332 තුෂ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සුගත නම්වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බිම්බිසාර රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලදී.
ඒ කෙසේද යත්

බිම්බිසාර රජ්ජුරුවන්ගේ බිසවුන් බඩ අජාසත් රජ්ජුරුවන් පිළිසිඳගත් පසු එකියන බිසවුන්ට රජ්ජුරුවන් දකුණඛු උරය පලා ලේ බොන්ට දොලොක් උපන. එපවත් බිසව් රජ්ජුරුවන්ට කියාගත නොහි වාරිති රජ්ජුරුවෝ බොහෝ උත්සාහායෙන් විචාරාගත්හ.

නිමිත්ත දන්නා බමුණන් රජ්ජුරුවෝ ගෙන්වා බිසවුන්ට මෙසේ වූ දොළක් උපනැයි කීහ. එපවත් අසා බිසවුන්වහන්සේගේ බඩ රාජ කුමාරයන් වහන්සේය. උන්වහන්සේ වැඩිවිය පැමිණිකළ නුඹ වහන්සේ මරා රාජ්ජ්‍ය ගන්නාසේකැයි කීහ.

රජ්ජුරුවෝ මේ අසා මාගේ දරුවෝ මා මරා රාජ්ජය ගත්තු නම් ගත්තේය. අනික් කෙණෙකුන් නොවත් උන් රාජ්ජය ගතොත් යහපතැයි සමාධිව ශාස්ත්‍රය ගෙන්වා දකුණු උරය පලා රන්තැටියේ ලේ වත්කොට බිසවුන් පොවා දොළ සන්සිඳවුහ. එපවත් බිසවු අසා මාගේ රජ්ජුරුවන් වහන්සේ මරන්නාවූ දරුකෙනෙකුන් ලබා උසුලාගෙණ ඉඳිනේය. මාගේ රජ්ජුරුවන් වහන්සේට සතුරුවූ දරුවන්ගෙන් මට ප්‍රයෝජන කින්දැයි කියා බඩ මඩවා දරුවන් ඵලන්ට සැරසුණාහ. රජ්ජුරුවෝ මෙපවත් අසා බිසවුන්ට කියන්නාහූ මාගේ දරුවෝ මා මරා රාජ්ජය ගත්තු නම් ගත්තේමය. බඩ මඩවා දරුවන් නොඑලවා මා සුරතල් දැකපියන තුරායයි කියා බඩ මැඩවිය නොදි රැකවල් ලැවුහ. රජගෙයිදී බඩ මඩනවන හෙයින් රැකවල්ලෑවුහ. මගුල් උයනට ගොසි බඩමඩවා දරුගැබ ඵලන්ට උත්සහ කරණ නියාව රජ්ජුරුවෝ දැන මගුල් උයනට යා නො දෙවයි රැකවල් ලැවුයේය. මගුල් උයනට යා නොදී උන්කලට දස එකඩ මසකින් රාජ කුමාරයන් වැඳූහ. රාජ කුමාරයන් පියවර නගා කෙළ ඇවිදිනා ප්‍රස්ථාවෙහි සර්වඥයන් වහන්සේ මහා සංඝයා වහන්සේ පිරිවරා බිම්ඹිසාර රජ්ජුරුවන්ගේ රජගෙට සිඟා වැඩිසේක. රජ්ජුරුවෝ සර්වඥයන් වහන්සේ ඇතුළුව භික්‍ෂු සංඝයා වහන්සේ පවරා රාජ ගෙයි වඩාහිඳූවා රසමසවුලෙන් යුක්තවූ අන්නපානාදිය තමන්ගේ ස්වහස්තයෙන් වළඳවා ඉක්බිත්තෙහි ධර්මය අසන්ටයයි උන්කල රාජ කුමාරයන් සරහා රජ්ජුරුවන්ගේ ඇකයේ හිඳූවාලුහ.

