මුල් පිටුව කාරුණික බව 292 ගුත්තිල ජාතකය

292 ගුත්තිල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සංසාර නෞකාවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරියන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්.

එක් දවසක් සංඝයා වහන්සේ දේවදත්ත ස්ථිවිරයන්ට කියන සේක් ඇවැත්නි සර්වඥයන් වහන්සේගෙන් තොපි ත්‍රිපිටකයක් දරණ ලද සර්වඥයන් වහන්සේ නිසා චතුර්ධ්‍යානයෙන් ලබන ලද එසේ වූ බොහෝ උපකාරීව තොපට ආචාරී පදවියේ සිටි තොපි සමව සිතා විපරිතව කුමට ඉඳූදැයි කියා කී සේකී. ඒ අසා දේවදත්ත ස්ථිවිරයන් වහන්සේ කියන සේක් ඇවැත්නි සර්වඥයන් වහන්සේ මට කුමන ලාභ සත්කාර කලෝද මම්ම ත්‍රිපිටකය දැරිමි. මම්ම ධ්‍යානය උපදවා ගතිමි. සර්වඥයන් වහන්සේ මට කුමක් කලෝදැයි කීහ. මේ කථාව ධර්ම සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්ට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි පෙරත් දේවදත්ත ස්ථිවිරයෝ ගුරුන්ට අපඛ්‍යාතකලෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේකී.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුරව බ්‍රහ්මදත්ත නම් රජකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ගාන්ධර්ව නම් විද්වත් කුලයක ඉපිද වැඩිවිය පැමිණ ගාන්ධර්ව නම් ශිල්පය නිමවා ඉගෙන ගෙන ගුත්තිල නම් ගාන්ධර්වයෙක් යන නමින් දඹදිව ප්‍රසිද්ද වූහ. අඳ දෙමාපියන් රක්නාහ. එසමයෙහි බරණැස් නුවර සිට වෙළෙදුන් උදේනි රටට ආවාහු එක් දවසක් ඉස්සෝදා නාහා කා බී සැපසේ උන්නාහු. අපට ගි කියන්නට වීනා ගයනා දන්නා විද්වතකු ගෙනවයි කීහ. යහපතැයි කියා එගම ගාන්ධර්වයන්ට නායක වූ මූසිල නම් ගාන්ධර්වයෙක් එතනට අවුත් එකීයන වෙළඳූන්ට නටා ගී කිය. ඒ අසා ව්‍යාපාරයෝ සතුටු වන්නා නොවුහ. එවිට මූසිලයෝත් මධ්‍යම කොට විනා ගාන්ට වන . එවිටත් මඳකුත් සතුටු නොවුය. උත්තම කොට විනා ගාන්ට වන. එවිටත් කිසි කෙණෙක් සතුටු නොවුහ. මූසිල නම් ගාන්ධර්ව සිතන්නේ එසේ වී නම් විශේෂයෙන් නොදන්නා කෙණෙකුන් වනැයි සිතා එසේ නම් මමත් මුන් හැම නොදන්නා මිනිසුන්ට නපුරු කොට ගායනා කෙරෙමියි ගායනා කරන්නට වන. එවේලේත් කිසි කෙණෙකුන් සතුටු නොවුය. එවිට මූසිල නම් ගාන්ධර්වයාෙ කියන්නේ ඇයි තෙපි හැම මා මෙසේ ගායනා කරද්දී බැන නොනැගි ඉන්නේ. කිසි විශේෂයක් නොදන්නා හෙයින්ද . නැත්නම් මට වඩා ගාන්ධර්ව කරන්නා ගාන්ධර්වයෙකු දුටු විරු ඇද්දැයි විචාළේය. එබස් අසා මනුෂ්‍යයෝ කියන්නහු එම්බල මූසිල නම් ගාන්ධර්වය ගුත්තිල