155 සුහනු ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝපී භික්ෂූ දෙදෙනෙකුන් වහන්සේ නිසාතවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝපී භික්ෂූ දෙදෙනෙකුන් වහන්සේ නිසා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්.

සැවැත්නුවර වාසය කරණ භික්ෂූ කෙනෙකුන් වහන්සේ කෝපව චන්ඩ පර්ෂව වාසය කරණ සේක. පිටිසර එසේම එක් නමෙක් චන්ඩ පර්ෂව වාසය කෙරෙති මෙකී යන දෙනම චඩපර්ෂ නියාව ප්‍රකාශව තිබෙයි. එසමයෙහි පිටිසර නම සැවැත් නුවරට වැඩිසේක. සාමනේරදහර භික්ෂූන් වහන්සේ සිතනසේක් තොපි දෙනම එකතැනට සැලසුනුකළ කුමක් කරද්දෝහෝයි සිතා ඇවැත්නි නුවර කෝපිනම වසනගෙයි පිටිසර කෝපීනමලු සේක. කෝපී දෙනම ඔවුනවුන් වහන්සේ දැක ආචාර සමාචාර කොට උනුන්වහන්සේගේ අත් පා මැඩ මේ නියායෙන් විශ්වාසව උන්සේකැයි මේ කාරණාව ධම්සභා මණ්ඩපයෙහි රැස්වූවන් මාළුව රූන්වහන්සේ කිය කියා වැඩ උන්සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි වදාරා මහණෙනි එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි යටගිය දවසත් මේ භික්ෂූහූ දෙනම ඔවුනවුන් වහන්සේ දැකපුවෙලෙහි සමගිවුයෝ වේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන් වහන්සේට කලමනා සියළු කටයුත්තෙහි තමන් යුක්තව රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයට වදිනා අය වියදම් ආදීවූ දෙයත් අසුන් විකිණීමෙන් දක්ෂව මැදහත්ව වෙළඳාම් කරණ අමාත්‍යව උපන්සේක. ඒ අවදියට අසුන්ගෙණ වෙළඳාම් කරණ ලෙස අසුන්වත් සියයක් ඒ නුවරට ගෙණාවුය. බරණැස් රජ්ජුරුවෝ ලොභිව එසේ හෙයින් බෝධිසත්වයන් දැහැමින් සෙමින් කරණ වෙළඳාම් වලට මැලිව අනිත් අමාත්‍යයෙකුට අසුන් වෙළඳාම් කරණ ලෙස සලස්වා ඒ අමාත්‍යයාට කියන්නා හූ අපගේ සොන නම් වඩවු අසෙක් ඇත. ඒ අස්ව වෙළඳාමට ගෙණා අසුන් මධ්‍යයේ ලාපියව ඒ අසුන් මේ අශ්වයා කඩකා වනයකොටපියයි වනකොටපු කල මිල අඩුවෙයි මිල අඩුවුකල සම්පත් දී අරගතැයි කියා මෙවර කීහ. අමාත්‍යයෝත් එලෙස කෙළෝය. ඒ අයුත්ති විඳගත් අස්වෙලඳා බෝධිසත්වයන් වහන්සේ කරා ගොස් එපවත් කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු ඇයි තොප ඇම්ලඟ චඩපර්ෂ අශ්වයෙක් නැද්දැයි විචාළාහ. එබස් ඇසු අස්වෙලෙන්දා කියන්නෝ අපලඟත් සුභ නම් චඩපර්ෂ අශ්වයෙක් ඇතැයි කීහ. එපවත් බෝධි සත්වයෝ අසා එසේ වීනම් දෙවැනිව එනකල අශ්වයාත් ඇරගෙණ එවයි කීහ. එපවත් අස්වෙලෙදෝ යහපතැයි ගිවිස පසුව වලියේ එන්නාවූ ඒ අසාත් අරගන ආවාහුය. එවිට රජ්ජුරුවෝ අසුන් ඒ නුවරට ආනියාව අසා රජ්ජුරුවෝ සීව්මැදුරු කවුළුවේ මතුමාලේ බලාසිටියාහු සොන නම් අසාත් අසුන් මධ්‍යයට මුදපූහ. එවිට අස් වෙළදූන් තමන්ගේ සුභ නම් අසා උනුපුහ. එවිට චඩපර්ෂ අසුන් දෙන්නා උනුන්කරාගොස් උනුන් පිටිතොල තබාගෙණ කම්පස් අසුන් මෙන් සිටියාහ. එවිට රජ්ජුරුවෝ බෝධිසත්වයන්ගේ මූනබලා මේ කිමෙක්ද කම්පස් අසුන් දෙන්නෙකු මෙන් උනුන් මුනබලා සිටියාහයි බෝධි සත්වයන් අතින් විචාළාහ. බෝධිසත්වයෝ ඊට කියන්නාහු කෙතෙක් දුරවුනත් අසත්පුරුෂයෝ අසත්පුරුෂයා දුටුකල එක්වන්නේය සත්පුරුෂයා සත්පුරුෂයෝ දුටුකල් එක්වන්නේමය. එසේ හෙයින් නීවවූ අසා හා නිවවු අසා එක්වුයයි කියා නැවත කියන්නාහු රජ්ජුරුවන් විසින් අධිකලොභ නුවමැනව මනුෂ්‍යයයන්ගෙන් අයුක්ති සම්පත්ති ගැනීම දෝෂයයි කීහ. එබස් රජ්ජුරුවෝ අසා ඔවුන්ගේ වෙළඳාම් කිරීම බෝධිසත්වයන්ටම භාරකළාහ. බෝධිසත්වයොත් අගයවු නියාවට ඒ වෙළඳාම් කොට අස්වෙළදුන්ට සම්පත් දුන්නාය. අස්වෙළදුන් සම්පත් ලැබ සන්තෝෂයෙන් ගියාහ.,රජ්ජුරුවොත් බෝධිසත්වයන්ගේ අවවාදවූ නියාවට දැහැමින් සෙමින් රාජ්ජය කොට කම් වු පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මහණෙනි එසමයෙහි චඩපර්ෂ අනුන්දෙන්නා නම් මෙසමයෙහි කෝපී වූ භික්ෂූන් දෙදෙනය රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය.

පණ්ඩිත අමාත්‍ය නම් බුදුවූ මම්මයයි වදාරා සුහනු ජාතකය නිමවා වදාළසේක.