154 ගුණ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ආනන්ද සාමින් විසින් එක් දවසක් ලබන පිළිසඟල දහසක් නිසා මේ ජාතකය දක්වන ලදී.
ඒ කෙසේද යත්.

ආනන්ද සාමින් කෝසල රජ්ජුරුවන්ගේ අන්තඃපුර ස්ත්‍රීන්ට බණ කියන සමයෙහි එක්දවසක් කොසල රජ්ජුරුවන්ට දාස් මිල වටිනා පිළිසඟල දාසක් පාක්කුඩම් පිණිස පෑහ. ඉන් රජ්ජුරුවෝ පිළිපන්සියයක් අනදසාමින් ගෙන් බණ අසන බිසෝවරුන්ට දුන්හ.් ඒ බිසෝවරු පන්සියය නොඇඳ තිබාගෙණ ඉඳ සාමින් බණ කියන්ට ආවේලේ පන්සියයක් දෙනම තම තමන් ලත් පිළි පන්සියයම පිළිගැන්වූහ.

අනද සාමින් ඒ පිළිගෙණ ගණයට වැඩිසේක. පසුව දවස් මේ නිමවන වේලාවට බිසෝවරු පන්සියයක් දෙනම පරණ පිළි ඇඳගෙන රජ්ජුරුවන් කරා එන්නාහ. එවිට රජ්ජුරුවෝ ඊයේ මාදුන් පිළිකොයිදැයි විචාරන්නාහ. ස්වාමිනි ඒ පිළිසඟල පන්සියයම අනද සාමින්ට පිළිගැන්වුහයි කියන්නාහ. එවිට රජ්ජුරුවෝ අනදසාමින්ම පිළිගත්සේක්දැයි විචාරා බිසෝවරුන් එසේය පිළිගත්සේකැයි කියන්නා සර්වඥයන් වහන්සේ වදාළේ තුන්සිවුරක් වුව මෙතෙක් පිළිගත්තේ පිළි වෙළදාම් කරණසේක්දැයි සිතා රජ්ජුරුවෝ කිපී අනදසාමින්ගේ ගණයට ගොස් ස්වාමිනි අන්තඃපුර වාසීන්ට බණ කියා වදාරන්නේ ඇද්දැයි විචාරන්නා එසේය මහරජ කියම්හයි වදාරන්නා කියන පමණක්ද උයිත් බණ අසා උගනිද්දැයි විවරන්නා එසේය මහරජ අසති පිළිවන් පිළිවන්දෙයක් වණපොත් කෙරෙති කියන්නා නුඹ වහන්සේ අතින් අසන පමණක්වීනා යම්සත්කාරත් කෙරෙද්දැයි විචාරන්නා එසේය මහරජ ඊයේ බණ අසා පිළිසඟල පන්සියයක් දුන්නුහයි වදාරන්නා ඇසී සර්වඥයන් වහන්සේ් තුන්සිවුරක් අනුදත්සේක. මෙතෙක් පිළි ගත්තේ ඇයිදැයි විචාරන්නා මහරජ සර්වඥයන් වහන්සේ විසි ප්‍රයෝජන විදිමට තුන්සිවුරක් මිස පිළිගැන්වීමට මෙතෙක් දෝශනැතැයි සර්වඥයන් වහන්සේ වදාළසේක. එසේ හෙයින් මාලත් පිළිදුර්වල සිවුරු ඇතිතෙනට දෙමිකියන්නා පළමුසගල සිවුරුකරන්නේ ්කිම්දැයි කියන්නා ඒ සිවුරුපොරෝනා සිවිරට අරගන්නාසේකැයි වදාළසේක. එවිට රජ්ජුරුවෝ කියන්නේ පොරොනාසිවුරු කුමක් කෙරෙද්දැයි විචාරන්නා මළුතැණක්කපා හැර අඳනාසිවුරට අරගන්නාසේකැයි වදාළසේක. පළමු ඇඳනා කුමක්කෙරේදැයි විචාරන්නා ඒ සිවුරු සැතපෙන ඇඳ අතුරණ ලෙස ඇරගන්නාසේකැයි වදාරන්නා පළමු ඇඳ ඇතිරිලි කුමක්කරණසේදැයි විචාරන්නා යහපත් ඔප්ළුබුමු තුරුණුකොට