රජ්ජුරුවෝ පුත්‍රප්‍රෙමයෙන් රාජකුමාරයන් සනහ සනහා සුරතල් බලා සර්වඥයන් වහන්සේ වදාරණ බණ සිතහෙලා නොඅසන නියාව සර්වඥයන් වහනසේ දැන රාජ්ජුරුවන්ට වදාරණසේක් රජ්ජුරුවෙනි, පළමුත් රජ්ජුරුවෝ සැක ඇති රාජ කුමාරවරුන් දුරුකොට විසුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයයෝ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීව උපන්නාහ. බරණැස් නුවර රාජ කුමාරයෝ දිසාපාමොක් ආචාරීන් ලඟට ගොස් උගතමනා සියලු ශාස්ත්‍ර ඉගෙණ උන්කලට දිසාපාමොක් ආචාරී රාජ කුමාරයන්ගේ අංගලක්‍ෂණ පරීක්‍ෂාකොට මතු මෙම රාජකුමාරයන් නිසා උපදිනා රාජ කුමාර කෙණෙකුන්ගෙන් රජ්ජුරුවන්ට සැලසෙන උපද්‍රව දැන රාජකුමාරයන්ට ගාථා සතරක් උගන්වා කියන්නාහූ තොපගේ රාජකුමාරයන් සොළොස් ඇවිරිදි අවස්ථාවෙහි රාජ කුමාරයනුත් තොපත් බත්කමින් ඉඳ පළමුවන ගාථාව කියව, සේනාසමෘද්ධව ආසථානයේ උන්විට දෙවන ගාථාව කියව, උඩුමාලට නැගෙණ ඉනිඉසට තුන්වෙනි ගාථාව කියව, ශ්‍රී යහන් ගබඩාවට වැදහෝනාට යනකලට සතරවෙනි ගාථාව කියවයි කියා දිසාපාමොක් ආචාරී රාජකුමාරයන්ට ඉගැන්වූහ. රාජකුමාරයෝ නුවරට අවුත් රජ්ජුරුවන් වහන්සේට ශාස්ත්‍ර පෑ ගමනේ රජ්ජුරුවෝ සමාධිව රාජකුමාරයන්ට යුවරජ තනතුරුදී උන් අවස්ථාවෙහි රජ්ජුරුවන් අයාමෙන් රාජකුමාරයෝ රාජ්ජ්‍යට පැමිණ රාජ්‍යය කරණ කල්හි රජ්ජුරුවන්ට රාජ කුමාරකෙණෙක් ඇතිව සොලොස් ඇවිරිදි වූහ. එක් දවසක් රාජ කුමාරයෝ රජ්ජුරුවන් උයන් කෙළියට යන රාජ ඓශ්චර්ය දැක මම මෙසේවූ රාජ ඵෙශ්චර්යයක් කවරදා ලබම්දෝහෝයි සිතා තමන්ගේ අතවැස්සන්ට කීසේක. අතවැස්සෝ කියන්නෝ සිතූ නියාව ඉතා යහපත. බාල අවස්ථාවේ ලත් සම්පත විනා මාලු අවස්ථාවෙහි ලත් සම්පත්තීන් ප්‍රයෝජන කින්ද, රාජ්‍යයට උත්සාහ කළ මැනවැයි කීහ. රාජ කුමාරයෝ ආයුධයකින් රජ්ජුරුවන් වහන්සේ මරන්ට බැරි යයි කියා විෂක් ලා මරමි සිතා රජ්ජුරුවෙන් වහන්සේ එක්ව බත් කමින් සිට යැයි කියා විෂයක් ලා මරමි සිතා රජ්ජුරුවන් වහන්සේ එක්ව බත්කමින් සිට විෂ ලමියි විෂය මිටිමොලවාගෙණ බත්කන්ටයයි උන්නාහ. රජ්ජුරුවෝ බත් කන්ට ඉඳ සිතන්නාහු දිසාපාමොක් ආචරී සොළොස් ඇවිරිදිවූ රාජකුමාරයා හා කැටිව බත් කන්ට ඉගැන්වූ ගාථාව රජ්ජුරුවෝ සඳහන් කොට කීහ. එහි අභිප්‍රාය නම් යම්සේ ඝණාන්ධකාරයෙහි මියෝ වී තලා දවසෙය්‍යා හැර හාලට කද්ද එමෙන් තොප කෙසේ මට විෂලන්ට උත්සහ කළත් මා විෂ කන්නේ නැත. දවසෙය්‍යා තෝරා සාල් කෑවාසේ විෂ තෝරා බත් කම් කී ගමනේම රාජකුමාරයෝ සැකව රජ්ජුරුවන් වහන්සේ දැන පූ නියාවේදැයි සිතා විෂ නුලූහ. රජ්ජුරුවන් හා කැටිව බත් කා මෙපවත් රාජකුමාරයෝ තමන්ගේ අතවැස්සන්ට කීහ. අතවැස්සෝ එසේ වී නම් කීපදවසක් බැලුව මැනවයි කීහ. පසු දවසෙක රජ්ජුරුවෝ අසාථනදී මුදලිවරුන් හා කථා කරණ පරක්කුවක් රාජ කුමාරයෝ දැන මෙසේ වූ පරක්කුවේදී ගසමි සිතා කඩුව ඇරගෙණ මිනිසුන්ගේ ඇස්වර බල බලා සිටියාහ. ඒ වෙලාවට රජ්ජුරුවෝ මේ ක්‍රියාව දැක දිසාපාමොක් ආචාරී මෙසේවූ අස්ථානයෙක උන්වෙලා වට කියවයි ඉගැන්වූ ගාථාව කීහ. එහි