෙළෙස් ගින්නෙන් නිවුනා වූ සිත් ඇති ඒ සුනඛ කුමාර තෙම ධ්‍යාන භාවනවෙන් යෙදී රන් පිළිමයක් මෙන් මඟුල් සළ වට මත්තේ යැයි කීයේය. එබස් අසා සමාධිව රජ්ජුරුවෝ නුවර සිට උයනට මඟ තනවා චතුරංගනී සේනාව විසින් පිරිවරන ලදුව උද්‍යාන භූමි ප්‍රදේශයට ගොස් නිවී සිත් ඇතිව උන් සොනක නම් පසේ බුදූන් දැක නොවැදම එකත් පස්ව හිඳ තමන් කෙලශයෙහි තරව ඇළුන හෙයින් උන්වහන්සේට මේ මහළු තෙමේ ඉස මුඩුව දෙපට පවුළක් පෙරවගෙන මවුපියන් නැති වෘක්ෂ මූලයෙහි දුක්කිත එකෙකු මෙන් සිතාගෙන ඉදිනේ යැයි කීහ. එබස් ඇස් සුනක පසේ බුදුන් වහන්සේ රජ්ජුරුවෙනි යම් කෙනෙක් නව ලොවුතුරා දහම් තමා සිතින් ප්‍රතිවෙද වශයෙන් දකීද, එතෙම දුක්කිත නොවන්නේය. යමෙක් වනාහි දස කුශලධර්මය සන්තානයෙන් දුරුකොට අධර්‍මයෙහි පවතීද එතෙම දුක්ඛිත නම් වන්නේයයි, එසේ හෙයින් රජ්ජුරුවෝ තමන් වහන්සේට කළ නින්දාව නොදන්නාක් මෙන් පිළිසඳර කථා වශයෙන් තමන් වහනසේගේ නාම ගොත්‍රාදිය වදාළසේක, එවිට රජ්ජුරුවෝ මෙතනට පැමිණියා වූ නුඹ වහන්සේට කිසිඅඵාසුවෙක් නැද්දැයි යනාදීන් විචාළාහුය. ඕහට ප්‍රතිවචන දෙන්නා වූ පසේ බුදුරජානන්වහන්සේ මහරජ මෙතන තබා කොයිත් මට අඵාසුවෙක් නැතැයි වදාරා ඒ රජහට ශ්‍රමණබ්‍රාහ්මණ නම් බණ කියන්සේක් මහ රජ අගාරියයි කියන ලද ගිහිගෙය හැර මහණද නිස්පලිබොධවූ මහණහට ඇමවේලෙහිම සැපවන්නේය. තවද එක් කොටුවෙක සැලිතාලි මලුපැස් ආදියෙහිද ධන ධාන්‍යාදීන් පටවාගෙණ තබා රැකෙන්නාහු නොවෙති, වැලි කෙසේ රැකෙන් නාහුද යත්? දෙපටපව්ලක් පෙරව මැටිපාත්‍රයක් අතින් ගෙන ගෙයි සපයන ලද ආහාරය ගෙපිළිවෙළින් සිඟාගෙන පරියේෂණය පරිභොගය ආසයය ධ්‍යානයය පරිපක්වතාවයය ඵලය නිස්සන්‍ධනය සම්මක්ඛණයයි කියන ලද වලා පටලයක් පරිද්දෙන් අග්‍රපටලයෙන්ද වෙන් වූ චන්‍ද්‍රයා පරිද්දෙන්ද වස්තු කාම කෙලෙශ කාමයන් හැර මහණව ගම් නියම්ගම් රාජධානියෙහි භික්‍ෂාවනය කොට ඇවිදිනා වූ යම් භික්‍ෂුවක්හට සහනන්හිවශයෙන් කිසිතෙනෙක්හිඇල්මෙක් නැද්ද එබඳු මහණහට සතරවෙනින්වත් කලමනාවන්නේය, යම් භික්‍ෂුවක් හට තුන් සිවුරු පාත්‍රාවිනා උපාසක කුලයෙක්හි තබන ලද චීවරාදී පරිස්කාරයක් නැති හෙයින් ඒ මහණහට පස්වෙනි පාසුවනනේය. තවද මහරජ යම් මහණෙක් සකුණා ප්‍රවෘර්තීන් කායප්‍රතිබංද වූ චීවරාදී පරිස්කාරය හැර අන්තැනක තබන ලද කිසිවක් නැති හෙයින් සොරුන් වැද නුවර එකහී කොල්ල කා ගණ යතත් ඔවුන්ගේ ගෙණයන දෙයක් නැද්ද එසේ හෙයින් සවෙනිවත් භික්‍ෂූ හට පාසුවන්නේය.