අතුරණසේකැයි වදාළසේක. පළමු බුමුතුරුණු කුමක්කරණ සේක්දැයි විචාරන්නා බිස්සකෙට අකුලා පයපිසින්ට ගන්නාසේකැයි කීසේක. පළමු තුබූ බිසී කුමක්කරණසේක්දැයි රජ්ජුරුවෝ විචාළහ. මහරජ සැදැ ඇත්තන් දුන්දෙයම අපවත් නොකරණහෙයින් සියුම් මුවහත් ඇති කරයෙන් ලෙසීන්කොට කපා මැටි හා භික්තියෙහි අනා ගානාසේකැයි එසේවූ අවස්ථාවේ සැදෑඇත්තන් දුන්දෙය මහරජ අපවත් නොකරණසේකැයි වදාළා සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ සතුටුව තමන් ලඟ තිබූ පිළිසඟල පන්සියයත් අනද සාමින්ට දී ගියාහ. අනද සාමි පළමුත් පන්සියයක් පිළිසඟල දුර්වල සිවුරු ඇති තැනට දී රජ්ජුරුවන්ගෙන් ලත් පන්සියයක් සඟලට සිතනසේක් මාගේ භික්ෂූ පන්සියයක් ඇත. ඉන් ඇම්මට බාල භික්ෂූන් කෙණෙකුන් මට අතපය මැඩීම මළු ඇමදීම ආදීවූ නානාගෙවල් ගොමගැම් ආදීවූ වත්පිළිවෙත් සුවච කීකරුව කෙරෙත් එසේහෙයින් මුන්ට සංග්‍රහ කලමනාවේදැයි සිතා අනදසාමි ඒ නමකෙරේ පැහැද පිළි පන්සියයක් දුන්සේක. ඒ බාල භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ ලත් පිලි අනද සාමින්ගේ ගනේ පන්සියයක් භික්ෂුන් වහන්සේට පිළිගැන්වූසේක. ඒ පන්සියයක් දෙනාවහන්සේත් සිවුරුකොට කිනිහිරි මලෙහි පැහැය හා සමාන කොට, පැය ලා ඒ අලුත් සිවුරු පොරවාගෙණ සර්වඥයන් වහන්සේගේත් මුන බැලිම් ඇද්දයි විචාලසේක.. එවිට සර්වඥයන් වහන්සේ භික්ෂුණි ආර්යශ්‍රාවකයන් වහන්සේ එසේවූ දෙයක් නැතැයි වදාරන්නා එසේකල අපගේ් උපාධ්‍යායන් වහන්සේ විසින් බාල භික්ෂූනමට පිළි පන්සියයක් දෙනලද්දේ නොවේදැය දන්වන්නා භික්ෂූණී ආනන්දයින් විසින් මුනබලා දුන් දෙයක් නොවෙයි. තමන්ට බොහෝ උපකාරීව සිටි භික්ෂූන් හෙයින් ප්‍රත්‍යුපකාරී නිසා දුන්නුය, උන් තබා පළමු උත්තමයෝත්, උපකාරකලාවූන්ට ප්‍රත්‍යුප කාර කළෝවේදැයි යතහොත්, ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ සිංහව ඉපිද පර්වතයක වාසය කරණසේක. ඒ කියන පර්වතයට දුනුරුතෙන විලක් සමීපයෙහි මඩට ඉවුරු බිඳී ඊපිට මොලොක් තන ඇතිව තිබෙන පලෙක් ඇත. ඊට ලඝු සැහැල්ලු සාවුන් මුවන් යා ඇත. මහත් සත්වයා යානොහැක්කේය. එක් දවසක් එක්මුවෙක් ඒ පල සමීපයෙහි තනකමින් සිටියේය. බෝධිසත්වයෝත් ගොදුරුනිසා පර්වතය මුදුනට නැගීගියේ ඒ දෙසබලා පලෙයි තන කන මුවාදැක, මුවාට පනිමි සිතා සිංහනාද