මුල් පිටුව 151 සිට 200 දක්වා 156 සවණී මයුර ජාතකය

156 සවණී මයුර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණානිධාන වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ශාසනයෙහි උකටලීවූ භික්ෂූකෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට පානාහ. සර්වඥයෝ සැබෑද මහණ උකටලී වුයෙහියයි වදාරා සැබෑව ස්වාමීනි කියන්නා කුමක් නිසාදැයි විචාරා වදාරන්නා සරහන ලද ස්ත්‍රීයක දැක ඈ කෙරෙහි පිළිබඳ සිතින් ශාසනයෙහි උකටලීවූයෙහියයි කියන්නා එවිට සර්වඥයෝ මහණෙනි මුන්සේවු අහේතුක ප්‍රඥා ඇති සත්වයා තබා මහොත්තමයෝ ස්ත්‍රීවසඟයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ මයුරව උපන්සේක. උපදිනා බිජු වටින්ම රන්වන් පෑ ඇතිව ඉපිද බිජුවට ගසාපූකල රන්වන්පෑයව ඉපිද වැඩි විය පැමිණ පියාපත් අසුඅන්ධසේ රතුරේඛාවලින් සමලංකෘතව බැළුවන්ට ප්‍රසාද එලවන තරම් විශේෂවූ රූපශ්‍රියෙන් යුක්තව ඉන්නාසේක් මෙසේවූ සිතක්සිතු සේක. මාගේ රූපශ්‍රිය අනර්ඝ හෙයින් මනුෂ්‍යයන් ලඟ දවස්වැහැරීමෙන් යම්සේ උපද්‍රවයෙක් වෙයි සිතා හිමාලය වනයට ගොස් පර්වත වලාළුතුනක් ඉක්ම ගොස් සතරවන පර්වතවලල්ලෙහිවූ දණ්ඩාකාරඤ්ඤ නම් පර්වත වලල්ලෙහි වාසය කරන්නෙහිය. ඒ මයුර රජ දවස්පතා ගොදුරු භූමියට බස්නාකල තමාට ආරක්ෂාව පිණිස නැගෙන්නාවූ සූර්ය දිව්‍යපුත්‍රයන් බලා මෙසේ වූ බ්‍රහ්ම මන්ත්‍රයක් කියයි ඒ කෙසේද උදෙතයං චක්ඛුමා එකරාජා හරිස්සවනෙනා පඨවිප්පහාසොතං නං නමස්සාමි හරිස්සවන්තං පඨවිප්පහාසං තයජ්ජගුත්තා විහාරෙමු දිවයං යන මේ මන්ත්‍රය කියා

පර්වතයෙන් බිමට බස්නේය. එහි අභිප්‍රාව කෙසේද යත් ?.

සකල චක්‍රාවාල ගර්භවාසීවු සියලු සත්වයාහට රාත්‍රිභාගයෙහි වූ අන්ධකාරය විධිවංශනය කොට රූපදර්ශනය කොට හේතුවූ ආලෝක පතුරවන හෙයින් ඇස් ඇත්තාවූ වොරජිම් අර්ථයෙන් සියළු සක්වළගැබ ආලෝක පතුරවන්නාවූ ඒ සුර්ය පුත්‍රයාහට නමස්කාර කෙරෙමි අද දවස් ඒ සුර්ය දේවතාවා විසින් රකිනාලදුවයි නිර්භයව වාසය කෙලෙමි කියා සූර්යාට නමස්කාර කොට දෙවනුව අතීතවූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරණ මයුරයා මෙලෙස කියා යේ බ්‍රාහ්මණවෙදගු සබ්බධමේම තෙමේ නමො තෙවමං පලායන්තු නමත්ථු බුද්ධානං නමත්ථුබෝධියා නමො විමුත්තානං නමො විමුක්තියා ඉමං සො පරිචත්තං කත්වා මොරොවරති එසනා. මෙහි අභිප්‍රාව කෙසේද යත්?.