තවද මනා වූ වෘත සමාදානය ඇති මහණ තෙමතිකිම් පෙරලීම් අනුවා පත් ආදී තරකරණ ලද පාශූකූල චීවර පටි පාත්‍රාදී අෂ්ටපරිකාරධරව යන්නේ සොරුන් අයසුන් ගම් ගන්නවුන් කරා පැමිණත් මෙකී මහණ පිරිකරින් ඔවුන්ට කිසිප්‍රයෝජනයක් නැතිහෙයින් කිසිකෙනෙකුන් වාහකුලක් නැතිව කැමති තැනකට සැපසේ යන්නේය. මේ කාරණයෙනුත් ඕහට සත්වැනිවත් සැපවන්නේය. තවද මහරජ ගෙයහැර මහණව තිස්වනවූකුලෙහි ගෙණහි අලග්න වූ මහණ තෙම යම් යම් දිසාවකට යනු කැමති වී නම් එකෙනෙහි ගමෙක බිමෙක දොරක පිරිකරක යන කිසිවෙක් හි ඇල්මක් නොකොටම යන්නේය, ඒ කාරණයෙන් අටවෙනිවත් මහණ හට බද්‍ර වන්නේ යයි යනාදීන් අර්ථයෙන් යුක්ත සමණබද්‍රනම් ගාථා අටෙකින් බණ වදාළ සේක. ඒ සොනඛ නම් පසේ බුදුරජානන්වහනසේ අනෙකුත් සමණ බද්‍ර සියදාස් ගණනකුත් කියන්ට සමත්ව සේකමය, රජ්ජුරුවෝ වනාහි කාමයෙහි සක්ත හෙයින් උන්වහනසේගේ කථා විචෙඡදය කොට මේ සමණ බද්‍ර ගාථාවෙන් මට ප්‍රයෝජන නැත්තේ යැයි තමන් පස් කම් ගුණෙහි ගිජු බව ප්‍රකාශ කෙරෙමින් තපස් වීන් වහන්ස මානුෂික වූ ද දිව්‍ය වූද වස්තු කාම කෙලෙෂ කාමයෝ මට ඉතා ප්‍රියහ, එසේ හෙයින් කවර කාරණයකින් එදොළ සම්පත් ලැබේ දැයි විචාළේය. පසේ බුදුහු එම්බා රජ කාමයෙහි ගිජු වූ විෂ්‍යාස්වාදයෙහි සක්ත වූ කාමයෙන් මත් වු සත්වයෝ කාම දුශ්චරිතාදි වූ නොයෙක් පව් කොට ස්වප්නයෙනුත් සැපයක් දැක්ක නොහැකි දුගතියෙහි උපදනාහ. යම් සත්ව කෙනෙක් වස්තු කාම කෙලෙස කාම අළුයම දමාපු කෙළපිඩක් මෙන් නිරපේක්‍ෂව හැර ගිහිගෙන් නික්ම රාගාදීන් පැමණෙන කිසි බයෙක් නැත්තාහු ගණ සංගනිකාව හැර කාය විවේකයට පැමිණ වාසය කෙරෙත් ද එබඳු වූ ප්‍රවෘජ්ජිතයෝ දුගතියට නොයන්නාහු යයි වදාරා මහ රජ මේ ලෝකයේ සමහර නුවනැතතෝ උපමාවෙනුත් කාරණා දැනගන්නාහ, එසේ හෙයින් තොපට දෘෂටානතයක් ගෙණහැර කියමි, අසවයි වදාරණ සේක් භගීරතී නම් ගඟාප්‍රවාහයෙහි වැටී ඉල්පයන්නාවූ ඇත් කුණපයක් නුවන නැති කපුටුවෙක් දැක මා විසින් මහත් යානාවකුත් විපුල වූ ගෙවරයකුත් ලබන ලද්දේයයි සතුටුව සම්ප්‍රාප්තව මේ මස් අනුභව කෙරෙමින් පැන් ගඟ බීමෙන් උභය පාර්ශවයෙහි වන සොභා දක්වමින් රෑ දාවල් මෙහිම වාසය කෙරෙමින් නොගොස් කුණපයෙහිම උන්නේය, ප්‍රමාද වශයෙන් කුණපයෙහි ලොල් වූ කපුටුවා ඇත් කුණ හා සමඟ පක්ෂීන්ට අවිෂය වූ මහ සමුද්‍රයට ගංගා ප්‍රවාහයෙන් ගොස් පැමිණඇත් කුණෙහි සම් මස් නහර සිඳී ඇටසැකිල්ල දියෙහි ගිලුන හෙයින් ප්‍රහාරය කොට සතර දිගට ගොසිනුත් කිසි