අභිප්‍රාය නම් තොප ඇම ගෙවලදි උයනේදී කළ කථාව මා නොදනිති සිතාද, ඒ ඒ තැන සැංගී සිටිනේ යයි කියන්නා රාජකුමාරයෝ සිතින් සැකව පලාගොස් තමන්ගේ අතවැස්සන්ට කීහ. අතවැස්සෝ කීපදවසක් ගිය කල යම් උපායක් කළ මැනවයි ඉඳ කියන්නාහූ රජ්ජුරුවන් වහන්සේ නො දන්නා සේක. නුඹ වහන්සේ සිතින් සැකවෙන පමණක් විනායයි කීහ. යහපතැයි කියා රාජ කුමාරයෝ ඉනිඉස කඩුව ඇරගෙණ සිටියාහ. රජ්ජුරුවෝ උඩුමාලට නැගෙන්ටයයි යන වේලාවට කියන්ට කී ගාථාවෙක් ඇතැයි කියා සදහන් කොට කීහ.එහි අභිප්‍රාය නම් තොප මට කළ ප්‍රයෝගත් දනිමියි දැනුත් ඉනිඉස කඩුව ඇරගෙණ මට ගසන්ට සිටිනියාව මා නොදනිති සිතව්දැයි කීප මුරයෙක ඉවසමියි කී ඉනිබ්බේ නො ඉවසමියි කී අභිප්‍රාය රාජකුමාරයෝ දැන භයින් ත්‍රස්තව සැඟවි පලාගොස් නැගෙන්ටයයි යන වේලාවට කියන්ට කී ගාථාවෙක් ඇතැයි කියා සදහන් කොට කීහ.එහි අභිප්‍රාය නම් තොප මට කළ ප්‍රයෝගත් දනිමියි දැනුත් ඉනිඉස කඩුව ඇරගෙණ මට ගසන්ට සිටිනියාව මා නොදනිති සිතව්දැයි කීප මුරයෙක ඉවසමියි කී ඉනිබ්බේ නො ඉවසමියි කී අභිප්‍රාය රාජකුමාරයෝ දැන භයින් ත්‍රස්තව සැඟවි පලාගොස් තමන්ගේ අතවැස්සන්ට කී. අතවැස්සෝ කියන්නාහූ රජ්ජුරුවෝ තොප මෙසේ වූ දෙයක් කෙරෙතියි නොදනිති තොපි තොප කෙරේ භයින් නොකරණ පමණක් විනා දනිතොත් තොපට කුමක් නො කෙරෙත්ද රජ්ජුරුවෝ නොදනිතියි රාජ්ජය ගන්ට උත්සාහ කරවයි කීහ. යහපතැයි කියා රාජකුමාරයෝ කඩුව ඇරගෙණ රජ්ජුරුවන් වැදහෝනා ශ්‍රි යහන් ගබඩාවේ යාන යන වැදඹත්තාහ. රජ්ජුරුවෝ ශ්‍රි යහන් ගබඩාවට වැදහෝනට යන තැනැත්තෝ එලිපත පිට සිට සිතන්නෝ දිසාපාමොක් ආචාරී ශ්‍රී යහන් ගබඩාවට වැදහෝනාට යන වේලේ කියන නියායෙන් ඉගැන්වූ ගාථාවෙක් ඇතැයි සඳහන් කොට කීහ. එහි අභිප්‍රාය නම් තොප කඩුව ඇරගෙණ පෙරලි පෙරලි වැදහෝනා නියාව මම නොදනිම්ද, විෂලු නියාවත්, ආස්ථානයේදී කඩුව ඇරගෙණ ගසන්ට ආ නියාවත්, ඉනි ඉස කඩුව ඇරගෙණ සිටි නියාවත්, දැන් කඩුව ඇරගෙණ යහන යට වැදහෝනා නියාවත් මම දනිමි යන අභිප්‍රාය කී ගමනේ රාජකුමාරයෝ භයින් ත්‍රස්තව කඩුව ඇරගෙණ යට මැස්සෙන් එලියට අවුත් කඩුව යහන පාමුල දමා වැදහෙව ස්වාමිනී, නිකම් මිනිසුන්ගේ බසට කෙළෙමියි මා කෙරේ ක්‍ෂමා කළ මැනවැයි කීහ. රජ්ජුරුවෝ තමන් පළමු දැන උන්නාසේම මහකෝපයෙන්ම යානින් නැඟි සිට තා මුරයෙන් මුරයේම කළාද මා නොදනිතියි උනිද දරුවන් කළදෙය ඉවසන්ට උවමැනවැයි සිතා මෙතෙක් දවස් ඉවසා උනිමි. ඉනිබ්බේ නොයිවසමි කියා රාජ කුමාරයන් දඟගෙයි ලවා රැකවල් සලස්වා ඉඳ සිතන්නාහු මා මෙතෙක් අන්තරාවලින් ගැලවුනේ මාාගේ දිසාපාමොක් ආචාරීන් නිසායයි ආචාරීන්ගේ ගුණ සඳහන් කොට කම්වු පරිද්දෙන් මිය පරලොව ගියාහ. රාජ කුමාරයන්ද දඟගෙයින් මැසුම් කප්පා රාජ්‍යයට අමාත්‍යයෝ සලස්වා ගත් තුයයි සර්වඥයන් වහන්සේ වදාරන්නා ඒ රජ්ජුරුවෝ ඒසේ කළේ නුමුත් මම මාගේ දරුවන් ඇර වාසයකළ නොහෙමි කීහ. සර්වඥයන් වහන්සේ මේ නියාව වදාරමේ තුෂ ජාතකය නිමවා වදාළසේකී. එසමයෙහි දිසාපාමොක් ආචාරීව උපන්නෙම් බුදුවූ මම් ම වේදැයි වදාළසේකී.