මුල් පිටුව 51 සිට 100 දක්වා 81 භීමසෙන ජාතකය

81 භීමසෙන ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි ලෝකත්‍රයෙහි පතළාවූ කීර්තිඝොෂා ඇති තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් තමහට ස්තුති කරන්නාවු එක්තරා භික්‍ෂුවක්හු අරභයා මේ ජාතකය වදාළසේක.

එක් භික්‍ෂුකෙනෙකුන් වහන්සේ ’’ ඇවැත්නි අපගේ ජාතිය හා සමානවූ ජාතියෙක්නම් නැත, අපගේ ගොත්‍රය හා සමානවූ ගොත්‍රයෙක්නම් නැත, අපගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙති, කසීරට සුවඳවිලවුන් ගල්වති, අපි මහණවූ බැවින් දැන් මෙබඳුවූ රූක්‍ෂ භොජනය අනුභව කරම්හ. රූක්‍ෂවූ සිවුරු වලදිම්හයි ස්ථවිර නවක මධ්‍යම භික්‍ෂූන් සමිපයෙහිදී තමන්වහන්සේගේ මහණ තත්වය කියමින් ජාත්‍යාදීප වශයෙන් මෙරමාහට නින්දාකෙරෙමින් ඇවිදිනාසේක. ඉක්බිත්තෙන් එක් භික්‍ෂූකෙනෙකුන්වහන්සේ මේ භික්‍ෂූහුගේ කුලප්‍රදේශය හා ජාතිගොත්‍රය පරීක්‍ෂාකොට මොහු තමාගේ ප්‍රතාප කියන බව භික්‍ෂූන්වහන්සේ ධර්‍මසභා මණ්ඩපයෙහි රැස්වහිඳ ‛‛ඇවැත්නි අසවල් මහණ මෙබඳුවූ නෛය්‍ර්‍යාණික ශාසනයෙහි මහණව තෙමේ තමහට සතුතිකොට මොරමාහට නින්‍ද්‍රාකෙරෙමින් ඇවිදිනේය.’’යි ඒ භික්‍ෂුවගේ නුගුණ කිය කියා උන්සේක. එකල්හි ශාසතෘවූ බුදුරජාණන්වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ ‛‛මහණෙනි දැන් මා එන්නාට පළමුව කවර කථාවකින් යුතුව උනුදැ’’යි විචාරා මෙනම් කථාවකින් යුකතව උනුම්හයි කීකල්හි මහණෙනි ඒ මහණ දැන් තමාට සතුතිකොට ඇවිදින්නේ වෙයි, පෙරත් තමාට සතුතිකොට අනුන්ට නින්‍ද්‍රාකරමින් ඇවිද්දේම වේදැයි වද්‍රරා ඉකුත්වත් දක්වා වද්‍රළසේක.

යටගියදවස බරණැස්නුවර බ්‍රහමදතතනම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණ සමයෙහි අප මහබෝසතානෝ එක් නියම්ගමෙක ප්‍රසිඬවූ බ්‍රාහමණ වංශයෙහි ඉපද වැඩිවිය පැමිණ තක්සලානුවර දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි හිඳ වේදත්‍රය හා අෂ්ටාදශ විiාසථානය ඉගෙණ සියලු ශිල්පයෙහි මුදුන් පැමිණ චුලලධනුගගහ පණ්ඩිතයෝයයි මේ නමින් ප්‍රසිඬවූය, ඒ අප මහ බෝසතානෝ තක්සලානුවරින් නික්ම සියළු සමයනතර ශිල්පයෙහි පරීක්‍ෂා කෙරෙමින් මහිංසකරාජ්‍යයට ගියෝය. මේ ජාතකයෙහි වූකලී අප මහබෝසතානෝ මදක් මිටියෝය, නැමුනාවූ ආකාර ඇත්තෝය, එසේහෙයින් ඒ බොධිසත්‍වයෝ මෙසේ සිතුය, ඉදින් මම කිසි රජ්ජුරුකෙනෙකුත් කරා ගියෙම්නම් ඒ රජ්ජුරුවන්වහන්සේ මෙසේ ලකුන්ටවූ ශරීර ඇත්තෝ අපට කුමක් කරන්නෝදැයි කියනසේක, එසේහෙයින් මම ආරොහපරිනාහයෙන් යුක්තවූ එක් පුරුෂයෙකු ඉදිරිකොටගෙණ ඔහු නිසා ජීවත්වීන්නම් යහපත් වන්නේයයි සිතා බෝධිසත්‍වයෝ එබඳුවූ පුරුෂයෙකු සොයන්නාහු භීමසේන නම් වෙමි කී කල්හි කිමෙක්ද තෝ කිනම්හුදැයි විචාළෝය. මම භිමසේන නම් වෙමි කී කල්හි කිමෙක්ද තෝ මෙසේ ක්‍රියා නොකොට සියළු දඹදිව මාහා සමානවූ දුනුවායෙක් නැත, ඉදින් මම කිසි රජ්ජුරුකෙණෙකුන්වහන්සේ දුටුයෙම්වීන්නම් උන්වහන්සේ මේ ලකුන්ටකයා අපට කුමක් කෙරේදැයි මට කිපෙනසේක, එසේහෙයින් තෝ රජ්ජුරුවන්වහන්සේ දැක මම දුනු මායෙමි නියෙහිවීනම් රජ්ජුරුවන්වහන්සේ තට වියදම් දි නිරන්තරයෙන් වෘත්ත තබා දෙනසේක. මම තට උපන්නාවූ කාය්‍ර්‍යයෙක් ඇත්නම් කෙරෙමින් තාගේ සෙවන් ජීවත්වෙමි, එසේකල්හි අපි දෙදෙනම සුඛිතවම්හ, මා කීවා කරවයි බෝධිසත්‍වයෝ කිවුය. ඒ පුරුෂයාත් මහබෝසතානන්ගේ බස යහපතැයි පිළිගත්තේය.

ඉක්බිත්තෙන් බෝධිසත්‍වයෝ ඒ භීමසේන නම් පුරුෂයා කැඳවාගෙණ බරණැස්නුවරට ගොස් තුමු ඕහට උපස්ථායකව ඒ පුරුෂයා ඉදිරිකොට ගොස් මාලිගා දොරකඩ සිට රජ්ජුරුවන්ට දන්වායවූය, රජ්ජුරුවන්වහන්සේ විසින් එක්වයි කී කල්හි දෙදෙනම මාලිගාවට වැඳ රජ්ජුරුවන් වැඳ සිටියාහුය. කවර කාරණයක් නිසා තෙපි මෙහි අවුදැයි කී කල්හි භීමසේනයා මම දුනුවායෙකිමි, මා හා සමානවූ දුනුවායෙක් මේ සියළු දඹදිව නැත්තේ යයි කීය කුමක් ලදින්නම් මට උපස්ථාන කරන්නෙහිදැයි කී කල්හි දෙපෝයක් පාසා දහසක් ලබන්නේ වීම්නම් උපසථාන කරන්නේ වේද රජ්ජුරුවන්වහන්සෙයි කිවුය. මේ පුරුෂයා තට කුමක් වේදැයි කී කල්හි රජ්ජුරුවන්වහන්ස මාගේ අතවැසි පුරුෂයායැයි කීය. යහපත මට උපස්ථාන කරවයි කී කල්හි එතැන්පටන් භීමසේන නම් පුරුෂයා රජ්ජුරුවන්ට සේවය කරන්නේය, ඕහට පැමිණ කාය්‍ර්‍යයක් බෝධිසත්‍වයෝම සමෘර්ධි කරති. එසමයෙහි කසීරට එක් වනයක බොහෝ මනුෂ්‍යයන් යන එන්නාවූ මාර්‍ගයක ව්‍යාඝ්‍රයෙක් නිස්සඤ්චාරය කරමින් බොහෝ මනුෂ්‍යයන් අල්ව අල්වා කන්නේය. එපවත් රජ්ජුරුවන්ට දැන්වූවාහුය. රජුජුරුවෝ භීමසේනයා කැඳවාගෙණ දරුව ඒ ව්‍යාඝ්‍රයා අල්වන්ට පිළිවන්දැයි විචාළෝය. රජ්ජුරුවන්වහන්ස මම දුනුවාය, කුමක් නිසා බම්ද, ව්‍යාඝ්‍රයා අල්වන්ට අසමත්‍ර්‍ව වෙම්දැයි කීය. එබස් ඇසූ රජ්ජුරුවෝ ඕහට වැටුප් වියදන් දී යවූය. ඒ භීමසේනයා ගෙට ගොස් බෝධිසත්‍වයන්ට එපවත් කීයේය. බොධිසත්‍වයෝ යහපත යාලුවයි කිවුය, තොප නොයව්දැයි කීකල්හි එසේය මම නොයමි, තොපට උපාය වූකලී කියමි කිවුය. සබඳ උපාය කියවයි කී කල්හි තෙපි ව්‍යාඝ්‍රයා ඉගිලගිය නියාව දැන පලාගොස් එක් කැලයකට වැද බඩින් තලව්ව වැදහෙව දනව්වැසි මනුෂ්‍යයෝ ඒ ව්‍යාඝ්‍රයා තළා අල්වා ගණිති, ඔවුන් විසින් ව්‍යාඝ්‍රයා අල්වාගත් කල්හි තෙපි දතින් වැලක් කපා වැල් කෙළවර අල්වාගෙණ මළාවූ ව්‍යාඝ්‍රයා සමිපයට ගොස් ’’ පින්වත්නි මේ ව්‍යාඝ්‍රයා මැරුවෝ කවුරුදැ ’’ යි කියා මම මේ ව්‍යාඝ්‍රයා ගොණෙකු මෙන් බැඳ රජ්ජුරුවන් සමීපයට ගෙණයෙමි වැල් නිසා කැලයට ගොස් මා වැල් කඩාගෙණ එන්නාට පළමුකොටම මේ ව්‍යාඝ්‍රයා මැරුවෝ කවුරුදැයි කිව, එකල්හි දනව්වැසි මනුෂ්‍යයෝ භයින් ත්‍රසතව ’’ස්වාමීනි රජ්ජුරුවන්වහන්සේට නො කියවයි’’ යි කියා තොපට බොහෝ වස්තු දෙති, ’’ ව්‍යාඝ්‍රයා තොප විසින් අල්වා ගන්නා ලද්දේය’’ රජ්ජුරුවන් සමීපයෙන් බොහෝ වස්තු ලබන්නා වේදැයි කිවුය, ඒ භීමසේන නම් පුරුෂයා යහපතැයි ගොස් බෝධිසත්වයන් කී පරිද්දෙන්ම ව්‍යාඝ්‍රයා අල්වාගෙණ වනය නිර්‍භය කොට මහජනයා විසින් පිරිවරණ ලදුව බරණැස්නුවරට වැද රජ්ජුරුවන් දැක මා විසින් ව්‍යාඝ(යා අල්වාගන්නා ලද, වනයත් නිර්‍භය කරණලදැයි කීය. රජ්ජුරුවෝ සතුටුව බොහෝ වස්තු දුන්නාහුය.

නැවත එක්දවසක් මාර්‍ගයෙක මීමෙක් මිනිසුන්ට ඇන මග යා නොදෙන්නේයයි රජ්ජුරුවන්ට කිහ. රජ්ජුරුවෝ පළම් පරිද්දෙන්ම භීමසේනයා යවූය, ඒ භීමසේනයාත් බෝධිසත්‍වයන් කී උපායෙන් ව්‍යාඝ්‍රයාමෙන් ඒ මීමත් අල්වා ගෙණ අවුය, රජ්ජුරුවෝ නැවතත් ඕහට සතුටුව වසතු බොහෝ සේ දුන්නුය. ඔහු මහත්වූ ඓශ්චර්යය මදයෙන් මත්ව බෝධිසත්‍වයන් කෙරෙහි අවඥකොට උන්ගේ බස් නොගෙණ තොප නිසා ජීවත් නොවෙමි, කිමෙක්ද පුරුෂයෝ නම් තෙපිමදැයි ආදීවූ පරුෂ වචනයන් කියන්නේය. ඉක්බිත්තෙන් කීප දවසක් ගියකල්හි සතුරු රජ්ජුරුකෙණෙක් අවුත් බරණැස්නුවර වටලාගෙණ ’’ රාජ්‍යය හෝ දෙව යුද්ධ හෝ කරව’’ යි රජහට හසුන් යවුය, රජ්ජුරුවෝ්ත් අසුන් අසා’’ යුද්ධ කරව ’’ යි භීම සේනයා යවූය, ඒ තෙමේ සියළු සන්නාහයෙන් සන්නද්ධව යුද්ධ වෙසක් ගෙණ හසති සන්නාහයෙන් සන්නද්ධවූ හස්තියෙකු පිටට පැනනැගී උන්නේය. බෝධිසත්වයෝත් ඔවුන්ගේ මරණ භයින් සියළු සන්නාහයෙන් සන්නද්ධව භීමසේනයාගේ පශ්චිමාසනයෙහි උන්නාහුය. හස්තියා මහජනයා විසින් පිරිවරණ ලදුව නුවර දොරින් නික්ම යුද්ධ භූමියට පැමිණියේය. එකල්හි භීමසේනයා සටන් බෙරහඬ අසාලාම වෙව්ලන්ට පටන් ගත්හ. ’’ බෝධිසත්‍වයෝ ’’ දැන් මූ වැටීම මියන්නේයයි සිතා ඇතු පිටින් නොවැටෙන පිණිස භීමසේනයා ලනුවකින් ඉඟ සිසාරා අල්වාගත්තුය. භීමසේනයා යුද්ධ භූමිය දැක මරණභයින් තැතිගෙණ මලමුත්‍රයෙන් ඇතුපිට කෙළ ගැසූයේය එකල බෝධිසත්‍වයෝ කියන්නෝ භීමසේනය පළමු කී කාරිය නියාවට පසුව කළ කාරිය සමවන්නේ නොවේද? තෝ පළමු යුද්ධ භටයෙක් මෙන් වූයේය, දැන් ඇතුපිට කෙළසන්නෙහියයි කියා බොධිසත්‍වයෝ ඕහට නින්දා කළෝය. තවද භීමසේනයා තා විසින් පළමු කීවේ කිමෙක්ද? පුරුෂයෝනම් තෝමද? මම පුරුෂනොවෙම්ද? මමත් යෝධභටයයි නින්දා වචනයක් කීය. මේ වූ කලී එකෙක, ඉක්බිත්තෙන් පළමු තා කී නින්දා වචනයෙන් මෑත භාගයෙන් දැන් මේ යුද්ධ භූමියෙහිදී සන්නාහයෙන් සන්නද්ධ වූ ඇතුගේ පිට කෙළසා තාගෙන්ම මලමුත්‍ර ධාරාවෝ වෑහෙති, මේ එකෙක එසේ හෙයින් භීමසේනය පළමු කී යුද්ධකථාවය ඇතුපිට කෙළසා විඳින්නාවූ ආයාසය යන මේ දෙක සමාන නොවන්නේ වේදැයි මෙසේ මහබෝසතානෝ ඕහට නින්දා කොට ’’ සබඳ තෝ නොබව, මා සිටියදී කුමක් නිසා තෝ ආයාසවිඳිදැ’’ යි භීමසේනයා ඇතුපිටින් බාවාගෙණ පලායයි කියා යවා ’‛ අද මා විසින් ප්‍රස්ද්ධවන්නට වටනේය’’ යි යුද්ධයට වැද සිංහනාද කොට බලකොටුව බිද සතුරු රජ්ජුරුවන් ජීවග්‍රහයෙන් අල්වාගෙණ බරණැස්රජු සමීපයට ගියෝය. රජ්ජුරුවෝ සතුටුව බෝධිසත්‍වයන්ට මහත් වූ යසපිරිවර දුන්නිහුය. එතැන් පටන් බෝධි සත්‍වයෝ චුල්ලධනුග්ගහ පණ්ඩිතයෝයයි සියළු දඹදිව ප්‍රසිද්ධවිය. ඒ මහ බෝසතානෝ භීමසේනයාට වැටුප් වියදන් දී ඔහු පළමුව විසුවා වූ ස්ථානයට යවා දානාදී පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මහණෙනි මේ භික්‍ෂූහූ තමාට ස්තූති කොට අනුනට නින්‍ද්‍ර කළේ දැන්මතු නොවෙයි, පෙරත් නින්දා කළෝම වේදැයි මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා පූර්‍වාපරසන්‍ධි ගළපා මේ භීමසේන ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි භීමසේන නම් දැන් අනුන්ට නින්දාකොට තමාට ස්තුති කරන්නාවූ මහණය, එසමයෙහි චුල්ලධනුගගහ පණ්ඩිතයෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.