පිහිටක් නොලබන විඩාව ජලතලයෙහි වැටීහුනුවාහු සමුද්‍රයෙහි දැති මෝර ආදී මත්ස්‍යයෝ සල්ව සල්වා කෑවාහුය, එපරිද්දෙන් මහා රජ තෙපිද අනිකුත් කාම භෝගී යම් කෙනෙක් වස්තුකාම ක්ලේශකාමයන් හැරපියා නොයෙත්ද ඔවුන් බුද්ධාධි උත්තමයෝ ඒ කපුටුවා හා සමාන නුවණ නැත්තාහුයයි කියති, මහරජ මා විසින් මේ උපමාව දෘෂ්ටාන්ත වශයෙන් දක්වන ලද්දේය, ඉදින් මාගේ මේ අවවාදය පිළිගෙන වස්තුකාම ක්ලේශකාමයෙහි ලෝභය හළුයේ වීනම් ස්වර්ගි ලෝකයට පැමිණෙන්නෙහියැයි ඉඳින් නොහලුයේ වී නම් කාබුන් මරණින් මත්තෙහි නරකාදි අපායට යන්නේය ඒ උපමාවෙහි ගංගාව අනවරාග්‍ර සංසාරය වන්නේය, ප්‍රවාහයෙන් යන්නාවූ ඇත් කුණ පංචකාම ගුණය වන්නේය, කපුටු තෙම අඥාන සත්ත්වයා වන්නේය කපුටුතෙම මස් අනුභව කොට පැන් බී සතුටු වූ කාලයේ අඥානගේ විෂයාස්වාදයෙන් සතුටු වූ කාලය වන්නේය, කුණපයෙහි සක්ත වූ කපුටුවාගේ වන සොභාව දිගු කාලය කාම තෘෂ්ණායෙන් යුක්ත වූ අඥානයාගේ අටතිස්වැදෑරුම් වූ පටවිකසිනාදී අරමුණු දක්නා කාලය වන්නේය, ඇත්කුණ ගොස් සමුද්‍රයට වන්කල පිහිටක් නොලැබ කපුටුවා දියෙහි හුණු කාලය කාමයෙහි ගිජු වූ පවිටු නුවණ නැත්තාහුගේ කුශල ප්‍රතිෂ්ටාවක් නොලදින් නරකොත්පත්ති කාලය වන්නේ යි මෙලෙසින් පසේබුදුරජාණන් වහන්සේ මේ උපමාව ගෙනහැර දක්වා අවවාද කොට නැවතත් අවවාද කරුණු පණීය මහරජ අනුකම්පා ඇති සත්ව තෙම අවවාද වශයෙන් වැඩ අවැඩ එකවරක් කියන්නේය, එයින් මත්තෙහි නොකියන්නේ ය, ඉදින් වඩා කීයේ වී නම් සාමි දරුවක් වූ ඉදිරියෙහි සිට කියන්නා වූ ද යමෙකු මෙන් නිස්සාර වන්නේ යයි යනාදීන් නොයෙක් අවවාද අනුශාසනා කොට ඒ පසේබුදුරජාණන්වහන්සේ ආකාශයෙන් වැඩ වදාළසේක. මහාබෝධිසත්වයෝද පසේ බුදුන් පෙනෙන තෙක් බලා සිට උන්වහන්සේ ඇසට අවිෂයව වැඩි කල්හි සසර කළකිරී බ්‍රාහ්මණ වංශයෙහි උපන්නාවූ මේ මහණතෙම අසම්භින්න රාජවංශයෙහි උපන් මාගේ මස්තකයෙහි තමාගේ පාද දූවිලි වගුරුවමින් ගියේය, මා විසින් මහණ වියයුතු යයි සිතා රාජ්‍යයෙන් ප්‍රයෝජන නැත්තේය, අද දවස මම මහණ වෙමි මරණය අද වන බෝ සෙත වන බෝ දැනගත නොහැක්කේය, මේ සසර සිට ඒ නුවණ නැති කපුටුවා පරිද්දෙන් කාම වූ සැපය නොපැමිණේයි රාජ්‍ය පාවා දුන්හ එබස් ඇසූ අමාත්‍යයෝ දේවයන්වහන්ස නුඹ වහන්සේගේ පුත්‍ර වූ දිඝායු කුමාරයන් වහන්සේ ගෙන්වා ගෙන අභිෂේක කැරවුව මැනව උන්වහන්සේ අප රජකම් කරන සේකැයි කීවාහුය එසඳ රජ්ජුරුවෝ දීඝායු කුමාරයන් එතැනට ගෙන්වා ගෙන ඕ හට ආමන්ත්‍රණය කොට එම්බා