තවද දුරුකරණලද පාපයන්ඇති සකන්ධධාතු ආයතනාදී සියළු පදාර්ථයන් සර්වප්‍රකාරයෙන් පිරිසිඳ දත්තාවූ යම් සර්වඥයවන් වහන්සේ කෙනෙක් ඇද්ද මාගේ නමස්කාරය උන්වහන්සේට වේවයි ඒ අතිත කාලයෙහි අපමණවූ අචින්ත්‍ය වූ ආබංගුණාගණාඟයෙන් යුක්තවූ සර්වඥයන්ට නමස්කාර වේවායි ඒ සර්වඥයන් විසින් ප්‍රතිවෙධ කරණලද සම්‍යයක් සම්බුද්ධ ඥාණයටද නමස්කාර වේවායි ඒ සවර්වඥයන් විසින් වදාරණලද සද්ධර්ම වූ පරිද්දෙන් පිළිපදින්නාවූ සංසාර සාගරයෙන් ගොඩනැගී අමාමහනිවන් දුටුවාවූ සංඝරත්නයටද නමස්කාර වේවායි ඒ සර්වඥයන් විසින්ද, ඒ ආර්ය සංඝයා වහන්සේ විසින් ප්‍රතිවෙධ කරණලද සතරමහ සතරඵල සංඛ්‍යාතවූ විමුක්තියටද නමස්කාර වේවායි කියා ඒ මයුර රජ්ජුරුවෝ මේ පිරිත් ආරක්ෂාකොට ගොදුරුපිණිස හැසිරෙන්නාහයි වදාළසේක.

ඒ මයුරතෙම මේ පිරිත් ආනුභාවයෙන් දාවල් දවස් සැපසේ කිසි අන්තරාවක් නැතිව සැපසේ ඇවිද රාත්‍රීභාගයෙහි පර්වතයට නැගී බස්නාහු සුර්‍යයා දැක ඒ පරිත්තය පිරීත්වන්නාහු අපෙතයං චක්ඛුමා ඒකරාජා හරිස්සවනෙනා පඨවිප්ප භාසො තං තං නමස්සාමි හරිස්සවන්නං පඨවිප්පහාසං තයජජගුනතා විහාරෙමුරත්තිං. යෙ බ්‍රහ්මණ වෙදගුස්බබ ධමේම තෙ මේ නමො තෙව මං පාලයන්තු නමත්ථු බුද්ධානං නමත්ථ බෝධියා නමො විමුත්තානං නමෝ විමුක්තියා ඉමං සො පරිත්තා කත්වා මොරොවාසමකප්පයිති කියන මේ පරිත්තානුභාවයෙන් රාත්‍රියෙහිත් සැපසේ වාසය කරන්නාහ. මේ නියායෙන් පරිත්‍යානූභාවයෙන් දවස්පතා වාසය කරණ කල්හි එසමයෙහි එක් වැද්දෙක් වනචරකව හිමාලවනයෙහි ඒ ඒ තැන ඇවිදින්නේ ය. බෝධිසත්වයන් වාසය කරණ පර්වත සමීපයට තමා මියන අවස්ථාවේ එම්බල අසවල් දණුඩකාරඤ්ඤ පර්වත මුදුනේ රන්වන් මයුරයෙක් ඉදිනේය. යම්දවසක රජ්ජුරුවන් වහන්සේ රන්වන් මොණරෙකුගෙන් ප්‍රයෝජන ඇතැයි කීසේක් නම් තෝ ඒ මොණරා අල්වාදෙවයි කිය. එසමයෙහි බරණැස් රජ්ජුරුවන්ගේ අග්‍රමෙහේසිකාව වූ ඛේමානම් බිසව රාත්‍රියෙහි ස්වප්නයෙන් රන්වන් මොනරකු අතින් බණ අසන්නා දැක පිබිද උදෑසන රජ්ජුරුවන්ට කියන්නී රන්වන් මොණරකු මට අවස්‍යයෙන් දුටොත්විනා මගේ ජීවිතය නැතැයි කියා දොලගත්තාහ. එබව රජ්ජුරුවෝ දැක අමාත්‍යයන්ගෙන් රන්වන් මොණරකු ඇද්දැයි විචාළාහ. අමාත්‍යයෝ රන්වන් මොණරෙකු ඇතිනියාව නැති නියාව