මුල් පිටුව කාරුණික බව 305 ක්‍ෂාන්තිවාද ජාතකය

305 ක්‍ෂාන්තිවාද ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද මෙරසේ මුළු ලොවට අසාධාරණවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝපී භික්ෂු කෙනෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට කැඳවා ගෙනවුත් දැන්වූ කල්හි මහණ, පෙර උත්තමයෝ නම් කටු සැමිටියෙන් පහර දහසක් කාත් නොකිපුනෝ වේදැයි තොප වනාහි මේ නිසා බුද්ධ ශාසනයෙහි මහණව කෝපව වාසය කරන්නේ ඉතා අයුක්තියයි වදාරා අත් පා කන් නසා කැපූවන්ටත් උත්තමයෝ කෝප නොකළෝ වේ දැයි වදාරා ඉකුත් වත් ගෙණ හැර දක්වා වදාළ සේක. ඒ කෙසේද යත්?

යටගිය දවස කසීරට කලාබු නම් රජ කෙනෙකුන් රාජ්ජය කරන සමයෙහි බෝධිසත්වයෝ බමුණු කුලයක උපන්නාහ.. බෝධි සත්වයන්ට නම් තබන්නාහු. කුරුඬක කුමාරයෝ යයි නමක් ඇතිව වැඩිවිය පැමිණ දෙමව්පියන් ඇවෑමෙන් ඒ සම්පත් හිමිව ඒ සම්පත් දාන විෂයෙහි විසුරුවා පංචකාමයෙහි ආදීනව දැක සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හිමාලය වනයෙහි වාසය කොට ලුනු ඇඹුල් නිසා බරණැස් අවුත් රජ්ජුරුවන්ගේ උයනට වැද වාසය කොට භික්ෂාව පිණිස වීථියෙහි සිතා ඇවිදිනාහු. සෙනෙවිරදුන්ගේ ගෙදරට පැමිණි සේක. සෙනෙවිරද්දූ මුන් වහන්සේගේ ඊය්‍ර්‍යා පථයෙහි පැහැද එවක් පටන් තමන්ගේ ගෙයින් දන් දී උපස්ථාන කරන්නාහ. එසමයෙහි එක් දවසෙක කලාබු රජ්ජුරුවෝ රා බී මත්ව සත් දවසක් බිසෝවරුන් පිරිවරා උයන් කෙළියට ගොසින් මඟුල් සලවට මස්තකයෙහි කරුණාව ඇති ස්ත්‍රියක සමීපයෙහි කලවයෙහි හිස තබාලා වැදහොත්තාහුය. සොළොස් දහසක් නාටක ස්ත්‍රීන් අපගේ ස්වාමීන් නිදන කල අපි නෘත්‍ය කරන්නේ කාටදැයි කියාලා ගත්තාවූ පංචාංගික තූර්යනාටක තබාලා ගොස් තාපසයන් ලඟ ගසමුල වටලා ගෙණ බණ අස අසා උන්නාහ. එකියන ස්ත්‍රී තමා කළවය සොල්වා රජ්ජුරුවන් කුබද්දාපූහ. පිබිද මඟුල් සල්වට මත්තෙහි හිඳ මෙතන සිටියා වූ චංඬාල ස්ත්‍රීහු කොයි ගියේ දැයි විචාළහ. එවිට බිසව් කියන්නාහු තාපස කෙනෙක් ලඟ හිඳ බණ අසති කීහ. යහපත, කූට තාපසයන්ට නිහඬක් කියමි නැගී සිට කඩුව අයාපියා ඇරගෙණ මරන්ට දිවූහ. රජ්ජුරුවන් වහන්සේගේ වල්ලභ ස්ත්‍රී රජ්ජුරුවෝ ඉදිරියට ගොස් කඩුව ඇර ගත්තාහ. රජ්ජුරුවෝ ගොසින් තොපි කුමනවාදි දැයි විචාළාහ. එවිට බිසව් කියන්නාහු තාපස කෙනෙක් ලඟ හිඳ බණ අසති කීහ. යහපත, කූට තාපසයන්ට නිහඬක් කියමි නැගී සිට කඩුව අයාපියා ඇරගෙණ මරන්ට දිවූහ. රජ්ජුරුවන් වහන්සේගේ වල්ලභ ස්ත්‍රී රජ්ජුරුවන් ඉදිරියට ගොස් කඩුව ඇර ගත්තාහ. රජ්ජුරුවෝ ගොසින් තොපි කුමනවාදී දැයි විචාළහ. එවිට මහරජ මම ක්ෂමාන්තිවාදී නම යයි කීහ. ඒ කුමක්ද? ක්‍ෂාන්තිවාදී නමැයි විචාළ තෙන මා කෙරේ මෛත්‍රීන් කෙරෙහිත් අමෛත්‍රීන් කෙරෙහිත් මම එක කරුණාව මැයි කීහෙයින් මම ක්ෂාන්තිවාදී මැයි කීහ. මුන්ගේ ක්ෂාන්තිය බලන්නට උවමැනවැයි වධකයා ගෙන්වූහ. වධකයාත් රත්කඩක් හැඳ රතක් කරලා රත්මල් පැලඳ පොරවක් අතින් ගෙන කවරක් හට කවර වධයක් කෙරෙම්ද? වදාල මැනවැයි කීහ. අනික් කාට