කුමාරයෙනි ධන ධාන්‍ය මුක්තා මාණික්‍ය සංඛසිලා ප්‍රවාලාදී සියලු උප භෝග පරිභෝග වස්තුවෙන් සමුර්‍ඬවූ සැටදහසක් ගමින් යුක්ත වූ මේ මගධ රටද රන්සැත් රන්පොරෝද්‍ර සන්නාහයෙන් සරහන ලද කෝල හා අකුස් ගත් අත් ඇතිව ඇත්රුවන් විසින් නැගෙන ලද සැටදහසක් පමණ ඇත්තුද, සියළු අශ්වාලංකාරයෙන් සරහන ලද සීඝ්‍ර වූ ජව හා වේග ඇති ඇත් පථ හා දුනු හියවුරෙන් උපලක්‍ෂිත වූ අසරුවන් විසින් නැඟෙන ලද සැට දහසක් පමණ අජානීය සෛන්ධව අශ්වයන්ද සිංහ සම් දිවි සම් වලස් සමින් කරන ලද පිරියම් ඇති නගන ලද නොයෙක් ධජමාලාවන් ඇති සියළු රථාලංකාරයෙන් කරන ලද සැරහුම් ඇති සන්නාහ සන්නද්ද වූ දුනුගත් අත් ඇති රථවරුන් විසින් නැගෙන ලද සැටදහසක් පමණ රථයා නාවන්ද ප්‍රධාන වූ වෘෂභ රජයක් වූ විසින් උපලක්ෂිත වූ බඳුන් පුරා කිරි දෙන්නා වූ සැටදහසක් පමණ රතිදෙනුද විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරහුනා වූ බහා පැළඳ කුණ්ඩලාභරණ ඇති සියළු ස්ත්‍රී පළඳනායෙන් සැරහෙන ලද සොළොස් දහසක් පමණ පුරංගනාවන්ද යන මේ සියළු ඓශචය්‍ර්‍ය පාවා ගෙන රාජ්‍ය කරව මම තපසට යෙමියි කීවාහුය. එබස් අසා දීඝායු කුමාරයෝ මේ කිමෙක්ද පියාණන් වහන්ස මා බාල අවස්ථාවෙහිම මාගේ මෑණියන් වහන්ස මළයි ඇසීමි එසේ හෙයින් නුඹ වහන්සේ හැර ජීවත් වියා නොහෙමි ඉඳින් නුඹ වහන්සේ තපසට යන සේක් වී නම් යම් සෙයින් වනයෙහි සම විෂම වූ ගිරිදුර්‍ගයෙහි සඤචාරණය කරන්නා වූ හස්තිරාජයා අනුව ඇත් පොවු තෙම පසුපස්සේ ගියේද එපරිද්දෙන්ම නුඹ වහන්සේගේ පාත්‍රය ඇර ගෙන නොකීකරු නොවකීකරුව නුඹ වහන්සේ පසුපස සේ ඇවිදිමියි කීයේය එබස් අසා ඕ හට දැහැමිව කාරණා කියන්නාවු රජ්ජුරුවෝ යම්සේ වස්තු ගවේෂණය පිණිස ජලයාත්‍රා කරන්නා වූ වෙළෙඳුන්ගෙන් දැතිමෝර ආදී මත්ස්‍යයන් විසින් හෝ උදකරාක්ෂයෙකු විසින් හෝ දියසලාවෙන් මසන ලද කල්හි ඒ වෙළෙඳහු ව්‍යසනයට පැමිණෙන්නාහුය, එපරිද්දෙන් නොකීකරු දරුවෝද මාගේ තපසට අත්නරාය කරන්නේය, එසේ හෙයින් මේ දරුවන් විසින් සිත්කළුවූ මළිගාවට කැඳවා ගෙන යව ඒ ස්වර්ණලංකාරයෙන් අලංකෘත වූ නාටක ස්ත්‍රීහු ශක්‍රදේවේන්ද්‍රයා පරිද්දෙන් මොහු සිත් ඇලවන්නහුයයි මහාබෝධිසත්වයෝ මෙලෙස කියා එතනදීම රාජ කුමාරයන් අභිෂේක කරවා නික්මවා තුමු උදකලාව උයනින් නික්ම හිමාල වනයට වැද සිත්කළු වූ ප්‍රදේශයෙක්හි පන්සලක් කොට ගෙන තබා සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිගෙන වන මුල් ඵලාභාරයෙන් දවස් යවූවාහුය.

