මුල් පිටුව 501 සිට 550 දක්වා 504 සම්බුලා ජාතකය

504 සම්බුලා ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ධර්මරාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් කොසොල් රජ බිසවු මල්ලිකා දේවීන් අරභයා වදාළසේක. දිනක් දම්සභා මණ්පයෙහි රැස්වූ භික්ෂුන් වහන්සේලා අතර මෙබඳු කථාවක් පහළ වූයේය. ඇවැන්ති මල්ලිකා දේවිය මවිපිය නෑදෑයින්ට සහ තම ස්වාමියාට කළමනා වතාවන් ආචාර ආදිය කිසිම අඩුවක්නැතිව කරන්නීය. බුද්ධ උපස්ථානයද මඟ නොහරන්නියයි කථා කරමින් උන්සඳ එහිවැඩි බුද් රජාණන් වහන්සේ බුද්ධශාසනයේ වැඩ හිඳ මහණෙනි, මොතොමෝ පති දේවතා කොට විසුවේ දැන් මතු නොවෙයි. පෙරත්

මෙලෙසම විසුවා වේදැයි ඉකුත් වත වදාළ සේක.

 

බරණැස බඹදත් රජ තමාගේ පුත් සොත්‍ථිසේන රජකුමරුවි වැඩිවිය පැමිණි කල්හි යුවරජ තතනතුරෙහි පිහිටුවා ඉතා රූපත් සම්බුලා නම් රාජකුමාරිකාව ඔහුට අගමෙහෙසුන් කොට පාවා දුන්නේය. කල් යාමකින් සොත්‍ථිසේන යුවරජ හට අසාධ්‍ය වූ කුෂ්ට රෝගයක් ඇති වූයේය. කරන ලද පිළියම් වලින් ගුණයක් නොවුයේ ශරිරය පැලි පැලී දිය බසින්නට වන. එකල්හි අනුන්ට පිළිකුල් වූ මේ වාධියෙන් පෙළෙන මට රාජ්‍යයෙන් කම් නැත. වලට වැද අසරණ ව මිය යාම යහපතැයි පිය රජ්ජුරුවන්ට දන්වා සියළු සම්පත් හැරදමා සිය කැමැත්තෙන් ආ සම්බුලාවද කැටුව වනගතව රම්‍ය භූමි ප්‍රදේශයෙක්හි පන්සලක් කොට වාසය කලාහ. සම්බුලා බිසවද දිනපතා අත්පා මෙහෙවර කිරීමෙන් ද උනුපැන් සිසිල් පැන් සපයාදී මිහිරි පලාඵල ගෙන වළඳවමින්ද සුරතල් බසින් සිත් සනසවිමින්ද ස්වාමි පුත්‍රයාට උපස්ථාන කරන්නීය. මෙසේ දවසරින කුමාරිකාව දිනක් ඵලාඵල නොලාගෙන එන්නී අතරමග සිත්කලු දියරැළියක් දැක ඉස තුබු පැස තබා ස්නානය කොට ගොඩ නැඟී වල්කැල ඇඳගෙන සිටියාය. ඇගේ ශෝභවෙන් වන ලැහැබ ඒකාලෝක වූවාය. එකල දානව රාක්ෂයෙක් අහසින් යන්නේ ඇගේ ශරිර ශොභාය දැක ඈ පිළිබඳ සිත් ඇති මෙසේ කීය. මනා රූපත් ස්ත්‍රිය, තිගේ නාමගොත්‍රය කුමක්ද? මේ වනය හාත්පස බබුලුවමින් සිටින තිට නමස්කාර කරමි. තී කවරෙක්දැයි විචාළේය. බරණැස් රජුගේ සොත්ථිසේන නම් පුතුණූ කෙනෙක් ඇත. ඔහුගේ භාර්ය්‍යාව සම්බුලාව මම වෙමි. අසාධ්‍ය රෝගයකින් පීඩිතව වනරැතව මේ වනයේ පන්සලක වසන ඔහුට පලාපලයන් සහ සතුන් කා දමන මස් ගෙනවුත් දීමෙන් ද අත්පා මෙහෙවර කිරීමෙන්ද පෝෂ්‍ය කරමි. අද මා පලවැල ගෙන නොගිය කල්හී කිසිවක් නොලදින් හුණු වැල්ලේ කඩාහෙලු පත්මයන් ලෙසින් මලානිකව යන්නේයයි බිසව රාක්ෂයාට කීය. රාක්ෂයා ඒ බසට කියනුයේ රෝගීයෙක් වනයෙහි අසරණව ඉන්නා ඔහුලෙන් තීට ඇති පලය කිම්ද? මාගේ මේ විමානයෙහි සියලු සම්පත් පිරී ඇත. සියගණන් දිවනළුවන් පිරී ඇත. මාගේ අන්තඃපුර ස්ත්‍රීන්ට අගමෙහෙසුන් කෙට තබමි. මෙතැන් පටන් රෝගීයා කෙරෙහි නොසිතව, මම තීට ස්වාමියා වෙමියි. කීයේය. එකල සම්බුලාවෝ කියන්නී රාක්ෂය මාගේ ස්වාමියාගේ රෝගය ගැන සිතා කල්යවමි. වල්කැලෑ ඇඳිමෙන් නපුරු තුනපහස ඇති මා කවර හෙයින් රූපක්යයි කියයිද? මනා රූපත් සිඬාඬගනාවන් දිව්‍ය ස්ත්‍රීන් හා නාග කන්‍යාවෝ මේ වනයෙහි සංචාරය කරන්නාහ. ඔවුන් අතරෙන් තට පියවූ ස්ත්‍රියක් තබායනුව මාගෙන් තට ප්‍රයෝජන කිම්ද? මෙසේ කී කල්හි ඇගේ රූපයට වසඟවූ රාක්ෂයා නොයෙක් ලෙසින් කියාත් තමා වසඟයට ගත නොහැක්කේ තී බලහත්කාරයෙන් මාගේ විමානයට ගෙන යමි. මා සමඟ වාසයට අකමැති වනයෙහි නම් තී මට ගොදුරු වන්නේ වන්නේයයි කියා එක්වරම පැන අසරණව සිටි ඒ රජදුවගේ අත අල්වා ගත්තේය.

