මුල් පිටුව 51 සිට 100 දක්වා 66 කාලකණ්ණි ජාතකය

66 කාලකණ්ණි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙහි සංසාර සාගරයට නැවක් බඳුවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. අනේපිඬු මහසිටානන්ගේ මිත්‍රයෙකු අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ මිත්‍රයා වනාහී අනේපිඬු මහසිටානන් හා එක්ව වැලි කෙළියේය, එක් කලෙක ආචාරීන් සමීපයෙහි සිල්ප උගත්තේය, නමින් කාලකන්නිය, ඒ තෙමේ කල්යාමකින් දුක්පත්ව ජීවත්ව ගතනොහී අනේපිඬු මහසිටානන් සමීපයට ගියේය. එකල සිටානෝ ඔහු අස්වසාලා වැටුප් වියදන් දී තමන් සනතක සියල්ල ඕහට පාවාදුන්නාහුය. එතෙමේ සිටානන්ට උපකාරීව සියළු කටයුතු කරන්නේය. එකල එක් යාළුවෙක් සිටානන් සමීපයට ගොස් මෙසේ කිවූය, ‛‛මහසිටාණෙනි මොහු තොප සමීපයෙහි විසිය නොදෙව, සිටු කාලකන්නිය, හිඳු කාලකන්නිය,අනුභවකරව කාලකන්නිය, යන මේ ශබ්දයෙන්වත් පලායන්නේය, මොහු වූකලී තොප හා සමාන කෙනෙක් නොවෙයි, දුකඛිතය, විරූපීය, තොපට මූගෙන් ප්‍රයෝජන කිම්දැ’’යි කිවූය. එබස් අසා අනේපිඬු මහසිටානෝ කියන්නෝ නාමය නම් ව්‍යවහාර මාත්‍රයක, නුවණැත්තෝ ඒ නාම මාත්‍රය ප්‍රමාණ නොකරති, සුතමඬගලිකාවන්ට සුදුසු නොවන්නේය. මා විසින් නාම මාත්‍රයක් එක්ව වැලි කෙළි තැනැත්තහු හැරපියන්ට නොපිළිවනැයි ඒ යාළු විශවාසයන්ගේ බස් නොගෙණ එක්දවසක් තමන්ගේ හොගග්‍රාමයට යන තැනැත්තෝ ඒ කාලකන්නි නම් පුරුෂයා රැකවලට රඳවා ගියේය. එකල සොරු ‛‛සිටානන් ගමට ගියෝය, එසේහෙයින් උන්ගේ ගෙය පැහැරපියම්හ’‛යි නොයෙක් ආවුධ හැරගෙණ රාත්‍රිභාගයෙහි අවුත් ගේ වටලා ගත්තුය. ඒ කාලකන්නි නම් පුරුෂයාත් සොරු එති යන සැකයෙන් නොනිදාම උන්නේය, එතෙමේ සොරුන් ආ නියාව දැන මනුෂ්‍යයන් පුබුදුවා තෝ සක් පිඹුව, තෝ බෙර ගසවයි කියා මහත්වූ රඟ මණ්ඩලයක් සරහන්නාසේ මෙන් සියලු ප්‍රාසාදය එකඝොෂා කෙළේය. එකල සොරු ගෙය සිස්වා තිබුයේයයි අප විසින් වරදවා අසනලද, මහසිටානෝ මෙගෙයිමැයි කැටමුගුරු ආදිය දමාපිය ගියාහුය. දෙවෙනි දවස් එතන දමන ලද කැට මුගුරු ආදියදැක භයපත්ව ඉදින් අද මෙබඳුවූ බුඬිසමපනතවූ ගේ බලන්නෙක් නුවූයේවීනම් කැමැති පරිද්දෙන් වැද සියළු ගෙය පැහැරපියන්නාහුය, මිත්‍රයා නිසා සිටානන්වහන්සේට වැඩක්මවීයයි ප්‍රශංසාකොට අනේපිඬු සිටානන් භොගග්‍රාමයෙන් ආ කල්හි ඒ සියළු ප්‍රවෘතතිය කීවාහුය. එකල්හි සිටානෝ ඒ මනුෂ්‍යයන්ට මෙසේ කිවූය. ‛‛තොපි හැම මාගේ මෙබඳු ගේ බලන්නාවූ මිත්‍රයා මෙතනින් නෙරපියන්ට උත්සාහ කළෝවේදැයි ඉදින් මම තොප හැමගේ බසින් මොහු නෙරපුයේ වීමනම් අද මාගේ වසතුවෙන් කිසිවකුත් නොතිබෙන්නේ වේද නාමය නම් අප්‍රමාණය, හිතමිත්‍රයාම ප්‍රමාණය’’යි කියා ඕහට වඩාලා වැටුප් දී සඬග්‍රහ කළෝය.

ඉක්බිත්තෙන් ඒ සිටානෝ දැන් මම සර්‍වඥයන්වහන්සේට දන්වමි මේ කාරණා නැමැති පඬුරෙක් ඇත්තේයයි සර්‍වඥයන්වහන්සේ සමීපයට ගොස් ආදියෙහි පටන් සියළු පවත් දැන්වූය. සර්‍වඥයන්වහන්සේ ‛‛සිටාණෙනි කාලකන්නි මිත්‍රයා තමාගේ ගෘහවසතුව රැක්කේ දැන්මතු නොවෙයි පෙරත් රැක්කෝ වේදැයි වදාරා සිටානන් විසින් ආරාධිතවූ බුදුවූ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගියදවස බරණැස්නුවර බ්‍රහමදතත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ මහත්වූ යසපිරිවර ඇති මහතානෙකණෙක් වූය. ඒ සිටානන්ගේ කාලකන්නි නම් මිත්‍රයෙක් විය, යනදී සියල්ල වර්‍තමාන කථාව හා සදාශ වන්නේය. බොධිසත්‍වයෝ තමන්ගේ භොගග්‍රාමයෙන් ආ තැනැත්තෝ එපවත් අසා ඉදින් මම තොප ඇමගේ බසින් මෙබඳුවූ මිත්‍රයා නෙරපියන්නම් අද මාගේ ගෙයි කිසි වස්තුවක් නොතිබෙන්නේවේදැයි කියා මිත්‍රයාගේ ගුණ කීවාහුය. තවද සත්පියවරක් එක්ව යැමෙන් මිත්‍රනම් වන්නේය. දොළොස් දවසක් එක්ව විසීමෙන් සහායනම් වන්නේය. මසකින් යෙළමසකින් ඤාතිසමාන වන්නේය. එසේ හෙයින් සත්පුරුෂ ගුණ ඇත්තාවු මම ආත්ම සැපය නිසා බොහෝ දවසක් විශවාසවූ මේ කාලකන්නි නම්වූ පුරුෂයා කෙසේ නම් හැරපියම්දැයි මිත්‍රරසයෙහි ගුණ කීවාහුය. එතැන් පටන් නැවත කිසිවෙක් මේ කාලකන්නි නම් පුරුෂයා පිළිබඳ බසක් නොකීයේය. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා වදාරා මේ කාලකන්නි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කාලකන්නි පුරුෂයා නම් දැන් ආනන්‍ද ස්ථවිරයෝය, එසමයෙහි බරණැස්නුවර සිටානෝ නම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්මවේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.