මුල් පිටුව පරිසර හිතවාදී බව 258 වීතිය ආරාම දුෂක ජාතකය

258 වීතිය ආරාම දුෂක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මාගේ ගුරු වූ සර්වඥයන් වහන්සේ දක්ෂිකාපඵයෙහි උයන්ගොව්වෙකු අරභයා මේ ජාතකය දක්වන ලදී,

ඒ කෙස්ද යත්.

සර්වඥයන් වහනසේ ජේතවනාරාමයෙහි වැඩ වාසයකොට වස්අන්තයේ දක්ෂිණ ජනපදයට වැඩීසේක. දක්ෂිණා ජනපදයෙහි එක්තරා උපාසකයෙක් සතරපසයෙන් සර්වඥයන් පවරා දන්දී උයන පිළිගැන්වීය. පිළිගන්වා මේ උයනේ ඒ ඒ තැන වඩිනේ යහපතැයි කීය. එවිට භික්ෂූන් වහන්සේ උයන් ගොව්වා අත අල්වාගෙණ ඒ ඒ තැන ඇවිදිනාසේක. එක්සිස්වූ ප්‍රදෙසයක් දැක මේ ස්ථානයේ මෙසේ වූයේ ඇයිදැයි විචාරා බාල උයන් ගොව්වෙකු විසින් මුල්බට නියාවට බල බලා පැන්වත්කරන්ට උවමැනවැයි ගස්පැල උදුර උදුරා පැන්වත් කළේය. එසේ හෙයින් මේ ප්‍රදේශය මේ නියාවට වීයයි කීහ. ඒ කථාව සංඝයා වහනසේ සර්වඥයන්ට දැන්වූසේක. සර්වඥයෝ එකියන උද්‍යානලයා පෙරත් උයන්නැසුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි එර් රජ්ජුරුවන්ගේ උයන කරා උයන් ගොව්වා එතනට අවුත් නුවර උත්සවයක් විසින් තෙමේත් උත්සවයට යනුකැමතිව උයන ඉඳිනා වඳුරන්ට කියන්නේ නොපඇමටත් මේ උයන නිසා බොහෝලාභය එසේවීසින් මම නුවර උත්සව කෙළපියා එනදාතුරෙන් උයනේ පැලෑටිගස් වලට පැන්වත්කරවයි කීහ. එ කියන වඳුරෝ යහපතැයි ගිවිස උයන්ගොව් විසින් දෙනලද රෑනි හා දඬු කල ඇරගෙණ ලිඳන් පැන් උකා පැලෑටිගස්වලට පැන් වත්කරන්නාහ. මේ නියායෙන් පැන්වත්කරණකලට එකියන වඳූරන්ට නායකවූ වඳූරා එතනට අවුත් මේ නියායෙන් පැන් වත්කරණ කලට පැනට හානිවෙයි ඒ නියායෙන් මුල් බොහෝ කොට බටගසට බොහෝකොට පැන්වත්කරන්ට උවමැනවයි මදකොට බටගසට මදකොට පැන් උවමැනවයි ගස් උදුරා බල බලා පැන් වත්කරන්නා පැනට හානි නොවෙයි මේ නියාවට බල බලා පැන්වත්කරන්නා යහපතැයි එකියන වඳුරෝත් මුන් කීයේ ඇත්තමයි ගිවිස සමහර පැල උදුරා බලා සමහර පැල ඉඳූවා සමහරට පැන් වත්කොට යන්නාහ. මේ නියායෙන් දවස් අරණා කලට නුවනැති බ්‍රාහ්මණයෙක් එතනට අවුත් වඳුරන් කරන්නාවූ ක්‍රියාව දැක කියන්නේ තොපි ඇම මේ නියායෙන් පැල උදුරා පැන්වත්කරණ කල ගස් නොමියේද මේ උපාය තොපි ඇමට කිවෝ කවුරුදැයි කීහ. එවිට වඳුරෝ කියන්නාහූ අපගේ අධිපතිවානරයන් කීවාට කරම්හයි කිව්හ. බෝධිසත්වයෝ තොපගේ යුථපතීයානන්ගේ නුවන මෙසේකල තොප ඇමගේ නුවන තමාම කියනුම් කින්දැයි කියා කීහ. ඒ අසා එකියන වඳූරෝ කියන්නාහූ බමුණානන් වහන්සේ කියන්නේ කින්ද අපකළේ නුවනැතිව කළදෙයක් නොවෙයි ගස්කොලනම් ප්‍රමාණය දැන පැන් වත්කළමනා වේදැයි සිතා ඒ නියාවට පැන් වත්කළම්මැයි කීහ. බමුණානන් වහන්ස අපට නින්දාකරන්නේ ඇයි දැයි කියා කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ තොප හා තොපගේ වඳූරු මුලට මා කියන්නේ කින්දැයි තොපලවා පැන්වත්කරන්නේයයි කීහයි වදාරා මේ ආරාමදුෂක ජාතකය නිමවා වදාළසේක. එකියන උයන් නැසූ වඳූරානම් මෙකියන උයන්ගොව්වාය ඒ කාරණය ප්‍රත්‍යක්‍ෂව කීවාහූ බ්‍රාහ්මණයා නම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්මවේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.