නම් ගාන්ධර්වයාගේ විණා නාදය ඇසුවා වූ අපට තොපගේ විණා නාදය උනුපත්තක ගාන්නක් මෙන් අපට සිතේයයි කීහ. එබස් ඇසූ මූසිල ගාන්ධර්ව කියන්නේ එසේ වීනම් තොපි හැම බරණැස් නුවරට යන කල මාත් කැන්දාගෙන යවයි කීහ. යහපතැයි කී එකී යන ව්‍යාපාරයෝත් තමන් බරණැස් නුවරට යන ගමනේ එකියන මූසිල නම් ගාන්ධර්වයාත් කැඳවාගෙණ ගොස් බරණැස් ගුත්තිල ගාන්ධර්වයාගේ ගෙය පෑහ. තම තමන්ගේ වාසස්තානයට ගියාහ. එකියන මූසිල නම් ගාන්ධර්වයා ගෙට වන. ඒ වෙලාවට බෝධිසත්වයෝ ගෙයි නැත්තාහ. එවිට මූසිල නම් ගාන්ධර්ව බෝධිසත්වයන්ගේ ඉද්දොර තිබූ ජාතී විණාව ගාන්ට වන. අන්ධ වූ බෝධිසත්වයන්ගේ දෙමාපියෝ කියන්නාහු අපගේ දරුවන්ගේ වීණාවක් මීයෝ එක්ව පියා කපන සැටියයි කීහ. ගාන්ධර්ව බෝධිසත්වයන්ගේ දෙමාපියන් වැඳලා නුඹ වහන්සේගේ පුතනුවන් කොහිදැයි විචාලේය. එවිට බෝධිසත්වයන්ගේ දෙමාපියන් කියන්නාහූ දැන් දරුවෝ එති. මෙතන ඉඳූවයි කියා උන් අවස්ථාවට බෝධිසත්වයෝ එතනට ආහ. එවිට මූසිල නම් ගාන්ධර්ව බෝධිසත්වයන් වැඳ තමාට ශිල්ප උගන්වන්නට කීහ. එවිට බෝධිසත්වයෝ සාමුද්‍රිකා ලක්ෂණ දන්නා හෙයින් මේ අසත්පුරුෂයා යයි කියා දැන තොපට මා දෙන විද්‍යා නැත. පලායවයි කීහ. එකීයන මූසිලයාත් බෝධිසත්වයන් නොකැමැති බෝධිසත්වයන්ගේ සිත් ගෙන නුඹ වහන්සේගේ පුතනුවන් වහන්සේට කියා මට ශිල්ප දෙන්ට කිව මැනවයි කියා යාඤ්ඤා කළේය. බෝධිසත්වයන් ගේ දෙමාපියෝත් බෝධිසත්වයන්ට කියන්නාහු. මොහුට ශිල්ප උගන්වන්ටයි කීහ. බෝධිසත්වයෝත් දෙමාපියන් කීවා අපත්වන්ට බැරිහෙයින් යාපතැයි කියා අචාරීභාග නොතිබාම ශිල්ප නිමාවට විද්‍යාව ඉගැන්වූහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන් දකින්ට යනවිටෙක අතවැස්සනුත් ඇරගෙණ යන්නාහ. රජ්ජුරුවෝ මුකවුරු දැයි විචාරන්නා දේවයන් වහන්ස මාගේ අන්තේවාසිකයෙක්යයි කීසේක. රජ්ජුරුවෝත් ඌ හා සමාන කල්යාමෙන් විශ්වාසවූහ. බෝධිසත්වයෝත් දරුව තොපට වඩා මම විද්‍යාව නිමවා දනිමි කීහ. එක් දවසක් මූසිල ගාන්ධර්වයා සිතන්නේ මම ඔබ්බේ නුවරකට ගොස් ජීවත්වන්නා බලා ඇමටම ප්‍රධානවූ බරණැස් නුවර ඉඳිමියි ආචාරීන් වයෝවෘද්ධවයහ. එසේ හෙයින් මෙතනම ඉඳිමියි සිතා බෝධිසත්වයන්ට කියන්නේ ආචාරීන් වහන්ස රජ්ජුරුවන් වහන්සේට සේවය කරන්නා කැමැත්තෙමි එසේ හෙයින් මට පඩියක් සලස්වන්නා කැමැත්තෙමි කීහ. බෝධිසත්වයෝත් රජ්ජුරුවන්ට ගොසින් කියමි කියා රජ්ජුරුවන් සමීපයට ගොස් කියන්නාහූ, දේවයන් වහන්ස මාගේ අන්තේවාසිකයා නුඹ වහන්සේට සේවය කරන්නා කැමැත්තේය. ඌට පඩියක් සලස්වන්නට උවමැනවැයි