501 සම්භව ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි වෘනද්‍රාරකවෘන්‍ද වන්දනීය වරණාරවීන්‍ද ඇති සුඬාචාර සුඬානතඃ කරණ සුඬොදන නන්දන ශ්‍රී සමනතභද්‍ර අප බුදුරජාණන් වහන්සේ විවිධ ගුණ ගණාධාර තපොධනාධිවාස ජෙතවනාරාමයෙහි සතර ආය්‍ර්‍යබ්‍රහමවිහරණයෙන් දවස් යවමින් වැඩවසන සේක්. ශ්‍රවණරමනීය වූ මේ සමභව ජාතකය තමන් වහන්සේගේ ආසාධාරණ ප්‍රඥා පාරමිතාව අරභයා වදාල සේක. එහි වර්තමාන කථාව මහා උම්මග්ග ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය.

යටගිය දවස කුරුරට ඉදිපත්නුවර ධනඤජයකොරව්‍ය නම් රජෙක් දස රාජ දහමින් රාජ්‍යය කරන්නේය. ඒ රජගහ සුචීරතර නම් පුරෝහිත බ්‍රාහ්මණයෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේය. දාන සීලාදී කුශලයෙහි යෙදෙන ඒ රජතෙම එක් දවසක් ධර්‍මම යාග නම් ප්‍රශ්නයක් කල්පනා කොට සුචීරතනම් බමුණානන් අස්නෙක්හි හිඳුවා ප්‍රශ්නය විචාරණුයේ මෙලෙස කියා ආචාරීනි මේ සත්යොදුන් පමණ ඉදිපත් නුවරෙහිද තුන්සියයක් යොදුන් පමණ කුරුරටෙහි ද ඇති සියළු ඓශචය්‍ර්‍යයට පැමිණියෙමි. මෙබඳු ඉසුරෙහි සිටත් තව ගම් නියම්ගම් රාජධානි සෑදුනු දසදහසක් යොදුන් දඹදිව එක්සත් කොට රජභරණ ලොභයෙන් දික් විජය කරන්නා කැමැත්තෙමි. ඒ තමාත් ධර්මයෙන් මුත් අධර්මයෙන් දිනනු නොකැමැත්තෙමි. එබැවින් අනින්‍දිතවූ නොනස්නා ධර්මය රැස්කරුණු කැමැති මම යම් කටයුත්තකින් මෙලොවින් නින්දා නොඅසම්ද, අයසකට නොපැමිණෙම්ද, එසේ අර්ථ ධර්ම දෙකම සිඬ කරුණු කැමැත්තෙමි, මෙසේ සිඬ කිරීමෙන් නරකාදියෙහි නීපද දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි ඓශචය්‍ර්‍යයට පැමිණ සැපවිඳීමට කාරණා වූ ධර්මය ද ඔහුගේ විපාකමය වූ අත්‍ර්‍ථයදැයි මේ දෙකට කාරණා කවරේදැයි විචාරමි. විචාළාවූ මට කිව මැනවැයි කියා බ්‍රාහ්මණයා අතින් ධර්මයාග ප්‍රහ්නය විචාලේය. මේ ප්‍රශ්නය තෙමේත් ඉතා ගැඹුරුය. බුදුනුවනටම ගොදුරුය. එබැවින් ලොව්තුරා බුදුකෙණෙකුන්ගෙන් හෝ විචාළ යුතුය නොහොත් බෝධිසත්ත්ව කෙනෙකුන්ගෙන් හෝ විචාළ යුතුය. මෙසේ ගම්භීරාර්‍ථයෙන් යුක්ත වූ ප්‍රශ්නය සූචීරත නම් පුරෝහිත බමුණුතෙම කෙසේනම් විසඳන්ට සමත් වේද එතකුදුවුවත් පණ්ඩිත මානයක් නොකොට අපවැනි නුමුකළ නුවණෙහි සිටි කෙණෙකුන් විසින් කියහැක්කේ නොවෙයි. ඉඳින් මෙපැනය විසඳන්නේනම් ගණඅඳුරෙහි දිලිසෙන ගිනිකඳක් මෙන් නුවණින් දිලිසෙන විධුර පණ්ඩිතයෝ නසනෝය. අපට වූකලී අඳුරු ගබඩාවකටවත් කලක් පරිද්දෙන් මේ පැනයෙහි අගෙක් මුලෙක් නොපෙණෙන්නේය. බරණැස් රජ්ජුරුවන්ට පුරෝහිත ධූරයෙහි සිටි විධුර පණ්ඩිතයෝම නිස්සෝයි දෙවෙනිවත් දැන්වූයේය. එබස් ඇසූ රජතෙම එසේකල ආචාරීන් තෙසු කෙණෙකුන් යවා ප්‍රයෝජන නැත්තේය, තෙපිම ගොසන් ඒ විධුර පණ්ඩිතයන්ට ආරාධනා කොට මේ ධර්මයාග ප්‍රශ්නය විචාරා ඔවුන් විසින් අර්ථය නම් මෙය දැහැමෙන් වර්ධනය කරන්නේය. මෙලෙසය ධර්මය නම් මේය ඒ නොනසා පවත්නේය.

මෙලෙසය යන කාරණා විසඳා ප්‍රශ්න විසර්ජනය කළ කල්හි මේ පසළොස්දහසක් පමණ ජාමොබානද ස්වර්ණයෙන් ධර්මයට පූජාකරවයි කියා විධාන කොට පඬුරුත් දී මාර්‍ගොපකරණත් සමුර්‍ඬකොට යන පරිද්දෙන් කියා විධුර පණ්ඩිතයන් ප්‍රශ්න විසඳු පරිදි ලියා ගෙනෙන පිණිස ලක්‍ෂයක් වටිනා රන්පතක් කරවාද නැගෙන පිණිස වාහනයකුත් පරිවාර ජනයන් සේවාවන් සලසා පඬුරු පාක්කුඩමුත්දී එකෙණෙහිම යැවූයේය. ආචාරී ද ඉඳිපත් නුවරින් නික්ම ඉඳුරා බරණැස් නුවර බලා ගොසින් යමතැණෙක්හි නුවණින් ප්‍රසිද්ධව පණ්ඩිතවරහු වෙසෙද්ද ඒ ගම්නියම්ගම් රාජධානි විමසමින් ක්‍රමයෙන් දඹදිව මුලුල්ලම විමසමින් කියතැනකත් මේ ප්‍රශ්නය විසඳන පණ්ඩිත කෙනෙකුන් නොදැක අනුක්‍රමයෙන් බරණැස් නුවරට ගොස් එක් තෙනක්හි ලැඟුම් ගෙන පාන්වූ කල්හි සියළු පිරිවර හැර කීපදෙනෙකු හා සමඟ දහවල් බතට විධුර පණ්ඩිතයන්ගේ දොරට ගොස් තමන් ආනියාව කියාවූහ. ඔවුන්ගෙන් අවසරලදීන් ගෙටවැද අනුන්ගේ ඉඟිතාකාර දැනීමෙහි දක්ෂ වූ භාරචාජ ගොත්‍ර ඇති සුවිරතන නම් පුරෝහිත බ්‍රාහ්මණතෙම බත්කමින් විධුර පණ්ඩිතයන් දුටුයේය. ඔහු දෙන්නම එක ආචාරීන් කෙරෙහි ශිල්ප ඉගෙන එක්කම වැඩියාහ. එබැවින් එක්ව ඉඳ බත් අනුභව කොට ඉක්බිති