තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොසොල් රජ්ජුරුවන්ගේ අමාත්‍යයෝ දෙන්නෙක් උනුඋනුන් කෙරෙහි වෛරව වාසය කරන්නාහ. එපවත් රජ්ජුරුවෝ දැන නොයෙක් අවවාද කියාත් උනුන් කෙරෙහි වෛර හරවාගත නුහුනුවාහ. උන්ගේ බන්ධුහුත් අවවාද කියා අරවාගත නුහුනුවාහ, එපවත් සර්වඥයන් වහන්සේ අසා එක් දවසක් අළුයම් වෙලෙහි මහාකරුණා සමාපත්තියට සමවැද බලාවදාරණසේක් ඒ කියන අමාත්‍යයන් දෙන්නා සෝවාන් වන්ට හේතු ඇති නියාව වදාරා ඉන් එකකුගේ ගෙට උදෑසනක්සේ වැඩ වදාරා ඔහු විසින් පාත්‍රය ගෙණ සර්වඥයන් වහන්සේ ඇතුළුගෙට වඩා කැඳ අවුළුපත් ආදීවූ දෙය වලඳවා අන්තයෙහි ඕහට මෛත්‍රියෙහි අනුසස් වදාරා ඔහු සෝවාන් කොට දාවල් බත් වළඳන වෙලාවට ඔහු ලවා පාත්‍රය ගෙන්වාගෙණ අනිත් අමාත්‍යයාගේ ගෙට ගොස් ඔහු විසින් සර්වඥයන් වහන්සේ වඩා ගෙට ගෙන්වා මධුර වූ ආහාරපානයෙන් සර්වඥයන් වහන්සේට වැලඳවිය. සර්වඥයොත් වළඳා අන්තයෙහි ඕහටත් මෛත්‍රීයෙහි අනුසස් වදාරා ඔහුත් සෝවාන් කරවාගත, කාවිසිනුත් එක්කරවාගත නුහුනුවා සර්වඥයන් වහන්සේ එක්කරවා වෛර අරවා වදාළසේක. එදවස් දම්සභා මණ්ඩපයට රැස්වූ මාළුවරුන් වහන්සේ ඇවැත්නි උනුන්කෙරේ වෛරවූ අමාත්‍යයන් දෙන්නා කා විසිනුත් එක්කරවාගත නුහුනුය. සර්වඥයන් වහන්සේ එක් කරවා වෛර අරවා වදාළ සේක, ඉතා අපූර්වවි වදාළ සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක
ඒ කෙසේද යත්
|