කිහ. රජ්ජුරුවෝත් එසේවිනම් තොපගේ පඩිනියාව භාගයක් සලස්වාලමි කීහ. එපවත් ගොස් ශිෂ්‍යන්ට කීහ. ශිෂ්‍යයෝ කියන්නාහූ ඇයි මාත් ශස්ත්‍රසරියේ දනිත්වුව මට පඩි අඩුවනට කාරණ කවරේදැයි කීහ. එපවත් බෝධිසත්වයෝ ගොස් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් තොප සරියට විද්‍යාපෑනම් එතරම් නියාවට පඩිත් වෙයි කීහ. බෝධිසත්වයෝ එපවත් ශිෂ්‍යයන්ට කීහ. ශිෂ්‍යයෝ යහපතැයි විද්‍යනියාවට පාමි කීහ. රජ්ජුරුවෝ බෝධිසත්වයෝත් ශිෂ්‍යයාත් ලඟට ගෙන්වා ශිෂ්‍යයාට කියන්නාහූ එඹල තොප විසින් ගුත්තිල නම් ගාන්ධර්වයන් හා කැටිව වාදකරන්ට පිළිවන් දැයි විචාළාහ. එවිට මූසිල කියන්නේ ශාස්ත්‍ර මාත් විශේෂකොට දැනුත් උව අදට සත්වෙනිදා ඌ හා මා හා වාදකරම්හයි කීහ. රජ්ජුරුවෝත් ගුත්තිල ගාන්ධර්වයා හා ශිෂ්‍යයා හා දෙන්නා අදටසත්වෙනිදා වාදකෙරෙති නුවරසැලකළහ. බෝධිසත්වයෝත සිතන්නාහූ මේ කාරණය එසේ හෙයින් මොහුගේ විද්‍යාව සහයට යෙදෙයි මා වයොවෘද්ධ හෙයින් සහයට නොයෙදෙයි. එසේ හෙයින් මා සරිවුවත් පැරැද්දාහාම සරිය පැරැද්දත් පැරදිනියාමයයි සිතා එසේ හෙයින් මූව පරදිනා බලාත් ප්‍රාණය නසා ගන්ට යහපතැයි සිතා වලට වඳිමි සිතා ලජ්ජාවෙන් නික්මෙන්නාහ, මරණ භයින් ගෙට එන්නාහ. මේ නියායෙන් සත්දවසක් අවිඡින්නව යාමෙන් ඒ මෙන්ම තනනලද මාවත්ව ගියේය.

මේ නියායෙන් බෝධිසත්වයන් සත්වන දවස් වනාන්තරයට ප්‍රාණය නසාගන්ට ගියකල්හි ශක්‍රයන්ගේ පාංඩුකම්බල ශෛලාසනය උනුවිය. ශක්‍රයෝ මාගේ සම්පත් උදුරාගන්නේ කවුරුදැයි සිතා දිවසින් බැළුගමනේ බෝධිසත්වයන්ගේ වික්‍ෂේපය දැක එතනට අවුත් ඇයි ආචාරීනි මෙතන අවුත් සිටියාවනැයි විචාළාහ. එවිට බෝධිසත්වයෝ තොපි කවුරුදැයි විචාරා මම දෙදෙව්ලොවට අධිපති වූ ශක්‍රයෝයයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ සත් සත් කඩක් ඇති විනාවාද නමැත්තාවූ විද්‍යාව සෙට මා හා මාගේ ශිෂ්‍යයා හා දෙන්නා රජ්ජුරුවන්ට පාම්හ. කෝසියගෝත්‍රයෙතහි උපන්නාවූ ශක්‍රදේවේන්ද්‍රය මට පිටිවහල්වෙවයි කීහ. එවිට ශක්‍රයෝ කියන්නාහූ යහපත ආචාරීනි තොපට මම පිටිවහල් වෙමි තොප හා උන් හා සරියේ විද්‍යාව පාන්න, එකල්හි මා සභිඥාකළවේලෙහි සත් තත කඩාපියව, තොප විසින් විණා දණ්ඩ අතගසන්ට වන් වේලාව පළමුවෙනියාවට නාදවඩිනේය. උගේ තත් සතෙහි නාද අඩුවෙයි. ඒ අවස්ථාවට තොප විසින් මේ පසඇටතුණ ආකාශයට දමන්නාම නවසියයක් දිව්‍ය ස්ත්‍රීන් නටන්නාහ, මමත් එතනට එන්නෙම් වේදැයි කියා ගියාහ. මනුෂ්‍යයෝත් සෙට දවස් ගුත්තිල ගාන්ධර්වයා හා මූසිල නම් අත වැස්සා හා දෙන්නාගේ සෙට