සැපසේ ඉඳ කථාකරනුයේ කුමක්පිණිස අවුද ආචාරීනි විචාළේය. ආ කාරණය කියන සුචීරත නම් බ්‍රාහ්මණතෙම මෙලෙස කියා සබඳ විධුර පණ්ඩිතයෙනි එක් දවසක් අපෙග් කොරව්‍ය රජ්ජුරුවෝ මා අතින් ධර්මයාගය නම් ප්‍රශ්නයක් විචාළසේක. මම එහි අර්ථ නොදැන බරණැස්නුවර රජ්ජුරුවන්ගේ පුරෝහිත ධුරයෙහි පිහිටි විධුර පණ්ඩිතයන් විනා මේ පැනය විසඳිය කෙනෙක් නැතැයි කීමි. එබස් අසා රජතෙම කියනුයේ ආචාරීනි තෙපම ගොස් මේ පැනයෙහි අර්ථ විචාරවයි කියා සේනාවාහනත් පඬුරුත් පාක්කූඩමුත් දී එවූයේය. එබැවින් මේ ප්‍රශ්නය විසඳුව මැනවැයි කීයේය. එවේලාවට බමුණුතෙම මහජනයා සිත්ගෙන අධිකරණ විචාරන්නේ මෝහට පැන විසඳීමේ දී අවසරයක් නැත, හෙතෙම ඊට කාරණා මෙලෙසින් කියන්නේය. බ්‍රාහ්මණයෙනි මහජනයාගේ නොයෙක් සිත් නැමැති ගංගාවන් එකගුණ කරනුයෙම්යු වසඟ කෙරෙමියි, එසේහෙයින් ඔවුන් සිත් නැමැති ගංගාවන්ට සමුද්‍රය සේ නොවී සිටිය නොහෙමි, එබැවින් අවසරයක් නැතිව ඒකග්‍රතාවයක් නැතිව කෙසේනම් මේ ප්‍රශ්නය විසඳම්දැයි මෙලෙසින් කියා එතකුඳු වුවත් මාගේ පුතණුවෝ පණ්ඩිතයහ. වියත්හ. බහුශෘතහ. මට වඩා නුවණැත්තාහ. ඔවුන් සමීපයට ගොස් පිළිවිසුවයි ඔහු යවනුයේ මෙලෙසෙ කීයේය. මාගේ ඖරස පුත්‍රඕ භද්‍ර කනම් පුතනු කෙනෙක් ඇත ඔවුන් සමීපයට ගොස් විචාරව, මා පුතණුවෝද තොප විචාල අර්ථ ධර්ම දෙක කියති යවයි කීයේය. එබස් අසා සුචීරත නම් බ්‍රාහ්මණ තෙම විදුර පණ්ඩිතයන්ගේ ප්‍රසාදයෙන් නික්ම භ-්‍රකනම් මානවකයා පෙරවරු බත් අනුභව කොට තමාගේ පෂීත් මධ්‍යයෙහි සකලෛශවය්‍ර්‍යයෙන් පිනමින් හුන් තැනට ගොස් ඔහු විසින් කරන ලද සත්කාර සම්මාන ඇතිව හිඳ පිළසඳර කතා කොට කුමක් නිසා වුවද ආචාරිනී විචාළකල්හි සුචිරත නම් පුරෝහිත තෙම කියනුයේ භද්‍රක මානවකයානෙනි තොපගේ පියාණන් විධුර පණ්ඩිතයන් සමීපයට ප්‍රශ්නයක් විචාරනු පිණිස අපගේ රජ්ජුරුවන් වහන්සේගේ නියෝගයෙන් ඉදිපත් නුවර ආම්, ඒ විධුර පණ්ඩිතයෝ තමන් බොහෝ යුක්ති විචාරන හෙයින් තොපගේ නුවණ ගුණ වර්ණනා කොට තොප සමීපයට එවු හෙයින් ප්‍රශ්න විචාරන්නට ආමි කීයේය.

ඉක්බිති භද්‍රක නම් මානවකතෙම කියනුයේ සැබව ආචාරිනී තෙර එසේම තියුණු සිතිවිලි ඇත්තෙමි දැන් වනාහි පරදාර කිරීමෙහි සිත් බැඳී ගොස් අන් කිසි කාය්‍ර්‍යයෙක්හි නොයදී සිත බිය වුව තිබෙන හෙයින් තොපගේ ප්‍රශ්න විසඳිය නොහෙමි, එසේ වුවත් මාගේ මළනුවෝ සංජය කුමාරයෝ මේ ප්‍රශ්නය පමණක් විසඳා කියා ලති උන් සමීපයට යවයි කියා තවද සුචීරත නම් බ්‍රාහ්මණයාණෙනි යම්සේ පුරුෂයෙක් යහපත් මුවමස් කඳක් ගෙන යනුයේ අතර මග ගොයෙකු දැක මස් කඳ දමා මහත් වේගයෙන් ගොයා ලුහුබැඳ යන්නේද එපරිද්දෙන්ම මාගේ ගෙයි මාගේම වසයෙහි පවත්නා ප්‍රියවූ බිරන්ඳ ඉන්දීත් අනුන්ගේ රක්‍ෂිත ගොපිත පරස්ත්‍රීන් අනුබැඳ ඇවිදිමි, එබැවින් අර්ථය ද ධර්මය ද විසඳා කියන්නට නොපොහොසත්මි, මාගේ මයිලනුවන් සමීපයට ගොස් විචාරවයි කීයේය. එකෙනෙහි පුරෝහිත බමුණු සංජය නම් මානවකයාගේ ගෙට ගොස් ඔවුන් විසින් කරන ලද සත්කාර සම්මාන ඇතියේ පිළිසඳර කථා කොට මදක් උන්නේය සංජය මානවකය ද කුමක් නිසා අවුද ආචාරිනී යි විචාළේය. එකල්හි සුචීරත නම් පුරෝහිත තෙම ඉඳිපත් නුවර සිට කොරව්‍ය රජ්ජුරුවන්ගේ නියෝගයෙන් ප්‍රශ්නයක් පුළුවුස්නා පිණිස බරණැසට අවුත් විධුර පණ්ඩිතයන් අතින් විචාළ නියාවද උන්ගේ කියමනින් දෙවෙනිව භද්‍රක නම් මානවකයා කරා ආනියාවද ඔවුන් විසින් තොප සමීපයට එවූ විසින්ආමියි යනාදීන් ආ කාරණා කීයේය ඒ සංජය කුමාරයන් එකල්හි පරදාරය කොට ඇවිදිනේය, එබැවින් ඒ මානවක ද කියනුයේ ආචාරිනී මමත් පරදාර සේවනය කොටම ඇවිදිමි, ස්ත්‍රීධූර්‍තකම් කරන්නේ මුත් ගඟක් පීනා එගොඩව පරස්ත්‍රී සම්පර්‍කය කොට එමි, එසේ උදෑසන සවස දැති මෝරු කිඹුලන්ගේ ගැවසීගත් ගඟ පිහිනීම මරහු ගලන්නාහු වැන්නෙමි, එබැවින් මාගේ සිත වියවුල්ව ප්‍රශ්නය තොපට විසඳා කියන්ට නොහැක්කේ, එසේද වුවත් සම්භව කුමාර නම් වූ මාගේ සත් හැවිරිදි මළනුවෝ අප ඇමට සත්ගුණයෙන් සහස්‍ර ගුණයෙන් නුවණින් අග්‍රයෝය. එසේ හෙයින් උන් ළඟට ගොස් විචාරා ගනුවයි කියා උදෑසන සවස මරහු ගලවන හෙයින් මේ ප්‍රශ්නය කියා ගත නෙහෙමි, මාගේ මළනුවන් සමීපයට ගොස් විචාරවයි කීයේය. එබස් අසා සුචීරත නම් පුරෝහිත බමුණු කියන්නේ තොපගේ පියාණන් ඇතුළු වූ තුන්දෙනාම