මුල් පිටුව 51 සිට 100 දක්වා 68 වෙදබ්භ ජාතකය

68 වෙදබ්භ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි මහමෙරසේ නිශ්චල වූ ගුණ ඇති බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක් දුර්වවූ භික්ෂුන් කෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළසේක.

සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූහට මහණ තා දුර්වවුයේ දැන් මතු නොවෙයි පෙරත් දුර්වවු වුයෙහිමය ඒ දුර්වවු කාරණයෙන්ම නුවනැත්තන්ගේ බස් නොගෙණ සියුම් මුවහත් ඇති ඛඩ්ගයෙන් දෙකඩකොට නසන ලදුව මගවැටි ඔත්තෙහිවේද තා එක තැනැත්තවූ නිසා දහසක් පුරුෂයෝ ජීවිතක්ෂයට පැමිණියෝ වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි එක්ගෙමෙක එක්තරා බමුණෙක් වේදබ්භ නම් මන්ත්‍රයක් දන්නේය. ඒ මන්ත්‍රනය වූ කලී අනර්ඝ මාහැගිය නැකැත් යොගයක් ලත්කල්හි ඒ මන්ත්‍රය පිරුවා ආකාශය බැලුකල ආකාශයෙන් සත්රුවන් වර්ෂා වස්නේය. එකල පුරණලද බෝධිසම්භාර ඇති අප මහබෝසතානෝ ඒ බ්‍රහ්මණයා බෝධිසත්වයන් කැඳවාගෙණ කිසි කටයුත්තක් නිසා තමාගේ ගමින් නික්ම චේතිය රාජ්‍යයට ගියේය. අතරගම එක්වලෙක පන්සියයක් පමණ පෙසෙනකචොර නම් වූ සොරකෙණෙක් මන්පහරණූවෝය, ඒ පෙසෙනකචෝරයෝ බෝධිසත්වයන් හා වේදබ්භ නම් බමුණා අල්වාගත්තුය. ඔහු ඇමදෙනම දෙදෙනෙකු අල්වා ගත්කල එකෙකු වස්තුගෙණයන්ට යවා එකෙකු සමීපයෙහි රඳවා ගණිති එසේ හෙයින් ඔහු පෙසනක චොරනම් වෙති, ඔහු ඇමදෙනද දෙපුතු පිය කෙණෙකුන් අල්වාගෙණ පියානන්ට කියනකල තෙපි අපට වස්තුගෙණවුත් පුතනුවන් ගලවාගෙණ යවයි කියති මෙම ක්‍රමයෙන් දෙපුතු මෑණීකෙණෙකුන් අල්වාගෙණ මෑණියන් වස්තුගෙණයන්ට යවති දෙබෑ කෙණෙකුන් අල්වාගෙණ බෑණන් වස්තු ගෙණයන්ට යවති. ආචාරීය අනේතවාසිකදෙදෙනෙකු අල්වාගෙණ අනේතවාසිකයා වස්තු ගෙණයන්ට යවති. ඒ සොරුන් පන්සියයක් දෙනා එකල වේදබ්භ නම් බමුණා අල්වාගෙණ බෝධිසත්වයන් වස්තුගෙණෙන්ට යවුය. බෝධිසත්වයෝ ආචාරීන් වැඳ කියන්නෝ මම දෙතුන් දවසක් ගියකල එමි නුඹ වහන්සේ නොබා මැනව තවද එකක් කියමි මා කීවා කළමැනව අද සත්රුවන් වස්නා වූ නක්‍ෂත්‍ර යෝගය වර්ෂා නොවැස්සුව මැනව ඉඳින් නුඹ වහන්සේ වැස්සුවසේක් වීනම් නුඹවහන්සේත් විනාශයට පැමිණෙනසේක. මේ පන්සියයක් සොරුන් විනාශයට පැමිණෙතියි මෙසේ ආචාරීන්ට අවවාද කොට වස්තුගෙණන්ට