මුල් පිටුව 401 සිට 450 දක්වා 435 තක්කාරි ජාතකය

435 තක්කාරි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශාක්‍යකුල ප්‍රසාදනීය වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පිතෘ උපස්ථාන කරන්නාවූ කෙළෙඹි පුත්‍රයෙකු අරභයා මේ ජාතකය දක්වන ලද.

එක්තරා පුරුෂයෙකුගේ දරුවෝ ඇත්තාහ. ඇමටම බාල පිරිමි පුතෙක් ඇත්තේය. ඔහුගේ මෑනියනුත් සහෝදර නෑයනුත් මළගමනේ පියාට උපස්ථාන කරන්නේය. එකියන පුරුෂයා තමාගේ පුතාට කියන්නේ එඹල පුත තොප ඇමදාම දුක්විඳිනනට මහා ආයාසය, එසේහෙයින් තොපට බිරින්දක් ගෙණවයි කීයේය. පුත්‍රයා කියන්නේ බිරින්දක් එපායයි කීහ. එසේකීවත් පියා සුදුසු කුලයකින් බිරින්දක් ගෙණවුත් පාවාදුන්නේය. එකියන ස්ත්‍රීත් තමාගේ මයිලාට කැවිලි පෙවිලි සැපසේ සලස්වා වාසයකෙරෙයි පුරුෂත් තමාගේ බිරින්ද තමාගේ පියාට කැවිලි ආදිවූ දෙයින් අඩුවෙක් නොකරණ හෙයින් මධුර රසයක් ගෙණාවත් තමාගේ බිරින්ද අතට දෙන්නේය. ස්ත්‍රීන් තමාගේ මයිලාට උනුපැන් සිහිල් පත් කැවිලි පෙවිලි ආදිවූදෙය අඩුවක්නොව පිරිමසන්නීය, කල් යාමකින් මයිලා කෙරේ කලකිරි කැවිලි ආදිවූ දෙයිනුත් අපාසුව කෙළේය. සෙම් සොටු ආදීවූ දෙයත් ගේ මුලුල්ලේලා තමෝ තමාගේ සැමියාට කියන කල නුඹගේ පියානන්දැ ගෙයි මුළුල්ලේ සෙම් සොටු ලා නරක්කරණදැයි උන් රඳවා ගණ මා ඇරපියන්න. තමාගේ සැමියාට කියන්නීය, පුරුෂ කියන්නේ තෝ පලාගියනම් අනික් බිරින්දක් ගෙණෙමි මාගේ පියානන්දැ කුමට යවත්දැයි කෝපකොට කීයේය. එසේ කීවත් මාරඳවාගෙණ උන්දෑ ඇරපියන්න, නොහොත් උන්දෑ රඳවාගෙණ මා ඇරපියන්නැයි තමාගේ සැමියාට කියන්නි නැවතත් කෝපකළ කල්හි ස්ත්‍රී භයපත්ව පළමුසේ තමාගේ මයිලාට කැවිලි පෙවිලි ආදියෙන් සැපසේ උපස්ථාන කරන්නීය. පුරුෂතෙම බිරින්දගේ අඬදබරයෙන් සර්වඥයන් වහන්සේ දකින්ට කීපදවසකින් ගොස් දිට සර්වඥයන් වහන්සේ එකියන පුරුෂයා දැක ඇයි පුරුෂය තා කීපදවසක් නොආයේයයි වදාරා වදාළකල්හි තමාගේ බිරින්ද තමාගේ ගෙන්නාරින්ට කී කථා ප්‍රෘත්තිය කීයේය. සර්වඥයන් වහන්සේ එපවත් අසා වදාරා එඹල පුරුෂය, තෝ පළමු ජාතියෙහි තාගේ පියා මරා වලලා පස්ගසන්ට වන් ගමනේ හත්ඇවිරිද්දෙන් මා කී අවවාද තොප සිත් තිබූහෙයින් තෝ ගිවිසි පමණක් විනා පළමු ජාතියෙහි මේ නියාවට වන්නේ වේදැයි වදාරා ඒ කසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක්තරා ගමෙක පුරුෂයෙක් තමාගේ පියාට වර්ථමාන කථාවමෙන් අත්පා මෙහෙවර කරන්නේයයි දතයුතු මෙහි වනාහි පිටිසර ගමෙක පියා හා පුතා හාපුතාගේ බිරින්ද හා තුන්දෙන වාසය කරන්නාහු යෙලි මයිලාට නුරුස්සා තමාගේ ස්වාමියාට කියන්නී නුඹගේ පියානන්දැ මැරුවොත් විනා මා ඉන්නේ නැතැයි කීවාය. පුරුෂ කියන්නේ මිනියක් නිකම් අනාථයේ ගසා මරන්නේ කෙසේදැයි කීයේය. එවිට ස්ත්‍රි කියන්නී නුඹගේ පියානන්දැට නුඹ කියනකල පියානන්වහන්ස නුඹ වහන්සේ පළමු පිටිසරගමෙක අසවළුන්ට දීපු ණය ඉල්වා ගියෙමි අපට දෙන්නේ නැතැයි කියා නුදුන්නෝය. නුඹ වහන්සේ ඇතිව ඉන්දදි දීපු නය නොලැබෙන කල නුඹ වහන්සේ මළ කල තමාම නොලබන්නේ වේදැයි රථයක ලාගෙණ ඒ නය ඉල්වාගෙණ එන්ට යම්මැයි කියා ගොසින් අමුසොහොනක වල සාරා වළලා පස්වසා ඔළුවතලා මරාපියා එවයි කිව. එකියන කෙළෙඹි පුත්‍රයාගේ සත් ඇවිරිදි පුතෙක් ඇත. ඒ පුත් තමාගේ මව තමාගේ පියාට කියන කථාව අසා මාගේ පියානන් වහන්සේ මාගේ මුත්තනුවන් මරන්ට උත්සහ කරණසේක. උන් වහන්සේ මැරීමෙන් බොහෝ අකුශල් පිරෙයි ඒ අකුශලය මා වලකන්ට උවමැනවයි සිතා තමාගේ මුත්තනුවන් මරන්ට උත්සහ කරන්නවුන් දැක මුත්තනුවන් වහන්සේ හා එක්ව එදා රැ වැද හොත්තේය. පසුවදා එකියන පුරුෂ තමාගේ බිරින්ද කී සැටියේ තමා පියා රථයක ලාගෙණ යන්ට වන එවිට එකියන පුතා රඳන්ට කීවත් නොරඳා රථයට නැගී තුන්දෙන නික්මුනාහ. අමුසොහොන සමීපයට ගොස් පුතනුවන් හා පියානන් රථයේ ඉන්දදී රථයෙන් බැස අමු සොහොනේ සතරැස් වලක් සාරන්ට වන්හ. එවෙලෙහි උන්ගේ පුතනුවෝ රථයෙන් බැස පියානන් සමීපයට ගොස් පියානන් වහන්ස මෙතන වල සාරන්නේ කවරේටද මෙතන පෙණෙන්නාවූ කටු අලවැල් අල ආදිවූ දෙයන් පෙණෙන දෙයක් නැත වලසාරන්නේ කවරේටදැයි විචාළේය. එවිට පුරුෂ කියන්නේ එම්ඹල පුත මපියානන් වහන්සේ ලෙඩ දුක් අතිවැ ඉතා දුර්වලව ගියසේක. වයොවෘද්ධව ගියහෙයින් මා පියානන් වහන්සේට දුක් දෙන්නේ ඇයිදැයි සිතා මරා වළලන්ටයයි කීයේය.