කියා ගත නුහුණු ප්‍රශ්නය මෙවිට කටින් කිරි නොහල බාලදරුවෝ කියා පියද්ද, මේ වනාහි තොපවැන්නවුන් කියාලිය හැකි දෙයක් නොවෙයි, ඉතා ගැඹුරුය, සූක්‍ෂමය, කියාලීම, ආශචය්‍ර්‍ය, එබැවින් කියාගත නොහෙම්මැයි නොකියා නිකම් දෙඩීමෙන් කම්කිම්ද, බැන නොනැගී වැදහිඳූවයි කීයේය, එබස් අසා සංජය කුමාරතෙම ආචාරිණී සමභව කුමාරයන් ළදරු බාලයයි නොසිතව, ඉඳින් ප්‍රශ්නය සැක හැරගන්නා කැමැත්තා නම් මාගේ මලනුවන් සම්භව කුමාරයන් සමීපයට යවයි කියා ඔවුන්ගේ නුවණට ප්‍රශංසා කරනුයේ මෙලෙසින් කියා සුචිරත නම් පුරෝහිතයානෙනි යම් සේ උදාගිරි මුදුනෙන් අහස් කුසටවන් සඳමඬල තරුපතර සිරිපරයා දසදිගුන් හොබනේද, එපරිද්දෙන් මාගේ මලනුවෝ සම්භව කුමාරයෝ නුවණසිරින් බබලනුයේ මෙලොව ඇති සියලු නුවණැත්තන් මැඩ පවතිති, එබැවින් මහත් උත්තමයෝ බාලයෝ වීනමුත් අනාදර කටයුත්තෝ නොවෙති දැන ගොසින් අර්ථ ධර්මදෙන දැහැමෙන් උපදෙවනක්‍රම විචාරාගණුව ආචාරීනි කියා, තවද මත්තෙහි මොහු ගුණවණනුයේ පුරෝහිතයානෙනි යම්සේ සෘතූන් සදෙනා කෙරෙන් වසන්ත කාලය තෙම මල් පල්ලෙන් සැරහි සිටි කල්හි වර්ෂා කාලයටත් වඩා බබලන්නේද, එපරිද්දෙන්ම සමභව කුමාරයෝ ලොව ඇති තෙසු නුවණැත්තන්ටත් වඩා තුමූම බබලති-තවද ආචාරීණී යම්සේ හිමාලයෙහි ප්‍රතිසුගන්ධයන් දරණ ගන්ධමාදන පර්වතයතෙම නොයෙක් කුළුපහරින් ගැවසූනේය, නොයෙක් සිඬවිද්‍යාධරයන්ට වාසස්ථාන වූයේය, නොයෙක් දිව්‍ය ඖෂධයෙන් රෑරඟ රුකින් සැදුම්ලැබ දසදිගුන් සුවඳ කෙරෙමින් බබලන්නේය. එපරිද්දෙන් සම්භව කුමාරයෝ නුවනින් බබලන්නේය.

තවද මෙසේ රාත්‍රියෙහි ඝනාන්‍ධකාරයෙහි පර්වත මුදුනෙහි දිලිහෙන ගිණිකදක්මෙන් නුවණින් දිලිහෙන සමභව කුමාරයන් බාලයහයි නොසිතා ගොසින් ප්‍රශ්නය විචාරගණුව, තවද ආචාරීණී බාලවූ අජානීය සවින්‍ධයා ජවයෙන්ම දැන ගත්තාහ, ශරීරමාංසයෙන් දැන ගන්නෝ නොවෙති, වෘෂභරාජයා ද භාරොද්වාහනයෙන්ම දනිති, ආකාරයෙන් දැනගත හැක්කේ නොවෙයි. ධෙනුබුරුල්ල දුටුපමණකින් දන්නාහු නොවෙති, කිරිදෙව බැලීමෙන් දන්නාහ, එපරිද්දෙන්ම නුවණැත්තවුන් කථා කිරීමත් නුවණ විමසීමෙන් දැන ගන්නාහ. උස මහත සැටියෙන් දැන ගන්නාහු නොවෙති, එසේ හෙයින් මාගේ මළනුවන් බිළිඳුයයි