මුල් පිටුව 51 සිට 100 දක්වා 82 සුරාපාන ජාතකය

82 සුරාපාන ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි පඤච මාරයන් ජයගත්තාවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ කොසඹෑනුවර නිසා ඝොසකාරාමයයෙහි වැඩවසනසේක සාගත ස්ථවීරයන්වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවර වස්වැස චාරිකා ගමණින් භද්දවතිකා නම් නියම්ගමට පැමිණි කල්හි ගොපල්ලන් අජපාලයන් ගොවින් මගීන් ආදිවූ සත්‍වයෝ සර්‍වඥයන්වහන්සේ දැක වැඳ ස්වාමීනි බුදුරජානන්වහන්ස අඹතීත්‍ර්‍වයට නොවැඩිය මැනව, අඹතීත්‍ර්‍වයෙහි ජටිලයාගේ ආශ්‍රමයෙහි අඹතීත්‍ර්‍ව නම් නාග රාජයෙක් ආශීර්විෂය, ඝොරවිෂය. ඒ නාග රාජයා සර්‍වඥයන් වහන්සේට පීඩාකරන්නේයයි කියා වැළකූය. සර්‍වඥයන්වහන්සේද ඔවුන්ගේ කථාව නොඇසුවාක්හු මෙන් ඔවුන් තුන්යලක් දක්වා වලකමින් සිටියදීම වැඩිසේක. සාගත සථවිරයන්වහන්සේ විසින් නාග රාජයා දමනයෙහි ළූ නියාව සියළු ජනපදයෙහි පතළලෙස කොසඹෑනුවර වාසීවූ සත්‍වයෝ සර්‍වඥයන්වහන්සේට පෙරගමන්කොට නමස්කාරකොට සාගත සථවිරයන් වහන්සේ සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිට මෙසේ කීවාහුය. සවාමීනි යමෙක් නුඹ වහන්සේට දුර්‍ලභ වීනම් ඒ වද්‍රළ මැනව, අපි එය සමූර්‍ඬ කරම්හයි කිවූය. එබස් ඇසූ තෙරුන්වහන්සේ මුවෙන් නොබිණුසේක. සමහර භික්‍ෂූන් වහන්සේ වනාහී උපාසකවරුනි ප්‍රව්‍රජජිතයන්වහන්සේට කාපෝතිකා නම් සුරාව දුර්‍ලභද වෙයි, සිත්කළු ද වෙයි. ඉදින් තෙපි තෙරුන්වහන්සේට ප්‍රසනන වූවාහුනම් කාපෝතිකා සුරාව පිළියෙළකරවයි කී සේක. ඒ උපාසකවරු සවාමීන් වහන්ස යහපතැයි පිළිගෙණ සර්‍වඥයන්වහන්සේට සෙටදවසට ආරාධනාකොට නුවරට වැද තම තමන්ගේ ගෙයිදී තෙරුන්වහන්සේට දෙම්හයි කාපෝතිකා නම් සුරාව පිළියෙල කර තෙරුන්වහන්සේට පවරා තමන්ගේ ගෙයිදී සුරාව පිළිගැන්වූය. තෙරුන්වහන්සේ ඒ සුරාව වළද්‍ර මදයෙන් මත්ව නුවරින් නික්මෙන සේක්. වාසල් ද්‍රෙර වැටී නන්ද්‍රෙඩමින් වැදහොත්සේක. සර්‍වඥයන්වහන්සේ වළද්‍ර ඉක්බිති නුවරින් නික්මෙනසේක්. ඒ තෙරුන්වහන්සේ ඒ ආකාරයෙන් වැදහොත්තා දැක මහණෙනි සාගත සථවිරයන් ඇරගණුවයි කියා ගෙන්වාගෙණ විහාරයට වැඩිසේක. ඒ භික්‍ෂූන්වහන්සේ තෙරුන්වහන්සේගේ හිස සර්‍වඥයන්වහන්සේගේ ශ්‍රීපාදමූලයට කොට වැදහොවාලූසේක. තෙරුන්වහන්සේ පෙරලී තමන්වහන්සේ දෙපය ශ්‍රීපාද මූලයට කොට වැදහොත්සේක, සර්‍වඥයන්වහන්සේ භික්‍ෂූන්වහන්සේ අතින් විචාරණයක් ‛‛කිමෙක් ද? මහණෙනි පෙර සාගත සථවිරයන්වහන්සේ මා කෙරෙහි යම් ගෞරවයක් ඇත්නම් ඒ ගෞරවය දැන් ඇද්දැ’’ යි විචාළසේක. නැතැයි සවාමීනි කීකල්හි මහණෙනි අඹතීත්‍ර්‍ඵ නම් නාගරාජයා දමනයලුවෝ කව්රුදැයි විචාළසේක. සවාමීනි සාගත සථවිරයන්වහන්සේයයි කීකල්හි ‛‛කිමෙක්ද මහණෙනි දැන් සාගත සථවිරයෝ දියබරණයකුත් දමනයෙහි ලන්ට සමත්‍ර්‍ඵයෝදැ’’යි වද්‍රළසේක. සවාමීනි ඒ නැතැයි කීකල්හි කිමෙක්ද මහණෙනි ‛‛යමක් මෙසේ විසංඥව වැදහොවිත් නම් එසේවූ සුරාව බොන්නට සුදුසුදැයි’’ විචාළසේක. සවාමීනි සුදුසු නොවෙයි දැන්වූසේක. ඉක්බිත්තෙන් භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ සාගත සථවිරයන්වහන්සේට නින්‍ද්‍ර කොට භික්‍ෂූන්වහන්සේට ආමන්ත්‍රණය කොට රාමෙර බිම නිමිතතකොට පාවිතතියාපතතී වෙයි කියා ශික්‍ෂාපද පනවා හුනස්නෙන් නැගී සිට ගඳකිළියට වන්සේක. දම්සභා මණඩපයට රැස්වූ භික්‍ෂූන්වහන්සේ සුරාපානයෙහි නුගුණ කීසේක. ඇවැත්නි මේ සුරාපානය නම් මහත්වූ ද්‍රෙෂ ඇත්තේය, මහත්වූ ශ්‍රඬාමත්වූ සාගත සථවිරයෝ යම්සේ බුදුන්ගේ ගුණ නොදනිත් නම් එපරිද්දෙන් කළෝයයි සුරාවෙහි නුගුණ කීසේක. ශාසතාවූ බුදුරජානන්වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩ මහණෙනි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වද්‍රරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කීකල්හි ප්‍රව්‍රජජිතයන් රා බී මත්ව විසංඥවූයේ නොවෙයි පෙරත් විසංඥ් වූවෝම වේදැයි වද්‍රරා ඉකුත්වත් දක්වා වද්‍රළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහමදතත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ කසීරට ප්‍රසිඬවූ බ්‍රාහමණ වංශයක ඉපිද වැඩිවිය පැමිණ සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව පඤචාභිඥා අෂටසමාපතති උපදවා ධ්‍යාන ක්‍රීඩා කෙරෙමින් හිමාලය වනප්‍රදෙශයෙහි වාසයකරන්නාහුය. පන්සියයක් අනෙතවාසික තාපසයෝ මහබෝසතානන් නිරන්තරයෙන් පිරිවරා ඇවිදින්නාහුය.

ඉක්බිත්තෙන් ඒ මහබොධිසත්‍වයන්ට වසසාන කාලය පැමිණි කල්හි අනෙතවාසිකයෝ කියන්නෝ ‛‛ආචාරීන්වහන්ස මනුෂ්‍යපථයට ගොස් එනු ඇඹුල් සෙවෙනිය අනුභවකොට එම්හ’’යි කීහ. ඒ ඇසූ මහබෝසතානෝ ‛‛අනෙතවාසිකයෙනි මම මෙහිම වෙසෙමි, තෙපි හැම ගොස් ශරීර සතප්පා ගෙණ වර්‍ෂා කාලය ඉකුත්කොට එව’’යි කිවූය. ඔහු හැමදෙන යහපතැයි ආචාරීන් වැඳ බරණැස් නුවරට ගොස් රාජොද්‍යානයෙහි වැස දෙවෙනිදවස් පිටත මාසල් ද්‍රෙර සමීපයෙහි ගම සිඟා වළද්‍ර සම්පූර්ර්‍ණව දෙවෙනි දවස් නුවරට වන්නාහුය. මනුෂ්‍යයෝ ඔහු දැක ප්‍රසනනව භික්‍ෂා දුන්නාහුය. කීප දවසකින් රජ්ජුරුවන්ටත් දැන්වූය. ‛‛දේවයන්වහන්ස හිමාලය වනයෙන් පන්සියයක් සෘෂිවරයෝ අවුත් උයනේ වෙසෙති. ඔහු හැමදෙන ඝොරවූ තපස් ඇත්තෝය, දමනයෙහි ලන පඤෙචන්‍ද්‍රියන් ඇත්තාහ, උතුම්වූ සීලසංරක්‍ෂණය ඇත්තාහ’’යි දැන්වූය. රජ්ජුරුවෝ ඔවුන්ගේ ගුණ අසා උයනට ගොස් වැඳ සුවදුක් කථාකොට වස් සාරමස එහිම වසන පිණිස ප්‍රතිඥා ගෙණ ආරාධනා කළෝය. සෘෂිවරයෝ එතැන්පටන් රජගෙයිදී වළද්‍ර උයන වෙසෙති. ඉක්බිත්තෙන් එක්දවසක් නුවර මහත්වූ සුරාපානයෙක් විය. රජ්ජුරුවෝ ‛‛තපස්විවරයන්ට සුරාපාන නම් දුලීභ වෙ’’යි උතුම්වූ බොහෝ සුරායවූය. සෘසිවරයෝ රාබී උයනට ගොස් රා මදයෙන් මත්ව සමහර කෙණෙක් පැන පැන නටති. සමහර කෙණෙක් ගී කියති. නටා ගී කියා කෙණඩිය හා එක්ව බිම ගසාගෙණ වැටී හී නිද්‍ර රා මද සුන්කල්හි පිබිද තමන්ගේ විප්‍රකාරය දැක ‛‛අප විසින් ප්‍රව්‍රජජිතයන්ට නොසරුප් දෙයක් කරණලදැයි හඬා වැලප අප ආචාරීන් වහන්සේ සමීපයෙන් වෙන්වූ බැවින් මෙබඳුවූ ලාමක ක්‍රියාව කළෝවම්හ’යි එකෙණෙහිම උයන හැර හිමාලය වනයට ගොස් තවුස් පිරිකර තැන්පත් කොට තබා ආචාරීන් වැඳ එකපත්පස්ව හිඳ ‛‛කිමෙක්ද තපස්විවරයිනි මනුෂ්‍යපථයේ ආහාරයෙන් නොමිරිකී සැපසේ විසූද සමඟවත් වාසය කළාදැ’’යි බොධිසත්‍වයන් විසින් විචාරණලද්දාහු. ආචාරීන් වහන්ස සැපසේ විසුම්හ, එතකුදුඋවත් අපි හැමදෙන නොපියයුත්තක් බී විසංඥව සිහි එලවා ගතනොහී නැටුම්හ, ගී කීම්හ, නැවත සිහි එලවාගෙණ අප කළසේ නපුරැයි ඇඬුම්හ’’යි කියා ‛‛මෙබඳු සිහිපත් නැතිකරන්නාවූ සුරාපානයටත් වඩා මා වානරවූවෝ නම් යහපත්වන්නේය’’යි මෙසේ තපස්විවරයෝ තමන්ගේ නුගුණ බොධිසත්‍වයන්ට කීවාහුය. එපවත් ඇසූ මහබෝසතානෝ ගුරුවරයන් හා එක්ව නොවසන්නවූ තපස්විවරයන්ට මෙබන්දක් වන්නේම වේදැයි ඒ තාපසවරුන්ට නින්දා කොට මෙබන්දක් මතු නොකරවයි ඔවුන්ට අවවාදදී නොපිරිහුණු ධ්‍යානයෙන් බ්‍රහමලෝකයෙහි උපන්නාහුය. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා වදාරා මේ සුරාපාන ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි සෘෂිසමූහයා නම් දැන් බුදු පිරිසය, ගණ ශාසතෘ වූයේ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.