සතුරාගේ වසඟයට පත්වී සිටින බිසව තම ස්වාමියා ගැන ම සිතා හඬන්නී“මේ අන් පුරුෂයෙක් හා සමඟ ලෝකෂ්වාද රතියෙහි යෙදී සිටියේ යයි රජතුමා සිතනසේක් වීනම් ඊට වඩා මට දුකෙක් නැතැයි” හඬා වැලප දෑත් අහසට දිගුකොට ලොකපාල දෙවියන්ට අඬගා කියන්නී අද ලෝකපාල දෙවි කෙනෙක් ලොව නැත්තාහ. මේ ලෝක පාල දෙවි කෙනෙක් ඇත්තනම් “මාගේ ස්වාමියාගේ හැර රාග විනයෙන් අන් පුරුෂයෙකු මුහුණ නොබැලු ප්‍රාණඝාතයක් නොකළ මුසාවාදයෙන් වැලකී පතිවත ගකී මා වැනියකට මේ රාක්ෂයා කරන දුරාචාරය නොවළකා බලා හිඳිහුද? ලෝකපාල ශබ්දය විනා ඒකාන්ත දෙවි කෙනෙක් මෙලොව නැතැ යි මුරගා දේවතාවන්ට යැදියාය. ඇගේ ශිලානුභාවයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙහි ආනුභාවයෙන් සක්දෙවි රජුගේ පඩුපුල් අස්න හුණු වී මේ කාරණය නුවණැසින් දැක ඒ ක්ෂණයෙහි චජ්‍රායුධය හැරගෙන බියකරු වේශයක් මවාගෙන රාක්ෂයාගේ අග බිසව පැමිණ“එම්බල රාක්ෂය, ස්ත්‍රීන් කෙරෙන් උතුම් ගුණ ඇති බොහෝ යසස් පිරිවර ඇති ප්‍රතිඡෘතා ධර්මය මැනවින් රැකි මේ රජදුව අතහැරව, තා මේ රජදුව සමඟ අසඬර්මයෙහි යෙදුනේවි නම් වේවයි ගොදුරු කොට අනුභව කෙළේවි නම් වේවයයි මේ චජ්‍රායුධයෙන් තාගේ හිස සත් කඩක් කොට පලාපිය මියි භය ගන්වා කීයේය.එබසින් තැති ගත් රාක්ෂයා බිසවුන් අතහැර බලාගෙණ සිටියේය. එවෙලෙහි සක්දෙවි රජ නැවතත් මේ රාක්ෂයා, මෙබද්දක් කළේ වීනම් නපුරැයි, මතු නොඑන පරිද්දෙන් තුන්වන පර්වතය ඇතුළෙහි දමා ඉක්බිති සම්බුලාවන්ට අප්‍රමාදව පතිවෘතාධර්මය පුරවයි අවවාද දී දිව්‍ය ලෝකයට ගියේය. සම්බුලාව ද ඉර අවරට ගිය කල්හි සඳ පහන් ආලෝකයෙන් පන්සලට එන්නීය. රජ්ජුරුවෝද ඈ එන ශබ්දය අසා මෝ අන්‍ය පුරුෂයකු සමඟ විත් මා මරප ුනම් නපුරැයි සිතා සැඟවි සිටියේය. පන්සලය පැමිණි ඇය තමගේ ස්වාමියා නොදැක මහත් ශෝකයෙන් අඬ අඬා මුරගා ඒ අවට ඇවිදිනි මේ වනයෙහි සිව්පා සතෙක් ඇත්ද දේවතා කෙනෙක් ඇත්ද ඔහු මාගේ ස්වාමියා වහා පෙන්නත්වා, ඔහුන්ට මාගේ නමස්කාරය කරමි. ඔහුන් සරණයෙමි.

