තවද ශාක්යකුලතිලක වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසමයෙහි කොකාලිකස්ථිවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි
ඒ කෙසේද යත්
සැවැත්නුවර බොහෝ භික්ෂූන් වහන්සේ ඒ ඒ තැන බුදුන්ගේ පාළිධර්මය පිරිවරණසේක. ඒ කෝකාලික තෙරුන්නාස්සේ බණ කියන්නා අසා තමන් වහන්සේ බණ කියාගතනොහෙතත් බණකියනනියාවට අපි බණ නොකියමෝදැයි එසේ කල අපගේ බණ අසන්නෝ ඇත්නම් කියන්නමෝ වේදැයි කියාගෙන ඇවිදිනාසේක. එපවත් සංඝයාවහන්සේ අසා ඒසේ වීනම් කොකාලිකයෙනි අදදවස් තෙපි බණ කියවවි කීසේක. එබස් අසා යහපත බණකියමි ගිවිස යහපත් කොට කැඳ අවුළුපත් ආදී දෙය වළඳා කටුකරඬුමලේ පැහැය ඇති සිව්රකුත් යහපත් තැඹිලිවන් සිවුරකුත් ඇඳ පෙරව බණකියන්ට උන්සේක. ධම්මස්සවන කාලෝ අයං පදන්තා කියා බණට අඬගා ඒ අඬඅසා බොහෝ භික්ෂූන් වහන්සේ ධම්සභා මණ්ඩපයට රැස්වූසේක. එතනට තමන්වහන්සේත් වැඩවෘද්ධ භික්ෂුන් වහන්සේට නමස්කාර කොට විසිතුරු කර්මාන්ත කළ විජිනිපත්රයක් අතට ගෙන ධර්මාසනාරූඪව බණ කියන්ට වැද පළමුකොට කියන ගාථාවෙන් පදයක් කියා අනිකුත් පදය දැකගත නොහි තුෂ්ණිම්භුතව සර්වාංගය මුළුල්ල ඩාදිය සෙල්වී තමන් වහන්සේ කී වාසියට බණ කියාගත නුහුනු හෙයින් භය ලජ්ජාවට පැමිණ ධර්මාසානයෙන් බැස කරබාගෙණ පලාගියසේක. ඒ වෙලේ අනිකුත් භික්ෂූ කෙණෙකුන් වහන්සේ පලග නැගී බණ කීසේක. එක් දවසක් ධම් සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කොකාලික ස්ථවිරියන් බණ කියන්ට සපනායයි උනුම්හ දැන් උන් බණ නොදන්න නියාවත් නුව නැතිනියාවත් දතුම්හයි කිය කියා මේ කථාවෙන් යුක්තව උනුසේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා එපවත් අසා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
|