ඉක්බිති අමාත්‍යයෝ මහත් වූ රාජ පෙළහරින් දීඝායු කුමාරයන් නුවර ප්‍රදක්‍ෂිණා කරවා ප්‍රාසාදයට කැඳවා ගෙන ගියාහ, එකෙනෙහි සොළොස්දහසක් ඇති පුරංගනාවෝ ස්වර්ණාභරණයෙන් විභූසිතව පැමිණියා වූ රජ්ජුරුවන් දැක මනෝඥවූ රූපශ්‍රීන් යුක්ත වූ තෙපි දේවතාකෙනෙක්ද නොහොත් ගන්‍ධර්‍වදිව්‍ය පුත්‍රයාන කෙනෙක්ද නොහොත් ශක්‍ර දේවේන්ද්‍ර කෙනෙක්ද තොපි කවුරුන්ගේ දරු කෙනෙක් ද තොපි කවුරුන්දැයි දැනගනුමෝදැයි විචාළාහුය එබස් අසා රාජ කුමාරයෝ දෙවියකුත් නොවෙමි ගාන්‍ධර්‍වයෙකුත් නොවෙමි ශක්‍රදේවරාජයෙකුත් නොවෙමි කසී රජ්ජුරුවන්ගේ පුත් වූ දීඝායු කුමාරයෝ නම් මමය අත්පා මෙහෙකෙරමින් මට උපස්ථාන කරව මම තෙපි ඇමට වල්ලභ වෙමි, ස්වාමි වෙමි කීවාහුය, එබස් අසා පුරංගනාවෝ රජ්ජුරුවන් වහන්සේ කොයිගියේ සේක්දැයි විචාරා ඔවුන් විසින් රජ්ජුරුවන් වහන්සේ වස්තුකාම ක්ලේශකාමයන් නැමැති පංඛදුර්ගයෙන් නැගී ප්‍රවෘජ්‍යා නැමැති ස්ථලයෙහි පිහිටා රාගාදී ක්ලේශඝන්ටක සහිත වූ මිථ්‍යාලබ්ධි නැමැති සහරන රහිත සඟමොක් මඟට පැමිණිසේක මම වනාහි ක්ලේශ කටුකයෙන් ගැවසීගත්තාවූ දෘෂ්ටිග්‍රහණයෙන් නිඛින වූ දුගතියට පමුණුවන්නාවු ගෘහවාස නැමැති මාර්ග පිළිපන්මි රාජකුමාරයෝ කීයේය. එබස් අසා පුරංගනාවෝ රජ්ජුරුවන් වහන්ස නුඹවහන්සේගේ කීම යහපත් වන්නේය රන්ගල් ගුහාවට සිංහ රාජයෙකු පරිද්දෙන් අප ඇතුළු වූ මේ සියළු රාජ්‍යයට අනුශාසනා කොට වදාළ මැනව මෙවක් පටන් හැම දෙනාම නුඹවහන්සේ නායක යනාදීන් නොයෙක් ප්‍රිය වචන කියමින් නෘත්‍ය ගීත වාදිතාදිය පවත්වමින් සිත් ඇලවූවාහුයි. ඉක්බිති දීඝායු නම් රජ්ජුරුවෝ මහත් වූ රාජ්‍යශ්‍රී විඳිනාහු රජ ඉසුරෙන් මත්ව පිය රජ්ජුරුවන් සිහි නොකොට දසරාජ ධර්මයෙන් දිවිපමණින් රාජ්‍යකොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහුය මහා බෝධිසත්වයෝ පචාභිඥඅෂ්ටසමාපත්ති උපදවා ගෙන බ්‍රහ්ම විහාර භාවනාවන් කොට කාබුන් මරණින් මත්තෙහි බ්‍රහ්මලෝකයෙහි උපන්නාහුයයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා මහණෙනි සර්වඥයන් මහාභිනික්මන් කළේ දැන් මතු නොවේ පෙරත් මහාභිනික්මන් කළෝවීදැයි වදාලා ජාතකයෙහි පූර්ව කතාවත් අපර කතාවත් සන්ධි ගලපා සොනක ජාතක ධර්මදේශනාව නිමවා වදාළසේක. එසමයෙහි පසේබුදුහු පිරිනිවන් පෑවාහුය. එසමයෙහි පසුව රාජ්‍යප්ප්‍රාප්ත වූ දීඝායු කුමාරයෝ නම් දැන් මේ රාහුල ස්ථවිරයෝය. පසේ බුදුහුයෙන් බණ අසා තපසට ගියාවූ අරින්ද රජ්ජුරුවෝ නම් තිලෝගුරු බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.