පර්වත ගිරි ගුහා වල වාසය කරන දේවතා කෙනෙක් ඇත්නම් සොත්‍ථිසේන රජු වහාම ඇස දක්වව, මෙසේ කුමාරිකාව ලය පැලී යන තරම් ශෝකයෙන් අඬමින් වැලපෙමින් දෙවියන් වැඳ වැඳා බැගෑපත්ව අඪන බිසවුන් දැක සොත්‍ථිසේන නම් වූ රජ්ජුරුවෝ සිතන්නාහු මේ බිසව අතිශයින් බැගෑපත්ව අඪන්නීය. මම මෙතන නියාව නොඇඟවිනම් ශෝකයෙන් ලය පැලී යන්නේය. ඇගේ අදහස දනිමියි සිතාගොස් පන්සල දොරකඩ උන්නේය. ඈ ස්වාමියා දැක දෙපයේ හිස තබා ගෙන දේවයන් වහන්ස මෙතෙක් වේලා මා අඬමින් සිටියදී ප්‍රිය තෙපුලක් නොකියා ඉන්ට මා කළ වරද කිම් දැයි විචාළීය. එම්බා සොඳුර තෙපි කිසි දිනක මේ වේලාවට නොආවාය. අද වූකලී පැමිණියේ බොහෝ රෑබෝවීය. එකාන්තයෙන් අද අන්‍ය සම්භන්ධයක් ඇතිව පසු වූ බැව් පෙනේ. මට වඩා තෙපට ප්‍රියයෝ කවරහුද කියව, මෙසේ රජු විචාළ කල්හි බිසව තමාට වනයේ වූ ගැහැට කියා ශක්‍රයා නිසා ජීවිත දානය ලැබ මාගේ ජීවිතයටත් වඩා ප්‍රියව සිටි නුඹ වහන්සේ ලදිමියි කී කල රජ්ජුරුවෝ කියන්නාහු එම්බා සොඳුර ගැහැනුන් කෙරෙහි සත්‍ය බසෙක්නම් කොහින්ද? එය අහසට පොලොව මෙන්ම මුහුදෙහි එතෙර මෙතෙර මෙන්ද දුර වන්නේය. හිමාල වන ප්‍රදේහයෙහි වල් වැද්දන් තාපස වරුන් හා සිඬවිද්‍යාධරයින් ගැවසෙන්නාහ. එබැවින් මෙය කෙසේ අදම්හද? මොහොතින් මොහොත නොයෙක් සිතිවිලි සිතන බොහෝ නුවණැති ස්ත්‍රීන් කෙරෙහිත් සත්‍ය බසෙක් නැත්තේමය. මෙසේ කී කල්හි සම්බුලාව සත්‍යක්‍රියා කරන්නේ ස්වාමිනි නුඹ වහන්සේ මා කී වචනය නොවදහන කෙනෙක් වේ නම් මාගේ සත්‍යක්‍රියා බලයෙන් නුඹ වහන්සේට පිළියම් කරමියි කියා පැන් කලයක් ගෙන මා මෙතෙක් කීයේ සත්‍ය බසෙක්මය. ඒ සත්‍ය වචනයේ බලයෙන් පඤ්චවෛද්‍යකුලයා විසින්ම පිළියම් කළ නුහුණු මේ අසාධ්‍ය රෝගය වහාම ගුණ වේවායි සිතා පැන් කලය රජුගේ ඉස් මුදුනෙහි නැමුවාය. ඇගේ සත්‍යක්‍රියා බලයෙන් හා ප්‍රතිවෘතාධර්මයෙන් ආනුභාවයෙන් ඒ මෙහොතෙහිම ඇඹුල් ගා සෝදන ලද තඹ මලක් මෙන් රජුගේ රෝගය සන්සිදුනේය. රජතුමා ඉතා ප්‍රිතායට පත්ව කීප දිනකින් බරණැසට ගොස් මඟුල් උයනට වැදවුන් කල්හි පිය රජ්ජුරුවෝ උන් ආ නියාව අසා මඟුල් කොට ගෙන්වා රාජ්‍යාය් අභිශෙක කොට තුමු මඟුල් උයනට වැද තවුස් වෙස් ගෙන වසන්නාහු නිතර රජගෙන් වළදන්නාහ. සොත්‍ථීසේන රජ්ජුරුවෝ තමන් හා එක්ව දුක් ගෙන ඇවිදි සම්බුලාවන්ට අගමෙහෙසුන් තනතුර පමණක් දී සෙසු කිසි වෘත්තියක් නොදුන්නාහ. තවද බිසව ගැන නොසලකා සෙසු ස්ත්‍රින් සමඟ අභිරමණය කොට ඇවිදින්නාහ. මේ හේතුවෙන් කල් කිරුණු සම්බුලාවො දිනෙන් දිනම දුර්වල භාවයට පත්වූහ. දිනක් රජගෙට දන්වැළදීමට පැමිණි තාපසයෝ ඈ දැක දුර්වලවූ කාරණා විචාරන්නා වු රාජ කුමාරිකාවෙනි තොප වනයේ වාසය කොට ආ අවධියෙහි රූපශ්‍රියෙන් ඉතා යහපත දැන් මේ රාජ්‍යයට පැමිණ කවර හෙයින් සුදුමැලි ශරිර ඇති ව දුර්වල ගියාද? මට කියවයි කීහ. කුමාරිකකාවන් කියන්නේ තාපසයක් වහන්ස ඔබගේ පුත්‍රයා මා ස්වාමියා පෙර සේ මා කෙරෙහි ඇදහිලි නැත්තේ සිත්කලු න් ස්ත්‍රින් කෙරෙහිම ඇලි වසන සේක. මා කෙරහි නොසිතන සේක.

වනයේ දී මාකළ උවටැන් සිහිවන්නේය. ඔහුට එය සිහි නොවන්ෙය. මට වනය මීට වඩා වටින්නේය. කෙතරම් සැප ඇතත් ස්වාමියා අප්‍රිය නම් සියළු සැපත් හැර මියයාම ඉතා මැනවි, දුක්ඛිත පුරුෂයෙක් තමාගේ භාය්‍ය:වට හිතවත් නම් මෙබඳු රාජ්‍ය සැපතකට වඩා ඒ බෑගෑපත් බවම ස්ත්‍රියකට උතුම් වන්නේයයි තාපසයන්ට තමා දුර්වල වීමට හේතුව කී කල්හි තාපසයො තම පුත්‍ර සොත්‍ථිසේන රජ්ජුරුවන්ගෙන් ලඟට කැඳවාඑම්බා පුත්‍රයෙනි, තොප රෝගයෙන් පීඩීත වූ කලී තොප අත් නොහැර වලට ගොස් උවටැන් කොට තම සත්‍යක්‍රියා බලයෙන් රෝගය සුව කොට රාජ්‍යය කරන ලෙස සැපතෙහි පිහිටුවා තොපට උපකාරීව සිටි බිසවුන් උන්හිටි තැන් පමණකුත් නොවිචාරා තොප කළ සේ ඉතා අයහපත්ය. මිත්‍රදෝහී කම බරපතල වරදක්ම වන්නේය. ස්ත්‍රීන් කෙරෙහි ස්වාමියාට පක්ස කෙනෙක් සොයා ගැන්ම දුෂ්කරය. ඈ ඉතා විඹ්වාසීය. ඈ කෙරෙහි සත් පුරුෂව බොහෝ කාලයක් සැපසේ වසවයි උවවාද දී පන්සලටම ගියහ. ප්‍රිය රජ්ජුරුවන් ගිය ගක්හි තම අග මෙහෙසිය කැඳවා කියන්නාහු එම්බා සොඳුර, තොපට වඩා මට උපකාරි කෙනෙක් නැත. මෙතෙක් කල් මා නොකළ වරදට ක්ෂමා කරවි, මෙතැන් පටන් මේ සියළු සැපත් සහ රාජයන් තොපට දෙමියි රාජ්‍යය බිසවුන්ට පාවාදී බිසවුන් සමඟ ඉතා ප්‍රිතියෙන් ධානාදී වූ සුචරිතයන් කොට කම් වූ පරිදි මිය පරලොව ගියහ. එකල්හි සම්බුලාවෝ නම් මේ මල්ලිකා දේවිය වන්නාහ. කොසොල් රජ්ජුරුවෝ එකල සොත්‍ථිසේන රජු විය. උයනේ තපස් කල පිය රජ්ජුරුවෝ නම් දැන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේය.