මුල් පිටුව කාරුණික බව 334 කුන්තානි ජාතකය

334 කුන්තානි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද නරවර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොස්වාලිහිණියක අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

කෝසල රජ්ජුරුවන් වහන්සේ වඩන කොස්ලිහිණියක් ඇත. ඒ කොසොල් රජ්ජුරුවන්ගේ ඒ ඒ රජ්ජුරුවන්ට රහසිගතව යවන්නාවූ යම් සන්දේශයක් ඇත් නමුත් ගෙණ ගොස් ඒ ඒ රජ්ජුරුවන්ට දී ඒ ඒ රජ්ජුරුවන්ගෙන් දී එවන සන්දේෂයෙක් ඇත් නමුත් තමතන්ගේ රජ්ජුරුවන්ට ගෙණවිත් දුත මෙහෙවර සැලැස්වීමේ සිටින්නීය. එක් දවසක් ඒ කොස්ලිහිණිය රජ්ජුරු කෙණෙකුන් ලඟට දූත මෙවර යාදී රජගෙයි කෙළනා කුඩා කොල්ලෝ ඒ කොස්ලිහිණි මෙවර ගොසින් ඇවිදින් මාගේ දරුවෝ කොයිදැයි විචාළීය. අසවල් කුඩා කොලු මැඩ මරාපීයය් කුඩා කොල්ලෝ කීහ. ඒ කොසොල් රජ්ජුරුවන්ගේ වාසල බැඳ සිටිනා ව්‍යාඝ්‍රයෙක් ඇත. එක් දවසක් කුඩාකොල්ලෝ කෙළගන යන්නාහූ ඒ ව්‍යාඝ්‍රයා ලඟට ගියහ. ලිහිණිත් කුඩා කොල්ලන් හා එක්වම කෙළගණ යන්නාසේ ගොසින් කුඩා කොල්ලන් ව්‍යාඝ්‍රයාට ලන්වූ කල්හි තමාගේ දරුවන් මැරූ කුඩාකොල්ලන් පියාපතින් ව්‍යාඝ්‍රයා ලඟට යතා දමා ළූහ. ව්‍යාඝ්‍රයාත් ඒ කුඩා කොල්ලා අල්වාගෙණ කඩාකා මැරීය. එවිට කොස්ලිහිණි මාගේ පලිය ඇරගතිමි මා කෙළේ රාජද්‍රෝහය. මා මෙතන රැඳීමි කටයුතු නොවෙයි කියා රජ්ජුරුවන්ට කියලා ගියාහ. මේ කථාව දම්සභාවේ රැස්වූ මාළු වරුන් වහන්සේ කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරකලද මේ කොස්ලිහිණිය පළි ඇරගත්තෙම වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ කොස්ලිහිණියක් ඇත. ඒ කොස්ලිහිණිය රජ්ජුරුවන්ගේ රහසිගතව ඒ ඒ රජදරුවන්ට යවන්නාවූ යම් සන්දේශයක් ඇත්නම් ගෙණගොස් දී ඒ රජ්ජුරුවන්ගේ බරණැස් රජ්ජුරුවන්ට එවන්නාවූ සන්දේශ පත්‍රයෙක් ඇතනමුත් ගෙණවුත් දී දුත මෙහෙවර සැලැස්මෙහි සිටින්නීය. එක් දවසක් ඒ කොස්ලිහිණිය එක් නුවරකට මෙහෙවර යාදී රජ ගෙයි කෙළනා කුඩා කොල්ලෝ කොස්ලිහිණියගේ පැටවුන් මැඩ මරාපිය කොස්ලිහිණි ඇවිත් මාගේ දරුවෝ කොයිදැයි විචාළීය. කෙළනා කුමාරවරු කියන්නාහූ අසවල් කුමාරයා තොපගේ දරුවන් මැඩ මරාපියයි කීහ. එවිට කොස්ලිහිණි රජ්ජුරුවන්ගේ වාසල බැඳ සිටිනා ව්‍යාඝ්‍රයා ලඟට යන්නාවූ කුඩා කොල්ලන් හා සමඟ ගොස් තමාගේ දරුවන් මැඩ මැරූ කුමාරයා පියා පතින් ගසා ව්‍යාඝ්‍රයා ලඟට යන්න දමාලුව, ව්‍යාඝ්‍රයාත් අල්වාගෙණ කඩා කා මැරීය. එවිට කොස්ලිහිණි රජ්ජුරුවන්ගේ රජගෙයි කෙළිනා කුමාර වරුන්ට රජ්ජුරුවන් වහන්සේගේ හික්මවීම නැති හෙයින් වේද මාගේ දරු වන් මැඩ මැරූවේ. යම් මාගේ දරුවන් මැරූ සෝකයෙන් කුමාරයා ව්‍යාඝ්‍රයා ලගට යන්නා දමා පළි ඇරගතිමි. දරු සෙනෙහයෙන් කළ පමණක් විනා මාත් කළේ රාජ ද්‍රෝහය ඉතිකින් හා මෙතන රැඳිමි කටයුතු නොවෙයි කියා යන්ට වන්නීය. එවිට රජ්ජුරුවෝ එපවත් දැන කොස්ලිහිණිය ගෙන්වාගෙණ තොපගේ දරුවන් මැරූ කුමාරයා මරා තෙපි පිළි ඇරගත්තුය. පළියට පළි සරුවුව ඒ නිසා තොප කෙරේ උදහස් නෙවම්හ. තොපි මෙතනින් යන්ට කාරණා කින්ද?, නොයවයි කීහ. එවිට කොස්ලිහිණි කියන්නී දේවයන් වහන්ස. දරුවන් කෙරේ සෝකයෙන් ඉවසාගත නොහි කුමාරයා මැරූ පමණක් විනා මා කෙළේ රාජද්‍රොහය. එසේ හෙයින් මම මෙතන රඳන්ට භය ඇත්තෙම් කීව. රජ්ජුරුවෝ දෙවෙනි තුන්වෙනි කීවත් නෙගාවිස කොස්ලිහිණිය පළාගියාහයි වදාරා මේ කුන්තානි ජාතකය නිමවා වදාළ සේකී.

එසමයෙහි කොස්ලිහිණි මෙසමයෙහිත් කොස්ලිහිණිමය, බරණැස් රජව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේකී.