මුල් පිටුව වීර්යවන්ත බව 199 වීතිය කුරුඞග මිග ජාතකය

199 වීතිය කුරුඞග මිග ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශාස්තෘ වූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථිවරියන් සර්වඥයන් වහන්සේ නසන්ට කළ උත්සායක් නිමා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් දවසක් ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවැන් වහන්සේ දේවදත්ත ස්ථවිරියන් බුදුන් නසන්ට කළ උත්සාහය කියකියා වැඩ උන් සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ මහණෙනි මාඑන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි චිචාරා වදාරා එපවත් පළමුත් දේවදත්ත ස්ථිවරියෝ මහත්වූ උත්සාහ කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේදය යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්දේ කුරුංගමාග ජාතකයෙහි ඉපිද විලක් සමීපයෙහි ගසක් මුල වාසය කරණ සේක, ඒ විල වසන්නාවූ ඉදිබුවෙකු හා ගසෙක වාසය කරන්නාවූ කෑරලයෙකු හා බෝධිසත්වයෝ මිත්‍රව වසන්නාවූ එසමයෙහි එක් වැද්දෙක් බෝධිසත්වයන් වසන්නාවූ ගස සමීපයෙහි වරමන් දෙන් ඉදිකරණලද උගුලක් සලස්වාලීය. බෝධිසත්වයෝ උගුලෙහි පෙරයම බැඳුනාහ. වරපටින් එමල වරපට කඩාගත නොවි මරණප්‍රාප්රාග වශයෙන් ඇඬූහ. ඒ අඬ අසා කෑරලා හා ඉඳිබුවා එතනට අවුත් යහළුවාට දුක්ඛය පැමිණි කල ගලවාගන්ට උවමනාවේදැයි සිතා කෑරලා ඉදිබුවාට කියන්නේ සබඳ ඉදිබුවානෙනි නුඹගේ කට දත් ඇත. එසේහෙයින් නුඹ වරමන්ද කපන්න මම වැද්දාගේ ගෙට ගොස් මෙතනට ආනොදෙමි කියා ඉදිඹුවා වරමන්ද කපන්නට සලස්වා තෙමේ වැද්දාගේ ගෙට ගොස් වැද්දාගේ ඉදිරියේ දොරපලය පිට උන්නේය. වැදි ඉරපාන් වන්නට නැකැත්වේලා තබා නැගිට තෙබෙගත් අත් ඇතිව යන්ටවන ඒ වෙලාවට කෑරලා කෑරල්ශබ්දය අඬා පියාපත් තබා මූනට ගැසීය. එවිට වැදි කාලකන්නි පක්ෂියා ඇගගැසිනැයි කියා පෙරලා ගෙට වැදිගියේය. එවිට කෑරලා සිතන්නේ දෙවැනි ආවර නික්මෙන්නේ පෑලදොරනැයි සිතා පෑලදොර පලය පිට උන්නේය. ඒ වෙගාවය වැදිත් ඉදිරියේ දොරින් නික්මුණු හෙයින් කෑරලා ඇග ගැසින පෑලදොරින් යෙමි සිතා පෑලදොර බලා නික්මිණි. එවිටත් කෑරලා ඇඟ ගැසිනි. ඒ වෙලාවටත් කාලකන්නි පක්ෂියා ඇඟ ගැසිනැයි කියාත් වැලක මා නික්මුනු වේලේ පක්ෂියා ඇග ගැනිසිනැයි කියා රෑ නොගොස් උදෑසනක්සේ යෙමි සිතා රෑ වැදනිදා පාන්වූ දොරින් පැයක් ගියවෙලේ නික්මිනි ඌ නික්මුනු පවත් කෑරලා වහා ගොසින් මුවාට කීව. ඒ වෙලාවට ඉදිබුත් තමාගේ කුඩාදත්වලින් වරපට කඩාගෙන තුන්පටකින් දෙපටක් කපාහළ. දත් ටැම්මෙන්නාසේ මහත් වේදනාවට පැමිණ කටින් ලේගොසින් අසේනිව වැදහොත්තේය. ඒ මුවා එවිට වැද්දවූ තෙබ ඇතිව ගෙණඑන්නවුන් දැක අරාපීනුයේය. වරපට කඩාගෙණ වහා වැද්දටවන, කැරලා ගසට නැගේය. ඉදිබුවා රැගෙණ පසුඹියේලාලා කනුවක් පිට එල්වාලිය. එවිට බෝධිසත්වයෝ ඉදිබුවාට වු වද දැක වැද්දවුට ලංනොවනුදුරුව පෙණ නාවුය වැදි මුවාපසුපස්සේ නික්මුන. මුවා අතට අසුවන්නාසේ ගැවී ගැවී නික්ම වැද්දවූ මහවනයේ ලා මුවා ලංවුමගින් ඉදිබුවා උන්තැනට වහා අවුත් අඟබාලා පසුඹිය ඉරා ඉදුබා මෑත්කොට කියන්නේ ඉදුබ තොසින් දියට වැදයව කෑරලා තොසින් වෘක්ෂයට පැන නැඟේවයි කියා ඒ අර්ථය ප්‍රකාශ කොට දක්වන සර්වඥයන් වහන්සේ මහණෙනි ඒ මුවා කී නියායෙන්ම ඉදුබුත් දියට බට කෑරලා ශබ්බට ගියේය. මූවාත් වනයට වැදි දෙවැනිව එතන්ට අවුත් ඉඳූබා නොදැන සිස්වූ පසුඹිය හැරගෙණ තමා ගෙටම ගියේය. වදාරා කුරුධමිකග ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි වැදිතෙම දේවදත්ත ස්ථවිරය. ඉඳිබුවා නම් මෞද්ගල්‍යයාන ස්ථවිරිය. කෑරලා නම් ශාරීපුත්‍ර ස්ථවිරය. කුරුගම්කව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.