වද කරන්ටද? තෙල කූට තාපසයා ඉස බිමලා එලාගෙන පිට පාර පන්සියයක් ද, බඩපාර පන්සියයක්ද, දෑලයෙහි දෙසිය දෙසියක් ද ගසාලයි කීහ. එවිට වධකයාත් කී ලෙස ගෙඩි ගසා සිටියාහ. එවිට කියන්නාහු, තවද තොපගේ ක්ෂාන්තිවාදී නොගියේ දැයි විචාළාහ. ඇයි? මහරජ මාගේ ක්ෂාන්තිය පයෙහි කීහ. පයක් කපාහරුවයි කී හෙයින් වධකයාත් කී ලෙසම කළාහ. එවිටත් තෝ කුමනවාදී දැයි විචාළෙන් ඇයි? මහරජ, මාගේ අත් පා කැපුවයි කිම් ද මාගේ ක්ෂාන්තිය මාගේ හෘදයෙහි වේ දැයි කීහ. තිළුගේ කන් නාසා කපා තෝ ක්ෂාන්තිවාදි දැයි විචාළෙන් ඇයි? මහරජ, මාගේ ක්ෂාන්තිය මාගේ මාගේ ලෙයි නොවේ දැයි කියා වැදහොත් බෝධිසත්වයන් කැපූ අත් පා කන් නාසායෙන් හිය ලෙයෙන් රැඳී ඔත්තාහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු ඇයි තාපසයානෙනි, තව දක්වා තොපගේ ක්ෂාන්තිය නොගියේ දැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු මහරජ ක්ෂාන්ති නම් අත් පා කන් නාසායෙහි තිබූ දෙයෙක්ද? මාගේ ගම්භීර වූ හෘදයෙහි පිහිටියේය. තොප කුමක් කළත් මාගේ ක්ෂාන්තියට කුමක් වේ දැයි කීහ. එවිට රජ්ජුරුවෝ තොපගේ ක්ෂාන්තිය තොපගේ ලෙයිහිම තිබෙයි කියා විළුඹෙන් ලයට ඇන්මක් ඇන පිටත්වලා ගියාහ. එවිට තාපසයන්ට උපස්ථාන කරන්නාවූ සෙනෙවිරද්දූ තාපසයන් කරා අවුත් තාපසයන්ගේ කපාපු අත් පා කන් නාසා ඇරගෙන කඩ කඩ බැඳ තාපසයන් ඇඟ ලේ පිස තාපසයන් එක්තෙනක සතප්පවා වැඳ එකත්පස්ව හිඳ කියන්නාහු උත්තමයානන් වහන්ස වධ කළ සේක්. රජ්ජුරුවන් වහන්සේය. රාජ්ජ වාසීන්ට කෝප්පයක්වත් අමෛත්‍රියක්වත් නොකළ මැනව, කෝප කරතත් මෛත්‍රී කරතත් රජ්ජුරුවන් වහන්සේටම කළ මැනවැයි කීහ. එවිට තාපසයෝ කියන්නාහු රජ්ජුරුවන් විසින් මාගේ කන් නාසා අත්පා කප්පවා වද කරන ලද. එසේ කළත් මම රජ්ජුරුවන් කෙරෙහි නිෂ්කාරණාවක් නැත. එසේ හෙයින් රජ්ජුරුවෝ චිරාත් කාලයක් ජීවත් වෙත්වයි සුඛී සුවපත් වෙත්වයි කියා මෛත්‍රී කළහ. එකියන කලාබු රජ්ජුරුවෝ තාපසයන්ගේ දෘශ්‍යමානයක් ඉක්ම උයන් කෙළවරට ගිය කල්හි දෙලක්ෂ සතලිස් දහසක් ඝනකඩ බොල් මහ පොළොව පලාගෙන අවීචි මහ නරකයෙන් ගිනි කඳෙන් අවුත් රජ්ජුරුවන් පලසකින් වට කරන්නා සේ වටලා අවීචි මහා නරකයට ඇරගෙන ගියේය.

ඒ අර්ථය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ වදාරණ සේක්. මහණෙනි මෙකින ක්ෂාන්තිවාද තාපසයෝ තමන්ගේ අත් පා කන් නාසා කපා දැලයේ පාරදහසක් ගසා වධකරන්නාහු. කලාබුරජහු කෙරෙහි කෝපය්ක නොකොට මෛත්‍රී කළ සේක. එරජ පොළොව නොහී පොළොව පලා ගෙන අවීචිමහනරකයට ගියේයයි වදාළසේකැයි එකියන තාපසයෝ එදවස්ම කාලක්‍රියා කළහයි වදාරා මේ ක්ෂාන්තිවාද ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි කලාබු රජ නම් දැන් දේවදත්ත ස්ථවිරයෝය, සෙනෙවිරද්දූ නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය, ක්ෂාන්තිවාද තාපසව උපන්නෙම්. දෙවාති දෙවවූ ශක්‍රාති ශක්‍ර වූ චන්දනෙය්‍යාහි චන්දනෙය්‍යහි පූජනෙයාවූ තිලෝගුරු බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.