මුල් පිටුව ප්‍රඥාවන්ත බව 149 චතුත්‍ර්‍ථ සිහාල ජාතකය

149 චතුත්‍ර්‍ථ සිහාල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සර්වඥයන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි එනුවර එක්තරා කරනැමියෙක් රාජවල්ලභව රජ්ජුරුවන් බිසෝවරුන් ආදීන්ගේ ඉසකේ වැඩීම දැලිවැඩීම් අන්දන් තිබුම් ආදීවූ කර්මාන්ත කොට රාජවල්ලභව ඉඳින්නේය. මෙතෙක්දැනොව උපාසකව තියරණයෙහි පිහිටා පන්සිල් දවස්පතා රැක බුද්ධවල්ලභව ඉඳිනේය. එසමයෙහි එක්දවසක් කරනවැමියා තමගේ පුතෙක් ඇරගෙණ රජගෙට මෙවර කරන්නට ගියේය. ඒ වෙලාවට ලිච්ඡවී කුමාරියක් එතනට ඇවිත් සිටියාය. ඒ කුමාරිකාවන්ගේ විශිෂ්ඨවූ රූ දැක කරුනැමියාගේ පුතා පිළිබඳවූ සිත් ඇතිව ගෙට ගොසින් ඇඳවැලඳගෙණ නොකා නොබී වැදහොත්තේය. එවෙලෙහි කරනැමියා කියන්නේ තා කරනෑමිව නොසන්දුරු කුලයෙහි උපන්නියාව තෝ නොදනීද උභයකුල පරිසුද්ධ වූ රාජවංසයෙහි උපන් රාජකන්‍යායන් තොපට ලැබේද එසේ හෙයින් තොපි ඒ අසා සෝක නොකරව ඔබ්බේ කරනැමි කුලයකින් යහපත් ස්ත්‍රියක් පාවා දියහැක්ක සෝක නොකරවයි කීහ, එකී අවවාදත් නොඅසා දෙමව්පියන් නගුන් බුහුන් යාළු විශ්වාසයන් ආදීවූවන්ගේ අවවාදත් නොගිවිස ශෝකයෙන්ම නොකා නොබී සුෂ්කව වියලී නැසීගියේය. පියාත් ඌට කළමනා ආදාහන කෘත්‍යය කොට පින් පෙත් දී සෝකයෙන් බුදුන් දකින්ට නොගොස් සෝක සන්හිඳුනුපසු ගඳමල්පාහන්ගත් අත් ඇතිව බුදුන් දකින්නට ගොස් සර්වඥයන් වහන්සේ ඇයි උපාසකය මෙතෙන්දා නොආයේ ඇයිදැයි විචරාන්නා එවිට කරනැමියා කියන්නේ මාගේ පුතා මෙසේ වූ සිතක් සිතා මළ හෙයින් නොආයෙමි දැක්විය. එපවත් සර්වඥයන් වහන්සේ අසා පළමුත් මේ තෙමේ නිචව සිට උත්තම ජාතියට සිතිවිලි සිතා මළේවේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරෂ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ සිංහරාජව උපන්සේක, බෝධිසත්වයන්ට සහෝදර මල් සිංහහෝ සදෙනෙක් ඇත්තාහ, ඇමට බාල වූ නන්වූ සිංහ ධේනුවක් ඇත්තීය. මේ කියන සිංහයෝ ඇමරන් පර්වතයෙහි රන්ගල් ගුහායෙක වාසය කරන්නාහ. එතනට නුදුරු වූ රිදී පර්වතයේ දැවානගුහායෙක කැණහිලෙක් වසන්නේය. එවකට බෝධිසත්වයන්ගේ දෙමව්පියෝ දෙන්න නැසීගියහ, එවක් පටන් බෝධිසත්වයන් වහන්සේ ඇතුළුවූ සත්බෑයෝ නැගනියන් ගල්ගුහාවේ ඉඳුවාලා සත්බෑයෝ මාංස මරා තමුන් කා නැගනියන්ට දී මේ නියායෙන් දවසරිනාහ, එකල රිදිපර්වතයේ වසන කැනහිල් සිතන්නේ දෙමව්පියෝත් නැත, බෑයෝත් ගොදූරු සොයා යන්නාහ. මම් මේ අවසරයේ ගොස් සිංහධේනුව හා කැටුව සංවාසය යෙදුනේ වී නම් යහපතැයි සිතා රිදි පර්වතයෙන් බැස රන් පර්වතයට සිංහධේනුව යන ගුහාව සමීපයට අවුත් සිංහධේනුවට කියන්නේ තොපිත් සතරපයක්ව මමත් සතරපයක්ව ඇත්තෙමි. එසේහෙයින් තොප හා මා හා සමග වම්හ. තොපි මට ප්‍රජාපතිවව් මම තොපට ස්වාමී වෙමි කියා රාගනිශ්‍රිත බස් කියා එබස් සිංහධේනුව අසා මේ තෙමේ සිව්පාවුන්ට අධම ජාතියෙහි උපන මම් සිව්පාවන්ට උතුම් ජාතියෙහි උපනිම් මු හා කුමන විශ්වාසයෙක්දැයි සිතා නැවත සිතන්නාහූ කැණහිල් අතින් රාගනිශ්‍රීත බස් ඇසුකල මා ඉඳත් කින්ද ස්වාසය අල්වා ජිවිතය අරිමි සිතා සොරා අරනේ ඇයිදැයි සත් බෑයන් ආකල උන්ටත් කියා අරිමි සිතා උන්නීය. ඒ වෙලාවට සත් බෑයන්ගෙන් එක් සිංහයෙක් මස් මරාගෙණ සිංහධේනුව ලඟට අවුත් නග මේ මස් කවයි කීහ. සිංහධේනුව නොසතුටුවිය. එවිට සිංහයා ඇවිදැයි විචාරා එපවත් අසා කැණහිලා කොයිදැයි කියා කිහ. අරවේද රිදී පර්වතය මුදුනේ ආසනයේ ඉදිනේයයි කිව, එබස් සිංහයා අසා මහත් වූ කෝපයෙන් දැවාන ගුහාවට පැන ලය තලාගෙණ පර්වත පාර්ෂවයෙහි වැටී මළේය. මෙම නියායෙන් සදෙනෙක් කැණහිලා ගණුම්හයි පැනලා ලය තලාගෙණ මිය වැටී උන්නාහ, සත්වෙනිව ආ බෝධිසත්වයෝ එපවත් අසා කැණහිළුන්ගේ ආකාශයෙහි ඉඳිමෙක් නැත. මේ පෙණෙන්නේ දැවානගුහාවයි සිතා කැණහිලා ගොදුරුකන්ට බස්නා මග පරීක්ෂා කොට පොළොව පැළෙන කලක්මෙන් ආකාශ ගර්ජනාවක් මෙන්දැයි සිංහනාද කෙළේය. සිංහනාද ඇසූ කැණහිල් භයින් තැතිගෙණ ලබ තලා පැලී මළේය. ඒ කාරණය දක්වන සර්වඥයන් වහන්සේ මහණෙනි සිංහධේනුව ට කැනහිල්ලෝ භයකොට සිංහනාදයෙන්ම මළෝයයි වදාළසේක.් සිංහයාත් කැනහිලා මරා පෙරලා ගල් ගුහාවට අවුත් බෑයන් මළනියාවත් අසා සෝ්කපත්වූ නැගනියන්ගේ සෝකත් අරවා දැහැමෙන් සෙමෙන් වාසයකොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා එසමයෙහි කැනහිලානම් මේ කරනැමියාගේ පුතාය. සිංහධේනුව නම් ලිච්ඡවී කුමාරිකාය, මල්වූ සිංහයෝ සදෙන නම් මහතෙරුන් වහන්සේය. එසමයෙහි කේසර සිංහව උපන්නෙම් ලොවුතුරා බුදුවූ මම්ම යි වදාරා සිඟාල ජාතකය නිමවා වදාළ සේක.