කොට පැන්නේය. මුවාත් සිංහනාද අසා භයපත්ව වහා ගැලවි පලා ගියේය. සිංහයාත් පැමිණි වෙග රඳවාගත නොහී පලට පැන තන කැඩී පා සතර මඩෙහි ගැලී ටැම් සරතක්සේ නිශ්චලව ඇනීගියේය. මඩින් ගැලවිගත නොහී, සිංහයාත් සත්දවසකින් නිරාහාරව සිටියේය. එකල්හි කැනහිලෙක් එන්නට අවුත් සිංහයා දැක භයින් දුවන්ටවන එවිට සිංහයා කියන්නේ පා සතර මඩෙහි එරී පියාසිටියෙමි, මා කෙරේ තෝ නොබා මාකර අවුත් මාගේ ජිවිතය ගලවාදෙවයි කීහ. එවිටකැනහිල් නොබා අවුත් සිංහරජ්ජුරුවෙනි නුඹ වහන්සේ මා දක්නා උපායෙකින් ගලවමි. ගලවාපුවේලේ පෙරලාම මා මරතියි භය ඇත්තෙමි ජීවිතදානය දුන්නොත් යහපතැයි කිය එබස් සිංහයා අසා කැනහිල්ල තෝ භානොගෙණ මට උපකාරවයි සිටිතෙ පට විනාශයක් නොකෙරෙමි තොපගේ ජිවිතය ඇතිතෙක්මානයේ රකිමි දන්නා යම් උපායකින් ගලවයි කීහ. එබස් අසා කැනහිල් සිංහයාගේ පය කෙරෙන් පසුරුගාමින් ඇලක් කැන්නේ විලදක්වා කැන ඒ කැන්නාවූ ඇලින් පැන් ගෙණවුත්, සතර පයට ඇරීය වියලි තුබූ මඩ සිහිල්විය. එවිට කැනහිල් සිංහයාගේ බඩ කෙළවරට ගොස් තමාගේ ඉසින් සිංහයාගේ යටිබට ඔසවා ස්වාමීනි වීර්යකල මැනවයි කියා සිංහයා එවිට ආරාලා පිනුයේය. ගොඩපැන සිට යන්නේ වේලාවක් සැතපි එතන ලඟ යෙමින් සිටි මියෙකු මරා, පළමුකොට කැනහිලාට මස්ලා පසුව පසුව තුමු මස් කෑහ. කැනහිල් තමාටළූ මස් කොට්ඨාසයෙන් සමහරක් කා සමහරක් ඩෑගණයන්ට වන මේ මස් ගෙණයන්නේ කාටදැයි විචාරන්නාහු නුඹ වහන්සේගේ බැලිමිඩියටයයි කියන්නා එවිට සිංහයා යහපත ඈ සමීපයට ගොස් ඇට බස් දී එකියන කැනහිල්දෙන හා කෑනහිලා ඇතුළුව ඇරගෙණ ගුහාව සමීපයෙහි ගුහාවක වාසය කරවා දවස්පතා සිංහරජ්ජුරුවන් හා කැණහිල් ගොදුරට යන්නාහු සිංහධේනුව හා කැනහිල් ධේනුව ගුහාවේ හිඳිනිය. සිංහරජ්ජුරුවෝ මස්මරා කැනහිලාට දී සිංහධේනුවට හා කැනහිල්ධේනුවට මස්කැටි දෙකක් ඩෑගෙනවිත් දෙන්නාහ. මේ නිසායෙන් දවස් අරණ සමයෙහි සිංහධේනුව පුතුන් දෙදෙනකු වැදුහ. මේ නියායෙන් සිංහපැටවුන් කැනහිල් පැටවුන් එක්ව දවස් හරණාහ. සිංහයාත් කැනහිලාගේ දරුවන්ට සෙනග ඇත්තේය. එවිට සිංහධේනුව සිතන්නී සිංහයා කැනහිල් ධේනුවගේ දරුවන්ට සෙනෙහේ ඇත්තේය. කැනහිල් ධේනුව හා කැටිව සංවාසය ඇත්තේයයි සිතා සිංහයා කැනහිල් ගොදුරට ගියතැන සිංහධේනුව කැනහිල් ධේනුවට භය ගන්වන්නී මෙතන ඉඳිනේ ඇයිද පලායයි