දන්නෝ බමුණෝයයි කීවාහ. රජ්ජුරුවෝ යහපතැයි බමුණන් අතින් විචාළහ. බමුණෝ ශාස්ත්‍ර බලා රන්වන් මොණරු ඇත ඒ දන්නෝ වැද්දෝයයි කීහ. එවිට රජ්ජුරුවෝ වැද්දන් ගෙන්වා රන්වන් මොණරුන් ඇතිතැන් දන්නෝ ඇද්දයි විචාළහ. ඉන් එක් වැද්දෙක් කියන්නේ ස්වාමීනි හිමාලවනයෙහි පර්වතවලලු තුනකින් එපිට දණ්ඩකාරඤ්ඤ නම් පර්වතයෙහඇතැයි කීහ එවිට රජ්ජුරුවෝ එසේ වීනම් තොප ගොසින් ගෙණවයි කීහ. එවිට වැදිතෙමේ යහපතැයිගිවිස තමාගේ පුතාට එපවත්කීයා තෙමේ වලට ගොස් පියා කී සලකුණු නියාවට දණ්ඩකාරඤ්ඤ නම් පර්වතයේ මොණරා වාසය කරණ නියාව දැක මොණරා ගොදුරු සොයා බස්නා මාවත දැක එම මාවත වල ඉඳූවා බෝධිසත්වයන් බඳන්ට බොහෝ උත්සාහකළේය. බොධි සත්වයන්ගේ මන්ත්‍රානුභාවයෙන් මල ඇතුලේ පයලුවත් මලනොහැසිරෙන්නේය. මේ නියායෙන් ඒ වැදි තමාගේ දිවිහිමියෙන් උත්සහකොටත් බැරිහෙයින් ඒ හිමාලවනයෙහිම හිඳ මලේය. ඛේමානම් බිසවුන් මොණරාලබමි දොළානොලත් හෙයන් මළාහ. රජ්ජුරුවෝත් මොණරා නිසා බිසවුනුත් මළේයයි සිතා මොණරා කෙරෙහි වෛර බැඳ රන්පොතක ලියාවන්නාහූ අසවල් හිමාලවන පර්වතයෙහි පර්වතවල තුනකින් ඇතුළේ දණ්ඩකාරඤ්ඤ නම් පර්වතයෙහි ස්වර්ණමයුරයෙක් වෙසෙයි ඒ මයුරයාගේ මස් කෑ කෙණෙක් අජරාමර වෙති රන්පත ලියාවා භාණ්ඩාගාරයේ රක්ෂාකොට තබා මළහ. උන්ට ඉක්බිති රාජ්ජයට පැමිණ රජ්ජුරුවෝත් ඒ රන්පත්දැක එසේ වීනම් මොණරා මරා මස් කා අපරාමරවෙන්ට උවමැනවැයි සිතා වැද්දෙකු යවුහ. ඒ වැදිත් බොහෝ උත්සාහ කොට මන්ත්‍රානු භාවයෙන් බැරිහෙයින් ඒ වනයේම මළේය. මේ නියායෙන් රජදරුවෝ සදෙනෙක් යැවු වැද්දෝ සදෙනම බැද්දේ මළ පමණ විනා මොරණාරා අල්වාගත නොහුනුවාහුය. සත්වැනි රාජ්ජයට පැමිණි රජ්ජුරුවෝත් රන්පත බලා එලෙසම වැද්දෙකු යවුහ. එර් වැදිත් වලටගොස් බෝධිසත්වයන්ට මල ඉඳූවා බොහෝ උත්සාහකොට බැරිහෙයින් සීතන්නේ මේ මොණරා මලෙයි පයාලාත් නොබැඳෙන්නේය. කුමණකාරණයකින්දෝහෝයි සිතා පරීක්ෂා කරනනේ බෝධිසත්වයන් උදැසනක්සේ සූර්යාව නමස්කාරය හා බ්‍රහ්මමන්ත්‍රය පිරවීම් ආදීයවූ කාරණ දැක එසේ වීනම් මන්ත්‍රය ආකුලකෙරෙමි සිතා පිටිසරගමක පෙරලා අවුත් මොණරා සෙබඩක් අල්වාගෙණ ඒ මොණරා සෙබඩ සිටි තැනට අවුරුසන් ගැසුවේලේ නටහාරව ප්‍රතිරාව කරන්නට හා මෙකෙී දෙය