තර්කවන්නේයයි කියා මැසිපිට මැසිබැඳ රථපිට රථ තිබාගෙණ හිවිගැවසී සිටගත්හ. බෝධිසත්වයෝත් තමන්ගේ ජාති විනාව ඇරගෙණ අවුත් තමන්ට පැනවූ අස්නපිට උන්නාහ. මූසිලනම් අත වැසිත් තමාට පැනවූ අස්නපිට උන්නේය. බොහෝ මනුෂ්‍යයෝත් බලාසිටි යාහ, රජ්ජුරුවෝත් රාජාසනයෙහි උන්නාහ. ශක්‍රදේවේන්ද්‍රයෝත් ආකාශයෙහි අදෘශ්‍යමානව සිටියාහ. ශක්‍රයන් ආනියාව බෝධිසත්වයෝ පමණක් දන්නාහ. එවිට බෝධිසත්වයන් හා අතවැසි විද්‍යාව සමව පෑහ. බොහෝදෙනා විද්‍යාව පෑ නියාව යහපතැයි බොහෝ දෙනා සතුටූවුහ. එවිට ශක්‍රයන්ගේ සංඥාවත් බෝධි සත්වයෝත් පළමුවන තන කඩාපුවාහ. එවිට ඒ තත්සිදුරෙන් පළමු නාදනියාවට මහත්ව නාදපවතින්ට වන, ඒ දැක මූසිල ගාන්ධර්වයාත් තත් කැඩීය. ඒ හඬ ආදී නියාවට අඩුවිය. මේ නියායෙන් බෝධිසත්වයෝ දෙවන තතය තුන්වන තතය සතරවෙනි තතය, පස්වෙනි තතය සවන තත සත්වන තතයයි මේ නියායෙන් තත් සතම කඩා වීනාදඬෙ විනාගන්ටවන්නාහ. බරණැස් නුවර එකනින් නාදව ඇසෙන්ට වන, මූසිලයාත් මේ නියාවට තත් සතම කඩා නාදකරන්ටවන් වේලාවට උනපත්තක අතගානකලක් මෙන් නිශ්ශබ්දවිය. ඒ වෙලාවට බෝධිසත්වයෝ ශක්‍රයන් දුන් පස ඇට තුනින් එකක් ආකාශයට දැමූහ. තුන්සියක් දිව්‍යස්ත්‍රීන් නටන්ට වන්නාහ. දෙවැනි පසඇට දැමූහ, එවිට තුන්සියයක් දිව්‍ය ස්ත්‍රීන් නටන්ට වන්නාහ. තුන්වෙනි පස ඇට දැමූකල්හි තුන්සියයක් දිව්‍ය ස්ත්‍රීන් නටන්ට වන්නාහ, බෝධිසත්වයෝ මියුරුවූ ගිතිකා කිය කියා විනානාද කරන්නාහ, ඒ දුටු රජ්ජුරුවන් හා නුවරවාසී බොහෝ සතුටුවූහ. රජ්ජුරුවෝත් මූසිලයා කෙරේකිපී අමාත්‍යයන්ගේ මුනබැළුහ. අමාත්‍යයෝ රජ්ජුරුවන්ගේ අභිප්‍රාය දත්තාහූ විසින් ආචාරීන් කැටිව ගුරු ද්‍රෝහකරණ ලදැයි තමන් ්ත්තමන්ගේ අත තිබූ කැටමුගුරු බාලා මරාතලා පයඅල්වා ඉවත දැමූහ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන් කෙරෙහි සතුටුවූහ. එකපැතිර වස්නා මහාවර්ෂාවක් මෙන් බොහෝ සත්රුවන් ආදීවූ ප්‍රාසාද දුන්නාහ. නුවරවාසී බොහෝ සම්පත් දුන්නාහ. ශක්‍රයෝත් මා විසින් තොපගේ ගෙට වෛජයන්ත රථය එවමි. තොපි ඒ රථයට නැගී මාකරා එවයි කියා දිව්‍යලෝකයට ගියහ. දිව්‍යස්ත්‍රීන් ඇයි දේවයන් වහන්ස යම්තම් වේලක් පමාවූයේදැයි විචාරා ගුත්තිල ගාන්ධර්වයන්ගේ වීණා නාදය අසන්ට ගියෙමි කී කල්හි එවිට දිව්‍යස්ත්‍රින් අපිත් විණා නාදය අසන්නා කැමැත්තෙම්හයි කියන්නා ශක්‍රයන් විසින් මාතලි නම් දිව්‍යපුත්‍රයා අත වෛජයන්ත නම් රථය යවුහ. බෝධිසත්වයෝත් ඒ රථයට නැගී ශක්‍රයන් ලඟට අවුත් සිටියාහ. ශක්‍රයෝ ආචාරීනි විණාගායනාකරවයි කීහ. බෝධිසත්වයෝ කියන්නාහූ විජ්ජුත්තුනම් මිලයක් ඇතිව මිසක් විද්‍යානොපානාහ. එසේවී නම් මා විද්‍යා පෑකල දෙන්නේ කීන්දැයි කීහ. ශක්‍රයෝ විද්‍යා පෑ කල බොහෝ සම්පත් දෙම්මෑයි කියන්නා සම්පත්තීන් මට කාර්ය නැත, මම නුඹ වහන්සේගේ දෙතිස් දිව්‍යස්ත්‍රින්ගේ පින් අසන්නා පමණකැයි කීහ. එවිට දිව්‍යස්ත්‍රින් විණානාදකරන්නා ආචාරීනි අප කළ පින් කියම්හයි කීහ. එවිට බෝධිසත්වයෝත් යහපතැයි කියා දිව්‍ය ගාන්ධර්වයන් මෙන් ගායනා කොට පෑ පළමුවන දිව්‍ය ස්ත්‍රිය අතින් විචාරන්නාවූ තොපි ඔසධිතාරකාවන් මෙන් විශිෂ්ට වූ රුවින් දස දිග බබුළුවා දහස්ගණන් දිව්‍යස්ත්‍රීන් විසින් පිරවරණලදුව සිටිනීය, එසේ හෙයින් තොපදැක මට සතෙතාෂකරවයි මනුෂ්‍යාත්භාවයෙහිදී කෙසේවූ පින්කොට මේ දිව්‍යභවනයෙහි උපන්දැයි ඒ මට කියවයි කීහ. ඔයිත් කියන්නී ගාන්ධර්වයානෙනි මනුෂ්‍යාත්මභාවයෙහි සිටි මා විසින් කාශ්‍යප සම්මාසම්බුදු රජානන් වහන්සේගේ ශාසනයෙහි රහත් නමකට පිළිසඟලක් දිනිමි. ඒ විපාකයෙන් මේ නියා අනාභාවයක් ඇතිව උපනිමි කීහ. බෝධිසත්වයෝ සෙස්සන් අනිනුත් විචාළාහ. සෙස්සෝත් තමන් කළ කුසල් කීහ.

ඒ කෙසේද යත්.

එකෙක් කියන්නී මල් කළඹක් පුදා දිව්‍යලෝකයෙහි උපනිමි කීහ. එකෙක් එක දාගැබකට සුවඳ පසඟුල්දී ඒ පින් කරමින් දිව්‍යලෝකයෙහි උපනිමි කීහ.එකක් සුවඳබඩුවක් දන්දී උපනිමි කීහ. එකක් මිහිරි ඵලාඵල දන්දී දිව්‍ය ලෝකයෙහි උපනිමි කීහ. එකක් මිහිරි ඵලාඵලයක්ම දන්දී උපනිමි කීහ. එකක් මිහිරිස භික්ෂූන් වහන්ස්ට දන්දී උපනිමිකීහ. එකක් කාශ්‍යප බුදුන්ගේ දාගොබකට සිය අතින් පසඟුල් දී උපනිමි කිව. එකක් මන් මුලායෙන් ආ භික්ෂූන් වහන්සේට දන්දී බණ අසා දිව්‍යලෝකයෙහි උපනිමි කීහ. එකක් නැවින් යන වහන්දෑකෙණෙකුන්ට පැන් පිළිගන්වා උපනිමි කීව. එකක් නැදිමයිලන් ආක්‍රොස බිනියදී බැනනොනැගී මෛත්‍රී කොට උපනිමි කිව, එකක් තමා ලත් බත් කොටස බෙදාදන්දී උපනිමි කිව, එකක් අනුන්ට වාල්ව ඉපිද තමා ලද දෙය දන්දී උපනිමි කිව, මේ නියායෙන් දෙතිස් දිව්‍යස්ත්‍රීන් තමන්කළ පින් බෝධිසත්වයන්ට කීහ. බෝධිසත්වයෝත් තමන්ගේ ජීවිතය ලද්දාවූ ඵලලදිමි කියා සතුටුව මනුෂ්‍ය ලෝකයට අවුත් එපවත් බොහෝදෙනාහට කියා බොහෝ දෙනා පින්කමෙහි ඇසුරුවා වදාරා මේ ගුත්තිල ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි මූසිල ගාන්ධාර්වයා නම් දේවදත්ත ස්ථිවිරය, බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ත්‍රිවිරය. ශක්‍රයෝ නම් අනුරුද්ධ ස්ථිවිරය. ගුත්තිල ගාන්ධර්ව උපන්නෙම් බුදුවූ මමමයයි වදාළ සේකී.