කියන්නීය. සිංහපැටවුත් කැනහිල් පැටවුන්ට භයගන්වන්නාහ මේ නියායෙන් ඉදිනාකල්හි කැනහිල් ධෙුනව කැනහිලාට කියන්නී සිංහධේනුන් වහන්සේ මෙසේ භයගන්වන සේකැයි සිංහ රජ්ජුරුවන් වහන්සේගේ සම්මතබවත් නොදනෙයි. එසේ හෙයින් අපි මෙතන ඉන්ට නොපිළිවනැයි කීහ. එපවත් කැනහිල් අසා සිංහ රජ්ජුරුවන් කරාගොස් කියන්නේ ස්වාමිනී නැකැත්දවස් එකතැන වාසය කරන්නේය. එසේ හෙයින් අප්‍රිය වන්නේය. නුඹ වහන්සේගේ සිංහධේනුන් වහන්සේ අප ගේ අඹු දරුවන් භයගන්වන සේක, අප සෙවු දුර්වලයන්ට පලායන්ට කියන්නා පලායන පමණක් විනා භයගන්වන්ට උවමනාද එසේම පෝසතුන් ලඟ දුප්පතුන් උන්කල පහාකිරීම කාරණා නොවන්නේය. එසේ හෙයින් අපට අවකාශ දුනමැනවයි ඔබ්බකට ගොහින් වාසය කරම්හයි කැනහිල්කීහ. එබස් සිංහයා අසා තමාගේ සිංහධේනුවට කියන්නේ එම්බල සිංහධේනුව මේ කැනහිලා මා විස්වාසවූ කාරණය දනිදැයි විචාරා විශ්වාසවූ කාරණය නොදනිම් කී විසින් එසේ නම් එක් සමයෙක ගොදුරු සොයා ගොස් සත්දවසක් මා මෙතනට නොආකාරණා දනිදැයි විචාරා නොදනිමි කී විසින් එම්බල මම මුවෙකුට පැන මුවා වැරදගොස් මඩකලලෙක එරී සත්දවසක් නිරාහාරව උන්ගමනේ මූ නිසා ප්‍රාණය ලද්දේය එසේ හෙයින් මාගේ ඉෂ්ට මිත්‍ර යාළුවා බන්ධූවුයයි කියාත් ඇත ඉෂ්ටමිත්‍රයයි කියාත් ඇක. එසේවූ කැනහිලාට තොප විසින් වෛරවීම කාරණානොවෙයි. අදවක් පටන් මට යම්ම සැටියෙක සිතනවානම් ඒ සැටිම මේ කැනහිලාව සිතවයි කියා එතැන්පටන් සිංහධේනුවත් කැනහිල්ධේනුවත් විශ්වාසව දවස් අරාණහ, සිංහපැටවුන් කැනහිල්පැටවුත් විශ්වාස එක්ව කෙළනාහ, මේ නියායෙන් දවස් අරණාකල්හි සිංහපැටවුන්ගේ දෙමව්පියනුත් කැනහිල් පැටවුන්ගේ දෙමව්පියනුත් මළපසුත් උනුඋනුන් කෙරෙහි විශ්වාසව දවස්කලාහ. මේ නියායෙන් සත්පරම්පරාවෙක දවස්කලහයි වදාරා චතුසත්‍යය ප්‍රකාශකොට වදාළසේක. චතුසත්‍යය ධර්මදේශනාවගේ අවසානයෙහි එමතෙක්දෙනාවහන්සේ සෝවාන් වූසේක. එම තෙක් දෙනාවහන්සේ ශකෘදා ගාමී වූසේක. එමතෙක් දෙනා වහන්සේ අනාගාමී වූසේක. එමතෙක් දෙනා වහන්සේ සියළු කෙලෙසුන් නිසා රහත්වූසේක. එසේහෙයින් මේ ධර්මය බොහො දෙනාට වැඩ පිණිස වදාරා මේ ගුණ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කැනහිලානම් ආනන්ද ස්ථවිරයෝය. සිංහව උපන්නේ නම් ලොවුතුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක