මුල් පිටුව කාරුණික බව 196 ඛන්‍ධකවර්‍ත ජාතකය

196 ඛන්‍ධකවර්‍ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණානාථ වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සර්පදෂ්ට භික්ෂුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද, එක් භික්ෂූ කෙණෙකුන් වහන්සේ විහාර සමීපයෙහි දරපලමින් සිටිකල එක් වෘක්ෂයෙක වසන්නා වූ සර්පයෙක් අවුත් ඒ භික්ෂූන් වහන්සේ දෂ්ටකෙළේය. එකල ඒ භික්ෂුන් වහන්සේ විෂමුර්ජාවෙන් මළසෙක. ඒකථාව භික්ෂුන්වහන්සේ දම්සභා මණ්ඩපයෙහි කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහාණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා අභිරාජ කුලයට මෛත්‍රී කොට කිසිම අන්තරාවකට නොපැමිණියේය වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යයකරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බ්‍රාහ්මණව ඉපිද පංචකාමය හැර හිමාලය වනයෙහි සෘෂිප්‍රවෘජ්‍යයාවෙන් පැවිදිව බොහෝ තාපසවරුන්ට ගණශාස්තෘව වාසය රකණසේක. එසමයෙහි බොහෝ සර්පයන්ගෙන් තාපසවරුන් වහන්ස්ට භය පැමිණෙයි එපවත් බොහෝ තාපසවරුන් වහන්සේට කීසේක. උන්වහන්සේලා එපවත් අසා සතරකුලෙහි සර්පයන්ට මෛත්‍රීකරවයි කියන බෝධිසත්වයෝ මේ ජාතකයේ පළමුවෙනි ගාථාව කියනසේක්.

විරූපකේඛහි මෙ මෙත්තං මෙත්තං එරාපථෙහිමෙ

ඡඛඛ්‍යාපුතෙතහි මේ මෙත්තං මෙත්තං කණ්හා ගොතම කෙහිව

යන මේ ගාථාව කිහ. මෙහි අර්ථ මේ මෙත්තං මාගේ මෛත්‍රිය විරූපකේඛහි, විරූපාක්‍ෂකනම් නාගකුලයන්හාය මේ මේත්තං මාගේ මෛත්‍රීය ඡඛඛ්‍යාපුතේතහි, ඡඛඛ්‍ය පුත්ත නම් නාගකුලයන්හාය මේ මෙත්තං මාගේ මෛත්‍රී කණ්හා ගෝතම කෙහිව, කණහ ගොතමකනම් අභිරාජකුලයන්හායි මෙසේ සතර කුලයන්ය ඉදින් තෙපි මෙවුන්කෙරෙහි මෛත්‍රීකළාහූනම් සර්ව සාපීපද්‍රව නොවන්නේයයි වදාරා දැන් සාමාන්‍යයෙන් මෛත්‍රීභාවනා දක්වන්නාහු

අපාදකෙහි මෙමෙතනං මෙත්තං දීපදකෙහිච

චතුප්පදෙහි මෙමෙත්තා මෙත්තං බහුප්පදෙහිමෙ

යන මේ ගාථාව කීහ. මෙමෙත්තං මාගේ මෛත්‍රීය අපාදකෙහි අප දැක දීර්ඝජාතීන් කෙරෙහිය මෙමෙත්තං මාගේ මෛත්‍රිය දීපදකවූ මනුෂ්‍යයන් හා පක්ෂීන් හාය. මෙමෙතතං මාගේ මෛත්‍රීය බහුප්පදෙහි, චතුෂ්පාදවූ හස්ත්‍යශාචාදීන්හාය. මෙමෙත්තං මාගේ මෛත්‍රීය බහුප්පාදෙහි ගොනුසු ආදීවූ බොහෝ පා ඇත්තවුන් කෙරෙහිය. මෙසේ මෛත්‍රීභාවනාවෙහි ස්වරූප දක්වා දැන් යාඥාවශයෙන් ආරක්ෂා දක්වන්නාහූ

මාමං අපාදකො හිංසි මාමං හිංසි දිපාදකො

මාමං චතුප්පදෝ හිංසි මාමංහිංසි බහුප්පාදො

යන මේ ගාථාව කීහ. අපාදකො අපාදසතෙක් මාමංහිංසි මානගමක් පොළඹ දීපංදකො දිපාද සත්වයෙක් මාමංහිංසි මානගමක් පෙළඹා චතුප්පාදො සිව්පාසතෙන් මංමංහිංස මානගමක් පොළවා බහුප්පදෝ බොහෝ පාා ඇති සතෙක් වාවංහිංසි, මානගමක් පෙළවා දැන් අනෙදිස්සකාහෙයින් මෛත්‍රීය දක්වන්නාහු

සබ්බේසත්තා සබේපාණා සබේබභූතාව කෙවලා

සබේබභද්‍රානි පස්සන්තු මාකංචිපාප්මගමා

යන මේ ගාථාව කිහූ සඛේඛසත්තා ඇමසත්හුද සබේබෙපාන හැමප්‍රාණිහුද, සබේබභුතාව කෙවලා හැමභූතකයෝද සබේබ හැමදෙනාම භද්‍රාණී කල්‍යණයන් පස්සන්තු දකිත්වා කිඤචිං මොවුන් කෙරහි කිසිසතක්හුකරා පාප දුකක් මා ආගම් නගමක් නොපැමිණෙව මෙසේ හැමසතුන් කෙරෙහි අනෝදිස්සකහෙයින් මෛත්‍රී දක්වා දැන් තුනුරුවන් ණ සිහිකරණ පිණිස අප්පමානො බුද්ධෝ අප්පමනො ධමේමා අප්පමානො සංඝයා යනු කීහ. බුද්ධා බුද්ධරත්නයද අප්පමත්තෝ අප්‍රමානය කරන්නාවූ කේලේශයන් නැතිහෙයින් ගුණයන්ගේ ප්‍රමාණ නැතිහෙයින්ද අප්‍රමාණයි. ධමේමා ධම්මනතයද උක්ත ප්‍රකාරහෙයින් ප්‍රමාණ නොකොටහැකි හෙයින් අප්පමානෝ, අප්‍රමාණයක් නැත්තේය. සංඝේඝා සංඝරථනය අප්පමානො අප්‍රමානය ධර්මය සමානයෝගයෙන් අප්පමානයයි මෙසේ රත්නත්‍රයෙහි ගුණ සිහිකරවයි වදාරා ප්‍රමාණ සත්වයන් දක්වන්ට පමාණවන්ත නි සිරිංසපානී අහිවිච්චඡිකාසතපාදී උන්නාභිසර වූ මුසිකා යනුකී හූ සිරංසපානී දීර්ඝ ජාතීහූ පමානවන්තානි ප්‍රමාණ කර කෙලශ සංයෝගයෙන්ද අප්‍රමාණකර ගුණයෙන් නැතිහෙයින්ද ප්‍රමාණවත්හුයි දුන් අහිංසා යනාදින්ඩ වුන් ස්වරුපයෙන් දක්වත් අහි සර්පය විචිජිතා ගොනුසුය. සතපාදී පත්තෑයහ. උන්නානාභි මකුළුවහ සරබූ සිකනැලහ මූසිකා සියහ යන මොවුයි දැන් මත්තෙහි කටයුතු දක්වන්නාහූ.

කතා මෙරකඛා කතා මෙපරිත්තා පටික්කමනතුභූතානි

සොහං නමො භගවතො නමො සත්තන්නං සම්මාසම්බුද්ධනනති.

යන මේ ගාථාව කියත් රත්නත්‍රයෙහි ගුණානුස්මරණය කරන්නාවූ මේ මා විසින් රක්ඛා රක්ෂාතොමෝ කතා කරණලද මේ මා විසින් පරිත්තා පරිත්තානයෝ කතා කරණලද භූතානි සත්වයෝ මේ මා කෙරෙහි අභිත, අදහස් ඇති භූතානි, සත්වයෝ පටික්කමන්තු පහවෙත්වා සොහං එ මම භගවතො අතීතවූ භාග්‍යවත් බුදුන්ට නමො නමස්කාරකෙරෙම්. සන්තනතං සම්බුද්ධානං අතීතවූ විප්සසීආදීවූ සත් බුදුන්ට නමො නමස්කාර කෙරෙමි. යනාදීන් ඛන්ධපරිත්තය තපස්වරුන්ට ඉගැන්වූහ. එතැන්පටන් තාපසවරුන්ට සර්පයන්ගෙන් කිඩඟයක් නුවුයේයයි වදාරා ඛන්ධවත්තී ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි තාපසවරු නම් බුදු පිරිසය. ගුණනායකව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.