මොණරා සෙබඩ කරණ ලෙස සලස්වාගෙණ මොණර සෙබඩ ඇරගෙණ පෙරලා හිමාලවනයට ගොස් බෝධිසත්වයන් ගොදුරු භූමියට බස්නාතෙන මල ඉඳුවා එතැන සෙබඩ සිටුවා බෝධිසත්වයන් ඉරුබලා මන්ත්‍රය පිරුවනට පළමුකොට මොණර සෙබඩා ලවා රාගානිශ්‍රිත කොට ඇඬිවිය බෝධිසත්වයෝත් නැතැක් දවස් ඇසුරුගනිශ්‍රීත අඩ සෙයෙින් ඊ බැඳ යක්ෂයන් ආවේසවුකල කිසිවක් නොදන්නාමෙන් රාගයෙහි බැඳි පිරිවන මන්ත්‍රය සඳහන් නැතිව සෙබඩ සිටිතෙනට මොණරා බටතෙනත්තෝ මල බැඳින එවිට වැදි මොණර අල්වාගෙණගොස් රජ්ජුරුවන්ට පෑහ. රජ්ජුරුවෝත් මොණරා දැක සතුටුවුහ. එවිට මයුර රජ්ජුරුවෝ රජගෙන් විචාරන්නේ මා ගෙන්වුයේ කුමකටදැයි විචාළහ. රජ්ජුරුවෝ කියන්නෝ තොපගේ මස්කෑවන් අජරාමරවෙති අසා තොප මරා මස්කන්ට ගෙනවමි කීසේක. එවිට මයුර රජ්ජුරුවෝ කියන්නාහු මාගේ මස් කා අජරාමර වෙතොත් යහපතැයි මා මියනකල මාගේ මස් කැවුන් අජරාමර වෙන්නේ කෙසේදැයි කිහ. එබස් රජ්ජුරුවෝ අසා එසේ නොකියව රන්වන් මොණරා වේදැයි කිහ. එබස් මයුරරජ්ජුරුවෝ අසා එසේ වීනම් රන්වන් වූ කාරණාව අසව මම යටගියදවස බරණැස්නුවර චක්‍රවර්ති රජව ඉපිද පන්සිල්රැක දැහැමෙන් සෙමින් රාජ්‍යය කොට ඉන් මියගොස් දිව්‍ය ලෝකයෙහි ඉපිද එයින් චුත වුකල අකුසල් බලයෙන් මේ තිරිසන් යෝනියෙහි උපනිමි මාරැක්කාවූ පඤචශිලයෙහි බලයෙන් මෙසේ වූ රූපශ්‍රියකට පැමිණියෙමි කීහ.ඒ දොඅදහන රජහට මයුර රජ්ජුරුවෝ කියන්නාහු මම යටගියදවස චක්‍රවර්තී රාජජ්‍ය කරණ සමයෙහි මම ද ආකාශ චාරීව ඒ ඒ තැන ඇවිද්දාවූ රන්රුවන් රථයක් ඇත. ඒ රථය තොපගේ මගුල් පොකුනේ දිය ඉස්සා රථය ඇරගෙණ මාගේ බස් සැක අරවයි කිහ. එබස් අසා රජ්ජුරුවෝ එලෙස පැන් ඉස්සවා රථය ගොඩලා ගත්තාහ. රජ්ජුරුවෝ සතුටුව බෝධිසත්වයන් මුදාඅලහ. බෝධිසත්වයෝත් එවිට රජ්ජුරුවන්ට පන්සිල් දී අවවාදකොට පක්‍ෂ ප්‍රහාර කෙරෙමින් දණ්ඩකාරඤ්ඤ නම් පර්වතයටම ගියායයි වදාරා ශාස්තෘ වු බුදුරජානන් වහන්සේ චතුසත්‍යය ප්‍රකාශ කොට මේ ස්වර්ණමයුර ජාතකය නිමවා වදාළසේක. ජාතකාවසානයේදී ඒ භික්ෂූන් වහන්සේත් සියළු කෙලෙසුන් නසා රහත්වූසේක. එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථිරයෝය, මයුර රජ්ජුරුවෝ නම් ලොවුතුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.