ගියෝය. සොරුන් හිරු හස්ථයට ගිය කල්හි බමුණා බැඳ හොවාලුය එකෙණහිම නැගෙණහිර සක් වලින් සම්පූර්ණව චන්ද්‍රමණ්ඩලය නැංගේය. එකල බමුණා නක්‍ෂත්‍ර යෝගය බලන්නේ සම්පත් වර්ෂාවස්වන්නා වූ නක්‍ෂත්‍ර යෝගය ලබනලද එසේ හෙයින් බන්ධනයෙහි වැදහෙව දුක් අනුභව කිරීමෙන් මට ප්‍රයෝජන කිම්ද මන්ත්‍රය පිරුවා සත්රුවන් වර්ෂා වස්වා සොරුන්ට වස්තු දී සැපසේ යෙමියි සිතා සොරුන්ට බෑණාවුයේය, ිපින්වත් වූ සොරුනි තෙපි ඇම මාකුමක්නිසා ඇල්වූ දැයි කීයේය. ආචාරීනි වස්තු පිණිස යයි කී කල්හි ඉඳින් තොපට වස්තුවෙන් ප්‍රයෝජන ඇත්නම් මා බන්ධනයෙන් මුදවා වහා නහවා අලුත් පිළි අඳවා සුවඳ විලවුන් ගල්වා මල්පළඳවා සිටුවවයි කීයේය. ඒ සොරු ඇමදෙන ඔහුගේ කථාව අසා එපරිද්දේන් කළේය. එකළ බමුණා නක්‍ෂත්‍ර යෝගය දැන මන්ත්‍රය පිරුවා ආකාශය උඩබැලිය එකෙනෙහිම ආකාශයෙන් සත්රුවන් වර්ෂා වූයේය. සොරු ඒ ධනය එක්තැන්කොට උතුරු සළුවල පොදිබැඳාගණ නික්මුණාහුය. බමුණාත් ඔවුන් පසුපස ම ගියේය. ඉක්බිත්තෙන් ඒ සොරුන් පන්සියයක් දෙනා අන්‍ය වූ සොරුන් පන්සියයක් අල්වාගත්තුය. කුමක් පිණිස ඇල්වදැයි කී කල්හි වස්තුව පිණිස ඇල්ලුම්හයි කිවුය, ඉඳින්තොපට ධනයෙන් ප්‍රයෝජන ඇත්නම් මේ බමුණා අල්වා ගනුව මේ බමුණා ආකාශය උඩ බලා ධනවර්ෂාව වැස් වූයේය අපට මේ වස්තුව මොහු විසින්ම දෙන ලද්දේයයි කිවුය. එකල්හි සොරු වස්තුව ඇති මේ වස්තුව මොහු විසින්ම දෙන ලද්දේයයි කීවුය. එකල්හි සොරු වස්තුව ඇති සොරුන් හැර අපටත් වස්තු දෙවයි කියා බමුණා අල්වාගත්තූය. බමුණු කියන්නේ මම තොපට වස්තු දෙමියි සත්රුවන් වැසි වස්වන්නා වූ නක්‍ෂත්‍ර යෝගය වූ කලී මෙතනට අවුරුද්දකින් මත්තෙහි වන්නේය. ඉඳින් තොපට වස්තුවෙන් ප්‍රයෝජන ඇත්නම් කලක් ඉවසව ධන වර්ෂා වස්වන්නෙම් වේදැයි කිවුය. එබස් අසා සොරු කිපී එම්බල දුෂ්ට වූ බමුණ සෙස්සන්ට දැන්ම ධනවර්ෂා වස්වා අපට අනික් අවුරුද්දක් ඉවසන්නට කියන්නේහිදැයි කියා තියුණු වූ මුවහත් ඇති කඩුවකින් බමුණා දෙකඩ කොට ගසා මග හෙලා වේගයෙන් පසුපස්සේ ලුහුබඳවාගෙණ ගොස් ඒ සොරුන් හා සමඟ යුද්ධ කොට පන්සියයක් පුරුෂයන් මරා වස්තුගෙණ නැවත දෙකොටසක් ව ඔවුනොවුන් හා යුද්ධ කොට දෙසියපනසක් පුරුෂයන් මරා මෙම ක්‍රමයෙන් බෙදී ඔහුනොවුන් මැරීමෙන් දෙදෙනෙක් පමණක් සෙස්වූහ. ඒ තාක්වනතුරු ඔවුනොවුන් මැරුවාහුය.

මෙසේ ඒ පුරුෂයෝ දහසක් දෙනා විනාශයට පැමිණියෝය. ඔහු දෙදෙනා උපායෙන් ඒ වස්තුව ගෙණගොස් එක් ගමක් සමීපයෙහි කැලයක වස්තුව සඟවා එකෙක් කඩුවක් ගෙණ වස්තුව රැක උන්නේය. එකෙක් සාල්ගෙණ බත්පිසන්ට ගමට වන්නේය. ලෝභය නම් මෙසේ විනාශයට මුල්කොට ඇත්තෙමය. ඉක්බිත්තෙන් ඒ වස්තුව සමීපයෙහි උන් තැනැත්තේ මෙසේ සිතීය. ඒ පුරුෂයා ආකල්හි මේ වස්තුව දොකොටසක් වන්නේය. එසේ හෙයින් මම ඔහු ආ ඇසිල්ලෙහි කඩුවෙන් ගසා මැරුයෙන් වීන්නම් යහපත් වන්නේයයි ඒ තෙම කඩුව කොපුවෙන් හයා ඔසවාගෙණ ඔහු එන පෙරමග බලබලා උන්නේය. අන්‍ය වූ බත් පිසන්ට ගිය පුරුෂයා සිතන්නේ ඒ ධනය දෙකොටසක් වන්නේය. එසේ හෙයින් මම මේ බතෙහි විෂයක් ලා ඒ පුරුෂයා කවා මරා තනිවම වස්තුව ගන්නෙම් වීන්නම් යහපතැයි සිතීය. ඉක්බිත්තෙන් ඒ බත් පිසන්නාහූ පුරුෂයා බත්පිස අන්තයේ තෙමේත් බස් අනුභව කොට ඉතිරි බතෙහි විෂලා ඒ බත් ගෙණ වස්තු තුබූ තැනට ගියේය. ඔහු බත් බා තබාලා සිට මද ඇසිල්ලකින්ම වස්තුව රැකසිටි තැනැත්තේ කඩුවෙන් ඔහු දෙකඩකොට ගසා මුවාතැනකට දමා ඒ බත් අනුභවකොට තෙමේත් එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියෝය. මෙසේ වස්තුව නිසා සොරුන් දහසක් දෙනා විනාශයට පැමිණියෝය. බෝධිසත්වයෝත් එක් දෙදවසක් ගියකල ආචාරීන් ගලවනු නිසා වස්තුව ඇරගෙණ එන තැනැත්තෝ පළමු තමන් කථා කොට ගියතැන ආචාරීන් නොදැක විසිර තිබෙන්නාවුත් වස්තුවත් දැක ආචාරීන් විසින් මා කිවා නොකොට ධනවර්ෂා වස්වන ලද්දේවනැයි සියල්ලවුන් විනාශයට පැමිණි නියාවනැයි මහවතින් තික්වන ලද්දේවනැයි සියල්ලවුන් විනාශයට පැමිණි නියාවනැයි මහවතින් තික් මුණාහ. යන්නාහූ මහබෝසතානෝ ආචාරීන් මධ්‍යයෙන් දෙකැබිලිව වැද හොත්තා දැක මා කීවා නොකොට මළෝයයි දර ගෙණවුත් දරසෑයක් බැඳ ආචාරීන් දවා වනපසමලින් පූජාකොට ඉදිරියේ යන තැනැත්තෝ ජීවිතක්ෂයට පැමිණියා වූ පන්සියයක් දෙනා හා එයින් මත්තෙහි දෙසියපණස් දෙනෙකැයි මෙම ක්‍රමයෙන් කෙළවර දෙදෙනකු ජීවිතක්ෂයට පැමිණියවුන් දැක මෙසේ සීතුය. මේ දෙදෙනෙකුගෙන් උනුවූ පුරුෂයෝ දහසක් විනාශයට පැමිණියෝය. අනිකුත් සොරුදෙදෙනෙකු වියයුතුය ඔහු දෙදෙනත් වස්තු වෙන් හැම්මීගත නොහෙති දැන් උන් කොයි ගියෝ දෝහෝයි කියා ඉදිරියේ යන්නාවූ මහබෝසතානෝ ඔවුන් දෙදෙනා ධනය ඇරගෙණ කැලේට වන් මග දැක පාදානුසාරයෙන් ගිය තැනැත්තෝ පොදිබැඳ තිබූ වස්තූ රාසිය දැක එකක්හූ බත්තලිය මත්තෙ වැටි මළ තැනැත්තහූ දැක ඉක්බිත්තෙන් මොහුන් විසින් මෙනම් දෙයක් කරණලදැයි සියල්ල නුවණින් දැක ඒ පුරුෂයන් දැන් කොයි ගියේ වේ දෝහෝයි පරීක්ෂා කොට සොයන තැනැත්තෝ ඔවුන් මුවාතැනක දමනලද්දාහූ දැක අපගේ ආචාරීහූ මා කීවා නොකොට තමන් නො කීකරු බැවින් තුමුත් විනාශයට පැමිණියෝය. උන් විසින් අන්‍ය වූ දහසක් පුරුෂයෝ විනාශයට පමුණුවන ලද්දාහුය. එසේ හෙයින් ඒකාන්තයෙන් උපායක් නැතිව නිස්කාරණයෙහි තමන්ට අභිවෘද්ධියක් ප්‍රාර්ථනා කරන්නාවූ සත්වයෝ ආචාරීන් මෙන් මහත් වූ විනාශයට පැමිණෙති සිතා තවද මෙසේ මහබෝසතානෝ යම්සේ අපගේ ආචාරීන් උපායක් නැතිවම අස්ථානයේ උපායක් නැති වීර්යය කෙරෙමින් ධනවර්ෂා වස්වා තුමුත් ජිවිතක්ෂයට පැමිණියෝද අනුන්ටත් ජිවිත විනාශයට ප්‍රත්‍යය වූ ද ඒපරිද්දෙන්ම යම් අනිකුත් සත්වයෙක් උපායෙක් නැතිව තමාට වස්තු කැමතිව විර්ය කෙරෙත්නම් සර්වප්‍රකාරයෙන් තෙමේත් නස්නේය අනුන්ටත් විනාශයට ප්‍රත්‍ය වන්නේ යයි වනය එකනින් නාදකොට දෙවියන් සාධුකාරදෙමින් සිටියදී ධර්මදේශනාකොට උපායෙන් ඒ වස්තුව තමන් වහන්සේගේ ගෙට ගෙන්වා ගෙණ දානාදී වූ පින්කම් කෙරෙමින් ආයු පමණින් සිට ජීවිතාන්තයෙහි ස්වර්ගලෝකයට ගියාහුය. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණ තා දුර්වවුයෙහි දැන් මතු නොවෙයි පෙරත්දුර්වවු බැවින් මහත් විනාශයට පැමිණියෙහි වේදැයි වදාරා මේ දේශනාව ගෙණහැර දක්වා වදාරා මේ වේදබ්භ ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි වේදබ්භ බ්‍රහ්මණයා නම් දැන් මේ නොකීකරු මහණය, අන්තේවාසික වූයෙම් තිලොගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.