නොසිතා ගොසින් ප්‍රශ්න විචාරා උන්ගේ නුවණ තොරතුරු දනුවයි කියා මෙලෙසින් සම්භව කුමාරයන්ගේ නුවණ වර්ණනා කරත් කරත්ම වන්නාට ගොසින් විචාරා සාමත්‍ර්‍ථ්‍යය දතහැක්කේවේද, ඒ තොපගේ බාල මළනුවෝ කොයිදැයි විචාළේය. ඉක්බිති සංජය මානවකතෙම ප්‍රාසාදයෙහි සිව්මැදුරු කවුළුව හැර අතදිගු කොට බමුණානෙනි මේ ප්‍රාසාදයට ඉදිරි වීථියෙහි සමවයසැති කුමරුන් හා සමඟ කෙළනා ජාමෙබානද ස්වර්ණයට බඳුවූ ඡවිවර්‍ණ ඇති කුමරුවා නම් මාගේ මළනුවෝය, තොපි ඔහු බාලයයි නොසිතා ගොසින් සැක විචාරව, එතෙම සර්‍වඥවිලාසයෙන් කියන්නේ යයි දැක්වූයේය. සුචීරත නම් බ්‍රාහමණතෙම සංජය කුමාරයන් බස් අසා ප්‍රාසාදයෙන් බැස කුමාරයන් සමීපයට ගියේය. එවේලාවට සම්භව කුමාරතෙම ඉනතිබූ කඩ කරට දමාගෙන වැලිදෝතක් අතින් ගෙන සිටියේය. සුචීරත නම් පුරෝහිත බමුණෝත් සමීපයට ගොසින් සිටියාහ. ඔහු ඇවිදින් ඉදිරියෙහි සිටියාහු දැක උත්තමයානෙනි කුමක් නිසා ආ කෙණෙකුදැයි විචාරා සිටිකල්හි සුචීරත තෙම කියනුයේ පුත සම්භව කුමාරයෙනි මම මුලු දඹදිවෙහි පැනයක් විචාරණු පිණිස ගම් නියම්ගම් රාජධානියෙහි ඇවිදිනෙම් මා විචාළ ප්‍රශ්නය විසඳන්ට සමත්‍ර්‍ථයක්හු නැති හෙයින් තොපි සමීපයට ආමි කීකල්හි කුමරතෙම සිතනුයේ - මුළු දඹදිවෙහි නුවණැත්තවුන් විසින් කියාගත නුහුනු ප්‍රශ්නයක් විචාරණු මා සමීපයට ආහ, එබැවින් මම නුවනින් වැඩිමහල්ලෙමි හිරිඔතප් උපදවාගෙන අත තුබූ වැලි දමාගත් කඩ හැඳ, විචාරව බ්‍රහමණයානෙනි බුද්ධිවිලාසයෙන් මම ඒ ප්‍රශ්නය විසඳමි, සර්වඥ ප්‍රචාරණයෙන් පැවරූහ. එසඳ පුරෝහිත බමුණුතෙම ඉඳිපත් නුවරින් පිටත්වූ තැන් පටන් දඹදිව ඇවිද නියාවද, සබඳ බරණැස් නුවරට ඇවිත් විධුර පණ්ඩිතයන් හා භද්‍රකාරනම් මානවකයා හා සංජය මානවකයන් අතින් විචාළතෙන ඔවුන් කියාගතනොහී තොපලඟට එවූ හෙයින් ආමි ප්‍රශ්නය විසඳවයි ආරාධනා කෙළේය. ඔහු විසිනුත් තමන්ගේ රජ්ජුරුවන් කියාලු පරිද්දෙන් ප්‍රශ්නය කීකල්හි අහස් මැද පුන්සඳ මඬලක් මෙන් මේ මහා බෝධිසත්වයා හට ප්‍රශ්නයෙහි අර්ථ වැටහුනේය, එබැවින් අසව ආචාරීණී කියා ධර්මයාග ප්‍රශ්නය විසඳුයේ මෙලෙසයයි කියන්නේය. ආචාරීණි මේ නිසා යම්හෙයකින් සිය නුවරින් අවුද, එබැවින් සියල්ල