එවිට කුමාර පියානන් වහන්ස නුඹ වහන්සේ සිතු සිතිවිල්ල යාපත් නොවෙයි කියා පියානන් අතතුබූ උදැල්ල ඇරගෙණ තුමුත් වලක් සාරන්ට වන්හ. එවිට පියා කුමාරයාගේ විශිෂ්ටවූ කාරණා බල කියන්නේ ඇයි පුත තෙපි මේ වල සාරන්නේ කවරකටදැයි විචාළසේක. එවිට කුමාරයා කියන්නේ ඇයි පියානන් වහන්ස දරුවෝ දෙමව්පියන්කොට එන චාරිත්‍රකරන්ට උවමනාවේද, නුඹ වහන්සේගේ පියානන් මරා වළලන්ට වළසාරණකල නුඹ වහන්සේත් ඔබලත් වූකල වළලන්දැයි මම වළ සාරාතිබිම කීහ. එවිට පුරුෂ කුමාරයා කියන්නේ ඇයි පුත මට සුතප්‍රේමයෙන් වදාගත් දරුවෝ වේද නොකමි කළුවූ බස් කියන්නේ කවරේදැයි විචාළේය. කුමාර කියන්නේ නුඹ වහන්සේ අවලක්‍ෂණයක් නිසා මා කීයේ නොවෙයි නුඹ වහන්සේ මෙලෙස කරන්නා මමත් ඒ ලක්ෂණයෙකැයි සිතා කෙළෙමි, නුඹ වහන්සේ ඊට ක්‍ෂමා කළ මැනවැයි පියානන් වහන්ස යම්කෙනෙක් දෙමවිපියන්ට නොකලමනාදෙය කෙරෙත් නම් ඉන් වැඩෙක් නැත අවඩමයයි කීයේය. ඒ වෙළෙහි කෙළෙඹි පුත්‍ර කියන්නේ පුත මා සිතාගෙණ කළදෙයෙක් නොවෙයි තොපගේ මැනියන් වහන්සේ මටළුක්වන් කන්සන් කරණහෙයින් කෙළෙමි, තොප කීයේ ඉතා ඇත්තමය, මෙවක් පටන් මෙසේවූ දෙයක් නොකෙරෙමි කෙළෙඹිපුත්‍ර කියේය කුමාර ඒ වෙලෙහි තමන්ගේ පියානන්ට කියන්නේ පියානන් වහන්ස ස්ත්‍රීන් කිවා කිරීමෙන් කටයුතු නොවෙයි මතු මෙසේවූ දෙයක් නොකියන්නේයයි කියා අපගේ මෑනියන් වහන්සේ භයගන්වා කෝපකොට ගෙන්යවාපුව මැනව මෙසේවූ නොකටයුත්තක් නොකියනසේකැයි කුමාර කීයේය. යහපතැයි කියා තුන්පිතු පියෝ රථයට නැඟි ගොට එන්ට වන්නාහ. කෙළෙඹිපුත්‍රයාගේ අඹු මාගේ ගෙන් අද කාලකණ්නියා පහව ගියේයයි මහා සමාධියෙන් ගෙයි ගොම පැන් සඳූන් ඉස තුමුත් පිරිසිදුව කිරිබත් ආදිවූ දෙය පිසමින් සිටිකලට තුන්පිතුපියන් දුරඑන්නාවුන් දැක මහා කණස්සළුව මාගෙන් පහව ගිය කාලකන්නියා දෙවෙනිව එන නියාවේදැයි සෝකයෙන් සිටියාහ. තුන්පිතුපියෝ රථයෙන් බැස පියානන් හා පුතනුවන් ගෙට යවා රථයේ බැඳි ගොන්ගෙන් උනා රථය එතන තිබා පුරුෂයා ගෙට ආයේය. ස්ත්‍රී පුරුෂයා දැක මාගෙන් පහව ගිය කාලකන්නියා ගෙණායේ ඇයිදැයි කියා මම ගෙන්යමි කියා ස්ත්‍රී කළහ කළහ. පුරුෂ කියන්නේ දුෂ්ටකාලකන්නිය තී කීවද මා පියානන් කෙසේ මරාපියම්දැයි කියා ස්ත්‍රීගේ ඉසකේ පත අල්වාගෙණ බිමහෙලා අතින් පයින් තළා මාගෙන් පළායවයි කියා ගෙන් යවා තුන්පිතුපියෝ ගෙයි පිසතුබු කිරිබත් සුදුබත් ආදිවූ දෙය ලාගෙණ කාලා උන්නාහ, ස්ත්‍රි ඉවත ගෙයක උන්නීය. කුමාර තමාපියාට කියන්නේ පියානන් වහන්ස මාගේ මෑනියෝ ඉක්මුනේ නැත උන්වහන්සේ ඉක්මෙන්නේ නුඹ වහන්සේ කියනකල තීමට ඇයිද මාගේ මයිලනු කෙණෙකුන්ගේ දියනිකෙණෙක් ඇත. උන්ගෙණෙන්ට එමීය කියා පිරිවර ගොස් ඉඳ පියා අවමැනව එවිට මාගේ මැනියන් වහන්සේ ඉක්මෙන සේකැයි කීහ. පුරසයාත් යහපතැයි කියා ඒ කි නියාවට තී මට එපයි මාගේ මයිලනුවන්ගේ දියනියන්ගෙණමි කියා නික්මුනේය. අසලගෙවල ඇත්තෝ ඒ ස්ත්‍රිට කියන්නේ එම්ඹල ස්ත්‍රිය තීගේ සැමි තී ඇර අනික් බිරින්දක් ගෙණෙන්ට ගමට ගියේය. තී පිසවා ගෙණ නොකන්නේයයි කී ගමනේ ස්ත්‍රී මහත්වූ සෝකයට පැමිණ අනික් මට පිහිටක් නැත කුමක් කෙරෙම්දෝහයි සිතා ගෙට අවුත් පුතනුවන් පයවැටී අඬා පුතනුවෙනි තොපගේ පියානෝ මා ඇර අනික් බිරින්දක් ගෙණෙමි කියා ගියේය. මා කළ වැරුද්දෙක්දැයි කිව කුමාර කියන්නේ මෑනියන් වහන්ස මෙවක් පටන් නුඹ වහන්සේගේ මයිලනුවන් වහන්සේට අමෛත්‍රී නොසිතා උන්ගේ සුවදුක් විචාරව මපියානන් වහන්සේට කියා ගෙණ්වාගණිමි කියා යවා ගෙට පියානන් එන්නාදැක කුමාර කියන්නේ පියානන් වහන්ස මෑනියන් වහන්සේ ඉක්මගියසේක. උන් වහන්සේ ගෙට ගෙන්වාගත මැනවයි කීයේය. කෙළෙඹි පුත්‍ර යහපතැයි තමාගේ බිරින්ද ගෙටගෙණායේය. එකියන ස්ත්‍රී තමාගේ මයිලනුවන් හා ස්වාමිපුත්‍රයා වැඳ මම ගිය දවස නොදැන කෙළෙමි ඊට ක්‍ෂමා කළ මැනවැයි කියා වැඳ ක්‍ෂඹා කරවාගෙණ එතැන්පටන් ස්වාමිපුත්‍රයාටත් මයිලනුවන්ටත් දාගැබට පූජා සත්කාර කරන්නාක් මෙන් අඩුවක් නොකොට පෝෂ්‍යය කෙළේයයි වදාරා මේ තක්කාරි ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි පුරුෂයා නම් දැන් මේපුරුෂයාය. එසමයෙහි ස්ත්‍රී නම් දැන් මේ ස්ත්‍රීය.

එසමයෙහි අවවාද කි කුමාර නම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ වදාළසේක.