157 රිනිල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශාස්තෘ වූ සම්මාසම්බුදු රජානන් වහන්සේ රජගහනුවර වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන්ගේ සර්වඥ විලාශය දක්විමක් නිසා මේ ජාතකය දක්වන ලදී.

හේ කෙසේද යත්

සර්වඥයන් වහන්සේ දැගසවුවන් වහන්සේට වදාරණසේක් දේවදත්ත ස්ථවිරයන්ගේ පන්සියයක් දෙනාවහන්සේ රහත්කරවාගෙණ එනසේකැයි කියා ඒ දෙදෙනා වහන්සේ ගයාශිර්ෂ නම් දේවදත්ත ස්ථවිරයන්හිදිනා විහාරයට ගිය සේක. එවිට දේවදත්ත ස්ථිවිරයෝ සර්වඥ විලාසයක් දක්වන්නෝ ශාරිපුත්‍ර ස්ථවිරයෙනි. මාගේ වසටරිදෙයි තොපි බණ කියවයි කියා ධර්මසනය පිටිපස්සේ වැදහොත්තාහ. සැරියුත් සාමින් බණ කියා පන්සියයක් දෙනාවහන්සේ රහත්කරවා අරගන පලාගියසේක. එවිට දෙවදත්ත ස්ථවිරයන්ගේ ලඟට කොකාලිකස්ථිවරයෝ පැමිණ පයින් ලයට ඇන ලේ තුන්කටත් ගන්වාපුහ. සැරියුත් මුගලන් දැගසට වන් දෙදෙනාවහන්සේත් සර්වඥයන් කරා වැඩිසේක. සර්වඥයෝද එවිට දැගසව් වෙනි තොප දැක දේවදත්ත ස්ථිවිරියෝ කුමන කෘත්‍යයක් කලසේක්දැයි විචාළසේක. දැගසව්වන් වහන්සේ වදාරණ සේක් ස්වාමිනි දේවදත්ත ස්ථවිරයෝ සර්වඥ කෘත්‍යයකොට ලය තලාගෙන ලේ තුන්කටත් නගාපුවෝ වේදැයි වදාළසේක. එවිට සර්වඥයන් වහන්සේ දැන්මතු නොවෙයි පළමුත් දෙවදත්ත ස්ථවිරයෝ මාගේ කෘත්‍යකොට හීනවූවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස විදේහරට මියුළුනුවර විදේහ නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යයකරණ සමයෙහි හංසයෙක් කැවිධියක හා සමග සංවාස විය. ඒ සංවාසයෙන් කැවිඩිධේනුව පුතකු වැදුහ. එකියන පුත්‍රයා මවසේ කළුපැහැයත් නොවෙයි පියවු හංසයාගේ රන්වන් පැහැයත් නොවෙයි. දෙපැයටම නොවනිලවන් පැහැයමවිය. ඒ උන්ගේ දෙමව්පියෝ උන්ට නම් තබන්නාවු විනීලයෝයයි නම් තුබූහ. හංසයානන්ගේ හිමාලයෙහි හංසපැටවුන් දෙන්නෙක් ඇත්තාහ. එසේ හෙයින් හංසයා අතුරේ මියුළුනුවරට ඇවිත් යන්නේය. ඒ දැක හංස පැටව් දෙන්න කියන්නෝ පියානන් වහන්සේ නුඹවහන්සේ මනුෂ්‍යපථයට නිතර යාමෙන් උපද්‍රවවන්නේය. අපි ගොසින් ඒ පැටවුන් ගෙනෙම්හයි කිහ. එසේ වීනම් මියළුනුවර වාසලකෙරේ තල්ගසෙක කවුඩු කැදැල්ලක වෙසෙති තොපි දෙන්න ගොසින් හැරගෙණවයි යැව්හ. එවිට හංසපෝතකයෝ දෙන්න විනීල නම් කපුටුවා ලඟට අවුත් ඔහු ලීයක හිඳූවා හංසයෝ දෙන්න ලියදෙපිටින් ඩැගෙණ විනීලයා මැද්දෙහි හිඳූවාගෙණ මියුළුනුවර මධ්‍යයෙන් නික්මුනාහ. ඒ වෙලාවට වේදෙහ රජුජුරුවෝ යහපත් කොටසැරහී ඇලිඅසුන් සතරදෙනෙකු යෙදු රථයකට නැගී නුවර මහත් ප්‍රදක්‍ෂිනාවෙන් නික්මුනාහ, ඒ වෙලාවට විනිලකයාත් ආකාශයෙන් යමින් සිටියේ රථයෙන් යමින් සිටි රජ්ජුරුවන් දැක කියන්නේ මියුළු නුවර ගෙයක්කොට ඇති වේදෙහ රජ්ජුරුවෝත් අසුන්සතර දෙනෙකු යොදනලද රථයකින් නික්මුනාහුය. මමත් ස්වර්ණාහංසයෝ දෙන්නෙකු යොදන ලද රථයෙන් ආකාශයෙන් නික්මුනෙමි කිය. එබස් අසා හංසයෝ කෝපවූ මෙතනදී මරා පියාම්හයි සිතානැවත සිතන්නාහු එසේකළ මෝනම් පියනාන් වහන්සේ ඊර්ෂියාවෙන් මරාපියා ගියහයි සිතනාසේකැයි සිතා එසේ නොකොට හැරගෙණගියාවූ හංසයාන්ට එපවත් කීයේය. හංසයා කිපි තෝ තාගේ තරම නොදනිද. තොපසේ වුවන්ට නිසි මල මුත්‍ර ඇති ස්ථානයෙක විනා මෙසේවුතෙන තොපට ආස්ථානයයි කියා හංසපැටවුන්ට කියන්නාහු, මොහු ඇරගෙන මුගේ වලග ලාපියාඑවයි කිහ. හංසයොත් එලෙසම කළෝදැයි වදාරා දෙකල් ගලපා මේ විනිල ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි විනිලනම් දේවදත්ත ස්ථවිරයනය. හංසපැටවා නම් දැගසව්වෝය. පියානෝ නම් ආනන්ද ස්ථිවිරයයෝය. වෙදහරජව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම යි වදාළසේක.