දත් බුදු කෙණෙකුන් දෙසන කලක් පරිද්දෙන් විසඳා කියමි, තවද තොපගේ රජ්ජුරුවෝ මේ ප්‍රශ්නය යම් පරිද්දෙකින් අසා දනිද්ද එපරිද්දෙන් කියා පිළිපැදීම ද නොහොත් නොවරදවා කිරීම ද යන දෙකම තොපගේ රජ්ජුරුවන්ටම භාරය මාගේ වනාහි වරිදෙක්තෑත ප්‍රශ්න වූ පරිද්දෙන් අර්ථ කියමියි ධර්මයාග ප්‍රශ්නය විසඳා කිනුයේ මෙලෙසින් කියන්නේය. සුචීරත නම් පුරෝහිත බ්‍රාහ්මණයානෙනි ඉඳින් තොපගේ රජ්ජුරුවෝ අද දන් දෙම්හ, සිල් රකුම්හ, පෙහෙවස් වසම්හයි, වීචාරණ ලද්දේ වී නම් තොපිත් ඊට අද ප්‍රාණඝත කරම්හ කාමාස්වාදය කරම්හයි තොප කී දන් පින් සෙට කරම්හයි කීයෙහිවී නම් තොප බදුවූ මහ අමාත්‍යයානන් කීයේ කටයුතුයි නොගෙන එබඳු ප්‍රසථාවෙහිත් ප්‍රමාදයෙන් දවස් නොයවා උපන් කුසල් සිත නොපිරිහෙලා තොපගේ රජ්ජුරුවෝ කුසල්ම කෙරෙත්වයි එසේකල්හි අර්ථ ධර්මදෙක නොනසා රැක්කා නම් වෙයි කියා මත්තෙහිද මේ ප්‍රශ්නය මෙලෙසින් ප්‍රකාශ කරන්නේය.

තවද සුචීරත නම් පුරෝහිත බමුණාණෙනි තොපගේ රජ්ජුරුවන් විධුර පණ්ඩිතයන් මේ ප්‍රශ්නය විසඳුයේ කෙසේදැයි විචාළකල්හි ආධ්‍යාත්මිකයයි කියන ලද රූප වේදනා සඤඤ සංඛාර විඤඤානයයි යන පඤචසකන්‍ධයන් ඇතිව නැති වන හෙයින් අනිත්‍ය නියාවද කියා මේ සියලු සංස්කාර ධර්මයෝම අසාරයහ අසථිරයහ විසිකළ නොහැක්කැයි තත්වූ පරිද්දෙන් යම් දවසෙක නුවණැසින් දුටුයේද, එකල්හි සියලු භවයෙහි කලකිරී නිර්වාණාභිමුඛ වන්නේ යයි කිව

අජෙජචකිචචං ආතපපං කො ජඤඤා මරණං සුචො,

න හි නො සංගරනෙතන මහාසෙනෙන මචචුනා

අපපමාදො අමතපදං පමාදො මචචුනොපදං,

අපපමතතා නමීයනති යෙ පමතතා යථා මතා

නාදීන් ගාථා දෙකකින් අවවාද කොට අධ්‍යාත්මික චිතතයය පිරි සිදු කොට ඇතුලත්හි කාම ක්‍රොධාදී සතුරන් ජය ගන්ට කියවයි ඔහු උගන්වා “අනිචචාවත සංඛාරා උපපාදවයධමමිනො” යනාදී ගාථාවෙනුත් අනිත්‍යතාවයම ප්‍රකාශ කොට මත්තෙහි ද ප්‍රශ්නය විසඳනුයේ - අන්‍දබාලව පෘථජජනයෙක් සිහිමුළාවූයේ මින්‍ථ්‍යාදෘෂ්ටියයි කියන ලද නොමගෙහි යේද එලෙස නොකොට තොපගේ රජ්ජුරුවන් ද දසකුසලධර්‍මපථයයි කියනලද සත්පථය මතු පැමිණියාවූ කුසල් නැමති ශරීරය නොයික්මවා උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරන්නාක් මෙන් උපකාරී වූ කුසලයම වර්ධනය කරන්ට කියව. තවද කායවාක්මනඃ යන චාරත්‍රයෙන් සිඬවන අකුසල් දුරුකොට දානසීල භාවනාදී සුචරිත ධර්මයම පුරුදු කරන ලස තොපගේ රජ්ජුරුවන්ට දන්වව, තවද උචෙඡදදෘෂ්ටි ශාස්වතදෘෂ්ටි නැමැති අතීත්‍ර්‍ථවයට අස්ථානයට තොපගේ ප්‍රජාවන් නොබස්වව තොපිත් නොබසුවයි කියව. තවද ආචාරීනි අනුන්ට අවැඩෙක අනත්‍ර්‍ථයෙක නොහැසිර සත්ත්වයන් තමා හා කරුණාවෙන් සමාන කොට දකිනා පරිද්නේ දන්වවයි කියා මෙලෙසින් තොපගේ රජ්ජුරුවෝ ධර්මයාග ප්‍රශ්නයෙහි කියන ලද අවවාද වූ පරිද්දෙන් පවතිත් නම් යෙහෙක යම් රජ්ජුරුකෙනෙක් මෙලෙස දැන පවතිත් නම් ඔහුගේ යසස පෙර දෙපෝයෙහි සඳ මෙන් වර්ධන වන්නේය, මෙතෙම සීලාදී ගුණයෙන් සෙස්සවුන් මැඩ බබලන්නේය. මෙසේ මහ බෝධිසත්ත්වතෙම අහස් කුස සඳ මඬල දක්වන කලක් පරිද්දෙන් සර්වඥ විලාසයෙන් පුරෝහිත බ්‍රාහ්මණයාට හට ප්‍රශ්න විසඳීම් වශයෙන් දම් දෙසූහ. මෙසේ බෝධිසත්ත්වයන්ගේ ධර්මය ඇසූ බොහෝ ජනයෝ ඔල්වර හඬ ගසමින් බොහෝ උළෙල පැවැත්තේය, එතැන්හි රැස්වූ ජනයා විසින් මහබෝධිසත්ත්වයන් කෙරෙහි සන්තෝෂව ගලවා දමන ලද හන්පලන් වස්ත්‍රාභරණයෙන් කෝටි ගණන් සම්පත් රැස්වූයේය, රජ්ජුරුවෝද බොහෝ යසස් තනතුරු දුන්නාහ, සුචීරත නම් පුරෝහිත බ්‍රාහ්මණයාද පසළොස් දහසක් රත්තරනින් පූජා කොට රන්පත දෑහිගුලෙන් ප්‍රශ්නය විසඳු පරිදි ලියා තමාගේ ඉඳිපත් නුවරටම ගොසින් ධර්මයාග ප්‍රශ්නය විසඳූ පරිදි කීයේය, රජ්ජුරුවෝද ධර්මය වූ පරිදි දෙන් පැවත සිය සෙන් හා සමඟ ස්වර්ග පද පිරූහ. මෙසේ ශාස්තෘවූ බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා මහණෙනි තථාගතතෙම දැන් මතු නුවනැත්තො නොවෙයි, පෙරත් මහ නුවණැති යේමයයි වදාරා ජාතකය පූර්වපරසන්ධි ගලපා නිමවා වදාළ සේක. එකල්හි ධනඤජය කොරව්‍ය රජ්ජුරුවෝ නම් දැන් මේ භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයෝය, සුචීරත බ්‍රාහ්මණයා නම් දැන් මේ අනුරුඬ ස්ථවිරයෝය, එසමයෙහි විධුර පණ්ඩිතයෝ නම් දැන් මේ මහා කාශ්‍යප ස්ථවිරයෝය, භද්‍රකාරක මානවකයා නම් මෞද්ගල්‍යායන ස්ථවිරයෝය, සංජය කුමාරයෝ නම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.